The Battle Roar to Victory (2019) Sinhala Subtitles | විජයග්‍රහනයේ දෝංකාරය [සිංහල උපසිරැසි ]
මේ කොරෝනා සමයේ ගෙදරට වෙලා ඉන්න ඔයාලට මෙදා පාර මං අරගෙන ආවේ කොරියානු චිත්‍රපටයක්. මේක සත්‍ය සිදුවීමක් අලලා නිර්මානය කරන ලද්දක්. මේ දවස් වල කොරියන් කතා වහක් වෙලා තියෙන හින්දා මේක අතාරින්නම් හිතන්න එපා. මොකද මේක ඒ තරමටම හොඳ නිර්මානයක්. එහෙනම් වැඩි කතා නැතුවම චිත්‍රපටයේ විස්තරය ගැන කියලා ඉන්නම්.
මේ චිත්‍රපටය නිර්මානය කරලා තියෙන්නේ කොරියානු ඉතිහාසයට අදාල විශිෂ්ඨතම යුධ ජයග්‍රහනයක් උන බොන්ග් ඩොන්ග් වැටලීම අලලා. 1910 වසරේ සිට ජපාන අධිරාජ්‍යය විසින් කොරියාව යටත් විජිතයක් බවට පත්කරගැනීමෙන් පසුව එයට එරෙහිව නැගීසිටින්නට ගොවි ජනතාව පෙලගැසෙනවා. එලෙස ප්‍රතිප්‍රහාර එල්ලකරනා කොරියානු නිදහස් හමුදාවේ ප්‍රධානී හේ ශුල් තමන්ගේ රජයට අරමුදල් රැස්කිරීමට උත්සුක වෙනවා. නමුත් එයත් ලෙහෙසි කාර්‍යයක් නොවන්නේ ඔවුන් අතරම සිටිනා ඔත්තුකරුවන් විසින් ජපාන අධිරාජ්‍යයාට තොරතුරු සැපයීම නිසයි. කෙසේ හෝ තම කණ්ඩායම සමග සටනේ ඉදිරියටයි යන ඔහුට තරුණ ස්නයිපර් වරයෙක් හමුවෙනවා. ඔහුත් හමුදාවෙ නිලතලයක් දරන කොලුගැටයෙක්. නමුත් ඔහුගෙ මෙහෙයුම හේ ශුල්ගේ මෙහෙයුමට වඩා හාත්පසින්ම වෙනස් එකක්. මොකක්ද ඒ අනෙක් මෙහෙයුම?
එයින් පසුව?
එයින් පසුව පුර දින හතරක් කොරියානු සීමාව තුල ඔවුන් සිදුකරපු වික්‍රමය නරඹන්න මං ඔයාලට ආරාධනා කරනවා. මොකද කොරියානු ඉතිහාසයෙ විශිෂ්ඨතම සටනක් මෙ චිත්‍රපටයෙන් ඉතාමත් විචිත්‍ර ලෙස නිර්මානය කරලා තියෙනවා. ඒ Location,Realistic Fights වගේ දේවල් හිතාගන්නවත් බෑ. සාමාන්‍යයෙන් අපි කොරියන් යුධමය චිත්‍රපටයක් කිවුවම ටිකක් අවතක්සේරුවට හිතනවනේ. ඒත් මං නම් හිතන්නෙ පසුගිය වසරෙ නිකුත් වුන මේ චිත්‍රපටය ඔබෙ ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනත් මගකට ගෙනියයි කියලා. අවිවාදයෙන් පිලිගන්න ඕන මෙ චිත්‍රපටයේ කැමරාකරණයනම් ඉතාමත් ඉහල් මට්ටමක තියෙනවා කියලා. සටන් අතරතුර කැමරාකරණයෙන් අපිට ලබාදෙන ඒ Thrill එකනම් කියලා වැඩක්. ඒවගේම මේකෙ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ A Taxi Driver, Pirates, Veteran වගේ චිත්‍රපටවල රංගනයෙන් දායක උන Hae-Jin Yoo. දැනට සම්මාන 5කට නිර්දේශ වෙලත් තියෙනවා. එහෙනම් කයිවාරු ගැහුවා ඇති කියල හිතෙනවා. චිත්‍රපටය ගැන ඔයාලගෙ අදහස් පහලින් සටහන් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
ප.ලි – මගෙ 100 වෙනි උපසිරැසි නිර්මාණයට අදහස් දක්වපු, ස්තූති කරපු නොකරපු සියලුම දෙනාට මගෙ හද පත්ලෙන්ම මගෙ ස්තූතිය පුදකරනවා. ප්‍රේක්ශකයින් නිසා තමයි අපි මේ තරම් දුරක් ආවේ. ඒ නිසාම දිගටම අපේ අඩවියත් සමග රැදී සිටින්න කියලා කියන ගමන් මගෙ ලිපිය මං අවසන් කරන්නම්.
හැකිතාක් නිවෙස් වලටම වී කොරෝනා උවදුර මැඩලීමට ඔබේ සහය ලබාදෙන්න!
බයිස්කෝප් අඩවියට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4189 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you ️
thanks brother…
Thanks Brother
Thanks for sub!
උපසිරැසියට බොහොම ස්තුතියි❤
ස්තූතියී සහෝ… පුලුවන් නම් when the weather is fine … korean tv series එකේ subtitles දෙන්නකො …16 episodes …. හරිම ලස්සනයි
Meka downlod karanna link ekak danne nedda
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තුතියි..
මං කොරියන් පිලුම් බලන්න ආස නැති වුනත් විස්තරය කියෙව්වාම බලන්න ආසාවක් ආවා..
ජයවේවා…!
tanks bro.digatama korean mvie karanna..thanks
Thanks brother.
Waiting for long time for this sub.this is great movie.
උපසිරිසියට බොහොම ස්තුති
Keys to the heart (2018)
Joint security area (2000)
Thirst (2009) mewatath sub dennako
thank u bro. 403 error eka awa web history clear kalama hari giya …. ela…….
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thank you very much
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට …
බොහොම ස්තූතියි සහෝ! ❤
තවත් සුපිරි එක්කට ජය.✌
බොහොම ස්තූතියි සහෝ.පුළුවන්නම් The Front Line (2011) එකටත් සබ් දෙන්න.
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
thanks for sub