The Blue Lagoon (1980) with Sinhala Subtitles (18+) | පාළු දූපතේ පෙම් කතාන්දරේ. [සිංහල උපසිරැසි සමඟ]
යාළුවො ඔක්කොටෝම සුභ දවසක්. ඉතිං ඔන්න මම ආවා මගේ දෙවෙනි උපසිරැසියත් අරගෙනම. මුලින්ම කියන්න ඕනෙ මගෙ පළමු උපසිරැසියට (Broken Arrow (1996)) සෑහෙන හොද ප්‍රතිචාර ලැබුණා. එක නිසා දෙවෙනි එකත් කරන්න ලොකු ශක්තියක් ලැබුණා. ඉතිං දෙවෙනි පාර මම තෝරගත්තෙත් ටිකක් පරණ ෆිල්ම් එකක්. මොකද Old is Gold කියනවානෙ. මේක හදද්දි මම ඉපදිලාත් නෑ. හැබැයි පුතෝ මේක නම් පවුලේ සැමට එකට ඉදන් බලන්න අමාරුයි. එත් අද කාලෙ ටීවී වල යන කුණුහරප එක්කබලද්දි මේක හොදයි කියල හිතෙයි.
චිත්‍රපටියෙ නම Blue Lagoon. ඔයාල බලලා ඇතිනෙ රොබින්සන් කෘසෝ, රොබින්සන්අන්දරය වගේ කතා. මේකත් ඒ එගේමයි. මේකෙ ප්‍රධාන චරිත වෙන්නෙ රිචඩ් සහ එමලින් කියන තරුණ ජෝඩුවක්.මේකයි කතාව. මේ දෙන්න පුංචි කාලෙ නැවකින් සැන් ෆැරැන්සිස්කෝ වලට යන්න පිටත්වෙනවා. මෙයාලගෙ භාරකාරයා වුනේ රිචඩ් ගෙ තාත්තා. රිචඩ් ගෙ තාත්තා එමලින්ගෙ මාමා යි වෙන්නෙ. ගමන අතරමගදි වෙන අනතුරකින් නැව මුහුදු බත් වෙනවා. හැබැයි මේ අය නම් ජීවිතේ බේරගන්නවා. ඒත් රිචඩ් ගෙ තාත්තා එක් බෝට්ටුවකටත් රිචඩ්, එමලින් සහ පැඩී නම් තවත් පුද්ගලයෙක් වෙනත් බෝට්ටුවකට ගොඩ වෙනවා. අන්තිමේදි දෙගොල්ල මගහැරිල යනවා. රිචඩ්ගෙ බෝට්ටුව දූපතකට ඇදිල යනවා. දූපතේටික දවසක් යද්දි පැඩීත් මරණයට පත් වෙලා මේ දෙන්නා තනි වෙනවා. කාලය මෙහෙම ගෙවිලා මේ දෙන්නා ලොකු මහත් වෙනවා.ළමයි තරුණ වෙද්දි සිද්ධ වෙන කායික මානසික වෙනස්කම් වලට මෙයාලත් මුහුණ දෙනවා. එත් ඒ දේවල් වෙන්නෙ ඇයි කියලඔවුන් දන්නෙ නෑ. දෙන්නාගෙ යාළුකම ආදරයට පෙරලෙනවා. ඊට පස්සෙ වෙන ඒවා දන්නවානෙ. මොන දේ වුනත් එයාල ගෙදර යන බලාපොරොත්තුවත් හිත් වල තියෙනවා. රිචඩ්ගෙ තාත්තත් මෙයාලව හොයන එක අතෑරියෙ නෑ. ඔහුට මොවුන්ව සොයාගන්න හැකි වෙයිද?
වැඩිය කියන්න ඕනෙ නෑ. ඔයාලම බලන්නකෝ. ලස්සන කතාවක්. බලලා ඔයාලගෙ අදහස් එවන්නත් අමතක කරන්නෙපා හොදේ.
[button link=”https://goo.gl/0K22BF” type=”icon” “center” newwindow=”yes”] 953 MB (720p-BrRip) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/5hbubF” type=”icon” “center” newwindow=”yes”] 1.83 GB (720p-BrRip) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4841 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/IsuruKL.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු කල්හාර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machn….
Thanks
thanks ……………….
බොහොම ස්තූතියි සබ් එකට
Thanks for Sub!
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Thanks bro
machan me films dowunlrd karanne kohomada kiyahanko…
ela macho thanks
පට්ට මචං.. දිගටම සබ් දෙමු……
Thanks………..
ඔන්න එහෙනම් බෑවා.සබට තැන්ක්ස්…:D
සබට බොහොම ස්තූතියි!
බ්ලූ ලෙජන් දෙවන කොටසත් පුළුවන්නම් දෙන්න. නැතිනම් වැඩක් නෑ.
Return to the Blue Lagoon – 1991
Eke sub eka kalin wena kenek karala thiyenawa saho. Search tab eke search karala balanna.
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
නියමයි නියමයි සහෝ
සුපිරි ෆිලුමක් කියලා සිතමි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !
Penawata wada loku therumak tiyena film ekak. me film ekata sub dunna eka agaya kala yuthui. thanx sahoo.
niyamai sahooo niyamaiii
එල සහෝ.
ඒත් මම නම් බැලුවා සබක් එනකම් කුණු වේවි තිබිලා..
පට්ට ෆිලුම.
I do my best
පාසැල් කාලයේ සිනමා ශාලාවක නරඹපු හිතේ රැඳුනු චිත්‍රපටයක්, දැන් නැවත තේරුම් අරගෙන නරඹන්න පුළුවන්. එයට ගොඩක් ස්තුතියි! ඉසුරු ඔබ සිනමා ලොවේ සදා අමරණීය චිත්‍රපට තෝරා සබ් දීමට අවබෝධයක් තිබෙන කෙනෙක් කියා මට සිතෙනවා. මීළඟ උපසිරසියට Lady Chatterley’s Lover (1981) චිත්‍රපටය මා ඔබට යෝජනා කරනවා.
thanks mama meka balala thiyanawa ai sub ekath ekka balanawa yaluwane ai yts eka nawaththala thiyenne….
තෑන්ක්ස් සහෝ!
කලින් බලපු නියම කතාවක්!
ජය!!!!!!!
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට දිගටම කරගෙන යමු
පුලුවන්නම් RDJ (robert downey jr), Mark Ruffaloදෙන්නගෙ සෝඩියැක් ෆිල්ම් එකටත් සබ් දෙන්න
http://www.imdb.com/title/tt0443706/
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks KALHARA saho..sub ekata..digatama sub demu.jaya wewa……