Spark: A Space Tail (2016) with Sinhala Subtitles | සූර වීර ස්පාර්ක්ගේ අභ්‍යාවකාශ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ… ඔන්න මම අලුත් ෆිලුමක් අරගෙන ආයේ ආවා…
ෆිල්ම් එකේ නම නම් උඩින්ම දැක්කනේ.. මේක 2016 ආපු ෆිල්ම් එකක්. ඒත් හොද කොපියක් ආවේ සති දෙකකට විතර කලින්. ඉතින් මේක කලින් බාරගෙන හිටියේ චමල් මලය. හැබැයි එයාගේ අධ්‍යාපන කටයුතු වල වැඩ නිසා මට කරලා දෙන්න කිවුවා. මාත් කරලා දෙන්නම් කියල බාරගත්ත්ට වැඩ ගොඩකට හිර උනා. කොහොමහරි ඔන්න අරගෙන ආවා…. මේක ඇනිමේෂන්/ ත්‍රාසජනක වගේම විනෝදයට බර චිත්‍රපටියක්. ඒ වගේම IMDB ලකුණු 4.4 / 10 ක් අරගෙන තියෙනවා.එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකො..
බානා කියන්නේ ලස්සනට නිදහසේ තිබුණු ලෝකයක්. හැබැයි කළු කුහරයක් නිර්මාණය කරන්න පුළුවන් මෘගයෙක් නිදහස් කරගෙන ඇවිල්ලා රජතුමාගේ සහෝදරයා වන සෝන් රටේ පාලනය අරගන්නවා. ඒ වගේම එයාගේ ඒ වැඩේ නිසා රට කෑලි වලට කැඩිලා යනවා. එහෙම වෙද්දී අපේ කතා නායකයා වන ස්පාර්ක්ට එයාගේ දෙමයුපියන් නැති වෙනවා. මේක වෙන්නේ අවුරුදු 13කට කලින්. ඉතින් ඊට පස්සේ මෙයාව බලාගන්නේ වික්ස් සහ චන්ක් විසින්. ඒ වගේම මෙයාල ජිවත් වෙන්නේ හොරෙන්. මෙහෙම කාලය ගෙවෙන අතර වාරයේ ස්පාර්ක්ට ඕනේ වෙනවා සෝන්ව එළවලා බානා රාජ්‍යය ආපහු කලින් තිබුණු තත්ත්වයට ගන්න.හැබැයි වික්ස් සහ චන්ක් මේකට එයාට ඉඩ දෙන්නේ නැහැ. ඒ ඇයි ඒ ? ඒ වගේම වික්ස්ට සහ චන්ක්ට රජ මාලිගාවේ ඉදන් හොරෙන් පණිවිඩ දෙන කෙනෙක් ඉන්නවා. ඒ කවුද? ඒ වගේම ස්පාර්ක්ට සෝන් ව එළවලා දාලා ආපහු රාජ්‍යය කලින් තිබුණු තත්ත්වයට ගන්න පුළුවන් වෙයි ද? එහෙනම් ෆිලුම බලන්න යාලුවනේ..
නැවත චිත්‍රපටියකින් හමුවෙමු. එතකන් ජයවේවා.
Due to copyright issues, we do not provide any torrent links.
Spark – A Space Tail (2016)
මෙම ලබා දී ඇති උපසිරැසි Web පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4089 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
“දසන් බුද්ධික” සොහොයුරාට මගේ හදපිරි ස්තූතිය
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanxxx sub ekata..
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!
Thank You! bro…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Torrent eka kohomda ganne
බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀
elama saho thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wew
බොහෝම ස්තුතියි
thnx bro…
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
Ela. niyamai
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
mekey torrent eka hoyaa ganna naa ney
බොහොම ස්තුතියි සහෝ…
තවත් උපසිරසකින් ඉක්මනට මුණගැහෙමු…