Supergirl [S04 : E18] Sinhala Subtitles | නොකළ වරදකට දඩුවම්!! [සිංහල උපසිරසි සමඟ]
කොහොමද සුපර්ගර්ල් රසික රසිකාවියනි? කට්ටිය ඉතින් හොදටම කේන්තියෙන් ඇත්තේ. මොකද ඉතින් කතාව එකපාරට අතරමග නතර කරලා දැම්මනේ උපසිරසි නොදී. දැන් ඉතින් කට්ටිය ඉංග්‍රීසි සබ් එක්ක බලලත් ඇති. ඉතින් වෙච්ච පමාවට සමාවෙන්න ඕන. කතාවට උපසිරසි කළ උදයංග සහෝ හොදටම කාර්‍යබහුල වීම නිසාත් ඔය අල්ලපනල්ලේම මටත් එක එක වැඩ යෙදිච්ච නිසාත් මේකට උපසිරසි කරන්න වෙන කිසිම කෙනෙක් අකමැති නිසාත් යන විවිධ හේතු කාරණා නිසා පමා උනා. හොදයි එහෙනම් අපි කතාව ගැන කෙටියෙන් බලමු.
කලින් කොටසෙන් කපටි වැඩවලට උපන් හපන් ඒ මහා මොළකරු ලෙක්ස් ලූතර්ගේ සැලැස්මක් අනුව පිටසක්වළ පොදු සමා පනත අහෝසි වෙලා යන වෙලාවක සුපර්ගර්ල්ගේ ඩුප්ලිකේට් එක, එහෙමත් නැත්නම් රතු දියණිය යොදාගෙන ඇමෙරිකාවේ ධවල මන්දිරයට ලෙක්ස් ලූතර් මහා ප්‍රහාරයක් දියත් කෙරෙව්වේ ජාතියේ වීරවරිය වෙච්ච සුපර්ගර්ල්ව ජාතියේ ප්‍රධානම සතුරා බවට ත්‍රස්තවාදියෙක් බවට පත් කරමින් කියන එක ඔබට මතක ඇතිනෙ. ඒ හා සමගම හදිසි නීතිය පනවලා ජනාධිපතිවරයා විසින් සුපර්ගර්ල්ව අල්ලාගැනීමේ මෙහෙයුම් දියත් කළා ඔන්න. ඒවගේම පිටසක්වළ සබදතා පිළිබද දෙපාර්තමේන්තුවේ කැබිනෙට් මට්ටමේ ලේකම් තනතුරක් පවා බෙන් ලොක්වුඩ්ට ලැබිලා. ආයේ කියන්න ඕන නෑ නෙව, තනතුරු මොකුත් නැතුව සුපර්ගර්ල්ට විරුද්ධව වැඩ කළ කෙනා බලය ලැබුනාම මොනා කරාවිද කියලා.
ඉතින් සමස්ත ජාතියම දැන් සුපර්ගර්ල් ගැන බලන්නේ බියෙන්, ඇයව අගය කළවුන් හතුරෙක් ලෙස බලද්දි ඇයට වෛර කළ අය ප්‍රීති වෙනවා. ඉතින් සුපර්ගර්ල් නිවැරදියි කියන එක ඔප්පු කරන්නත් මේ පසුපස ඉන්නෙ ලෙක්ස් කියන එක ලෝකයට හෙළි කරන්නත් හිතාගෙන ලිලියන් ලූතර්ගෙන් ලද තොරතුරක් අනුව ලීනා සහ සුපර්ගර්ල් යනවා ලෙක්ස්ව සිරගත කරලා සිටිය බන්ධනාගාරයා වෙත. ඒ ලෙක්ස් ගැන හෝඩුවාවක් සෙවීමේ අටියෙන්. ඉතින් මේ සෝදිසි වැඩේ අන්තිමේ ඉවරයක් වෙන්නෙ ඕටිස් ග්‍රේව්ස් එතනට කඩාපාත් වෙලා, බන්ධනාගාරයේ මහා විනාශයක් වෙලා ඒ විනාශයටත් සුපර්ගර්ල් වැරදිකාරිය බවට පත්වීමෙන්.
එහෙමනම් කට්ටිය කතාව බාගෙනම බලන්න. ඉතුරු කොටස් ටිකට උපසිරසි උදයංග සහෝගෙන් ලැබෙයි. ඒවගේම ඉතුරු කොටස් පහත් එකදිගටම ඔබට ලැබේවි. නමුත් ඉතින් සුපර්ගර්ල් පස්වැනි කතා සමයට උපසිරසි ලැබෙන එක ගැනනම් විශ්වාසයක් තියාගන්න එපා කියලා කියන්න ඕන.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 2952 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankx machan sub ekata
Thanks for sub………
Thanks for Subtitle……….
Jayawewa…………!!!!!!!!!
Thanks bro
නියමයි..සබ් එකට තැන්ක්ස්…
Thank You
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
හරිනම් නව සීසන් එකේ පලවෙනි දවසේ දෙන්න ඕන කවිශල් අයියට ඉතුරු ටික කියන්න නැත්තම් රොයිලි අයියට හරි බ්‍යිස්කෝප් අයියලට කියන්න හෙට අනිද්දා සබ් එක දාන්න සීසන් 4 පස්සේ දෙන්න
තැන්කිව් මචං ප්ලිස් ඔය ගැම්මටම සුපර් ගර්ල් සිසන් 5 බැට් වුමන් දෙකම වැටිලා කරලා දෙන්න සබ්
s5 walata sub eka dhenna broo
thank you broo supiri wadak bn
ඒහෙම කරන්න ඒපා ඉතිං. අපි බලන් ඉන්නේ ඔයාලා සබ් ඒක දෙනකම්නේ.. වැඩ රාජකාරි ඇති තමයි. උපරිම උත්සහයක් දීලා සීසන් 5ටත් ඔහොමම සබ් ඒක දෙමු සහෝ..
බොහොම ස්තූති සහෝ උපසිරසට…සීසන් 5ට උපසිරස දෙන්න කියන එක තමා මගේ ඉල්ලීම. Crises on Infinity Erths එක බලන්න ඕනි නිසා. ඒක නිසාමයි මේ පාර arrowverse එක බලන්නේ..ඒක නිසා සලකා බලන්න ඉල්ලීම
සුපර්ගර්ල් සීසන් 4එකේ ඉතුරු ටික පස්සේ දෙන්න අලුත් සීසන් 5 එක හෙට හරි අද හරි සබ් එක දෙන්න ඔය අයියල දෙන්නට බැරිනම් කවිශල් රසින්ත අයියට කියන්න
thank you bro digatama oyama saba dennako khmahari
thank you
Thanks brother!!!!! loku deyak sub dunnu eka mehema hari.season 5 ekatath kohoma hari su denna.Good luck!
එතකොට බැට්වුමන් එකට සබ් දෙන්නෙත් නැද්ද? සීසන් 5ට සබ් දෙන්නෙ නැත්නම් මේ හදිස්සියෙ මේකට සබ් දුන්නෙ ඇයි. අවුලකුත් නෑ හැබැයි. 100 බලල ඉවර උනාට පස්සෙ මටනම් වෙන මොකුත් බලන්න හිතෙන්නෙ නෑ.
හදිසියේ මේකට සබ් දුන්නෙ, සීසන් 5 කවුරුහරි කෙනෙක් බාර ගත්තොත් එහෙම එයාට කරගෙන යන්න පහසු වෙන්න. අකමැති නම් බලන්න එපා. කවුරුවත් තරහ වෙන්නෙ නෑ නොබැලුව කියල. ජය වේවා..!
උදයන්ග සහෝ වැරදියට තේරුම්ගන්න එපා. මේ කතාවට කිසිම අකමැත්තක් නෑ. මේකෙ මුල් සීසන් 4 බලලා 5 වෙනි එක එනකම් ඉන්න අතරෙ the 100 බැලුවා. ඒක ඉවර උන නිසා ටිකක් upset. ඒකයි එහෙම කීවේ. නැතුව කතාවට අකමැත්තක් නෑ. සීසන් 5ත් පුලුවන්නම් දෙන්න. අනිවාර්‍යන් බලනවා.
සුභ පැතුම්.
බැට්වුමන් එක ගැන කියන්නනම් අපි දන්නෑ.. නමුත් සුපර්ගර්ල් මමවත් උදයංග සහෝවත් දෙන්න අදහසක් නෑ.. නමුත් වෙන කැමති කෙනෙක් ඉන්නවනම් කරයි…
සුපර්ගර්ල් සීසන් 4එකේ ඉතුරු ටික පස්සෙ හරි දෙන්න පුලුවන් අලුත් ටිකේ සබ් එක දාන්න
amooo thanks aiye ,,,,,,seson 05 ekatat kohomahari sub 1 denna plzzzzzzz
taken tv series season 2 sinhala sub demuda
Thanks !!!!!!!!!!!!!!!!
kisima prahsnyak naha saho, nawathwanne nathiwwa digatma kar gena yanna saho, api balnawaa, aaye parakku wunaa kiylaa iwasanna baha kiylaa nahane.
parakku wela hari sub eka dunnat thanks a
monawa unath Baiscopelk eka ehema lesiyakata wadak atharamaga dala yanna kiyanna danna nisa anntima kotas tika balanne nathuwa thiya gaththa
ayeth thanks sub eka dunnata
Thanxsaho
Shadow Hunter එකටත් පුලුවන් නම් සබ් දෙන්
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න 🙂
මේ වගේ සබ් දෙන එක අතරමඟ නවත්තපු tv seriesවලට දිගටම සබ් දෙන්න..
තෙරුවන් සරණයි.!
ජය වේවා.!
සිංහල උපසිරැසියට ස්තූතියි
thanx for sub
aiye baiscopedownloads site eka wada nane