MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)උදයංග සම්පත්එළ (TV)ක්‍රියාදාම (TV)චරිතාපදාන (TV)ත්‍රාසජනක (TV)පවුලේ සැමට (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Stargirl (2020-) [S01 : E06] Sinhala Subtitles | නව යුක්තියේ සමාජය..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 29 votes.
Please wait...

ආයුබෝවන්..!

අද ඔක්කොටම කලින් ස්ටාර්ගර්ල් ගැන ඇතිවෙලා තියෙන වැරදි මතයක් සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනෙ කියල හිතුණ. ස්ටාර්ගර්ල් කතා මාලාව CW නාලිකාව තුළ විකාශනය වෙන ඇරෝවර්ස් කතා මාලා ඒ කියන්නෙ Arrow, Flash, Supergirl, LOT, Bat Women කියන කතා මාලා එක්ක සමගාමීව විකාශනය වෙන කතා මාලාවක් නෙවෙයි. ඇත්තටම ස්ටාර්ගර්ල් කතා මාලාව විකාශනය කිරීමේ අයිතිය පමණයි CW නාලිකාව සතුව තියෙන්නෙ. ඉතිං බොහෝදෙනෙක් හිතන්නෙ මේක CW Arrowverse කතා මාලාවට අයත් එකක් කියල. අන්න ඒ නිසා මේ වගේ හොඳ සීරීස් එකක් වැඩි පිරිසක් නොබලා ඉන්න මේක තදබල හේතුවක් වෙලා තියෙනව කියල කීප තැනකදීම මට දකින්න ලැබුණා.

මං හිතනව බොහෝ දෙනෙක් DC Originals සීරීස් ගැන දන්නව ඇති කියල.

උඩින් දක්වල තියෙන්නෙ අන්න ඒ ඉස්තරම් DC Originals කතා මාලාවන් ටික. පුද්ගලිකව මම දන්නව Titans, Swamp Thing සහ Doom Patrol බයිස්කෝප් රසිකයන් ඉතා ආදරෙන් වැළඳ ගත්ත කතා මාලාවන් කියල. ඉතිං මේ Stargirl අයිති වෙන්නෙත් CW ගොඩට නෙවෙයි DC Originals ගොඩට. ඉතිං මේ කතා මාලාවේ ගුණාත්මක බව ගැන කිසි සැකයක් තියාගන්න එපා. ප්‍රධාන කොමික් චරිතය වීරවරියක් වුණත් මේකත් ඉස්තරම් DC Originals කතා මාලාවක්. ඉතිං කවුරුහරි හිතාගෙන ඉන්නවනම් මේක CW කතා මාලාවක් කියල ඒ වැරදි වටහා ගැනීම නැති කර ගන්න කියල ඉල්ලා සිටිනවා.

එහෙනම් මතක් කරගමු කලින් කතාංගයේ මොනවද වුණේ කියල. මේ වෙනකොට කෝර්ට්නි තමන්ගෙ අලුත් යුක්තියේ සමාජය ගොඩ නඟන්න අවශ්‍ය කරන වයිල්ඩ්කැට් තමන්ගෙ කණ්ඩායමට බඳවගෙන ඉන්නෙ. ඒ තමයි යොලන්ඩා මොන්ටෙස්. ඊට පස්සෙ ගිය සතියෙ අපි දැක්ක බෙත් චැපල් බලහත්කාරයෙන් වගේ ඩොක්ටර් මිඩ්නයිට්ගෙ ගොගල්ස් දාගෙන ඒව ක්‍රියාත්මක කරවන විදිය. ඉතිං අකැමැත්තෙන් හෝ කෝර්ට්නි.. බෙත්ව සිය කණ්ඩායමට බඳව ගන්නව. ඊට පස්සෙ තමයි අවර්මෑන් කතාවට එකතු වෙන්නෙ. ඒ වෙන කවුරුවත් නෙවෙයි රික් ටයිලර්. අවර්මෑන් වීමේ ශක්තිය ඔහුගේ DNA තුළ අන්තර්ගත වෙලා තියෙන්නෙ ඔහුගේ පියාගෙ ලේ වලින් ලැබුණු උරුමයක් විදියට. ඉතිං මේ හැමෝම බෙත් හරහා ඩොක්ටර් මිඩ්නයිට්ගෙ කෘතීම බුද්ධිය තුළින් හෙළි කර ගන්නා තොරතුරු අනුව දැනගන්නව බ්ලූවැලී තුළ අතීතයේ විශාල අබිරහස් ඝාතන රැසක් සිද්ධ වෙලා තියෙනව කියල, ඒ තුළට රික්ගෙ දෙමාපියන් සහ කෝර්ට්නිගෙ පියාත් ඇතුළත් කියල. ඉතිං මේ පිරිස දැන් උත්සාහ කරන්නෙ ඝාතන රැල්ල කරපු පිරිස හොයාගෙන යුක්තිය ඉෂ්ට කරගන්න. රික් නම් බලාපොරොත්තු වෙන්නෙ යුක්තියක් නෙවෙයි යුද්ධයක්, පළි ගැනීමක්. මේ අතරෙ හෙන්රි කින්ග් ජූනියර් තුළ වෙනසක් වුණා. බ්‍රේන්වේව් නැත්තං ඔහුගේ පියා සතුව පැවතුණු මනස කියවීමේ හැකියාව එකවරම ඔහුට ලැබුණ. තාම ඔහුට ඒ ගැන නිසි අවබෝධයක් නෑ. ඒ වගේම අයිසිකල්, අබිරහස් ආචාර්යතුමා සහ වයලීනයක් අත දරාගෙන ඉන්න කෲර ෆිඩ්ලර් කියන දුෂ්ටයින් බ්ලූවැලී තුළ මහාපරිමාණ රහස් ව්‍යාපෘතියක් කරගෙන යන බවත් අපිට පේන්න තියෙනව.

ඉතිං මේ කොටස තමයි මෙතෙක් විකාශය වුණු හොඳම කොටස. අලුත් යුක්තියේ සමාජය කෝර්ට්නි අද පිහිටුවනව. ඒ වගේම අද මේ පිරිස පළවෙනි සටන පටන් ගන්නව අයිසිකල්ගෙ ප්‍රහාරක බල්ලන් දෙන්නත් එක්ක. ඒ වගේම ඔන්න පළවෙනි වතාවට අද අපිට අලුත් ඇඳුම් එක්ක මේ පිරිස දැකගන්න පුළුවන්. ඉතිං සමාව ඉල්ලා සිටිනව සිද්ධ වුණු ප්‍රමාදය ගැන. එහෙනම් ආයෙත් සඳුද දිහාවට හමුවෙමු. ජය වේවා..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3350 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

34 thoughts on “Stargirl (2020-) [S01 : E06] Sinhala Subtitles | නව යුක්තියේ සමාජය..! [සිංහල උපසිරැසි සමඟ]

  • Hasitha Madhushanka

    Stargirl SO2 sinhala sub ekath ikmanata one

    Reply
  • ara upasirasi eke un meke next episode sub eka danakam inne unge site eke copy karaganna…kaalakanni heththa.

    Reply
  • thanks for the sub…

    Reply
  • ai bro sub eka parakku

    Reply
  • aiyoo heta ilaga episode ekath enawa ikmanata dipanko

    Reply
  • Tharindu Dananjaya

    7 සබ් එක දීපංකෝ

    Reply
  • 7 episode ekata sub oniii

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • mchn ep7 awa….sub dendo…..

    Reply
  • IsuruHikka

    තැන්කස් යකඩෝ ඉක්මනට සබ් දෙනවකෝ

    Reply
  • YasasPerera

    thanks machan.. me sathiye eka poddak ikamanata denna try karamuda

    Reply
  • Sandarusiru

    Thank you sub ekata

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

    Reply
  • Dineth Sadeeptha

    Thanks brother…..
    Anith ep tikath awa gaman sub eka one brooo…..

    Reply
    • බොහොම ස්තුති සහෝදරයා

      Reply
  • Nuwandika Dilshan

    Thnks kollo

    Reply
  • Malaka prasad

    Thanq bn sub ekata ❤

    Reply
  • Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝ❤️

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

    Doom patrol season 2 සිංහල උපසිරැසි දෙනවද සහෝ….

    Reply
    • උදයංග සම්පත් හතරසිංහ

      ඔව්, ඒක ඉදිරියේදි ලැබෙයි.

      Reply
  • සිංහල උපසිරසට බොහෝම ස්තිතියි .

    Reply
  • Sameera Jayadarshana

    thanks sub ekata..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *