Tamil Rockerz [S01 : E03] Sinhala Subtitles | පිබිදීම. [සිංහල උපසිරසි]
රු. කෝටි 300ක් වියදම් කරලා නිෂ්පාදනය කරපු ගරුඬා චිත්‍රපටයේ ආරම්භයේදී වන සටන් දර්ශනයක් ටැමිල් රොකර්ස් හරහා පිටකර ප්‍රසිද්ධියට පත් කරනවා. ඒත් එක්කම ගරුඬා චිත්‍රපටිය සිනමාශාලාවල තිරගත වීමට දිනකට කලින් ටැමිල් රොකර්ස් අඩවියේ ප්‍රදර්ශනය කෙරෙන බවත් ඔවුන් දන්වනවා. චිත්‍රපටයේ නළු ආදිත්‍යා නැත්නම් අදිරඩි ස්ටාර්ට ඉතාමත් වැදගත් කඩඉමක්. ඒ මොකද මේ චිත්‍රපටිය බ්ලොක්බස්ටර් එකක් වීමේ අවශ්‍යතාවය තදින්ම බලපාලා තිබුණා. ඒ නිසාවෙන් ආදිත්‍යාගේ පියාගෙන් චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු වෙලා තිබුණා. ඒ වගේම චිත්‍රපටිය වෙනුවෙන් නිෂ්පාදක මදිඅලගන් යටකල ණයට ලබාගත් මුදල්, ටැමිල් රොකර්ස් හරහා පිට වීමෙන් චිත්‍රපටයේ ව්‍යාපරය නැති වී යයි සිතා මහත් බියකින් සිටිනවා.
ACP රුද්‍රාගේ බිරිඳ කීර්තනා කිසියම් කල්ලියක් විසින් පැහැර ගෙන යනවා. පැහැරගෙන වෑන් රථයකට නංවාගෙන යන කල්ලිය පසුපස රුද්‍රා හඹා යනවා. රුද්‍රා නම් කියන්නෙ වෑන් රථය රුද්‍රාගේ ඇස් ඉදිරිපිටම ට්‍රාන්ස්ෆෝමරයක හැපී පුපුරා ගිය බවත්, මිය ගිය අයගෙන් ලබාගත් DNA සාම්පල් අතරෙ කීර්තනාට සමාන DNA සාම්පල ලැබුණා කියලයි. ඇයගේ මරණය රුද්‍රාට මානසිකව බලපෑමක් ඇතිකරලා තිබුණා. පලමු කොටසේදී කෙල්ලක්ව පැහැරගෙන බලහත්කාරකම් කල දෙදෙනෙකු රුද්‍රා විසින් එන්කවුන්ටර් කර මරා දමනවා දකින්නට ලැබුණා. රුද්‍රා තමන්ගේ පෞද්ගලික ජීවිතයේ අසාර්ථකත්වය රාජකාරියෙන් පිරිමහගන්නවා කියලයි අනෙක් පොලිස් නිලධාරීන් කියන්නෙ. මේ අතරේදි රුද්‍රා හමුවීමට පැමිණි පොලිස් ප්‍රධානී සන්දීප් කීර්තනාගේ පැහැර ගැනීමට ටැමිල් රොකර්ස් සම්බන්ධ බවට ඉඟියක් දෙනවා. ඒ වගේම පොලිස් ප්‍රධානියා ටැමිල් රොකර්ස්ලාගේ යැයි තහවුරු කරගත් පොටෝ එකක් රුද්‍රාට දෙනවා. රුද්‍රා මේ පරීක්ෂණය බාර ගැනීමට කිසිම ආකරයකින් කැමැත්තක් දැක්වුවේ නැහැ. ඒත් ඉහළ නිලධාරියාගේ නියෝගය හා කීර්තනාව පැහැරගෙන ගිය අය ගැන තොරතුරක් දැනගැනීමේ බලාපොරොත්තුවෙන් රුද්‍රා මේ පරීක්ෂණය බාරගන්නවා. ඒ අනුව මෙහෙයුම ඉදිරියට අරගෙන යද්දි ලැබුණ තොරතුරු පරිදි, කඩ වීදියේ කලබලයක් කරලා හොර සීඩී විකුණන කිහිප දෙනෙක් අත්අඩංගුවට ගන්නයි රුද්‍රාගේ සැලැස්ම. ඒ වෙනුවෙන් නිෂ්පාදක මදිඅලගන්ගේ උපකාරයත් ලබා ගන්නවා.
ටැමිල් රොකර්ස් කණ්ඩායමේ සාමාජිකයෙක් වුණ දයාලන් අවුරුදු 15කට පසු ඉන්දියාවට පැමිණෙනවා. මීට අවුරුදු 15කට කලින් නළුවෙක් වෙන්න අවස්තාවක් හොයමින් දයා විවිධ කුසලතා පරීක්ෂණ වලට සහභාගි වුණා. රැකියාව විදිහට දයාලන් සීඩී කඩයක් කරගෙන ගියා. නියම සීඩී විතරක් නෙවෙයි තිරගත වෙමින් තිබුණු චිත්‍රපටවල හොර පිටපත් සීඩී පවා විකුණුවා. කොහොමින් හරි දයාලන්ගෙ හොර සීඩී විකිණීමේ ව්‍යාපාරය නම් ජයටම කෙරීගෙන ගියා. ලැබෙන මාර්ගය කොහොමද කියන්න දන්නෙ නැති වුණත් තිරයට අලුතෙන්ම එන චිත්‍රපටි මෙයාලගෙන් ලබාගැනීමේ පහසුකම තිබුණා. ඉතින් මෙයාලගෙ අතට අහුවුණ අලුත්ම චිත්‍රපටිය තමයි “මෙට්ටු පොඩු.”(2006 වසරේදි) මෙට්ටු පොඩු චිත්‍රපටය දයාලන්ගේ ජීවිතයට වැදගත් වෙන්නේ ඇයි?
ඉතින් 3, 4 කොටස් ඔයාලට අරගෙන එන්නෙ ඔෂධ ධනංජය සහෝදරයා. ඔයාලගෙ ස්තූතිය ඔෂධ සහෝදරයාට හිමි විය යුතුයි. විශේෂයෙන්ම කාර්යබහුල වෙලාවක් මැද තමයි මේ උපසිරැසි නිමා කරලා ලබා දෙන්නෙ. එහෙනම් 4 වෙනි කොටසෙන් හමුවෙන්නම්. ඔයාලගෙ වටිනා අදහස් කමෙන්ට් එකකින් සඳහන් කරන්නත් අමතක කරන්න එපා. දිගටම බයිස්කෝප් එක්කම එකතුවෙලා ඉන්න. හැමෝටම ස්තූතියි!
බුදු සරණයි! දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 881 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් සබ් එකට
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Sub akta thanks
Thanks for sub