Spider-Man: Homecoming (2017) Sinhala Subtitles | සිවිල් යුද්ධයකට පස්සේ.. [සිංහල උපසිරැසි සමඟ]
Spider-Man: Homecoming (2017) Sinhala Subtitles
ස්පයිඩර්මෑන් කිව්වම කවුද නොදන්නේ? එහෙනම් අද මේ මුණ ගැහෙන්න යන්නේ ස්පයිඩර්මෑන් උනාට වෙනස් කතාවක් වෙනස් නළුවෙක් වගේම වෙනස් ආයතනයක හිමිකාරත්වයක් යටතේ. මෙච්චර කාලයක් සෝනි සමාගමේ නිර්මාණයක් විදිහට කලඑළි දක්වපු මේ සුපිරි චරිතය ආයෙත් මාවල් අයිතියටම පවර ගනු ලැබුවේ 2015 පෙබරවාරි මාසය තුල. සෝනි සමාගමෙන් වෙන් වූ මේ චරිතයට නව නළුවෙකු ආදේශ වෙන්නේ ඒ අයිතියේ සිදුවූ වෙනසත් සමඟින්. ඉන් පසුව ස්පයිඩර්මෑන් චරිතය සහිත පළමු සෝලෝ චිත්‍රපටයේ සිංහල උපසිරැස එක්ක තමා අපි අද මේ මුණ ගැහෙන්නේ. ඊට කලින් මම මේ චරිතයේ ඉතිහාසය පොඩ්ඩක් කියල ඉන්නම්.
1962 වසරේදී Fantastic Four කොමික් කතාව ලැබූ ජනප්‍රියතාවය නිසා මාවල් කොමික් ප්‍රධාන රචක ස්ටෑන් ලී විසින් තරුණ රසික පිරිස් උදෙසා කල සුපිරි වීර චරිත නිර්මාණය තමයි ස්පයිඩර්මෑන් ලෙසින් අදටත් ඔබට මට මෙලෙසින් චිත්‍රපට වලින් පවා මුණ ගැහෙන්නේ. මේ කතාව දිග ඇරෙන්නේ ස්ටෑන් ලී සහ ස්ටීව් ඩික්ටෝ රචකයන්ගේ අදහසක් අනු 1962 අගෝස්තු මාසයේ එළිදක්වපු Amazing Fantasy #15 නමැති කොමික් පොත තුලිනුයි. මකුළුවෙකු නිසා සුපිරි වීරයෙක් වූ ස්පයිඩර්මෑන් නම් වූ චරිතය කොමික් රසවතුන් අතට පත් වෙන්නේ ඒ විදිහටයි. මේ චරිතය ගැන මේ නිර්මාතෘවරු දෙදෙනා මුල් කාලයේදී හිතුවේ මේ විදිහට. අනතුරක් නිසා මියගිය රිචඩ් පාකර් සහ මේරි පාකර් දෙපලගේ එකම පුත්‍රයා තමයි පීටර් පාකර් කියන්නේ. එයා ස්පයිඩර් මෑන් බවට පරිවර්තනය වනවිට ගැටවර වියේ පසුවෙන්නෙක්. ඔහු හැදී වැඩෙන්නේ නමින් May සහ Ben ලෙසින් හඳුන්වන තමන්ගේ නැන්දා සහ මාමා කෙනෙක් ළඟ නිව්යෝක් නගරයේ.
පීටර් පාකර් හෙවත් ස්පයිඩර්මෑන්ගේ කතාව දැන් හැමෝම දන්න දෙයක් වෙලා තියෙන්නේ මොකද සෝනි සමාගම දැනටමත් ස්පයිඩර්මෑන් වෙනුවෙන් අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් යටතේ නළුවන් දෙදෙනෙක් යොදාගනිමින් චිත්‍රපට පහක්ම නිර්මාණයකර අවසන්. ස්පයිඩර් මෑන් රිදී තිරය ආක්‍රමණය කරන්නේ 2002 වසරේදී ඒ Sam Raimi විසින් අධ්‍යක්ෂණය කල පළමු Spider-Man (2002) චිත්‍රපටය සමඟින්. පසුව ලැබූ සාර්ථකත්වය ඔස්සේ මෙය චිත්‍රපට ත්‍රිත්වයක් දක්වා දිවගියේ , Spider-Man 2 (2004) සහ Spider-Man 3 (2007) ලෙසිනුයි. මේ චිත්‍රපට ත්‍රිත්වයේම රංගන දායකත්වය සැපයුවේ Tobey Maguire විසින්.
පසුකාලීනව වෙනත් අධ්‍යක්ෂකවරයෙකු යටතේ එනම් Marc Webb ගේ අධ්‍යක්ෂණය යටතේ සහ Andrew Garfield ගේ රංගන දායකත්වයෙන් චිත්‍රපට දෙකක් නිර්මාණය උනා. ඒ The Amazing Spider-Man (2012) සහ The Amazing Spider-Man 2 (2014) චිත්‍රපට. ඉන්පසුව අපට මේ සම්බන්ධව කිසිඳු ආරංචියක් ලැබෙන්නේ නැහැ. ඉන්පසුව අපට දැනගන්න ලැබෙනවා මාවල් සිනමා විශ්වය මේ චරිතයේ අයිතිය පවරා ගන්න සැරසෙනබව. ඒ ආරංචිය සැබෑවක් කරමින් 2015 මුල් බාගයේදී එහි අයිතිය මාවල් සමාගම හිමිකරගන්නවා.
දැන් බලනවා ඇති ස්ටෑන් ලී හැදුවා නම් එකේ අයිතිය සෝනිලාගෙන් ගන්නේ මොකටද කියල. මේ චරිතය සහ නිර්මාතෘඑක ආයතනයකට අයිති උනාට මේ චරිත වලින් මුදල් ඉපයීමේදී ඒ චරිත වල සිනෙමා භාවිතය, කාටුන් භාවිතය, කොමික් භාවිතය සහ කෙලිබඩු නිෂ්පාදනය වගේ විවිධ මාධ්‍යය වල හිමිකාරිත්වය මුදලට විකිණීමක් කර තිබෙනවා. මොකද 2000 වසරට පෙර මාවල් සමාගම විසින් කලේ කොමික් පොත් නිර්මාණය කිරීම පමණයි. ඒ වෙනකොට ස්පයිඩර්මෑන් චරිතයේ හිමිකාරිත්වය සමාගම් තුනක් හරහා බෙදී ගොස් තිබුනා. ඒ තමයි සෝනි සමාගම, මාවල් සමාගම සහ ඩිස්නි සමාගම. සෝනි සමාගම චිත්‍රපට නිර්මාණය කර එහි ආදායම ඉපයූ අතර මාවල් සමාගමට චරිතය වෙනුවෙන් යම් කිසි මුදලක් ගෙවනු ලැබුවා. මාවල් අනුබද්ධ ඩිස්නි සමගම විසින් මේ චරිතයට අදාළ කෙලිබඩු නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදු කරනු ලැබුවා. ඒ වගේම මාවල් නිවසින් නිර්මාණය උන X-Men සහ Fantastic Four කියන්නෙත් මාවල් සමාගම තුලින් නිර්මාණය උන එහෙත් අයිතිය පිටට විකුණන ලද චරිත සහිත චිත්‍රපට. මේ චිත්‍රපට වල අයිතිය දැනට හිමිවන්නේ 20th Century Fox සමාගමටයි. මේ කොමික් නිර්මාණ වල තිබුන අනෙකුත් චරිත සහිත තනි චිත්‍රපට එනම් Logan, Wolverine, Deadpool වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට බිහිවන්නේ එලෙසිනුයි.
මේ සෑම චිත්‍රපටයකම මාවල් මුද්‍රාව දැකගන්න ලැබුනත් මාවල් චිත්‍රපටයක් (මාවල් විශ්වය) සහ මාවල් ස්ටුඩියෝ (මාවල් සිනමා විශ්වය) චිත්‍රපටයක් කියන එක දෙකක් බව ඔයාල දන්නවා ඇති. මාවල් සතු සියලුම චරිත වලට මාවල් සලකුණ ලැබුනත් මාවල් පුර්ණ හිමිකාරිත්වය නොමැති චරිත සහිත චිත්‍රපට මාවල් චිත්‍රපටයක් පමණයි. එතකොට මාවල් සිනමා විශ්වය තුල නිර්මාණය උන අයන් මෑන්, කැප්ටන් ඇමෙරිකා, තෝර් සහ ඇවෙන්ජර්ස් චිත්‍රපට අයිති වෙන්නේ මාවල් ස්ටුඩියෝ හෙවත් මාවල් සිනමා විශ්වයටයි. දැන් මම කියන්නම් ස්පයිඩිට මොකෝ වෙන්නේ කියල. හැමෝම දන්නවා නේ Kevin Feige ගැනඒ තමයි මාවල් ස්ටුඩියෝහි වර්තමාන සභාපති හෙවත් මාවල් සිනමා විශ්වයේ නිර්මාතෘවරයා. ඔහු තමයි අපි අද මේ විවිධ මට්ටම් (Phases) ඔස්සේ දකින මාවල් සිනමා විශ්වයේ විවිධ චරිත එකිනෙකට අමුණමින් චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා වලින් සමන්විත මාවල් ජාලයක් නිර්මාණය කරන්න මූලික උන පුද්ගලයා. ඉතින් ඔහු තමයි මේ ස්පයිඩර් මෑන් චරිතය මාවල් සිනමා විශ්වය තුල ඇති චරිත සමඟින් සම්බන්ධ කරන්න මූලික වෙන්නෙත්. සෝනි සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් වන Amy Pascalගේ අදහසක් අනූව ස්පයිඩර්මෑන් චරිතය නැවතත් මාවල් ස්ටුඩියෝ එකටම හිමිවෙන්නේ. ඒ හිමිකාරිත්වය හමුවේ ඔයාලට මාවල් සිනමා විශ්වය තුල මුලින්ම Captain America: Civil War හරහා ස්පයිඩර්මෑන් දකින්න ලැබෙනවා. ඒ තමයි මේ චරිතය මාවල් සිනමා විශ්වයට ඇමිණු ආකාරය.
ඒ වගේම හිමිකාරිත්වය කිව්වට ලැබෙන්නේ චරිතයේ අයිතිය පමණක් කියල හැමෝම දන්නේ නැතුව ඇති. මේ චිත්‍රපටයට පවා මුදල් යෙදවීම සිදු කරන්නේ සෝනි සමාගම විසින්. ඉතින් මීයක් කඩන්නේ අතලෙවකන්න නෙමේ වගේම සෝනි සමාගමට තමයි මේ චිත්‍රපටයේ සියලුම බෙදාහැරීමේ අයිතිය හිමිවන්නේත්. ඒ කියන්නේ මාවල් ස්ටුඩියෝ එකෙන් වගා කලාට අස්වැන්න නෙලන්නේ සෝනි සමාගම මගින්. කොටින්ම මෙහි ආදායම මුළුමනින්ම ලබාගන්නේ සෝනි සමාගම විසින්. මාවල් සමාගමට ලැබෙන එකම ප්‍රතිලාභය තමයි එයාලට අවශ්‍ය විදිහට නළු නිලියන් තෝරාගෙන එහි නිර්මාණ දායකත්වය 100% ක්ම එයාලට අවශ්‍ය පරිදි කරගන්න එක. ලැබෙන එකම මූල්‍ය ප්‍රතිලාභය තමයි කලින් වගේ ඩිස්නි සමාගම කරපු කෙලි බාන්ඩ නිෂ්පාදනය සහ විකිණීම. ඒ ලැබුන අයිතිය ඔස්සේ තමයි අපිට මේ චිත්‍රපටයට අලුත් නළුවෙක් විදිහට Tom Holland දක්නට ලැබෙන්නේ. ඊට අමතරව මාවල් ස්ටුඩියෝ ප්‍රධානියා මේ චරිතය වෙනුවෙන් තවත් චිත්‍රපට පහක් වෙන් කර අවසානයි. මොන දේ කලත් ස්පයිඩර්මෑන් චරිතය සෝනි සතු වෙන තෙක් කාල් ඔවුන්ට ලැබෙන්නේ අර මම කලින් කියපු ප්‍රතිලාභ පමණයි. ඊට අමතරව ලොව පුරා ලොකු කුඩා චරිත හැමෝම ප්‍රියකරන සහ ප්‍රකට ස්පයිඩර්මෑන් මාවල් විශ්වය ගෙන ඒම තුලින් Kevin Feige වැඩි වශයෙන් බලාපොරොත්තු උනේ වර්තමානයේ මාවල් විශ්වය එලි දැක්වූ චිත්‍රපට වල ඇති වූ පසුබෑම ස්පයිඩර්මෑන් ලවා නැවත ලබා ගැනීමයි. මෑත කාලිනව එළිදක්වපු Ant Man සහ Doctor Strange ඊට කදිම නිදසුන්. ක්‍රමවේදය බළලුන් ලවා කොස් ඇට බෑවීම උනත් ප්‍රතිපල සාර්ථකයි කියල කියන්න ඕනේ. ඒ බව මේ චිත්‍රපටය තිරගතවී පළමු දින තුන අවසානයේදී සනාථ උනා. ස්පයිඩර්මෑන් නවතම චිත්‍රපටය ඩොලර් මිලියන 175ක් යොදවා නිර්මාණය කලාට අදදින වනවිට සෝනි සමාගම මේ චිත්‍රපටය තුලින් පමණක් ඩොලර් මිලියන 874කට හිමිකම් කියනවා. පසුගිය සතිය වනතෙක් 2017 වසර තුල තිරගත වූ කොමික් චිත්‍රපට වල පළමු ස්ථානය දිනාගෙන සිටි Wonder Women චිත්‍රපටය දෙවන ස්ථානයට දමමින් දැනට ස්පයිඩර් මෑන් පළමු ස්ථානයේ රැඳී සිටිනවා. දැනට කියල කිව්වේ නොවැම්බර් මාසය වැදගත් වන නිසා Thor: Ragnarok සහ Justice League තවම මේ තරඟයට අවතීර්ණ නොවුන නිසයි.
කරුණු කාරණා එහෙම උනත් සෝනි සමාගම තාමත් මාවල් චරිත වලට තිත තියල නැහැ. එයාල තවමත් හදන්නේ මේ චරිතවල ඇති හිමිකාරිත්වය ඔස්සේ තවත් ලාභ ලබන්නටයි. සෝනි සමාගම දැනටමත් ඒ වෙනුවෙන් පිඹුරුපත් සකස් කරලා අවසන්. ඉදිරියේ කටයුතු අරඹන්නට සූදානම්ව ඇති Tom Hardy රංගනයෙන් දායකවන Venom චිත්‍රපටය ඊට කදිම නිදසුනක්. ඒ වගේම Black Cat & Silver Sable කියන්නේ එවැනි සෝනි බලාපොරොත්තුවක්. Venom කියන්නේ ස්පයිඩර්මෑන්ගේ ප්‍රධාන සතුරෙක්. නමුත් Amy Pascal සහ Kevin Feige දෙදෙනාම තහවුරු කර තිබෙනවා සෝනි නිපදවන්නට ඉන්න R-Rated වෙනොම් චිත්‍රපටය සඳහා Tom Holland හෝ මාවල් සිනමා විශ්වයේ කිසිඳු සහභාගිත්වයක් නොමැති බව. ස්පයිඩර්මෑන් නොමැති වෙනොම් කෙනෙක් විතරක් ඉන්න චිත්‍රපටයක් කොයි තරම් සාර්ථක වෙයිද කියන එක ප්‍රේක්ෂක අපිට තියෙන තව ගැටළුවක්. මාවල් සිනමා විශ්වය එක්ක බැඳිලා ඉන්න අලුත් ස්පයිඩර්මෑන් තරුවට Venom වෙනුවෙන් ඉඩකඩ ලබාගන්න එක තවත් ගැටළුවක්. ඉතින් මේ චරිතය බෙදා ගන්න බැරුව ගැටළුවක් ඇති උනොත් අලුත් ස්පයිඩර්මෑන් නැවතත් අතුරු දහන් වෙන්න ඇති ඉඩකඩත් වැඩි කමක් තියෙනවා. ඔන්න ඕකයි සෝනි සහ මාවල් සිනමා විශ්වය අතර ඇති ගිවිසුමේ තත්වය.
දැන් කියන්නම් මොකද්ද මේ හෝම්කමින් එක කියලා. වෙඩින් එකක් නැති මේ හෝම්කමින් එකට තේරුම් දෙකක් තියෙනවා එත් ආසන්නතම අදහස කියල ගන්න පුළුවන් වෙන්නේ Captain America: Civil War තත්වයෙන් පසු නිවස බලා එන ස්පයිඩර්මෑන් කොහොමද සමාජය එක්ක ගැටෙන්නේ කියන කාරණය. දෙවෙනි අදහස වෙන්නේ මේ චිත්‍රපටය තුල ඇති හෝම්කමින් නම්වූ නර්තනයක්. මුල තේරුම ඔස්සේ ගියොත් තවමත් තරුණ වයසේ ඉන්න පීටර්ට ඇවෙන්ජර්ස් කණ්ඩායම එක්ක සටන් කරන්න ලැබුනා. ඉතින් දැන් හිතන් ඉන්නේ තමන් වැඩකාරයෙක් කියල. මෙයාට ඕනවෙලා තියෙන්නේ දිගටම මේවගේ දේවල් වලට එකතුවෙන්න. එහෙම ආසාවකින් පෙලෙන ස්පයිඩර්මෑන්ට ජිවත් වන නගරයේ සිදුවන අකටයුත්තක් දකින්න ලැබෙනවා. ටෝනි ස්ටාක්ගේ මග යටතේ ඉන්න පීටර්ව ටෝනි තවමත් ආධුනිකයෙක් විදිහටයි දකින්නේ. පීටර්ට ඕන ඒ අදහස වෙනස් කරලා තමන්ට යමක් කරන්න පුළුවන් බව පෙන්වන්න. හැබැයි සෙල්ලම් පෙන්නන්න ගිහින් හදා ගන්න සතුරා වුල්චර් ලෙසින් ආරුඪ නමකින් තමන්ව හඳුන්වාගන්න බලවත් සතුරෙක්. එහෙනම් මෙතැන් සිට චිත්‍රපටය ඔබට භාරයි. තව දෙයක්, ජවනිකාව (Post Credit Scene) එක බලන්න. මේ කෙනා නමින් Mac Gargan. මෙයා කවුද කියල දැනගන්න ටිකක් ගූගල් කරලා බලන්න. ඊළඟ ස්පයිඩර්මෑන් චිත්‍රපටයේ ප්‍රධාන හතුරා වෙන්න ඉඩකඩ බොහොම වැඩි. එහෙනම් මීට වඩා නොකිය ඉන්නම් මෙතැන් සිට කතාව ඔබට භාරයි. ගිහින් එන්නම් . හැමෝටම ජය!
Spider-Man: Homecoming (2017) Sinhala Subtitles
” Due to copyright issues, we do not provide any torrent links. “
SInhala Subtitles
-- Count 87062 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
me link eka weda na. plz fix karanna.
Ow fix karanna puluwanda
Thanks
උපසිරසියට වගේම දීර්ඝ ලිපියටත් ගොඩක් ස්තූතියි අයියේ…
thanku ayiya
සිංහල උපසිරැසිය ලබා දුන්නාට බොහොමත් ම ස්තූතියි
ජයෙන් ජය
️
බොහොම ස්තූතියි.සාර්ථක ගමනකට සුබ පතනවා.
thank you very much
Thanks for sub
Thank you very much
Thanks for sinhala subtitle…..jaya wewa…uda tiyana wistarayatath thanks….
supper
Thanq bro….patta sub eka…
Nice
බොහොම ස්තූතියි. ජයෙන් ජයම වේවා …!!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Thanks bro
sub ekata thanks bro……….
Good Job.Thaks.
පට්ට මචන්ලා ෆිල්ම් එකක් හොයාගෙන මේකෙ සර්ච් කරලා කියවලා එක ගැන දැනගෙන බලන එක පට්ට


Elama saho
උපසිරැසියට ගොඩාක් ස්තුතියි…
ජයෙන් ජයම වේවා…..
Ela bro…
Thanx brother!!
ela
baiscope dow….ekea ne nne me fillm eka
Thanks for sub…
films downlod karanna baida meke sub vitharada
සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
ජය වේවා…
පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..
Subtitles වලට ගොඩක් ස්තුති
tnz sub ekata.
Thanks malli. oyata Jaya
ස්තූතියි ඔබට
thanks a lot bro
Thanks
Thanks
සුපිරි ලිපියක්. සෑහෙන මහන්සි වෙලා තියෙනවා. බොහොම ස්තුතියි සහෝ
ගොඩාක් ස්තූතියි උපසිරැසියට …
SUB EKA DOWN LOAD KARANNA BAAA.. PAGE NOT FOUND KIYANAWAAA
link eka ganne khomada
නියමයි… බොහෝම ස්තූතියි………
Thanks aiya. Jayen jaya.
බොහොම ස්තුතියි හසා අයියේ
Ane ikmanata bird of the water god tv series eke sinhala sub danako
Thank u very much saho…!!!
ela thanks!
ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..
Supiri ayye thankz sub akata
බොහොම ස්තූතියි උපසිරැසියට
THANKS
Thanx hasantha ayya.. godak pin oyaata..
thanks..bro
Thanks bro..
thanku sahodaraya
Thanks !!!!!!!!!!!!!!!!
thank u bro big info and subtitle ..thank u again bro..all the best
සුපිරි..
thnx bro
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජය
Baadshaho hindi film ekea sinhala subtitles ekea dennea
උපසැරසියට බොහොම ස්තූතී
Thanks..
Thank u
සුපිරි විස්තරයක්නේ!!! උපසිරැසියට ස්තුතියි!
Thanks saho..fatta filumak ..Good Work …
ela bn br 1 tq dan balathki
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට
thanx for the subz brother
බොහෝම ස්තූතියි උපසිරැසියට.. ජය වේවා.. br එනකල්ම හිටියා මේක බලන්න…
Down karapu kenek link eka dennakoooo
thank you hasa aiya
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
Good Luck. Keep Subtitling
Elzzzzzzzzzzzz..
Update ekata thx
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!
නියමයි සහෝ.බොහොම ස්තූතියි
ජය වේවා!
Ela ela….thanx subata
උපසිරසියට ගොඩක් ස්තූතියි!!
Thanks
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
BR එනකම් බලාගෙන හිටියේ සහෝ. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය…!
Appreciated
Sub eka down karanna bene…
Thx for fast brrip update thx for sub digatama denna labeva keya hadavatinma partana karanava bro obata jaya
bluray awilla
dan nam balillak thama
mamath godak asa karana marval charithyak
උපසිරැසියට බොහොම ස්තූතියි
tnks broo
me film eka down karaganna widiyak kiyannako
Lipiyanam ftta mcho hndatama liyala tynawa pttata mhansi wenna ati……appreciate
ලිපිය නම් පට්ට සහෝ. හොඳ විස්තරයක් දීලා තියනවා චිත්‍රපටයේ පසුබිම ගැන.
මම මේක බැලුවා. මගේ පුද්ගලික අදහස tobey රඟපෑ චිත්‍රපට තුන තරම් අනිත් ඒවා හොඳ නෑ.
පරණ සෙට් එකේ spiderman කියන්නේ original ස්පයිඩි. පස්සේ ආපු ඒවායේ තියෙන්නේ අතේ ගැජට් එකක් හයි කරන් ඒකෙන්
වැඩ දාන ස්පයිඩිලා.
අනික පරණ සෙට් එකේ spider man ට තිබුන පෞර්ෂය අනිත් ඒවල පෙන්නලා නෑ.
(පුද්ගලික අදහස පමණී)
බොහොම ස්තුතියි සහෝ උපසිරැසිය වගේම ලිපියටත්!
ජයම වේවා!
මාත් එකගයි
අද හසට
සබට thanks sahooo… enakan balan hitiye film 1
එලම tks
එක අකුරක් නෑර ලිපිය කියෙව්වා .ෆට්ටම ලස්සනයි .මාරම අසාවෙන් කියෙව්වෙ මෙ මාවල් සිනමා වලට ගොඩක් ඇලුම් කරන නිසා .
තවත් අස හිතුන ෆිල්ම් බැලිල්ල..
ඉස්සරහටත් එහෙනම් සුපිරි සෙට් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් .. ගොඩක්ම අස මෙ ස්පයිඩර්මෑන් ෆිල්ම් එක ඇමිණුනු විදියට මාර්වල් සිනමා වලට .. කැප්ටන් ඇමරිකා සිවිල් වාර් ෆිල්ම් එකත් ෆට්ට අසාවෙන් බලපු මුවි එකක්.. හොදම දැනුමකුත් ලැබුන ලිපියෙනුත්. අයියගෙ සබ් එක නිසා මෙක බ්ලුරෙ ආපුමත් එකෙන්ම ගන්නව මෙව පතුරු යන්න බලන්න ඔනේ නේ…… ජය වෙවා ..
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
ජයෙන් ජයම වේවා…!!
උපසිරසියට බොහොම ස්තුතියි, අයියෙ.
ඔන්න දැන් තමයි ඩවුන්ලෝඩ් වෙන්න දැම්මේ.
ජය වේවා!
godak thx machn enkm blan hitiye bro meka num thx godak
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජය෴෴
appatasiri mac gargan kiyanne venom ne bn
r-rated nan tom hardy venom ta innawanam logan,deadpool wge pattama wei aya kiyanna deyak ne mannan kamatima vidiha.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
Heellta thanx bro,patta…
Thanks for the sub as well as letter.
thnx Ayye…
Sub ekata thanx
fatta bro…
all eyez on me film ektth sub denwd
Thnkzzz saho…enkn hitiyee..good luck
සබ් එක් දානකන් මඟ බලන් හිටියෙ සහෝ තෑන්ක්ස් වේවා!!
බොහොම තුති හසා අයියේ සබට.අාදරෙයි.
සබ් එකට තැන්ක්ස් වේවා!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thnxxxxxxxxxxxxxx
පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනි Doctor Strange සහ Ant Man අදායම් වාර්තා අතරින් අසාර්ත වුනේ නෑ. පොඩ්ඩක් හොයලා බලලා දාන්න.
sub එකට තැන්ක්ස්
Opening gross සහ දැනට මේ චිත්‍රපටි වල තියෙන සමස්ත ආදායම චෙක් කලා නම් වෙනස බලා ගන්න තිබුනා. අසාර්ථක නෙමේ මාවල් අනික් සොලෝ චිත්‍රපට එක්ක සසඳන කොට තිබුන පසුබෑම කියල තියෙන්නේ.
Spider-Man: Homecoming – 117 Mil / 874Mil
Doctor Strange – 85 Mil / 677 Mil
Ant Man – 57 Mil / 519 Mil
බොහොම ස්තූතී…
tnx sub 1ta
thanks bro ubala wena mahnsiyata . jya wewa
ගොඩක් ස්තුතියි සහෝ සබට.
ජයෙන් ජය
ගොඩක් ස්තුතියි සහෝ..
Patta
සුපිරි
sub ekata sthuuthi saho..digatama karanna shakthiya lebewaa…..
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
Thanx macho sub ekata..
Thnx bn Sub ekata
supiri…thankz…
Meka enakammai hitiye bro tnx very…much 4 the sub!!!
උපසිරසි තුල තිබු කාල රාමු නොගැලපීමේ දෝෂය නිවැරදි කරන ලදී.
sub ekata thanks aiye. jaya wewa!!
lipiyatath thanks..
dowenload link eka mokadda dannakenek innawanam kiyannako
supiri aiyaaa godakkkk tanxxxxx!!!!!!…..
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
Thanks enakan balan hitiye
sub ekata thanx macho…..
thaks machan
තැන්කූ හසා අයියා,
මෙන්න ගත්තා එහෙනම්,
ජය!!!
film eka baluwe naha habayi ubage deshnawanam maru. maru kiyanne mare maru.
thanks bro..
Thanx Bro Sub ekata…..
sub ekata thanks..yaluwane hoda link ekak nadda
බෑවෙන ගමන්, අදම බලන්නොන කොමහරි.
එකනේවී, ලිපිය ඔක්කොම කියෙව්වා හොදේ.
සබ් එකට තෑන්ක්ස් අයියේ
ස්පයිඩිගෙ ෆිලුමක් නම් කොහොම මග අරින්න ද ඉතින්
#Hail_Hydra
Thanks For Sub
මන් නම් ඉතින් මේ ස්පයි ඩියට වැඩි කැමැත්තක් නෑ
කලින් පොර වගේ නෙමෙඉ නිසා එත් බලනවා
ලිපියනම් නියමයි …
ලිපිය නම් නියමයි සුපිරියි
මේ වගේම පුලුවන්නම් අර උඩ ඔයා google එකේ sarch කරන්ඩ කිව්ව පොර ගැන( Mac Gargan.)
විස්තරයක් සිංහලෙන් baiskop මන්සලට දානවද ඕක google sarch කරත් තේරෙන එකක්යැ අපිට
තව මොන හරි මතක් උනොත් කියන්නම්
ෆිල්ම් එක බලන්ඩ තියෙනවා
මන් ගියෝ……………………….
ඒවුනාට bro Tom Holland චරිතයට හොදටම සාධාරනයක් ඉෂ්ඨ කරලා තියනවා. bat man චරිතය Ben කලා වගේ….
එහෙම අවුලක් නෑ
අලුත් පොර හොදයි
මන් කිවුවේ ඉතින් අපි පුරුදු වෙලා තිබුනේ කලින් පොරටනේ එකයි
සබ් එකට තෑන්ක්ස් හසන්ත අයියා
මේක කවදා එයිදෝ කියලා බලන් හිටියේ..
ෆිලුම නම් ඩවුන් වෙන්න දාලා තියේන්නේ..
මේවගේ පට්ටම ෆිලුමකින් නැවත හමු වෙමු
#ජය
thanks for sub.hoda link ekak nadda bros
Enakammi hitiye bro tnx for sub!!!!!!
Thnxxxxxxxxxxxx
sub 1ta godaak sthuthii…
බොහොම ස්තූතියි..


ජය වේවා..!!
සබ් එකට තැන්ක්ස්….
හොද කොපියක් එනකම් බලන් හිටියේ…
Ty malli gdk Pin….
Thanks bro…
බොහොම ස්තුතියි සහෝ……
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
ට හුඩු හසා අයියේ..අරහෙන් ෆිලුම දාලා තියෙනවා දැක්කා..මෙහේ බලද්දී සබ දාලා..පට්ට හොදේ….ලිපියත් සුපිරි..කලින් ස්පයිඩිට වෙච්චි දේ මේයාටත් වෙන්න එපා කියලා ප්‍රර්තනා කරමු. ෆිලුමනම් හෙනම ආතල්.. ඇක්ෂන් සීන් වගේම සිරා ආතල් ටිකක් තියේ.. කැප්ටන් අයියත් අන්තිමේට ඇවිත් ආතල් එකක් දෙනවානේ..මේ රෙකෝඩ් ටික තෝර් එකෙන් කඩනවා.. ආයේ ඔවා සේරම ටික ලීග් එකෙන් කඩනවා.. මර්වල් ද? ඩී.සී ද? අදාල නෑනේ..ඔය දෙකේ මොන ෆිලුම ආවත් අනිවා බැලිල්ලක් තමයි.. සනික සබ් එක දුන්නට බොහොම පිං අයියේ..බී.ආර් ආව ගමන් අප්ඩේට් එකක් දාන්න!
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~
ලීග් එක කඩයි. ඒත් Infinity War එනකන් ඉන්ඩකො.
අර iMax වල පෙන්නපු Inhumans වගේ සේරම රෙකොඩ් කඩයි නේද සහෝ!
එලම මචන්.සෑහෙන දිග ලිපියක්.එනිවේ සබට තෑන්ක්ස් බොක්ක
supiri thanku enakan balagena hitiye
නියමයි…සබ් එකට තැන්ක්ස්….
හොද කොපියක් එනකම් බලන් හිටියේ…
niayamai…denakam balan hitapu filumak.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lipiya nm pattetama thibba…thanks kollo
Hme..iknin deel..mt hithun sub ek d
Speed ek dkm thundenk..eyin eknk athm ayys..y
Jywewaa…!!
Thanks Bro !!!!!!!!!!!!!!1
Thanks Bro
ela haso patta aa… patta wisthare
thanks macho sub ekata meka enakan balan hitiye……
බොහොම සිතුතියි!!!
හම්මේ අලගිය තැන් මුලගිය තැන් සේරම දාලා තියෙන්නේ මේක නම් අනිවා බාගන්න ඕන. අනිවා බැලිල්ලක් තමයි.
උපසිරැසියට බෝම තුති හසා අයියේ..
දිගටම සබ් දෙමු ආ..
ඔබට ජය!
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං. ලිපියත් ලෙසටම තියෙනවා. ජයවේවා!!
ආව්ශ්…
අලුත් පික <3
සබට තුති හසෝ
Br ආවම බලනවා
එලම මචන්
නියමයි සහෝ.
උපසිරැසියට බොහොම ස්තුතියි.
ජයවේවා !
Thanks sub ekata danata meka ganna Br avama 1080p banava
සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියා…
වෙඩි වගේ සබ් එක දීලා තියෙන්නේ…
තවත් පට්ටම ෆිලුමකින් හමු වෙමු
#ජය වේවා
Niyamai Hasantha Aiya Jaya Wewa!!!!!
mame uba nam deiyek aaa :v
Thank you mami
my amma menna ghae badu
Thanx Brow…..
ලිපිය අග සිට මුලටම කියෙව්වා..
බොහොම ස්තුතියි ලිපියට සහ උපසිරසට
pattama thanx bro badu ava vitharai dunna
Thx bro
Wow. Supiri film ekakne. Thank bro sub ekata…
නියමයි සහෝ.
උපසිරැසියට බොහොම ස්තුතියි.
ජයවේවා !
Thankz