අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllBox-office HitsDark ComedyFeatured ArticlesSinhala SubtitleSlapstickUD Shehanඅප‍රාධක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේසිංහල උපසිරැසි

Supercop 2 (1993) AKA Chiu kup gai wak Sinhala Subtitles | සුපිරි පොලිස් නිලධාරිනියගේ හොංකොං මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 4 votes.
Please wait...
Supercop 2 (1993) AKA Chiu kup gai wak Sinhala Subtitles Supercop 2 (1993) AKA Chiu kup gai wak Sinhala Subtitles

පොරොන්දු වුණ විදියටම ඔන්න ඉක්මනින්ම ක්‍රියාදාම චිත්‍රපටිය අරගෙන ආවා. ඔයාලා ගොඩ දෙනෙක් බළලා ඇති කියලා හිතනවා ජැකී චෑන්ගේ Police Story කතා මාලාවන් පෙළම. ඒ මීට කාලයකට කලින් මම උපසිරැසි අරගෙන ආපු Police Story (1985), Police Story 2 (1988), Police Story 3: Super Cop (1992) අද මම මේ අරගෙන ඇවිත් තියන චිත්‍රපටිය බලන්න නම් මේ 3 අනිවාර්යෙන්ම බළලා තියෙන්න උවමනා නෑ. මේක Police Story 3: Super Cop (1992) එකේ sequel එකක් විදියට ගහපු එකක්. මේකේ ඔයාලා ජැකී චෑන්ව නම් බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි සටන් ජවනිකා, ක්‍රියාදාම වලින් නම් ආයේ කිසි අඩුවක් ඇත්තෙම නෑ. අපි කවුරුත් දන්න සුපිරි නිළියක් වෙන මිෂෙල් යෝහ් තමයි මේකේ ප්‍රධාන චරිතයට රංගනයෙන් පණ පොවන්නේ. මට මතක විදියට මිෂෙල් හිටියා Police Story 3: Super Cop (1992) එකෙත්. ඒකේ නම් ජැකී චෑන් හිටියා, මේකේත් ජැකී චෑන් ඉන්නවා බොහොම පොඩි සුළු දර්ශනයකට විතරක්. මම ඔයාලගෙන් තදින්ම ඉල්ලනවා මඟ නොහැරගෙන අර චිත්‍රපටි 3මත් බලන්න කියලා. ඒ 3ත් බළලා මේක බලද්දි හොඳට අවබෝධ කරගන්න පුළුවන් මේ චිත්‍රපට මාලාවෙම ස්වභාවය ගැන. හැබැයි නොබැලුවා කියලත් කිසි ගැටළුවක් නෑ.

එහෙනම් කතාව ගැන කෙටියෙන් ටිකක් විස්තර කරන්නම්,

යැන් චියෙන් හුවා, මහජන චීනයේ ඉහළ පෙළේ පොලිස් නිලධාරිනියක්. අතින් පයින් තුවක්කුවෙන් හැමදෙයින්ම මෙයාට හොඳටම වැඩ පුළුවන්. දවසක් අවි රැගත් කණ්ඩායමක් හොංකොං රටේ භීතිය පතුරවාහරිනවාත් එක්කම මේ පිරිසව නීතිය රැහැණනට කොටු කරගන්න හොංකොං පොලිසිය චීන පොලිසියේ සහය පතනවා. මේකට චීනයෙන් එවන්නේ එයාලගේ සුපිරිම නිලධාරිනිය වන යැන් චියෙන්වයි. යැන් හොංහොං වලට ඇවිත් මේ කල්ලියේ ප්‍රධානිය කවුද යන්න දැනගත්තම මෙයා හුඟක් පුදුම වෙනවා, හිතාවත් ගන්න බැරුව යනවා ඒ ප්‍රධානියා කවුද යන්න ගැන දැනගත්තම.

කවුද මේ අවි රැගත් බිහිසුණු පිරිස ? කවුද මේ කල්ලියේ ප්‍රධානියා ?
ඇයි යැන් එහෙම පුදුම වෙන්නේ ?

උත්තර දැනගන්න එහෙනම් ෆිල්ම් එක බලන්න.
පටන් ගත්තු වෙලාවේ ඉඳන් ආයේ මේකේ සටන් ජවනිකාම තමයි 🙂

Supercop 2 (1993) AKA Chiu kup gai wak Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 322 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Supercop 2 (1993) AKA Chiu kup gai wak Sinhala Subtitles

One thought on “Supercop 2 (1993) AKA Chiu kup gai wak Sinhala Subtitles | සුපිරි පොලිස් නිලධාරිනියගේ හොංකොං මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

  • Buddhika laKMal

    ස්තූතියි ශෙහාන් සහෝ උපසිරැසියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *