අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)යුද්ධ (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Spartacus: Blood and Sand [S01 : E13] Sinhala Subtitles | මරන්න උන් හැමෝවම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 16 votes.
Please wait...

ඔන්න එහෙනම් අද තමයි දවස, ජනවාරි 31 අරඹපු මේ රූපවාහිනී කතා මාලාව මාසයකුත් සතියක් වගේ කාලයකින් ඉවර කර ගන්න ලැබුනා. මේ කතාවට උපසිරැසි හදලා නිකන් මමත් මේ කතාවේ ජිවත් වෙනවා වගේ තමයි දැන් හැඟෙන්නේ. මොකද මෙහි කියන වචනයක් වචනයක් පාසාම අවධානය යොමු කරලා කතාවට පුදුම විදිහට මට සමීප වෙන්න සිද්ධ උනා. එහෙත් මෙය නිමක් දකින්න වෙන්නේ දැනට විකාශනය වන කතාවත් අවසානයක් දැකලා තමයි. ඒ කියන්නේ Spartacus : War of the Damned කියන කතා මාලාවත් සමඟ. බලමු ඉක්මනටම ඒ දවසත් උදා වේවි. කලින් සතියේ මම පොරොන්දුවක් උනානේ චන්ද විමසීමක් කරලා අද ඔයාලට කියනවා කියලා.

එහෙනම් චන්ද ප්‍රතිපලය නිකුත් කරන්න තමා හදන්නේ, මම ඔයාලගේ මනාප සියල්ලක්ම සලකා බලා තීරණය කළා මීළඟ කතා මාලාව Spartacus : Vengeance නෙමෙයි Spartacus : God of the Arena කියන එක එකයි කියලා. මම ගණන් කරලා බැලුවා මනාප කීයද කියලා එයින් වැඩි මනාප 2 කින් තමා මේ Mini Series එක තෝරා ගන්න සිද්ධ උනේ. මමත් පුද්ගලිකව විශ්වාස කළා මීළඟ කතා මාලාව මේක වෙනවා නම් හොඳයි කියලා, මොකද මෙහි පෙන්වන එක චරිතයක් Vengeance සහ War of the Damned කතා මාල දෙකේ ඉතා ජනප්‍රිය වෙනවා. ඒ නිසා ඒ චරිතයේ ආරම්භය දැන ගෙන ඉන්න එක හොඳයි. තව කියනවනම් අපි මේ අවසාන කල කතා මාලාවේත් සමහර තැන් වල අතීත සිදුවීම් සඳහන් වෙනවා. ඒවා උන අකාරය මේ Mini Series එක මඟින් පෙන්වනවා. ඒ හැම එකක්ම නිරවුල් කරගෙන Vengeance එක පටන් ගනිමු.

Spartacus : Vengeance ඉල්ලපු යාලුවෝ තරහ වෙන්න එපා එහෙනම්. මොකද මේක කොටස් 6 ක් විතරයි තියෙන්නේ. සති දෙකක් හෝ තුනකින් මේක අවසන් කරන්න තමා අදහස. එහෙම උනාම ගොඩක්ම බලන ඔයාලටම තමා පහසුව. එහෙනම් මම කතාව දෙසට හැරෙන්නම්,

කලින් කොටසේදී දැක්කනේ සිහින කියන ඒවා බොඳ වෙලා යන හැටි. හැමෝගෙම බලාපොරොත්තු බිඳ වැටෙනවා. “බැටියාටස්” හොඳින් බැරි නම් නරකින් හරි තමන්ගේ ඉලක්ක වලට යනවා. එකට බාධාවක් වෙන්නේ කව්රුන්ද ඒ කෙනා එතනින් ඉවත් කරන්න මේ පහත මිනිහා පසුබට වෙන්නේ නැහැ. කොහොමහරි “බැටියාටස්” අනුග්‍රාහකත්වය “ග්ලෙබර්ගෙන්” කොල්ල කා ගන්නවා. “ඉලිතියා” වැටෙන්න පුළුවන් පහලටම වැටෙනවා. “බැටියාටස්ගේ” බිරිඳට දරුවෙක් ලැබෙන්න යනවා. එත් “බැටියාටස්” හිතන් ඉන්නේ ඒ ඔහුගේ දරුවෙක් කියලා. “ක්‍රික්සස්ට” ඔහුගේ පෙම්වතිය අහිමි වෙනවා ඒ වගේම ඔහුටත් දඬුවම් ලැබෙනවා ද්‍රෝහී වෙනවා කියලා. “ස්පාටකස්” තමන්ගේ පළිගැනීමේ අදහස වෙනුවෙන් සැලසුම් කරනවා. ඔහොම තමයි කලින් කොටස අවසන් උනේ.

අවසාන කොටස ඇරඹෙන්නේ එතන සිටන්, අද කතාව බලනකොට පෙනේවි ඔයාලට කලින් සිද්ධ වුනු දේවල් වරින් වර අවසන් මොහොතේ සිද්ධ වෙන දේවල් වලට සම්බන්ධ උනේ කොහොමද කියලා පෙන්වන දර්ශන කිහිපයක්. අද කතාවේ රූප රාමු පෙළ ගැස්ම වෙනදට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා. අනිත් එක තමයි මම අද කතාව ගැන මොකුත්ම කියන්නේ නැහැ. මොකද කතාවේ නමින්ම තේරෙනවා ඒක. බලන්න බලලා මේ මුළු කතා මාලාව ගැන ඔයාලගේ අදහස් කියන්න. හැම කොටසක්ම වාගේ දහසකට අධික පිරිසක් නරඹලා තියෙනවා. ඒ වගේම හැම කොටසකටම වගේ 50 කැට වඩා කොමෙන්ට් ලැබිලා තියෙනවා. ඒක නිසා මගේ මහන්සියේ ප්‍රථිපලයක් තියෙනවා කියල හිත ඇතුලේ ලොකු සතුටකුත් තියෙනවා. එත් එක්කම පොඩි දුකක් තියෙනවා මෙහි රඟපාපු Andy Whitfield මෙතනින් පස්සේ දකින්න නොලැබෙන එක. මේ නළුවාගේ රඟපෑම ඇත්තටම විශිෂ්ඨයි. මොනවා කරන්නද අපි හැමෝටම අයිති ඉරණම නේ මරණය කියන්නේ. ඉතින් ඒ නළුවට මේ අවස්ථාව උපහාරයක් වේවා කියලත් මම ප්‍රර්ථනා කරනවා. මම විතරක් නෙමෙයි මේ වෙබ් පිටුවට පුද්ගලික කාලය වැය කරලා උපසිරැසි නිර්මාණය කරන හැමෝම සතුටු වෙන්නේ ඔයාලගේ අදහස් සුබ පැතුම් වලින්. ඒක තමා අපි ලබන ලොකුම ලාභය මේ තුලින්. ඒ නිසා අකුරකින් හරි ඒ සතුට මට ලබා දුන්න ඔයාලා හැමෝටමත් ගොඩක් පින්. හැමදාම කියනවා වගේ එහෙනම් නැවත හමුවෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 21821 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Previous BT1

All BT1

Next BT1

144 thoughts on “Spartacus: Blood and Sand [S01 : E13] Sinhala Subtitles | මරන්න උන් හැමෝවම [සිංහල උපසිරැසි සමඟ]