MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)යුද්ධ (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Spartacus: Blood and Sand [S01 : E03] Sinhala Subtitles | පුරාවෘත්ත [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 12 votes.
Please wait...

අද ඉදිරිපත් කරන්න යන්නේ පළමු අදියරේ තෙවැනි කතාංගය. හිතනවා කලින් කල කරුණු පැහැදිලි කිරීම ගැන අපේ යාලුවන්ට වැටහෙන්න ඇති කියලා. අර Spartacus: Gods in the Arena Mini Series එක ගැන. ඒ ගැන වද වෙන්න එපා. ඒකෙන් අපේ කතාවේ රසාස්වාදයට කිසිම හානියක් වෙන්නේ නැහැ. එහෙනම් දෙවන කතාංගයේ මොකද උනේ කියලා ආපසු හැරිලා බලමු.

“ස්පාටකස්” තමන්ගේ කඩු මල්ලව සටන් පුහුණුව අවසානයේදී, අවසාන සුදුසුකම් ලැබීමේ පරීක්ෂණයට මුහුණ දෙනවා. ඒක පරික්ෂා වෙන්නේ එයාගේ ජීවිතය පරදුවට තියලා. සුළු දෙකින් ජීවිතය නැති වෙන තරමේ පරීක්ෂණයක්. මේ පරීක්ෂණයට මුහුණ දෙන්න කලින් “ලෙගාටස් ග්ලෙබර්” ගේ ආගමනයෙන් “ස්පාටකස්”ට ඔහුගේ බිරිඳ සතු යමක් ලැබෙනවා සිහිවටනයක් ලෙසට. පසුව “බැටියාටස්” පොරොන්දුවක් දෙනවා ඔහුගේ බිරිඳ වෙනුවෙන් පරික්ෂා කිරීම් කරන බවටත්, ඒ සඳහා “ස්පාටකස්” හට “බැටියාටස්” වෙනුවෙන් සටන් බිමට පිවිසෙන්නත් සිදුවෙනවා. ඒ කියන්නේ වක්‍රානුකූලව “බැටියාටස්” තමන්ගේ අදහස ඉෂ්ඨ කරගන්නවා. කොහොමහරි “කැපුවා” හි වීරයා වන “ක්‍රික්සස්” ව පරදවමින් පෙර පිනකට වගේ “ස්පාටකස්” පරීක්ෂණයෙන් සමත් වෙලා කඩු මල්ලවයෙක් විදිහට පුහුණු පාසලේ සාමාජිකත්වය ලබා ගන්න සමත් වෙනවා.

අද කතාව එතැන් සිට, ඉතින් දැන් යම් තත්වයක ඉන්න “ස්පාටකස්” තමන්ගේ බිරිඳ සොයාගෙන යන්න හදන ගමන ඉතා ඉක්මන් කරන්න නොගන්න උත්සාහයක් නැහැ. ඒවා ධෛර්ය, නිර්භීත කම ඉදිරියට ඇවිත් බුද්ධියට ඉඩ නොදී ගන්න ජිවිත අවදානමට ලක්වෙන තීරණ. ඔයාලට මේ කොටසේදී දැක ගන්න පුළුවන් “ස්පාටකස්” ගන්න ඒ තීරණ කොච්චර සාධාරණද කියලත් සහ “ස්පාටකස්” එයා දැනට ලබා ගත කීර්තිය මොන අතකට හැරෙනවද කියලත්. එහෙනම් සටන් බිමට තවම පිවිසුනා විතරයි. සටන කරගෙන යන්න හැමෝටම ආරාධනා කරන ගමන් මීළඟ කතාංගයෙන් මුණ ගැසෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 32002 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Previous BT1

All BT1

Next BT1

72 thoughts on “Spartacus: Blood and Sand [S01 : E03] Sinhala Subtitles | පුරාවෘත්ත [සිංහල උපසිරැසි සමඟ]