අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBox-office HitsFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්ඉෂාරා ගුණරත්නකොරියානුචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේසිංහල උපසිරැසි

Target (2023) AKA Don’t Buy the Seller Sinhala Subtitles | ඔන්ලයින් බඩු ගන්නවනම් පරිස්සමෙන්! [සිංහල උපසිරැසි]

Rating: 9.3/10. From 13 votes.
Please wait...
Target (2023) AKA Don't Buy the Seller Sinhala Subtitles
Target (2023) AKA Don’t Buy the Seller Sinhala Subtitles

හැමෝටම ආයුබෝවන්. ඔන්න මම අද අරගෙන ආවේ 2023 වර්ෂයේ විකාශනය වුණු සුපිරි දකුණු කොරියානු චිත්‍රපටයක්.

මේක මම උපසිරසියක් කරන්න හරිම ආස වුණු චිත්‍රපටයක් කියලා කියන්න ඕන. ඕගොල්ලෝ Recalled , Door Lock, Midnight වගේ චිත්‍රපට බලලා තියනවනම් මේ ෆිලුමෙත් තියෙන්නේ ඒ වයිබ් එකමයි.ඉස්සරහට මොකද්ද වෙන්නේ කියන කුතුහලය මේකේ මුල ඉදලා අගටම තියනවා. මේකේ රංගනයෙන් දායක වෙන අය ගැන කතා කරොත් ඔයාලා Mr.queen බලලා තියනවනම් ඒකේ ඉන්න පිස්සු රැජිණ තමයි මේ සුපිරි ෆිලුමේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.ඒ වගේම තවත් සුපිරි නළු නිළි පිරිසක් මේකෙන් දැක ගන්න පුලුවන්.

හොදයි වැඩි කතා නැතුව අපි කතාව පැත්තට යමු. මේකේ ප්‍රධාන චරිතය වන ජන්ග් සෝ-හියුන් කියන්නේ ඉදිකීරීම් සමාගමක වැඩ බලන කෙනෙක් විදියට රැකියාවක් කරන තරුණියක්. මෙයා රැකියාව නිසා තනියම තමයි ජීවත් වෙන්නේ. දවසක් මෙයාගේ ගෙදර රෙදි සෝදන යන්ත්‍රය ඒ කියන්නේ වොෂින් මැෂින් එක කැඩෙනවා ආයෙත් හදන්න බැරි වෙන්නම. ඉතින් මෙයාට අලුත් එකක් ගන්න ලොකු ගාණක් යට කරන්න බැරි නිසා එයාගේ යාලුවගෙන් දැන ගන්න ලැබුණු විදියට සකන්ඩ් හෑන්ඩ් බඩු විකුණන්න තියන වෙබ්සයිට් එකකින් අඩුවට තියන වොෂින් මැෂින් එකක් මෙයා ගන්නවා. ඔන්න ඔතනින් තමයි කරදර පටන් ගන්නේ මෙයාට හම්බවෙලා තියන ඒ වොෂින් මැෂින් එක වැඩ කරන එකක්නම් නෙමෙයි. ඒක හොදටම කැඩුණු එකක්. ඔන්න එතකොට තමයි මෙයාට යකා නගින්නේ එයාට තේරෙනවා තමන් වංචාකාරයෙක්ට තමයි අහුවෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙයාට ලේසියෙන් ඒ වංචාකාරයට ලිස්සලා යන්න දෙන්න බැරි නිසා මෙයා තීරණය කරනවා ඒ වංචාකාරයව හොයාගන්න. ඒත් ඊටපස්සේ මෙයාට මූණ දෙන්න වුණේනම් හරිම භයාණක දේවල්වලට. ඉතින් ඒ මොනවද කියලා දැනගන්න ඕනනම් මේ කුතුහලය පිරුණු චිත්‍රපටය නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.එහෙනන් හැමෝටම ජය!
තවත් අලුත් ෆිලුමකින් හමුවෙමු!

Target (2023) AKA Don’t Buy the Seller Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2213 --

[author]Profile-Pic-Ishara-Gunarathne.jpg

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Target (2023) AKA Don’t Buy the Seller Sinhala Subtitles

 

5 thoughts on “Target (2023) AKA Don’t Buy the Seller Sinhala Subtitles | ඔන්ලයින් බඩු ගන්නවනම් පරිස්සමෙන්! [සිංහල උපසිරැසි]

  • Ishan Madusha

    බොහෝම ස්තූතියි.

    Reply
  • Buddhika laKMal

    තැන්ක්යූ මේ මූවිඑකට සබ් දුන්නට…….

    Reply
  • Thank you so much for the subtitle

    Request – Project Silence (2024)

    Reply
  • Nayana Buddhika

    සබ් එකට ගොඩක් තෑන්ක්ස්

    Reply
  • Gagan pabasara

    Project Silence (2024) ,Mission Cross (2024),The Plot (2024),Dead Man (2024) චිත්‍රපට් කරන්න කො

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *