Snowpiercer [S03 : E03] Sinhala Subtitles | ශ්‍රේෂ්ට විල්ෆර්ඩ්ට එරෙහිව අට දෙනෙක් [සිංහල උපසිරසි]
කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු.
පසුගිය කොටස මරු නේද? අන්තිම හරිය එහෙම. ඒ කොටසෙ ඉතින් අන්තිම තමා සුපිරිම දේ උනේ, ලේටන්ගෙ නැවත පැමිණීම. ඉතින් අපි දකිනව ලේටන් එනකන් රෙසිස්ටන්ස් එක මොන වගේ කට්ටක්ද කන්නෙ කියල. ඇත්තෙන්ම ඒ අයගෙනුත් ලොකු ක්‍රෙඩිට් එකක් අපේ රූත්ට යන්න ඕනි නේද? හරි එහෙනම් අපි මුලින්ම දකින්නෙ ලයිලට අපේ ඔස්වයිලර් විවාහ යෝජනාවක් කරනව. ඉතින් ඇත්තෙන්ම ඕකට ලයිල එකෙන්ම කැමති. මොකද ඔස්වයිලර් කියන්නෙ දාහෙන් සම්පතක්නෙ නේද? මොකට කියනවද ඉතින් “අපේ සම හරක් යාලුවොත් අදාල අයව යහ මගට ගන්න හදනවනෙ.” හරි, කොහොමින් හරි මේ අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න හදන්නෙ විල්ෆර්ඩ්. ඒ කෝච්චියෙ සමගිය පෙන්නන්න මේක අවස්ථාවක් කරගන්නව. ඒත් ඔය අතරෙ ලේටන් ඇතුලු පිරිස ඉන්න ස්නෝපියර්සරයෙ ඉලෙක්ට්‍රොනික් උපකරණ ඔක්කොම අක්‍රීය කරවන්න හදන EMP එකක් විනාශ කරන්න අපේ මේ රෙසිස්ටන්ස් එක උත්සහ කරනව. වැඩේ හිතුවට වඩා සාර්ථකයි, ඒත් රූත් මාට්ටු. ඉතින් අන්තිමට රූත්ගෙත් අතක් නැතිවෙන්න ඔන්න මෙන්න තියෙද්දි අපේ ලේටන් එනව. හරි එහෙනම් අද කොටස බලමු එහෙනම්.
Episode title:-The First Blow
Air Date:-2022 February 07
Director:-Erica Watson
Imdb:-7.4
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2111 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
සිංහල උපසිරැසියට ස්තූතියි
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️