Teenage Mutant Ninja Turtles: Out of the Shadows (2016) with Sinhala Subtitles | අපි රජ ඉබ්බෝ 2 [සිංහල උපසිරසි සමඟ] *50*
ආයුබෝවන්. ඔන්න ඉතින් මම ඒක පනස් වන වතාවටත් ඔයාලට කිව්වා. ඔව් මේ මගේ පනස් වන උපසිරසි නිර්මාණය. මිට මාස තුනකට කලින් ඒ කියන්නේ දෙහසය් දහසයේ මැයි මස දහවන අඟහරුවාදා උදෑසන මගේ පලවෙනි උපසිරැසිය විදියට Tremors (1990) වලින් පටන් ගත්ත මගේ ගමන අද පනහ දක්වා ළඟාවීම ගැන මට ගොඩක් සතුටුයි. ඒ ගමන අතරේ බින්කුන්ඩන් ගෙන් පටන් අරන් මෝරු, නයි පොළොංගු, කිඹුල්ලු, බල්ලෝ, අලි කොටි, මකුණෝ මෙන්ම පිටසක්වල ජීවින් පවා මට හමු උනා. Mars Needs Moms (2011) වැනි ළමා චිත්‍රපට වල සිට Kama Sutra: A Tale of Love (1996) වැනි අතිශය වැඩිහිටියන්ට පමණක් වන චිත්‍රපටත් The General (1926) වැනි පරණ කලාත්මක චිත්‍රපට වල සිට Teenage Mutant Ninja Turtles: Out of the Shadows (2016)වැනි අළුත්ම වාණිජ චිත්‍රපටත් මම ඔයාලට අරන් ආවා. මම දුන්න චිත්‍රපට අතරේ Species, Lake Placid වැනි චිත්‍රපට ඉතිහාසයේ අමරණිය චිත්‍රපට එකතුන් වගේම The Lost World (1960), This Is It (2009) වැනි සුවිශේෂී චිත්‍රපට ඇතුලත්. කෙටියෙන්ම කියනවා නම් මම හිතනා විදියට සියලුම ආකාරයේ බයිස්කෝප් වෙබ් අඩවිය බාවිතා කරනා යහළුවන්ට මම සාධාරණයක් කරන්න උතසාහ කළා.
මම ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක පරිඝනක අංශයේ සේවය කරන කෙනෙක්.ඒ වගේම පෞද්ගලික මට්ටමෙන් ලංකාවේ සුප්‍රසිද්ද ආයතනයක වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි කිහිපයක් පවත්වාගෙන යාම මෙන්ම ව්‍යාපාර ආයතන සඳහා පරිඝනක ගිණුම් වැඩසටහන් නිර්මාණය කිරීමේ නිරතවන කෙනෙක්. ඒ කියන්නේ ගොඩක් ම කාර්යබහුල ජිවිතයක් ගෙවන කෙනෙක්. ඉතින් මේ වැඩේ කරන්න තීරණය කලේ මාස තුනක් මම මේ වෙනුවෙන් වෙන් කිරීම සඳහා සියළු පෞද්ගලික ව්‍යාපෘති තාවකාලිකව නවත්තනවා කියල අදහස් කරලා. ඇත්තටම මේ වැඩේ පටන් ගන්න කොට මම හිතුවේ මාස තුනෙන් චිත්‍රපට විසිපහක් කරනවා කියල. එත් මුලදීම මගේ email සදහා පිළිතුරු යොමු කල සමීර කරුණාරත්න සහෝදරයා තමා මට කිව්වේ මොකද විසි පහක්, පනහකට යන්න කියල. ඉතින් එදා මම හිතා ගත්තා එයා මට ඒ කියපු දෙය එයා ඇතුළු සියලුම ඇඩ්මින් සහෝදරයන් අවුරුදු ගණනක් අපි වෙනුවෙන් කල සේවයට කරන ගරු කිරීමක් විදියට සැබෑවක් කරනවා කියල. හිතා ගත්තට ඇත්තටම ඒක ලේසි උනේ නැහැ. දිනකට පැය පහක්, බොහෝ විට සති අන්තයේ පැය දහයකට ආසන්න කාලයක් වැය කරමින් තමා මගේ මේ සිහිනය මම සැබෑ කර ගත්තේ. ඒ ගැන මට දැනෙන සතුට කියලා නිම කරන්න බැ.
මොකද මම චිත්‍රපට පිස්සේ කියුවොත් හරි. දිනකට පැය දොලහක් වැඩ කලත් මම දිනකට එක් චිත්‍රපටියක් අනිවාර්යයෙන් බලනවා. 1995 වසරේ ස්වාධින රුපවාහිනියේ Gopi Kishan කියන හින්දි චිත්‍රපටය තමා මම බලපු පළමු චිත්‍රපටය. 1999 දි Tremors 2 තමා මම ඩේක් පිස් එකකින් ඉස්සෙල්ලම බැලුවේ. එතකොට අද වෙනකොට අවුරුදු විසි එකක් මම චිත්‍රපට බලනවා. ඒ වගේම පරිගණක එක්ක මගේ සම්බන්දෙ පටන් ගන්නේ මව්ස් වලටත් Driver Install කරන්න ඕන Windows 95 වලින් 1998 අවුරුද්දේ. අද මම මේ උපසිරසි හදන්නේ Windows 10 වල Notepad එකේ. ඒ කියන්නේ අවුරුදු දහ අටක් පරිඝනක ක්ෂේත්‍රයේ. ඉතින් මම ආසම දේවල් දෙකේ එකතුවක් තමා මේ බයිස්කොපේ අඩවියට උපසිරසි සකස් කිරීමත් එක්ක නිර්මාණය වෙන්නේ. මොකද සිංහල අපිට අපේ කියල දේවල් පරිඝනක ලෝකේ අඩුයි. එත් මේ බයිස්කෝප් වෙබ් අඩවිය ඒ තියන කිහිපයෙන් එකක්. ඇත්තමට මගේ පැතුම තමා Open Subtitles, Subscene වැනි ලොව ප්‍රසිද්ද උපසිරසි අඩවියක් බවට බයිස්කෝප් පත් වෙනවා දැකීම.
සාමාන්‍යයෙන් මෙවැනි කඩඉමක් පහුකරාම ගොඩක් යාළුවොන්ට ස්තුති කරන්න ලිස්ට් එකක් ඉන්නවා. ගොඩක් ඇඩ්මින් සහෝදරයන් සහ යහළු යෙහෙලියන් අඳුනනවා. එත් මම මාස තුනක් වගේ කෙටිකාලයක් තුල ඔයාල එක්ක සම්බන්ද වෙච්ච හින්දා ගොඩක් අඩුයි අඳුනන අය. එත් මාත් එක්ක නිතරම වගේ email මගින් සම්බන්ධ වෙන සමීර කරුණාරත්න සහෝදරයාට මම ස්තුති කරන්න ඕන. ඇත්තටම සමහර වෙලාවට එයාට මම වදයක් වෙන්නත් ඇති. මොකද email හත අට හුවමාරු වෙන වෙලාවල් තියනවා අපි අතරේ. ඒ වගේම ඉදල හිටලා මාත් එක්ක සම්බන්ද වෙච්ච රොයිලි සහෝදරයා, සමන් ප්‍රසාද්, යශෝද ශ්‍රීමාල් මෙන්ම හිටිහමන් රේඩාර් එකට අහුවෙන ශාන් සහ විකියා සහෝදරයන්ටත් ස්තුති කරනවා. ඒ වගේම නම් ගම් දන්නේ නැති උනත් මගේ උපසිරසි ඉක්මනින් පලකිරීමට කටයුතු කල සියලුම ඇඩ්මින් සහෝදරයන්ට මගේ ස්තුතිය හිමි වෙනවා. ඒ වගේම විශේෂ ස්තුතියක් හිමිවෙන්න ඕන සමන් ප්‍රසාද් සහෝදරයාට. මොකද එයා තමා මට email එකකින් මගේ පනස් වන නිර්මාණය විදියට මේ Teenage Mutant Ninja Turtles: Out of the Shadows (2016) කරන්න කියල දැනුම් දුන්නේ. ඒක මම බලාපොරොත්තු නොවෙච්ච තෑග්ගක්. ඒ වගේම මගේ උපසිරසි වලට කමෙන්ට් දැම්ම සියලුම යාලුවන්ටත් යෝජනා, චෝදනා මෙන්ම සමහර චිත්‍රපට වල නම් මතක් කරලා දීපු සියලුම සහෝදරයන්ට ස්තුති කරනවා.
මේ ගමන්ම මම තව පොඩි දෙයක් ඔයාලගෙන් ඉල්ලන්න කැමතියි. බයිස්කෝප් එකෙන් සබ්ගන්න ඔයාල පුළුවන් විදියට එක උපසිරසියක් හරි බයිස්කෝප් එකට දෙන්න බලන්න. ඔයාල සිය දෙනෙක් උපසිරසි එකක් බැගින් හරි දුන්නොත් උපසිරසි සියක් එකතුවෙනවා බයිස්කෝප් එකට. අපි ඔක්කොම එකතුවෙලා මේ අපේ බයිස්කෝප් අඩවිය තවත් දියුණු කරන්න උපකාර කරමු. එයාල අපේ විනෝදය වෙනුවෙන් කරන සේවයට අපිට කරන්න පුළුවන් හොඳම ස්තුති කිරීම තමා ඒක.
චිත්‍රපටය ගැන කතා කරනවා නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැනේ. Teenage Mutant Ninja Turtles (2014) චිත්‍රපටයේ දෙවන කොටස විදියට තමා මේක නිර්මානය වෙන්නේ. ඔයාල එකෙන් දකින්න ඇතිනේ ශේඩර් නිව්යෝක් වල කරපු විනාශයත් අපේ මේ ඉබ්බෝ හතරදෙනා එයාව පරද්දලා මිනිස්සු ආරක්ෂා කර ගත්ත හැටිත්. මේ චිත්‍රපටය පටන් ගන්නේ එතනින්. ඒ ශේඩර්ගෙන් නිව් යෝක් බේර ගත්ත අවස්ථාවේ මිනිස්සු අතරේ ප්‍රසිද්ද උනේ වේරන් ෆෙන්වික් කියන කැමරා ශිල්පියා ඒ වැඩේ කළා කියලනේ. ඉබ්බෝ හතරදෙනා ගැන කවුරුවත් දන්නේ නැ. ඉතින් එයාල සැඟවිලා ඉඳගෙන නිව් යෝක් ආරක්ෂා කළා. කොහොම හරි නඩු විබාගෙන් පස්සේ ශේඩර් හිරගෙට අරන් යනවා මේ චිත්‍රපටියේ. ඒ වාහනේම බිබොබ් සහ රොක් ස්ටෙඩි කියන නමගිය අපරාධ කාරයෝ දෙන්නත් අරන් යනවා. බැක්ස්ටර් ස්ටෝක්මන් කියල විද්‍යාඥයා උත්සහ කරනවා ශේඩර් බෙර ගන්න. ඒ වෙලාවේ අත්වැරදීමකින් එයා කරන්ග් කියන පිටසක්වල ජීවියෙක් හමුවෙනවා. ඉතින් කරන්ග් ගේ ටෙක්නෝඩ්‍රම් කියන උපකරණය මාර්ගයෙන් පෘතුවිය පාලනය කරන්න හදන ශේඩර් ආපහු ලෝකෙට ඇවිල්ල ටෙක්නෝඩ්‍රම් උපකරණය හදන්න උත්සාහ ගන්නවා. මොකද ඒක දැනටමත් පෘතුවියේ තියෙන්නේ කොටස් තුනකින්. ඉතින් එක හදන්න ගන්න උත්සාහයත් එයාල ලෝකේ විනාස හදන එක අපේ ඉබ්බෝ ටික නවත්තන විදියත් තමා මේ චිත්‍රපටය. තව අමතක උනා බිබොබ් සහ රොක් ස්ටෙඩි වල් ඌරෙක් සහ රයිනෝ කෙනෙක් බවට පත් වෙනවා. තව මයිකි කියන ඉබ්බෝන්ගේ පොඩි එකා කෙලින පිස්සුත් මේකේ තියනවා. වේගවත් ආකාරයෙන් යන චිත්‍රපටයක්. වෙලාව යනවා දැනෙන්නේ වත් නැ.
ට්‍රාන්ස්ෆෝමර් හදපු මයිකල් බේ තමා මේකත් නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේඝන් ෆොක්ස් සහ අපි රෙස්ලින් වලින් දැකල තියන ශිමස් මේ මේ චිත්‍රපටයේ රඟපානවා. තව ගොඩක් ජනප්‍රිය චරිත ඉන්නවා. දෙදහස් දහසයේ ජුනි මස තුන්වන දින තමා මේක තිරගත වෙන්න පටන් ගත්තේ. මිලියන එකසිය තිස්පහක් වියදම් කරලා දැනට මිලියන දෙසිය තිස් හතක් හොයල තියනවා. IMDb අගය 6.2 අරන් තියන චිත්‍රපටයක්. අන්තර්ජාලයේ වීඩියෝ පිටපත් කිහිපයක් තියනවා. එත් තියෙන්නේ එකම ඉංග්‍රීසි උපසිරසි ගොනුවක් විතරයි. ඒකත් ස්පාඤ්ඤ බාසාවෙන් ස්වයංක්‍රිය පරිවර්තයක්. ඉතින් වචන වැරදියි. ඒවත් හදන් මේක කරන්න ලොකු වෙලාවක් කියා. එත් ගොඩක් සතුටුයි මට මොකද මේක සත්තු ඉන්න චිත්‍රපටයක්. ඔයාලට මොන ජාතියේ චිත්‍රපට දුන්නත් ගොඩක් ආස සත්තු ඉන්න චිත්‍රපට වලට හින්දා.
හොඳයි ඉතින් ලිපිය දිග වැඩි උනා.මම නවතින්නම්. කියනන් තියෙන්නේ තව දෙන්න ඕන චිත්‍රපට එකතුවක් මගේ හිතේ තියනවා. ඒ වගේම කමෙන්ට් හරහා ඔයාල මට පුළුවන් නම් කරන්න කියපු චිත්‍රපට ලිස්ට් එකකුත් තියනවා. ඉතින් පුළුවන් විදියට ඒවා අරන් එන්නම්. ඒත් මේ වේගෙන් නම් නෙවි. එත් සතියට එකක් හෝ දෙකක් කොහොමහරි අරන් එන්න බලන්නම්. දැන් පුරුද්දකට වගේ ගිහින් තියෙන්නේ උපසිරසියක් කරන එක. සුපුරුදු විදියට කියන්න තියෙන්නේ ඔයාල කමෙන්ට් හරහා දාන අදහස් විතරයි මම ඇතුළු උපසිරසි දාන ඔක්කොම අයට ලැබෙන්නේ. ඉතින් උපසිරැසිය බාගත කරන ගමන් වචනයක් දෙකක් මගින් ඔයාලගේ අදහස් ප්‍රකාශ කරලා යන්න අමතක කරන්න එපා. ඔන්න මම ගියා.
බුදු සරණයි ….!
Blu-Ray පිටපත සඳහා උපසිරසි යාවත්කාලීන කරන ලදී.
Due to copyright issues, we do not provide any torrent links.
Teenage Mutant Ninja Turtles Out of the Shadows 2016 720p BluRay x264 ShAaNiG
Teenage Mutant Ninja Turtles Out of the Shadows 2016 720p BRRip x264-MkvCage
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 69909 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/AsankaGAP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks brother
thanku bro
Thanks
tnx 😉
thanks machn….
Thanks for the sub..
godak sthuthiy upasirasi laba dunnata. jayen jayama wewa
Thanks sub ekata good luck
Thanks bro good luck.
Tnz bro
මං මේ ෆිල්ම් එක ආපු කාලෙම බැලුව හැබැයි ඉතින් කැමරා කොපිය.දන්නවනෙ ඉතින් ඒවගෙ හැටි මෙලෝ රහක් නෑනෙ.ඒත් ඉතින් ගොඩාක් කාලෙකට පස්සෙ අද මට මේ ෆිල්ම් එක බලන්න හිතුන.ඉතින් ස්බ් ගන්න ආවහම දැක්ක අසංක අයියගෙ සබ් එකක් කියල.කියන්න දෙයක් නෑ ඉතින් සබ් එක කොහොමත් සුපිරියටම තියෙනවනෙ.කොහොමත් වුල්වරින් වඩක් කලොත් පට්ටෙටම තියෙනවනෙ.අද වෙනකොටනම් 50 වෙනි සබ් එක නෙමෙයි 100(Power Rangers) වෙනි සබ් එකත් දීල තියෙන්නෙ.ෆිල්ම් වලින්ම සබ් දුන්නු පලමු වෙනියලු.සබ් එකකට බොහෝම ස්තූතියි.පුලුවන්නම් Ultimate Avengers සබ් දෙන්න අයිය හොද MARVEL රසිකයෙක් වෙන්න ඕනෙ මොකද වුල්වරින් MARVEL සුපිරි වීරයෙක්නෙ.
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
50වෙනි උපසිරැසිකරණයට උණුසුම් සුබ පැතුම් සහෝ…!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…ජය වේවා!
Thanks for sub.
Super bro,elaa karamu wede
sub akta thnx mchn
Mat kemathi aiya sub hadanna
සබ් එකට ස්තූතියි සහෝ!
Subtitles wada nane eka zip ekk widihata newe download wenne
Ow bn.ai e.uba eka hadagena baluwann karapu hati poddak kiyahnko
Thank You.
kohomda tv walata sub eka play krnne??
50ට සුබ පතනව සහෝ බොහොම ස්තුතියි
නියමයි සහෝ උණුසුම් සුභපැතුම් මගෙනුත්.
Congratulation macho..
Thank You…!!
Thank You..!!!
Thankz..
නියමයි සහෝ, 50වන උපසිරැසියට සුභ පැතුම්.
thanks saho.
50 වන උපසිරැසියට සුබ පැතුම්
thankuuuuu wewaaaaaa
thnkx mchn uba ube wadth padu karagena apita upasirasi denawata
elama machan
Thanks Aiye. Ela.
බොහොම ස්තුතියි සහෝ
50 වන උපසිරැසියට උණුසුම් සුභපැතුම්!
තවත් උපසිරැසි කිරීමේ හැකියාව ලැබේවා!
Thanks bro….
Thanks bro………..
patta bro thnx
කල් බලා සිටියෙමි ඔබ දෙනකම් මෙය දැකගන්න
කල්පනා ලොවක තනිවී මෙය නරඹන්න
සිත් පුරා සුබ පතමි ඹබ හට තව දිරි දෙන්න
ඉදිරියටමත් උපසිරසියෙන් අප පිනවන්න ෴
thanx bro !!! good luck 🙂 (y)
thanx bro !!! good luck 🙂 (y)
tnx
thanks saho..!!
අයියෝ කමෙන්ට් එකක් දාන්න බැරි වෙලානේ. සමාවෙන්න ඕනේ සහෝ. :/
අදහස් නොදැක්වුවාට මොකද මං පහුගිය ටිකේම දැක්කා මේකේ පරණ ෆිලුම් අලුත් කරලා දීලා අකුණක් ගහපු එකෙක් වගේ උපසිරැසි දෙන බුලට් එකක්. මෙන්න සැබෑ සම්පත් දායකයෝ.
මෙතැනින් නොනැවතී දිගින් දිගටම උපසිරැසි කරන්න කාලය, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
මේක නම් ආපු දවස් වලම බැලුවා. ඒත් දැන් ආයේ බ්ලුරේ තියෙන හන්දා වෙලාවක් ලැබුණු ගමන් ඔයාගේ සබ එක්කම බලන්නම්කෝ.
ජය!
මාස 3ක් වගේ කෙටි කාලෙකින් ෆිල්ම් 50කට සබ් 50ක් හදනවා කියන්නෙ කරන්න අමාරැ වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්.
මං හිතන්නෙ ඔයා වෙන්න ඇති බයිස්කෝප් අඩවිය වෙනුවෙන් වේගයෙන්ම උපසිරස 50ක් කරේ. දිගටම කරගෙන යන්න සහෝ. ඉක්මනින්ම සබ් 100 කඩඉමටත් ලඟාවෙන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා !
(Y) (Y) (Y) good luck bro & thanks for subs <3
please HD rip upadate ekath dennako
තෑන්ක්ස් සහෝ……….
Nice Job, what are the sinhala fonts ?
50 උපසිරසියට සුබ පැතුම්…
Thank You………………
kata hari link 1 denna puluwanda
මාස 03 යි 50 යි. උඹ නම් යකෙක් බං…. මට අවුරුදු දෙකකිනුත් තාම 40 යි පුළුවන් වුනේ…
thanks
good luck
thanks br ubdate
elama thanks bro
thanxxxxxxxxxx
ස්තූතියි සහෝ උපසිරැසියට
Thanks bro
Thanks Bro!
Bluray එකට බොහොම
ස්තුතියි
50 උපසිරසියට සුබ පැතුම්….
සියළුදෙනා වෙනුවෙන් කරන සේවය ගෞරවයෙන් අගය කරනවා
Good Luck….
sub එක br update කලාට ස්තුතියි සහෝ
ස්තුතියි සහෝ උපසිරැසියට.ජය වේවා!
Sub Ekata thanks…
Bluray එකට Update කරන්නනනනනනනනන
මොකද මමත් චිත්‍රපට පිස්සේ කියුවොත් හරි.
එලම සහෝ තෑන්ක්ස් හැම සබ එකකටම
එල කොල්ලෙක් නේ….
blue ray awa.update karandakoo
මචන් Bluray එකට Update කරපන්කො ඉක්මනට. මේ දැන් ටිකකට කලින් ආවේ….
teenage mutant ninja turtles 2016 BRRIP Awilla sub denna
sthutie bro.niyameta karala thiyenawa
nice work bro
Mcn..
{Central Intelligence}
{Barbershop The Next Cut}
Oya FILM 2 sub eka dhipnkooo,,,plzz
Maxxa machan Tnx for Sub…..
keep it Up..!!!!
superb
සුපිරි සහෝ
50 උපසිරසියට සුබ පැතුම් සහෝ…
දිගටම කරගෙන යමු…
ජය වේවා!!!
බොහෝම සුබපැතුම් සහෝ.
මේ කතාව දැන් තමා බාගන්න වෙලාවක් ලැබුනේ.
ඉතිං 50ට බොහෝම ඉක්මනට ලඟාවෙන්න ලැබුණු එක ගැන නම් බොහෝම සතුටුයි.
Tremors කතාව දුන්නේ ඊයේ පෙරේදා වගේ තමයි තාමත් මතක. 😀
කොහොම වුනත් සුබපැතුම් සහෝ. පුළුවන් විදියට තමුන්ගේ වැඩත් කරගෙන කොහොමහරි තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ආයු – බෝ -වේවා !!!
එල එල.බෑවා.මම මගේ පලවෙනි සබ් එකට ගන්න හැදුවෙ මේක.අවුලක් නෑ………වැඩේ එල අයියා………….50ට සුභ පැතුම්.
thanx……………. eth blu- ray ekata sub dennaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa apuwahama……………………….
අෑෑෑ……………………බ්ලූෙර් දුන්නද?
සුබ පැතුම් සහෝ.. දිගටම වැඩෙ කරගෙන යමු..
ස්තුතියි මචන් සබ් එක අප්ඩේට් කරාට.
ජය..
thanks bro.meka denakan balan indiye.keep up the good work
thanks bro.meka denakan balan indiye
thx KOlla Sub ekata, koraaaaaaaaaaaa
thankzzz bro
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
machan HDRip awilla tynawa..
torrent gaththa ekek mata link eka diyanko
HDTS copy naam epooooooooooooooo this Bad Quality…………… bluray better vvvv
50 වන උපසිරැසියට හදවතින්ම සුභ පතනවා සහෝ..!
ඔබ තුමාගේ පළවැනි උපසිරැසිය බාගත කරපු ටීම් එකේ මාත් ඉන්නවා.
ජය වේවා..!
50ට මගෙනුත් උණුසුම් සුභ පැතුම්…!
කාර්ය බහුල දිවියක් ගෙවන ඔබේ වටිනා කාලය කැප කරමින් අපගේ රසවින්දනයට සිංහල උපසිරැසි ලබා දීම ගැන නැවතත් මාගේ හද පිරි ස්තුතිය….!
මෙතැනින් නොනැවතී තවත් අප සමඟ රැඳෙන්නට ධෛර්යය ශක්තිය හා වාසනාව ලැබේවා..!
thanks
Link ekak dennako hoda quality ekaka
50වෙනි කඩයිමට සුභ පැතුම් අසංක සහෝ!!
ඉදිරියටත් මේ වැඩේ කරගෙන යමු!! ජය!!
ගොඩක් පිං අපි වෙනුවෙන් වටිනාකාලය වැය කළාට අයියේ
thanx saho sub 1ta a vagema oyaga 50th sub 1tath suba ikma 100 hamuvemu saho
supiri machan
weni sub ekata unusum subapethum!
50 වෙනි උපසිරැසි නිර්මානයට සුබ පැතුම් සහෝ
100 වෙනි කඩඉමටත් ඉක්මනටම ලාගා වෙන්න සුබ පතනවා
සබ් එකට ස්තූතියි…
නැවත උපසිරැසියකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴
හෘදයාංගම සුබ පැතුම්! එදා … 1996 වර්ෂයේදී එක්දින ක්‍රිකට් පිටියේ සනත් ජයසුරිය ලොව වේගවත්ම ලකුණු 50 ගැහුවා වගේ කීවොත් ගැළපේවී කියා සිතෙනවා “අසංක ප්‍රදීප් සොයුරාගේ” මේ සුපිරි කාර්යය. මම දිගටම ඔබේ උපසිරසි සහිත සිනමාපට නැරඹු කෙනෙක්. ඉදිරියේදීත් මෙවැනි පොදුවේ ප්‍රියකරනා උපසිරසිම අපට ඔබගෙන් ලැබේවි. ස්තුතියි!
Thnaks saho sub ekata.. good luck
මුලින්ම 50 වැනි උපසිරැසියට සුබ පතනවා. ඒ වගේම උපසිරැසටත් බොහොම ස්තූතියි සහෝ. 100 වැනි කඩ ඉමත් පසුකරන්න ඉක්මණින්ම අවස්තාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා සහෝ………
HDTV copya qulityda ?
Thanxs for sub !!
බුලට් එකක් වගේ පොරක්. අන්න එහෙම තමා මින් ඉදිරියට මම ඔයාව මතක තියාගන්නේ. හරිම ඉක්මනින් වගේම, ගොඩක් අය නොකරන ටිකක් පැරණි ඒත් සුපිරි චිත්‍රපටිවලට උපසිරැසි දාන එකත් ඇති ඔයා බයිස්කෝප් අඩවියට කරන සේවයේ තත්වය කියන්න. ඉතින් මෙතනින් නොනැවතී 100 දක්වාම ඉක්මනට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි කියනවා සිංහල උපසිරැසියටත්. එහෙනම් ගෙට්ටුවෙදි හමුවෙලාම කතා කරමු. ජය෴෴ 😛 😛
මුළින්ම 50 වෙනි උපසිරසියට මුළු හදවතින්ම සුභ පතනවා…!!!
මං හිතන්නෙ දැනට සයිට් එකේ ඉන්න වේගෙන්ම සබ් දෙන අය අතරින් ඉස්සරම ඉන්න කෙනෙක් කියලා ඔයාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම 50 වෙනි උපසිරැසිය මාස 3ක් වගේ කෙටි කාලෙකින් කරන්න පුළුවන් වෙච්ච එක ගැනත් හුඟක් සතුටුයි.
අර කියන්නා වගේ පරණ සිනමාපට රසවිඳින්න ප්‍රිය කරන බයිස්කෝප් රසිකයන් වෙනුවෙන් අසංක සහෝ කළේ කියලා නිම කරන්න බැරි උදව්වක්. ඒවගේ තියෙන කමෙන්ට් බැලුවම ඒ වගේ පරණ ෆිල්ම් වලටත් කොච්චර ආස අය ඉන්නවාද කියලා බලාගන්න පුළුවන්. ඉතින් සහෝ එයාලා වෙනුවෙන් කරන්න ගත්ත වැඩේ නම් හුඟාක් වටිනවා.
ලිපියේ මාව මතක් කළාටත් ස්තූතියි.
ඇත්තටම මං මේල් එක දැම්ම එක විතරයි. සමීර කරුණාරත්න සහෝ තමා ඔය ෆිල්ම් එක කරන්න හිටියෙ. ඊට පස්සෙ එයා තමා මට කිවුවේ අසංක සහෝට 50 වෙනි උපසිරැසිය වෙනුවෙන් මේක වෙන් කරමු කියලා. මං ඉතින් කළේ මේල් එක දාපු එක විතරයි… 😀 හෙ හේ…
එහෙනම් තවත්, මේ වේගයෙන්ම උපසිරසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…!!!
Br ආවම තමා ඉතින් මේක බලන්න වෙන්නෙ.
ජය වේවා…!!!
Niyamai bro…ela ela…
උබල වගේ හිත හොද කොල්ලෝ හින්ද තම ඉතින් අපි ෆන් එකේ පිලුමක් හරි බලන්නේ බන් …හැම තිස්සෙම කොමෙන්ට් නොදැම්මට උබල සෙට් එකටම අපි ආදරෙයි මචන්ලා …සුබපැතුම් මචෝ ,,,,,,පට්ට පිලුමක් මේක
thanks bro……sub ekata patta film eka gon harak bad…bad..gawata gananganna epa un nikan idan kata kahanawata kiyawanne
tks bro…but pls don’t use came copies…
අසංක ප්‍රදීප් රණතුංග හදවතින්ම සුභ පතනවා සියළුදෙනා වෙනුවෙන් කරන සේවයගෞරවයෙන් අගය කරනවා සුභපැතුම් 50වන උපසිරසයට
🙂
🙂
🙂
🙂 🙂
🙂 🙂
🙂
🙂
🙂
🙂
🙂
🙂
🙂
50
වන
උපසිරැසියට
සුබ
පැතුම්………………………
……………………………
බොහොම
ස්තුතියි
උපසිරැසියට
……………………………….
🙂
🙂
🙂
🙂
🙂
🙂
🙂
🙂
🙂
🙂
🙂
🙂
🙂
🙂
🙂
record ekada bun wegawath 50 hee
Hadawathinn ma suba pethum yaluwa…meka api hithan tharan lese gemak newi ne…oya eka sarthakawa karan yanawa…
Ubata jaya wewaaaa
really appreciate your works..thanks ASANKA for giving us all of this…wish u’r great future…..
සමාවෙන්න සහෝ සුබ පතන්න පරක්කු උනාට..එහෙනම් 50ත් ගැහුවා අා..හදවතින්ම සුභ පතනවා සහෝ..100ත් ඉක්මන්ටම බලාපොරොත්තු වෙනවා..ඔබට ජය..
සුබ පතනවා. 100ත් ගහමුද?
50වෙනි උපසිරසියට සුබ පතනවා…
ඉදිරියටම යමු…!
ජයවේවා……
supiri vadak oyage vatina kalaya biscope eka wenuwen kapakaranawata thanks wenna ona. puluwannan bad neighbors2,suicide squad apuwama sub denna.obata jaya
සුබ පැතුම් සහෝ 50වෙනි උපසිරැසියට
මේක බීරිප් ආවම බලනව
සබ් එකට තැන්ක්ස්
50වන උපසිරසයට ඔන්න මගෙත් උණුසුම් සුභපැතුම්! කාර්‍ය බහුල ජීවිතයක් මැද ගොඩක් මහන්සි වෙලා ඒ වගේම වේගෙන්ම සිංහල උපසිරැසි දෙන ඔබ බයිස්කෝප් වෙබ් අඩවියේ සිටිනා වටිනාම සහෝදරයෙක්. විවිධ අයගේ රස වින්දන වලට සාධාරණන් ඉටු කරමින් ඒ ඒ අයගේ සිතුම් පැතුම් වලට ගැලපෙන වර්ගයේ චිත්‍රපට වලට උපසිරැසි ඔබ ලබා දී තිබෙනවා. ඉතින් මේ සබ් එක දුන්නටත් ගොඩාක් ස්තූතියි සහෝ! පුළුවන්නම් ඉදිරියේදී The War of the Worlds (1953), First Men in the Moon (1964), The Black Hole (1979), Silent Running (1972), A Sound of Thunder (2005) යන ෆිල්ම් වලටත් සබ් දෙන්න කියලා ඉල්ලනවා. අවසාන වශයෙන් සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!
saho meka copy akakda?
50 ට උණුසුම් සුබ පැතුම් මචං…!!! 🙂
පට්ට තෑන්ක්ස් සබ් වලට…
දැන් සයිට් එක නං චාටර් වෙලා මචන්ලා….පට්ට දුකයි ඒක ගැන නන්.. 🙁
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
thanks . Blu ray copy ekata update ekak denna………….
Thanks & wish you all the best. keep up the good work 🙂
හප්පට මාස තුනෙන් සබ් පනහක් කොරලා..
ඒකත් ෆිලුම්වලින්ම..පට්ටයි..සුපිරි වේගයක්..
එහෙමනම් ඉතින් මෙතනින් නොනැවතී ඔය වේගෙන්ම
100වෙනි උපසිරසියත් ගහමු.ඔයාලා වගේ කට්ටිය බයිස්කෝප්
අඩවියට අමිල සම්පතක්.එසේනම් ඔබගේ සියලු වැඩ රාජකාරි අතරින්
ඉදිරියේත් උපසිරසි කිරීමට අවශ්‍ය කාලය සහ ශක්තිය සොයාගන්න කියා පතනවා.
50ට උණුසුම් සුබ පැතුම්. බ්ලුරේ ආවම ක්ෂණික අප්ඩේට් කරලා ඕනේ.ඔබට ජය!
මුලින්ම පනස්වැනි උපසිරසට උණුසුම් සුභපැතුම් සහෝදරයා
අඩවිය එක්ක එකතුවෙලා ඉතාම වේගවත් අයුරින් උපසිරසි 50ක් කරපු තවත් එක් අයෙක්
එ වගේම පැරණි සිනමාපට හොයා හොයා සබ් දුන්න
කලෙක්ෂන් එක අලුත් කළා
බොහොම ස්තුතියි වෙච්ච මහන්සිය කැපකිරීම වෙනුවෙන්
මෙ විදියටම ඉදිරියටත් අපි එක්ක රැඳිලා ඉඳීවි කියල බලාපොරොත්තු වෙනව සහෝ
හොඳ කොපියක් ආපු ගමන් අනිවා මේක බලනවා
එහෙනම් සහෝ ජයෙන් ජය වෙන්න කියල ප්‍රර්ථනා කරනවා
නැවත වතාවක් බොහොම ස්තුතියි
50 වන උපසිරැසියට සුබ පැතුම් සහෝ.අප වෙනුවන් කරන මෙහෙයට ගෝඩාක් පින්.
ඉක්මනින්ම 100 වන උපසිරැසිය කරා යන්න ලැබේවා!ජය
නියමයි අසංක සහෝ නියමයි.
සුපිරි වේගයකින් උපසිරස 50ක් කළා.
සුභ පැතුම්…
උපසිරසට ස්තුතියි…
ජය…
download karana link ekak danda puluwanda please
සදා ජය පතනවා 50වන උපසිරසයට.
අනේ මේ වගේම මේකේ පරණ ඒවා වලට සිංහල සබ දෙන්නකො .
අළුත් ඒවාට උපසිරැසි ගොඩ දෙනෙක් දෙනවා. ඒත් පරණ ඒවාට දෙනවා අඩුයි.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
Teenage Mutant Ninja Turtles කියන්නෙ බලල තියෙන පට්ටම චිත්‍රපටියක් නොවැ. බ්ලූ රේ කොපියක් ආවහම ආයේ බලන්න බැරියෑ. දැනට මේක නොබලා කොහොමද. මෙන්න බානවා. ජය෴෴
මෙච්චර කල් ඉඳපු එකේ bluray එකක් ම .බොහොම ස්තුතියි sub එකට සහෝ!
තෑන්ක්ස් මචං.ගොඩක් දවස් බලන් හිටියා මේකට සබ් දෙනකන්……
Keep it up…………
50 වෙනි උපසිරැසියට මුළු හදවතින්ම සුබ පතනවා සහෝ.
ඒ වගේම 100 ත ගහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සබ් කට ස්තූතියි!
සහෝ අපිට ඉස්සර වගේ ටොරෙන්ට් ලින්ක් එක දෙන්නකෝ
50 වෙනි උපසිරැසි නිර්මානයට සුබ පැතුම් සහෝ
෴෴ජය වේවා෴෴
50වෙනි උපසිරසියට සුබ පතනවා…
මෙ උපසිරසියට ගොඩක් ස්තුතියි..
පුලුවන් නම් hash tag එකක් දෙන්න…
Good luck machan Thanks …Hash ekak hambuna
thanks mc hash ekata
superb machan..subtitle 50n 30k gattha mama..niyama wadak kare..marama speed ekak..good luck machan
ela bro thanks..denakan balan hitiye
Good Luck Bro……. oyage watina kalaya api wenuwen kepa karala me karana deta oyata godak pin… Budu saranai…..
සුභපැතුම් 50වන උපසිරසයට.
ගොඩක් කල් බලන් හිටපු සබ් එකක් දුන්නට ස්තූතියි.
scooby doo and wwe curse of the speed demon එකෙත් සබ් දෙන්නකෝ.
Hash ekak denna
නියමයි බ්‍රෝ ඔයා ගේ හාප් සෙන්චරියට මම හදවතින්ම සුභ පතනවා …
ඉක්මනින්ම සෙන්චරියත් ගහන්න බලන්න .. 50 වන උපසිරැසට ස්තුතියි …
50ට සුබ පතන වාඅසංක ප්‍රදීප් රණතුංග සහෝ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට….. meka bluray apu dawasaka balanawa. plese next time bluray up dateg………………Good Luck…………..Dear
50 කප් එක ගැහුව එකට හදවතින්ම සුබ පතනවා…
ඉදිරියට තව නිර්මාණ කර්න සුබ පතනවා.. ජය…
පනස් වන සුපසිරැසියට ස්තුති…
HDTS copy naam epooooooooooooooo this Bad Quality…………… bluray better
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
මචන් සබ් එකට ගොඩක් ස්තුති .නමුත් නැවත HDTS වලට සබ් ලියන්න එපා මචන්.සිරාවට ගොඩක් දෙනෙක් ගේ කාලය ,MB ටික අපතේ යනවා.සම්පුර්නයෙන්ම ඔය පිටපත වැඩක් නැ.බෑවට පස්සේ අපරාදේ හිතෙනවා.ඒ නිසා අය HDTS වලට සබ් කරන්න එපා.
කොහොම උනත් සබ් එක එල.