Thappad (2020) Sinhala Subtitles | කම්මුල් පහර! [සිංහල උපසිරැසි] (50)
ආයුබෝවන් හිතවතුනි…
අද මේ ලිපිය ලියවෙන්නේ විශේෂ අවස්ථාවක් වෙනුවෙන්. මගේ පළවෙනි කඩයිම වෙන 50 වෙනි උපසිරැසිය. 2018 අගෝස්තු මාසේ මුලින්ම ටිකක් බයෙනුත් වගේ බයිස්කෝප් මේල් එකට මේල් එකක් දාලා උපසිරැසියක් ඉල්ලලා ඒක මට ලැබුණම දැනුණ උද්‍යෝගය වගේම පළවෙනි උපසිරැසිය 2018 දෙසැම්බර් මාසේ බයිස්කෝප් අඩවියේ පළවුණාම දැණුන සතුට තවමත් වෙන දේකට සමාන කරන්න අමාරුයි. සාමාන්‍යයෙන් අපි යමක් ටික කාලයක් කරද්දි අපිට ඒක එපා වෙනවා කියන එක සාමාන්‍ය දෙයක් වුණත් උපසිරැසිකරණය කියන්නේ ඒකට යෙදවුණ හැම කෙනෙක්වම වගේ නැවත නැවත ඒකටම යොමු වෙන ඇබ්බැහියක් බවට පත් වෙන කලාවක්. අධ්‍යාපන කටයුතු සහ කාර්යබහුලත්වය නිසා මේ නම් කරන්නේ අවසාන උපසිරැසියයි කියලා හිතාගෙන උපසිරැසියක් සකසලා ඉවරවෙන හැම වතාවකදිම ආයෙත් වතාවක් අළුත් කතාවකට උපසිරැසි දෙන්න යොමු වෙන්නේ ඒ නිසාවෙන්මයි. ඉතින් While you were sleeping (2017) නම් කොරියන් කතාවෙන් පටන් අරගෙන Innocent Man (2012) කොරියානු ටෙලි කතාවටත් ඉන් පස්සේ Chakram තෙළිගු චිත්‍රපටියටත්, රවිඳු රුක්ෂාන් මල්ලිත් එක්ක එකතුවෙලා The crossing කතා මාලාවේ කොටස් හතරකට සහ Cobra kai කතා මාලාවේ එක කොටසකටත්, කවිෂල් මල්ලි එක්ක එකතු වෙලා Kingdom කතා මාලාවේ කොටසකටත් නැවතත් Aathdal Chronicals (2019) කොරියන් කතා මාලාවටත් මේ වෙද්දි උපසිරැසි ලබා දෙන්න මට හැකියාව ලැබිලා තියනවා. (Arthdal Chronicals කතා මාලාව තවමත් වෙබ් අඩවියේ පළවෙලා නොතිබුණත් මේ වන විට එය සම්පූර්ණයෙන්ම උපසිරැසි ගන්වා ලබාදී අවසාන නිසා ළඟදීම ඒක ඔයාලාට රස විඳින්න ලැබේවි.)
මේ වගේ විශේෂ අවස්ථාවකදී මුලින්ම මතක් කරලා ස්තූතිවන්ත වෙන්න ඕනේ පිරිසක් ඉන්නවා. මුලින්ම මගේ පවුලේ අයට ස්තූතිවන්ත වෙන්න ඕනේ මම කරන ඕනෙම දේකට සහයෝගය ලබා දීම පිළිබඳව. ඒ වගේම මගේ මුල්ම උපසිරැසිය කරලා එවන්න කියලා මාව මුල්ම දවසේ සාදරයෙන් පිළිගත්ත සිසිල ප්‍රසාද් අයියා, හසන්ත අයියා, සමන් ප්‍රසාද් අයියා, ශාන් විමුක්ති අයියා, සුධීර අයියා සහ තිසර අයියා ඇතුළු බයිස්කොප් ඇඩ්මින් මඩුල්ලත්, කවිෂල් මල්ලි, රවිඳු රුක්ෂාන් මල්ලි, MTR තරිඳු රුක්ෂාන් පෙරෙරා අයියා ඇතුළු බයිස්කෝප් සහෝදර සහෝදරියන්වත් හැම කෙනෙක්ටම හැම උපසිරැසියකටම කමෙන්ට් එකක් දාලා අපිව දිරිමත් කරන සිංහල උපසිරැසිකරණයේ පුරෝගාමියා වෙන රොයිලි අයියවත් ආදරයෙන් මතක් කරන්න ඕනේ. මම මේ චිත්‍රපටිය පනස් වෙන උපසිරැසිය වශයෙන් තෝරාගත්තත් ඒ වෙද්දිත් මයුර සුරාජ් අයියා මේක භාරගෙනයි තිබුණේ. ඉතින් මේක මට දුන්නට අයියට බොහොම ස්තූතියි. මම උපසිරැසි කරන්න පටන් ගන්නවා කියන දේ ඇහුව තැන ඉඳලා හැමදාම උපසිරැසියක් බාර ගත්තද, මොකක්ද කරන්නේ, ඉක්මනට කරහන් කියලා මට වද දෙන මිතුරිය මලීෂා. හැමදාම කරන දිරිමත් කිරීම් මට හුඟක් වටිනවා. අවසාන වශයෙන් උපසිරැසියක් පළවුණාම කමෙන්ට් එකක් දාලා අගය කරන හැමෝමත් මතක් කරන්න ඕනේ. මොකද හැම වෙලාවකම ඒකෙන් ලොකු දිරිමත් කිරීමක් ලැබෙනවා. ඉතින් මේ කියවුණ අය වගේම කාව හරි මඟ ඇරිලා නම් ඒ හැම කෙනෙක්ටම නැවතත් ස්තූතිවන්ත වෙන ගමන් අපි චිත්‍රපටිය දිහාවට යමු.
අපි දැන් ජීවත් වෙන්නේ විසි එක් වෙනි ශතවර්ෂයේ. ලෝකය තාක්ෂණය වැනි බොහෝ දේවල් අතින් දියුණු වුණත් තවමත් අපි සමහර දේවල් සම්බන්ධයෙන් හණමිටි අදහස් දරනවා කියන එක බොරුවක් නෙවෙයි. කාන්තා අයිතිවාසිකම් සහ ගෘහස්ථ හිංසනය කියන්නේ ලොව පුරා නිතරම කතාවෙන මාතෘකාවක්. කාන්තා දිනයක් වගේම කාන්තා අයිතිවාසිකම් සුරකින සංවිධාන මහා විශාල ගණනක් තියන මේ ලෝකේ ඒ හැම දේකටම යටින් බොහෝ කාන්තා හිංසනයන් මේ මොහොතේදී පවා සිද්ධ වෙනවා කියන එක බොරුවක් නෙවෙයි. මුලින්ම කාන්තා හිංසනය සිද්ධ වෙන්නේ නිවසේදී. තමන්ගේ සැමියාගෙන් කාන්තාවන්ට හිංසාවන් සිදුවීම බොහොම සුලබ දෙයක්. නමුත් බොහෝ අවස්ථාවලදී කාන්තා හිංසනයන්ට අත දීම සහ නොසලකා හැරීම කරලා තියෙන්නේ කාන්තාවන් විසින්මයි කියලයි කියවෙන්නේ. තමන්ගේ සැමියාගෙන් පහර කෑම සාමාන්‍ය දෙයක් සහ එය සැමියාගේ අයිතියක් බව සිතන කාන්තාවන් තවමත් ලෝකේ ජීවත් වෙනවා.
මෙය නොදියුණු රටවල පමණක් නොව දියුණු රටවල පවා නිරතුරුවම සිදුවන ලෝක ව්‍යාප්ත පවතින ගැටලුවක්. සෑම සමාජයකම සෑම සංස්කෘතියකම දකින්නට ලැබෙන අවාසනාවන්ත කාරණාවක්. නමුත් තමා හිංසනයට දක්වුණාද තමාගේ අයිතිවාසිකම් කඩවීමකට ලක්වුණාදැයි කාන්තාවන් නොදැන සිටීමත් මේ සඳහා නීතියේ පිහිට පැතූ විට නීතියේ ඇති හිදැස් නිසා කාන්තාවන්ට සහනයක් ලැබීම වෙනුවට සමාජයෙන් එල්ල වන අපවාද වලට මුහුණ පෑමට පවා සිදුවීම වැනි දේ නිසා බොහෝ හිංසන කාලයත් සමඟ වැළලී යනවා. නමුත් කාන්තාවන් තමන්ට සිදුවන හිංසාවන් උදෙසා නැගී සිටිය යුතුයි වගේම ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා.
වෙනදා වගේ අද චිත්‍රපටයේ කතාව ගැන මොකුත්ම නොකියා ඉන්නයි හිතුවේ. චිත්‍රපටයේ තේමාව ගැන කිව්ව නිසා චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. 2020 පෙබරවාරි මාසේ මුල්ම තිරගතවීම සිදුවුණ මේ චිත්‍රපටය මේ වන විට IMDb අගය 6.9 කුත් කුණු තක්කාලි අගය 92% කුත් ලබාගෙන තිබෙනවා. මිනිත්තු 142 ක ධාවන කාලයකින් යුතු තාප්සී පන්නු ප්‍රධාන රංගනයෙන් දායක වෙන මෙය බොලිවුඩයෙන් සමාජයට ලැබුණ කම්මුල් පාරක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලටත් රසවිඳින්න ආරාධනා කරනවා.
සුභ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 16935 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
ස්තුතියි
Godak sthuthi..Jaya wewa!
pattah
Devathayai kanden tamil movie ake sinhala sub aka google akata danawada apita download kara gnna.ake sinhala sub aka kohewat na hoya gnna
50 වන කඩ ඉමට සුබ පැතුම්
50වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝදරී.. දිගටම උපසිරැසිකරණයේ නිරතවෙමු.. ජයවේවා!!
Thanks for sub
පළමු කඩයිමට සුභපැතුම් නගෝ! 🙂
පමාවට කමා කරත්වා!
මේ දේවල් වගේම කරන කියන අනෙකුත් හැම කටයුත්තක්ම සාර්ථක වේවා කියල පතනවා!
ඊළඟ කඩයිම තව පනහකින් 🙂
පළවෙනි කඩයිමට හදවතින්ම සුබපතනවා. ඉදිරියටත් උපසිරැසි කරන්න කාලා වෙලාව ලෙබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය!
Becoming warren buffett eketh sinhala subtitles dannako plz
උණුසුම් සුභ පැතුම් .. උපසිරැසියට බොහොම ස්තුතියි….!
Sweet revenge note 1 එකේ subtitles දාන්නකො plzzzz
Mchn plwnnm v teaser ekath krpn
ස්තුතියි.
උප සිරසට බොහොම ස්තූතියි
ප්‍රමාද වෙලා හරි ඔන්න මමත් සුබ පතන්න එක්වෙනවා. මෙතනින් නොනැවතී ඊලඟ කඩඉමටත් යන්න ලැබේවා යයි පතන ගමන් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
Congratulations & Thank you………….
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!
Thanks sis
සුපිරි ❤️☝
Thanks Nangi…
War subtitles nadda
nadda
Thank you for the subtitle.
Sub ekata sthuthi. Jaya wewa
Thanks for the subtitle. Keep it up the good work.
නියමයි!!
Aitraaz(2004) මේකටත් සබ් දෙන්නකො…
50 ta suba pathum jaya wewaa!!!!!!!!!!!
Congratulations on the 50th.
watched this…thank you for sub…heart touching movie.its makes me cry…love it
50ස් වෙනි කඩයිමට හදවතින්ම සුබ පතනවා..!! අනික Taapsee ගේ ෆිල්ම් එකක්..❤️ බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.. ජය වේවා !!
50 වන උපසිරැසිය කඩයිමට හදවතින්ම සුභ පැතුම්..
කාන්තා පාර්ශවයේ මේ කඩයිම පහු කරපු තවත් එක්කෙනෙක්, ඒකත් කාන්තාවකට ලැබිය යුතු ගෞරවය ගැන කියවෙන චිත්‍රපටයකින්.
බොහොම ස්තුතියි උපසිරැසියට.
ඉදිරියටත් උපසිරැසිකරණයේ යෙදෙන්න අවශ්‍ය හැමදේම ලැබෙන්න කියල පතනවා.
ජයෙන් ජය!
50 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභ පැතුම්…වෙනස්ම ෆිල්ම් එකක් නෙහ් අරන් ඇවිත් තියෙන්නෙ. තව තවත් උපසිරස කරන්න හැකිවේවා වගේම ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ජය වේවා…බුදුසරණයි…!
50 වෙනි කඩඉම පහුකල ඔබට මගේ උණුසුම් සුභ පැතුම්..
තව තවත් ඉදිරියට සබ් කරන්න ශක්තිය වාසනාව ලැබේවා..
~ ජය වේවා ~
thank you
50 වෙනි කඩෛමට උණුසුම් සුභ පැතුම්…ඔන්න බාගත්තා… ස්තූතියි
පළවෙනි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා නංගි. ජීවිතේ අනෙකුත් වැඩ කටයුතුත් සාර්ථක කරගන්නා අතරේ, ඉදිරි කඩයිම් වලටත් ලඟා වෙන්න ශක්තිය, ධෛර්‍යය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය!
50 weni upasirasiyata subapathum . thawa thwath upasirasi kireemata shakthiya labewa!!!!!!!!!
උණුසුම් සුබ පැතුම් නංගි මුල්ම කඩ ඉමට! කාන්තා පාර්ශවේ සම්පත් දායිකාවෝ අඩුයි, හිටියත් කඩයිම් දක්වා යන්නෙ අතලොස්සයි. මොකද ගොඩක් අය උයනවා, ගෙදර වැඩ කරනවා, ඉගන ගන්නවා.. ඒ දේවලුත් කරන ගමන් මේ වගේ වැඩකට අත ගහලා, මුල්ම කඩයිම දක්වාම ආවා කියන්නෙ ලොකු හැකියාවක්. ඉතින් අධ්‍යාපන කටයුතුත් සාර්ථක කරන්, ඉදිරි කඩයිම් වලටත් ඉක්මනින් යමු.
Thanks…..jayawewa…..!
niyamai sub eka hodatama thinawa pilm eka asawen baliuwa subtitlle nisa. thawath me wage sub ekak karanna hakiyawa labenna onii
thanks for your sub sister, and cngrtz
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
පළමු කඩයිමට සුභ පැතුම් නංගි . . .
ඉක්මනටම 100* කරමු
ඒ වගේම උපසිරැසියටත් බොහෝම ස්තූතියි !!!
බොහෝම ස්තුතියි සිංහල උපසිරැසි නිර්මාණයට.ඒ වගේම 50* වන කඩයිම පසුකර ගිය ඔබට අපගේ උණුසුම් සුබපැතුම් !!තව පනහ 100* වන දිනය ඉක්මනින්ම ළඟා වේවායි කියා ප්‍රාර්ථනා කරනවා ” ඔබට ජය !!
thanx
wish u all the best.thank you for the hard work u all are doing for someone else happiness.gud luck.
උපසිරැසියට බොහොම ස්තූතියි.
බයිස්කෝප් හින්දි චිත්‍රපට ලබාදෙන සෑමදෙනාගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි අභාවප්‍රාප්ත රිෂි කපූර් අනුස්මරණය කරමින් ඔහු අවසානයට රඟපැ චිත්‍රපට අතරින් මෙතෙක් උපසිරැසි ලබා නොදුන් චිත්‍රපට සඳහා උපසිරැසි ලබාදෙන ලෙසට.
Mulk – 2018
Rajma Chawal – 2018
Jhootha Kahin Ka – 2019
bohoma sthuthi .. degatama karagena yamu jaya …
50 වෙනි උපසිරස වෙනුවෙන් සුබ පතනවා නංගි. ඒ වගේම ඉදිරියටත් කරන කරන උපසිරස අවසානයේ තව එකක් කරන්න හිතේවා කියලත් ප්‍රර්ථනා කරනවා. ඉදිරි අධ්‍යාපන වැඩ වගේම අනික් සියලුම වැඩ කටයුතු සාර්ථක කරගන්න ලැබේවා!! ජය!
Sthuthi obata….
අවසානෙට හින්දි සබක් හම්බුණා උඹෙන් ❤
රටක් රාජ්‍යයක් වගේ තමා ඉතින්
අර්ධ සතකෙට සුබ පැතුම් බොක්ක ️
පලවෙනි කඩයිමට එහෙම නැත්තම් පනස්වෙනි උපසිරසි ගැන්වීමට උණුසුම් සුභ පැතුම් අක්කේ… බයිස්කෝප් පවුලෙන් මුණ ගැහිලා මුහුණු පොතෙන් වඩාත් සමීප උන කෙනෙක් වගේම උදව්වක් ඉල්ලුවම අනිවාරෙන් කරලා දෙන්න දෙපාරක් හිතන්නෙ නැනේ.. ඉතින් මේ පනස්වෙනි උපසිරසි නිර්මාණය වගේම ඉදිරියෙර් සීයත් හැකි ඉක්මනින් සම්පූර්ණ කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම ජීවිතයේ ඉදිරි කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්ක්..
සබ් එක දෙනකල් හිටියේ මේකට නම්
නම් අනිවා බලනවා.. ඒනම් උපසිරසියටත් ස්තූති වේවා.. ♥️♥️
පළමු කඩයිමට උණුසුම් සුභ පැතුම් නංගී… ස්තුතියි සහොදරී වෙච්ච මහන්සියට……. හැඳින්වීමත් නරකම නෑ.. කාන්තා හඬ අවදි වීමක්….. දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා…… දෙවි පිහිටයි…ජය වේවා…..
සිංහල උපසිරැසිකරණයෙ ඔබගෙ පලමු කඩඉමට උණුසුම් සුභ පැතුම්.! බයිස්කෝප් පවුලෙ හමුවුන තවත් සහෝදරියක් විදියට අඳුන්වන්න පුලුවන්.! තමන්ගේ වටිනා කාලය කැපකර තවත් පිරිසක් හට තේරෙන සිංහලෙන් චිත්‍රපට රසවිඳීමට කටයුතු කිරිම තවත් විදියකින් කියනවනම් වෙනත් භාෂා චිත්‍රපට බලන්න ඇස් කන් දෙන එක ලේසි පහසු දෙයක් නෙවෙයි.! නමුත් පරාර්ථකාමියා නිරතුරුවම කිසිදු ලාභ ප්‍රයොජනයක් නොතකා උපේක්ෂා සහගතව තම වඟකීම ඉටුකරනවා. ඒ කිව්ව පිරිසට අයිති වෙන ඔබටත් ඔබගේ පවුලෙ අයටත් යහපතක්ම වේවා.! තවත් උපසිරැසි නිර්මාණය කිරිමට කාල අවකාශය ශක්තිය ලැබේවා.!ඔබගේ අධ්‍යාපන කකටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.!
බොහෝම ස්තුතියි සබ් එකට.
50 වෙනි කඩයිමටත් සුබ පැතුම්…
දිගටම වැඩේ කරන්න.
ජය….
50වෙනි උපසිරස වෙනුවෙන් සුභ පැතුම්.
50වෙනි කඩ ඉමට හදවතින්ම සුබ පතනවා නංගි.
කඩ ඉමකට ගැලපෙනම හොඳම චිත්‍රපටියක්
චිත්‍රපටියක්
කවුරුත් බලන්නම ඕන එකක්.
ඉක්මනට 100 ගහන්න ලැබේවා කියලා පතනවා!!!
පළමු කඩඉම වෙනුවෙන් සුබපැතුම් නංගී…
ඉදිරි කඩඉම් පහු කරන්නත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේම පෞද්ගලික ජීවිතේ කටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සබට තුති වේවා! දිගටම සබ් දෙමු ආ… ජය!
ස්තුතියි.50 ට සුබපැතුම්.ජයවේවා!
සිංහල උපසිරැසියට ස්තූතියි
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
100 ත් ගහමු ගින්දර වගේ…
50 වෙනි කඩයිමට සුබපැතුම් නංගි.. සබ් 50 ක් කරපු එකේ 100 ගේමක් නෙවෙයි. සීරීස් 2යි අදින්න ඕනෙ. අනිවාරෙන් නංගිට පුළුවන් ඉක්මනට ඒ වැඩේ කරන්න. එහෙනම් ජය වේවා..! ✌️✌️✌️✌️✌️
සබ් එකට බොහොම ස්තූතියි….!
ඒ වගේම 50 වෙනි කඩඉමටත් සුබ පැතුම්….!
බොහොම ස්තුතියි සබ් එකට 🙂 🙂 … 50වෙනි සබ් එකට සුබ පතනවා ඉක්මනටම 100න් මුණගැහෙමු..
ජය වේවා.!
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා නංගි.. 100 කඩඉමටත් ඉක්මණින්නම යමු එහෙනම්. ❤️ ❤️
උනුසුම් සුබ පැතුම් දිලේකා සහෝදරිය, 50 වෙනි උපසිරස ගැන්වීමට. 100 ගහන්න ඉක්මනට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනව.
මයුරයියගෙන් තාප්සීගේ ෆිලුමක් අරගත්තා කියන්නෙ ඒක වෙනමම කඩයිමක්!!!
උපසිරැසියට ස්තූතියි අක්කේ… දෙවෙනි කඩයිමටත් ඉක්මනටම ළඟා වෙන්න සුබ පතනවා..
පලවෙනි කඩයිමට සුබ පැතුම්.
ඉදිරියට තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්‍යය ලැබේව කියල ප්‍රාර්තනා කරනවා.
50වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම් දිලේකා අක්කේ…!
100*ටත් යමු ඔහොම. මෙන්න ගත්තා එහෙනම්. උපසිරස ගමනට සුබ පතන ගමන් අනාගත වැඩ රාජකාරියන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා…!