MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්ඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකබලන්නයුද්ධරහස් පරීක්ෂකරොයිලි ප්‍රනාන්දුවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Spectre (2015) With sinhala subtitles| යටගිය අවතාරය…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 26 votes.
Please wait...


1962 වගේ බොහොම ඈත කාලෙක අපිට සිද්ධ වෙනවා ඔහු හමුවෙන්න, එදා අද තරම් ලොකු මුදලක් වෙන් වෙන්නේ නැහැ ඔහු වෙනුවෙන්… අද වගේ ලොකූ මිල අධික, නවීන ගැජට් තිබ්බෙත් නැහැ ඔහු සතුව ලෝකය බේරා ගන්න… නමුත් 1960 විනාශ කාරී සැලසුම පරදන මොහු සදාකාලිකවම සිනමා රසිකයන්ගේ සිත් සතන්තුල බොන්ඩ්, ජේම්ස් බොන්ඩ් ලෙස පැල පදියම් වෙන්නේ එක්තරා හැටියකට නොසිතූ අයුරකින්… ඔහුගේ ආරම්භය කොතරම් නොසලකා හැරියාද කියනවා නම් මුල් වතාවේ ඔහුගේ නිල රථය වෙන්න ඇස්ටල් මාටින් රථයක් සමාගමෙන් ඉල්ලු විට ලැබෙනා ප්‍රති උත්තරය වෙන්නේ ප්‍රතික්ෂේප කිරීමක්…

මේ බාධක කම්කටොලු එක්ක 1963 ජේම්ස් බොන්ඩ් 2 වැනි වතාවට අපි හමුවෙන්නේ රුසියානු ආදරවන්තියක් එක්කමයි. ඇය සාර්ථකයි, නමුත් තවම අපි සිනමා ලෝකයේ නියම සලකුණ දකින්නේ නැහැ… ඒ අවස්තාව අපිට උදා වෙන්නේ 1964 රත්තරන් ! රත්තරන් ! එකක්, එදා ඇස්ටල් මාටින් DB 5 රථයක් එකක් රට වටේ යන්න 007 සමත් වෙනවා වගේම… කිසිදා අමතක නොවෙන සතුරෙක් අපි හමුවට ගේන්නත්, ඔහුගේ අරමුණ පරාජය කරන්නත් අපේ මිතුරා, අපේ වීරයා සමත් වෙනවා…

කොහොමින් කොහොම හරි 1965 බෝම්බ එකක් සෙල්ලම් කරන්නත්, 1967 වසරේදී ලෝක යුද්ධයක් නවතා ලන්නත් 007 සමත් වෙන්නේ යන්තම් දිවි ගලවාගෙන. ඔහොම තමුන්ගේ ස්වරුපය වෙනස් කරගන්නවා එකක්ම 1970 වෙනකොට පවුලක් පන්සලක් වෙන්නත් ඔහුගේ හිත යොමු වෙනවා… නමුත් ඒ සතුට අවසාන වෙන්නේ දුකක් එකක් කියලා අපි දන්නේ අපි ඔහුත් එකක් හිටිය නිසයි…

වසරක් යන්න කලින් ඒ කියන්නේ 1971 සදාකල් පවතින දියමන්තිය පස්සේ යන ඔහු, නැවතත් ස්වරුපය කලින් තත්වයටම පත් කරගෙන… නමුත් ඒ මුහුණ අපිට වැඩි දවසක් දකින්න වෙන්නේ නැහැ 73 ඔහු වුඩු මායාවන් එකක් කැරබියන් දුපත් දෙවනත් කරන විට… ඔහු මෘදු චරිතයක් බවට පත් වෙන්නේ අපේ ඇස් ඉදිරිපිට නමුත් වැඩ එහෙමමයි… ලස්සන කාන්තා රුපයක් පෙන්න බැහැ… හැබැයි ඔහුට එවැනි කාන්තාවන්ගේ බැල්මෙන් අඩුවකුත් නැහැ…

74 රන් තුවක්කුවක් එකක් සටනෙන් යන්තම් දිවි ගැලව ගන්නා ඔහු, 10 වැනි වතාවට අප හමුවෙන්නේ 77 දී දියයට ජනපදයක් ආක්‍රමණය කරමින්… මතක ඇති නෙව අර ලොස්ට් රථය… නමුත් 79 වෙන විට ඔහු අභ්‍යවකාශ ගත වෙන්නේ අපේ සුභ සිද්ධිය වෙනුවෙන්… ඔහොම 70 දශයක අවසාන කරන ඔහු නැවතත් 81 හා හා පුරා කියා සතුරන් හා මිතුරන් ගැන කියාදෙන්න අපි එකක් එක්කාසු වෙනවා… 83 වෙන කොට අපේ අසල්වැසි ඉන්දියාව බලා එන ඔහු 85 වෙනකොට සිලිකන් මිටියාවතේ කුමන්ත්‍රණයත් පරාජය කරන්න සමත් වෙනවා…

ඉතින් ඔන්න ඔහොම 87 වෙනකම් නැතව දකින්න නොලැබෙන ඔහු මතුවෙන්නේ නව මුහුණුවරකින්… අද ක්‍රියාදාම බහුලයි… මෙවර මෙහෙයුම සැඟවුන සැලසුමක්… මෙහෙම බලපත්‍ර ලද ඔහු 89 වෙන කොට 80 දශකය අවසාන කරනවා නොදැමුණ ජේම්ස් බොන්ඩ් ලෙස..

නැවත අපි ඔහු දකින්නේ නැහැ 1995 වෙන තෙක්ම, දැන් ඔහු තවත් තරුණයි… මෙවර සහෝදරයෙකුගේ ද්‍රෝහී වීමක් එකක් හිත තැවුලෙන් ඉන්න ඔහු කෙසේ හෝ තමුන්ගේ මෙහෙයුම අවසාන කරගන්නේ… 17 වැනි වතාවටත්, යමක් කල යුතු නම්, ලෝකය බේරාගත යුතු නම් සුදුස්සා ඔහු බව මොනවට පැහැදිලි කරමින්.. ඉතින් 97 ඔහු නැවත කරලියට පැමිනියහම අපි පුදුම නොවුනත්, දැන් ඔහුට සටන් කරන්න වෙන්නේ විද්‍යුත් මාධ්‍යත් එකක්… 90 දශයක 99 වසරේ අමරණිය මිනිසා පරාජය කිරීමත් එකක් අවසාන කරන අපේ වීරයා සමත් වෙනවා. 21 වන සතවර්ශය ආරම්භ වෙලා දෙවසරක් පිරෙන තැන 2002 දී බොන්ජ් නැවත කල එලි බහින්නේ උතුරු කොරියානු මෙහෙයුමක් වෙනුවෙන්… එවර හිතූ තරම්ම සාර්ථක නොවීම එකක් 2006 වෙන කම් නැවත රාජකාරියට වාර්තා නොකරන්න වගේම, තමුන්ගේ ස්වරුපය වගේම සිනමා ආරත් එහෙම පිටින්ම වෙනස් කරන්න සිද්ධ වෙනවා සුදු කෙලියත් එකක්, නමුත් 2008 දඩයම නිසාවෙන් 22 වතාවටත් ජීවිතය හා මරණය අතර සටනක නියැලෙන් ඔහු ජය ගන්නේ 2012 වන තෙක් නැවත කල එලි නොබසින්නටයි…

2014 කල එලි බැසීම බොහොම සාර්ථක වෙන නිසාවෙන් ඔබ මම සුදානම් ඔහුගේ 2015 කල එලි බැසීමට… නමුත් තව කරුණු කරනා තියනවා කතා කරන්නට.. එහෙම නේද? නයිට්වරුන් දෙදෙනෙක් ඇතුළුව තමුන්ගේ කාලයන් හි නමක් රැඳු ක්‍රියාදාම නළුවන් 6 දෙනෙක් පණ දුන් බොන්ඩ් මේ වෙනකොට ලෝකේ පුරා ඩොලර් බිලියන 5 කට අධික මුදලක් උපයාගන්න සමත් වෙලා තියනවා. ඒ වෙගේම ඔස්කා සම්මාන 4 ක් දිනාගන්නත්, 14 වෙනුවෙන් නිර්දේශ වෙන්නත් බොන්ඩ් චිත්‍රපට සමත් වෙලා තියනවා…  

හොඳයි එහෙනම්, මේ වතාවෙන් Daniel Craig තමයි ජේම්ස් බොන්ඩ් හැටියට අපි දක්කින්නේ, දැනගන්න තියන හැටියට මේ අපි ඔහුව දකින අවසාන වතාව වෙන්න බොහොම ඉඩ කඩ තියනවා.. මෙවරත් මුල් පුටුව Sam Mendes ම පුරවන්න තරම් කාරුණික වෙනවා… ඒ වගේම මේ වතාවේ මෙතෙක් බොන්ඩ් සුරුපිනියක් ලෙස එක්වුණා වයස්ගතම නිළිය ලෙස Monica Bellucci එක්කාසු වෙනකොට, තවත් නැගී එන සුරුපිනියක් වෙන  Léa Seydoux බොන්ඩ් වෙනුවෙන් ආලකම් පාන්නට එක්කාසු වෙනවා… නමුත් පසුගිය වතාවේ අපිට M නැති වුනා මතක ඇති නෙව ඉතින් අලුත් M වෙන්නේ Ralph Fiennes. ඒ එක්කම ප්‍රධාන සතුරා ලෙස එක්කාසු වෙන්නේ ඔස්කා සම්මාන ලාභී සුපිරි නළු Christoph Waltz. Inglourious Basterds (2009) බැලුව උදවියට ඔහුගේ ජඩකම් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නෙව. ඒ එකක්ම Dave Bautista ඔහුගේ සහයකයා ලෙසත් එක්කාසු වෙනවා… 

ඉතින් මේ ක්‍රියාදාම, සට කපටකම් වගේම ඉදලා හිටලා හොඳ විහිලුවකුත් එකක් බැදුන අලුත් පිරිසක් ඉන්න 25 වැනි බොන්ඩ් චිත්‍රපටයේ කතාව ගෙතෙන්නෙ නම් 1962 ඔහු හා සටනට පැමිණි ලෝක පුජිත රහස් සංවිධානය වෙන ස්පෙක්ට්‍රා සංවිධානය එකක්… කොහොමද ස්පෙක්ට්‍රා නවත් කරලියට එන්නේ ? මේ වතාවේ බොන්ඩ් සතුවෙන ගැජට් මොනවා ද? ඔහු දිනයි ද? සුරුපිනියන් ඔහුට උදව් කරයි ද? සතුරන් වෙයි ද? ඔහුගේ සැබෑ මිතුරන් කවුද ? මෙදාපාර මහා සැලසුම මොන වගේ එකක් වේවි ද? මේ කිසිම දෙයක් මම කියන්න සුදානමක් නැහැ… ඒ සියල්ල මිනිත්තු 148 තුල බලාගන්න ඔබට භාරයි… එහෙනම් නැවත උපසිරසක් එකක් හමු වෙමු…

ජේම්ස් බොන්ඩ් චිත්‍රපට සියල්ලට උපසිරැසි දැමීමේ අදහස පිළිසිඳගෙන හා එයට ආරම්භයක් ලබාදුන්, මෙම ලිපිය කියූ පරක්කුවෙන්ම අකුරු කර දුන් හා උපසිරැසියේ සෝදුපත් බැලීමත් ඉටු කර දුන් සමීර කරුණාරත්න මළයාට විශේෂ ස්තූතියක් හිමිවිය යුතුමය.

Spectre (2015) on IMDb

 

 
 

[button link=”https://goo.gl/aF1jTp” type=”icon” “center” newwindow=”yes”] 724 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

75C519823281F733BC5FDCF2F1C5BA316CE0BF29

[button link=”https://goo.gl/ZwchMq” type=”icon” “center” newwindow=”yes”] 649 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

5134944375677F2E846414DD00B371E506B79081

[button link=”https://goo.gl/1xBgFG” type=”icon” “center” newwindow=”yes”] 999 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

13C861ABA28BF893307744A87575A40FDB72EBD3

[button link=”https://goo.gl/2RonJC” type=”icon” “center” newwindow=”yes”] 2.17 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

B860B4A9F56D4F3CEAE441959194EA7FD1B7C7BE
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 31037 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

94 thoughts on “Spectre (2015) With sinhala subtitles| යටගිය අවතාරය…. [සිංහල උපසිරැසි සමඟ]

  • Ashka Lakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

    Reply
  • Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • නිමේෂ් කාවින්ද

    චිත්‍රපටයට ගැළපෙන ලෙසින් ප්‍රමිතිගත උපසිරැසියක් ලබා දුන්නාට ගොඩක් ස්තූතියි රොයිලි සහෝ !!!

    Reply
  • මයිකි

    සුපිරි තමා ෆිල්ම් සෙට් එකටම සබ් තියෙනවා. එලම වැඩක් තමයි ඉතින් ….

    Reply
  • Sandun Dilaksha

    Sub File එක BluRay එක්ක ගැළපෙන්නේ නෑ . But good job

    Reply
  • Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

    Reply
  • සාරංග ජේ. ලියනගම

    Thanks

    Reply
  • blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ ❤️
    ❤️
    ❤️ Thanks For The Subtitle !!!!!!!!! ✨

    Reply
  • Chaminda Lakruwan

    ස්තුති සබ් එකට

    Reply
  • TharakaWAS

    Subata thanks…!!!

    Reply
  • Thanks for the subtitles. nice work!!

    Reply
  • රොයිලි අයියෙ මම යෝජනා කරනව. baiscoplk අඩවියෙන් විය යුතු සේවාවක් තමයි ලංකාවෙ රසිකයන්ට අවර ගනයේ චිත්‍රපට වලට වඩා ඉහල ගුනාත්මක රසවිදනයකත ඉඩ හසර ලබාදීමයි.. rotten Tomatoes වැනි විචාරාත්මක, හොද වර්ගීකරණයකින් යුක්ත web අඩවි භාවිතයෙන් ගුනාත්මක චිත්‍රපට වලට උපසිරස ලබාදෙන්නෙ නම් මැනවි… Baiscoplk වටා ඉහල රසික පිරිසක්‍ රොක් වෙනු ඇතැයි සිතමි… Idmb මගින් සිදු වන්නේ ජනප්‍රිය භාවයට පමණ්ක් මුල් තැන ලැබීමයි…

    Reply
  • r.s.samantha

    thank you very much bro..
    supiri lipiyak dila thiyenne.
    ida hita bond film baluwata aday danagaththe
    ithihasa kathawama.
    ela ela
    jaya wewa..!!!

    Reply
  • Nishon Jey

    tnx muchoo………

    Reply
  • dulaj sachintha

    ස්තූතියි සහෝ…

    Reply
  • රොයිලි අයියා The Adventures of Sherlock Holmes එකේ ඉතිරි සබ් ටිකට කාවහරි දාන්නකෝ. බාගෙට නැවතිලා දැන් ගොඩක් කල්

    Reply
  • x files එකට සබ් දාන්න පටන්ගන්නකෝ සහෝ….

    Reply
  • Niyamai machan BR enakammai hitiye balanna. Thank you

    Reply
  • Saman Prasad [පූසා]

    ඔන්න ඉතිං මේකට කොමෙන්ටුවක් නොදා හිටියෙ Br එනකම්…
    ඔන්න අද ඒකත් ආවා…
    ඔන්න සබ් එක බෑවා එහෙනම්…
    ජය වේවා අයියේ…!!!

    Reply
  • ගොඩාක් ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි….. නියම වැඩක්…..

    Reply
  • ලිපියටයි උපසිරැසියටයි දෙකටම ගොඩාක් ස්තූතියි රොයිලි අයියේ…
    ජය 😀

    Reply
  • ‍ෙබෙොබොහොම ස්ස්තුතිය

    Reply
  • thanxxxxxxxxxxxx brooooooooooo………………..

    Reply
  • සිංහල සබ් එකට තැන්ක්ස් saho

    Reply
  • lucky – no time for love
    FILM EKE UPASIRASI HADALA DENNAKO

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් රොයිලි අයියා!
    ජය!!!!!!

    Reply
  • Withanage Priyantha dayakeerthi

    ඔබ උපසිරසි කළ 007 සියලු චිත්‍රපට බැලුවා ස්තුතියි! මෙම චිත්‍රපට මාලාවේ එක් එක් දශකයන් අනුව වෙන් කළ විට ලබා දෙන කුතුහලය ක්‍රමානුකුලව අඩුවී ඇතැයි සිතේ, ඒ මන්ද 60, 70 දශකවල ඒවායේ ඉතා පැහැදිලි දර්ශන තල තිබුණත් පසුව චිත්‍රපටවල අඳුර සමඟ මිශ්‍ර කළ පරිගණක දර්ශන බොහෝ ඇති නිසා එම කතාවල ස්වාභාවිකත්වය ගිලිහී ඇතයි සිතේ.

    Reply
  • කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි………….

    Reply
  • thanks for sub weiting for blueray

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
    බීරිප් ආවම බානව

    Reply
  • නලින්

    ස්තුතියි. රොයිලි අයියේ… කලින් සෙට් එකම සබ් එන්න කලින් බැලුවා උනත්.. ආයේ වෙලාවක් හොයාගෙන බලන්න ඕනේ..

    මෙයාගෙත් හොදම කොපිය එනකල්ම ඉන්නවා ඔන්න.

    ජය වේවා!

    Reply
  • පට්ට film ඵ්ක සබ් දානකම්මයි හිටියේ..
    ජයවේවා…

    Reply
  • නිර්මාණි

    බොහොම ස්තූති අයියෙ උපසිරසියට. වතාවක් හෝල් එකේම බැලුවා ඒත් උපසිරසි එක්කම ආයෙ නොබලා කොහොමද. Daniel Craig ඉන්න ෆිල්ම් ටික නම් බැලුවා. පරණම කාලෙ ඒවා මුල ඉදන් බලන්න ඉන්නෙ. බොහොම ස්තූතියි උපසරසියට. ජය…

    Reply
  • Niranjan Ranasinghe

    thank u very much bro…..

    Reply
  • මේ සබ් ඒකට ස්තූතියි! අර කියපු බයිස්කෝප් ලිස්ට් ඒකේ James Bond 1983 Unofficial movie ඒකේ සබ් ඒක නෑනේ. ඒ්කටත් කවුරුහරි සබ් ඒකක් දුන්නොත් නේද හොද?

    Never Say Never Again – 1983

    Reply
  • Royli aiyeee kalekin niyamai thanx sub ekata ewagema torrents walatath thanx supiri

    Reply
  • Kulanjana Maduranga

    pattama filumak……eth hoda copyak awama banawa…lipiyath supiriyata thiyanawa.thanks ROYLI Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • thank you & good luck bro!

    Reply
  • Sajith Anthony

    බොහෝම ස්තුතිවන්ත වෙනව සබ් එකට
    ජය වෙවා…!!

    Reply
  • Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ආසිරි ප්‍රියන්ත

    එල එලස්…
    මමනම් ගොඩක් මේ බණ්ඩා\ගේ ෆිල්ම් බලලා නෑ, ඒත් ටිකක් වගේ බලලා තියෙනවා..\

    මේක ඉත්න් අනිවා බලන්න එපයි..
    හොද කොපියක් ආවම හොඳේ..
    ජය වේවා!!

    Reply
  • Janith Mathula

    Thanks aiya. Gd luck

    Reply
  • විමා

    කොච්චරද කියනවනම් පලවෙනි එකේ ඉදලම බැලුව කියන්ඩකෝ
    අනිත්මේදී මේක හෝල් එකෙන්ම බැලුවා
    උනන්දුව එච්චරටම දුර ගියා 😛
    බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරසට
    වතාවක් බැලුවට ආයේ බලනව හැබැයි ඉතිං
    Hail හයිද්‍රා 😀
    [ දන්නවනෙ මොකෝ කියල 😀 ]

    Reply
  • නියමයි නියමයි රොයිලි අයියේ
    එනකන් බලා සිටිය ෆිලුමක්
    අනිවා බලන්න ඉන්නේ
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි
    සමීර කරුණාරත්න අයියාටත් ගොඩාක් ස්තූතියි නියම ලිපියක් වෙනුවෙන්….
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!

    Reply
  • මචො මෙ තරම් ලියන්න එපා බම්..පොඩ්ඩක් කෙටියෙන් දාපන්කෝ..එල කිරි..සුබ….

    Reply
  • හේමන්ත

    ගොඩක් සතුතියි සහෝ…. එනකල් බලන් හිටිය මුවී එකක්..
    මේ සීරිස් එකට අයිති නැති වුණාට තව එකක් තියෙනවා
    නෙවර් සේ නෙවර් අගේන්….
    ඒකත් කරමුද…?

    Reply
  • “චූටී මල්ලි”

    patta mcn
    BR oni sub eka
    tnxx

    Reply
  • බලන්න ආසාවෙන් හිටියේ. බොහොම ස්තුතියි.

    Reply
  • maga balagena hitiye……………… Thnx…………

    Reply
  • Grazie mille fratello

    Reply
  • එල එල BR ආවම ඉලග අවුරුද්දෙ බලමු 😉 tnx sub ekt

    Reply
  • වස්සානය

    මග බලාන ඉදපු එකක් ඔයි….. පැන්කිවු ඇ… ඒකත් කලින් එකත් එකක්ම බෑවෙනන් දැම්මා ඇ… බුදු සරණයි..

    Reply
  • කැලුම් ගුණසේකර

    උපසිරැසිය ගැන නම් කතාකරන් දෙයක් නෑ. සුපිරියට ම ඇති. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • hoya koya hitiye.

    kohomahari dan labuna.

    thank you so much………………

    Reply
  • Niyamai Royli kollo. Ela kiri.
    Tnanx machan. me danma baanawa.

    Reply
  • නියමයි රොයිලි අයියෙ…
    ගොඩක් ස්තූතියි උපසිරසියට…
    Br දෙනකන්ම ඉන්නව…
    ජය වේවා…!!!

    Reply
  • Haritha Dayanga

    නීයමයී සහෝ.
    මෙ Movie සෙට් එකටම සිංහල සබ් දීලා නෙද
    එලකීරී ආ.
    ජයෙන් ජය

    Reply
  • Nadeera Mystry

    මේක නොබල කොහොමද?
    බ්ලූ රේ කොපිය එනකම් ඉන්නවා. සබ් එකට තැන්කිවු.

    Reply
  • දිලා

    නියමයි රොයිලි අයියේ…………..
    ඔයා වැඩක් කරා කියන්නෙ ආයෙ කියල වැඩක් නෑ……….
    එල…………..ස්
    ඔබට ජය……….

    Reply
  • නියමයි රොයිලි අයියේ..
    මේක ඉතින් අනිවා බැලීමක් තමයි..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    සුබ නත්තලක් වේවා….

    Reply
  • supiri post eka bro…thnx

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • නියමයි.සහෝ.ස්තුතියි

    Reply
  • අම්මෝ පට්ට ලිපියක් නොවැ දීලා තියෙන්නේ….
    ෆිලුම නම් අනිවා බලනවා සහො…
    සුබ අලුත් අවුරුද්දක් වෙවා…
    තව තවත් සබ් කරන්න කාලය හා ශක්තිය ලැබේවායී පතමි….
    ජය වෙවා…

    Reply
  • කලෙකින්නේ රොයිලි සහෝගෙන් උපසිරසක් බලන්නේ…
    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට…
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

    Reply
    • copy 2kama hodai
      800mb copyata audio:-8 video:-8 vithara kickass web eke deela thiyenawa(sample nam na)
      mama bawe 1.09 copyeka audio:-9 video:-6,7,8, athara comment hambawela
      sample eka 4.37mb oyalatama balanda puluwan

      Reply
  • ලක්ෂිත වික්‍රමරත්න

    ස්තුතියි සහෝදරයා. !!! ජය

    Reply

Leave a Reply to indika Cancel reply

Your email address will not be published. Required fields are marked *