අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජපන් (TV)ලංකන් Weebsවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)

Terminator Zero (2024) [S01 : E01 & E02] Sinhala Subtitles | අනාගතයෙන් පැමිණෙන විනිශ්චය දිනය! [සිංහල උපසිරසි]

Rating: 9.6/10. From 11 votes.
Please wait...

 

Terminator Zero Cover

Terminator Zero S01 Sinhala Subtitles

Terminator යන නාමය ඇසූ පමණින් ඒ නාමයෙන් ගෙනෙන භීතිය අපට මතක් කරවන්නට සමත් වෙන්නේ, එකළ අපි නරඹපු ඒ චිත්‍රපට තුළින් අප වෙත ගෙනා ඒ ත්‍රාසය, භීතිය, කුතුහලය පිරුණු විද්‍යා ප්‍රබන්ධයේ රසය අදටත් නොඅඩුව පවතින නිසාවෙනුයි. ඒ කාලයට අනුව මෙහි කතාවේ පවතින ෆැන්ටසිමය ගතියට වඩා චිත්‍රපටවල රඟ පෑ නළු නිළියන්ගේ රංගනය, මේ Terminator චිත්‍රපට මාලාවේ ජනප්‍රියත්වයට ලොකු බලපෑමක් එල්ල කරන්නට සමත් වුනා. අදටත් Terminator කියන නාමය Brand Name එකක තත්වයේ පවතින සෑම ලෝක ප්‍රේක්ෂක හදවතකම තිබෙන කතාවක් කියන එක රහසක් නොවෙයි. ඒ නිසාම අද වෙද්දි Terminator නාමය හොලිවුඩ් විශ්වයෙන් එයාට ගොස් වීඩියෝ ක්‍රීඩා, කොමික්, සෙල්ලම් බඩු දක්වා එහි ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගෙන තියෙනවා. ඒ විද්‍යා ප්‍රබන්ධ විශ්වය නැවත වාරයක් එහි ආදරණීය ප්‍රේක්ෂකයින්ට මතක් කරන්නට Netflix ආයතනය කටයුතු කර තිබෙනවා. ඒ කිව්වත් වගේ පෞද්ගලිකව මගේ වඩාත් බලාපොරොත්තු සහගතම නෙට්ෆ්ලික්ස් ඇනිමෙ සීරීස් එකක් වුනු Terminator Zero, එය නිකුත් වුනාට පසුවත් ඒ බලාපොරොත්තු කිසිසේත්ම කඩකරලා නැති බව පැවසිය යුතුමයි. ඔබට සුපුරුදු ඔබ සොයන ඒ Terminator රසය මෙමගින් විඳගැනීමේ හැකියාව මේ Terminator Zero හි පවතින බවත් පැවසිය යුතුමයි.

ලෝකප්‍රකට දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයෙක් වෙන James Cameron මහත්මාගේ Terminator Universe එක පාදක කරගෙන මේ Terminator Zero ඇනිමෙ කතා මාලාව නිර්මාණය කර තිබෙනවා. ඇනිමෙ ලෝකයේ Big 3 අතරින් එකක් වෙන Bleach හි animator වෙන Masashi Kudo මේ Terminator Zero හි අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරද්දී, ඇමෙරිකානු දක්ෂ තිරපිටපත් රචකයෙක් වෙන Mattson Tomlin මෙහි රචකයා විදිහට කටයුතු කරනවා. Production IG ස්ටූඩියෝව සහ Skydance Television ස්ටූඩියෝව ඇනිමේෂන් නිෂ්පාදනය කටයුතු කර මිනිත්තු 29 බැගින් වෙන මුළු කොටස් 8 ක් ලෙසින්, පසුගිය අගෝස්තු 29 වෙනිදා Netflix ඔස්සේ Terminator Zero නිකුත් කරනු ලැබුවා. මේ වෙද්දි IMDB හි 7.1 ක්, MyAnimeList හි 7.24 ක්, Rotten Tomatoes හි 89% ක් සහ IGN හි 7/10 ක අගයක් ලබා ගන්න මේ කතා මාලාව සමත් වී තිබෙනවා. Action, Sci Fi, Time Travel යන Genre වලට අයත් වෙන මේ Terminator Zero R-17+(Violance & Profanity) යටතේ rate වී තිබෙනවා. ජපන් සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම හඬ කවා නිකුත් වුනු මේ කතාවට Timothy Olyphant, Sonoya Mizuno, André Holland, Rosario Dawson, Ann Dowd යන පිරිස් ඉංග්‍රීසි හඬ කැවීමෙන් එකතු වෙනවා. ඒ වගේම කතාවට අනූන අලුත් නාද රටා එක්ක, Terminator චිත්‍රපටය මාලාවේ අපිට අහන්න ලැබෙන උද්වේගකර Background Music එකකුත් මේ ඇනිමෙ එකේදි අහන්න ලැබෙනවා. චිත්‍රපට මාලාව නරඹපු නැති කෙනෙක් නම් ඒ චිත්‍රපට මාලාවත් අනිවාරෙන්ම නරඹන්න කියල මම යෝජනා කරනවා. මොකද ඒක ඔබ නැරඹිය යුතුමයි කියන කැටගරියේ තියෙන්න ඕනි එකක්. එමෙන්ම 2009 වසරේදී Terminator Salvation: The Machinima Series නමින් web series එකක් නිකුත් වී තිබෙනවා.

Terminator චිත්‍රපට මාලාව

මේ Terminator Zero කතාව ඇරඹෙන්නේ කාල රාමු දෙකකින් ඇරඹෙන කතාවක් විදිහටයි. වර්තමානය 1997 වර්ෂය. ජපානයේ ටෝකියෝවේ එක්තරා පුද්ගලයෙක් අතින් එක්තරා විශේෂ නිර්මාණයක් නිපදවෙමින් පවතිනවා. ඒ වෙද්දි ජපානයත් රොබෝ තාක්ෂණය අතින් බොහෝ දියුණුවක් ලබල තියෙනවා. “මැල්කොම් ලී” නම් තාක්ෂණික විශේෂඥයා අතින් නිමවෙන මේ නිර්මාණය නමින් “කොකොරෝ” නම් වෙනවා. ඒක එක්තරා විදිහක කෘතිම බුද්ධියක්. ඒ වගේම මේ කෘතිම බුද්ධියට සමාන්තරව “ස්කයිනෙට්” නම් බුද්ධි ජාලයක් තවත් පැත්තකින් ක්‍රියාත්මක කරන්නට නියමිතව තියෙනවා. ඒ අතරේ තමයි මුළු ලෝකයම නොබෝ දිනකින් ඉතාමත් ක්ෂණයෙන් විනාශ වී යන අයුරු මැල්කොම් ලී සිහිනෙන් දකින්නේ. මේ බියකරු සිහිනය නොබෝ දිනකින් සැබෑ වීම වැළැක්වීම වෙනුවෙන් මැල්කොම් ලී තමන්ගේ කෘතිම බුද්ධිය වෙන කොකොරෝව ක්‍රියාත්මක කරන්න තීරණය කරනවා. හැබැයි මේ ක්‍රියාවන් වළක්වන්න යම් පුද්ගලයින් දෙදෙනෙක් මැල්කොම් ලී හඹා එනවා. මීළඟට 2022 වර්ෂය. එනම් වසර 25 ක් අනාගතය. මේ පුද්ගලයින් දෙදෙනා එන්නේ මේ අනාගතයේ ඉඳලයි.

අවුරුදු 25 ක් අනාගතයේ ඉඳන් එන මේ දෙන්නා කවුද? ඒ විදිහට අනාගතයේ ඉඳන් එන්නේ ඇයි? මැල්කොම් ලීගේ කෘතිම බුද්ධිය ක්‍රියාත්මක කරන්නට ඔහුට හැකි වේවිද? ස්කයිනෙට් ජාලය කියන්නෙ මොකක්ද? මැල්කොම් දුටු බියකරු සිහිනය සැබෑ වේවිද? මේ කුතුහලය පිරුණු ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මේ කතා මාලාව ඔස්සේ සොයා ගැනීමට ඔබට හැකි වේවි. සුපුරුදු ත්‍රාසය, ක්‍රියාදාමය, භීතිය, කුතුහලය, ලේ වැගිරීම් ඔස්සේ දිවෙන මේ විද්‍යා ප්‍රබන්ධය කිසි සේත්ම ඔබේ බලාපොරොත්තු කඩ නොකරාවි. ඉතින් මේ කතා මාලාවේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ ඉංග්‍රීසි භාෂාවට ගැලපෙන විදිහටයි. මේක ජපන් භාෂාවට ගැලපෙන්න නොහදන්න මම තීරණය කළේ මේ කතාවට ජපන් හඬ කැවීමේ තියෙන අඩු පාඩු බොහොමයක් නිසාමයි. කොහොමත් මේක ජපන් බසට වඩා ඉංග්‍රිසී බසට ගැලපෙන කතාවක් නිසා ඉංග්‍රීසියෙන්ම නරඹන එක තමයි හොඳම තේරීම වෙන්නෙ. ඒ වගේම වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් කිහිපයකුත් ඇතැම් තැන්වල ඇතුළත් වෙන බවත් මතක් කරනවා. නරඹන්න එහෙනම් Terminator විශ්වයේ නවතම ආගමනය. Terminator Zero ඇනිමෙ කතා මාලාවේ මීළඟ කොටස් තුළින් හමුවෙමු.

 

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 349 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

Next BT1

 

Terminator Zero S01 Sinhala Subtitles

One thought on “Terminator Zero (2024) [S01 : E01 & E02] Sinhala Subtitles | අනාගතයෙන් පැමිණෙන විනිශ්චය දිනය! [සිංහල උපසිරසි]

  • Ishan Madusha

    බොහොම ස්තූතියි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *