Shark (2010) | දැලට හසු නොවන මෝරා… [සිංහල උපසිරසි සමඟ]
හැමෝටම ආයුබෝවන්….! එක චිත්‍රපටියක් අරගෙන ඇවිත් වැඩි දවසක් යන්න කලින් ආයෙත් හමුවන්න ලැබීම සතුටක් කලින් එක දැම්ම හැටියම සමීර සහෝදරයා කියනවා තව එක අරන් කරමු, කරමු කියලා, ඉතින් ඔන්න නිකන් හිටපු දවස් ටිකේ ලස්සන චිත්‍රපටියක් තෝරාගෙන ගොඩක් ආසාවෙන් ඔයගොල්ලන්ට අරගෙන ආවා. මේක මගේ පස්වෙනි උපසිරසි ගැන්වීම වෙනවා, ඒවගේම පලවෙනි වතාවට තමයි දමිල චිත්‍රපටියක් උපසිරසි ගන්වන්නේ. ඉතින් වර්තමානයේ දෙමල සිනමාවේ සුපිරි තරුව වන විජේ චන්ද්‍රශේකර්, එහෙමත් නැත්තම් කවුරුත් දන්නා විජේ ඉන්න ක්‍රියාදාම චිත්‍රපටියක් අරගෙන එන්න ලැබීම සතුටක්.
ඉතින් චිත්‍රපටිය ගැන කතා කරන කොට Kaththi චිත්‍රපටියේ මෙන් ගොඩක් සංවේදී කතාවක් තමයි යන්නේ. චිත්‍රපටිය නිකුත් වෙන්නේ 2010 අප්‍රේල් 30 වෙනිදා. මේක වෙනුවෙන් ඉන්දියානු රුපියල් මිලියන 320 ක් වැය කරන්න සිදුවෙලා තියෙනවා. Muraugan Cine Arts චිත්‍රපටි සමාගමේ 50 වන චිත්‍රපටය වශයෙන් මෙය නිෂ්පාදන කරන්නේ ප්‍රභූ සහ සංගිලි මුරුගන් විසින් වගේම සංගීත අධ්‍යක්ෂණය Mani Sharama විසින් සිදුකර තියෙනවා මේ චිත්‍රපටය සඳහා vijay සමගින් Tamannaah Bhatia ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා ඊට අමතරව Vadivelu, Dev Gill වගේ රංගන ශිල්පීන්ද මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. අවසාන වශයෙන් චිත්‍රපටයේ කතාව, දෙබස් ,තිර රචනය, වගේම අධ්‍යක්ෂණය S.P.රාජ්කුමාර් විසින් සිදුකරලා තියෙනවා කතා කරා වැඩියි වගේ නේද? දැන්වත් කතාව පැත්තට යමු.
ඔන්න එකමත් එක රටක යාර්නගර් කියලා ධිවර ගමානයක් තියෙනවා. ගොඩක් අහිංසක දුප්පත් ධිවර ජනතාව තමයි එහෙ ජිවත් වෙන්නේ. ඒ අයගේ දුකට සැපට හැම ප්‍රශ්නයකදීම එකට ඉන්න තරුණයෙක් තමයි “සුරා” කියන්නේ. එයාගේ ජිවිතයේ එකම හීනය තමයිමේ මිනිස්සුන් ජිවත් වෙන පැල්පත් වෙනුවට අංගසම්පුර්ණ ගෙදරක් බැගින් ඉදි කරලා දෙන එක. ඉතින් උදේ හවස මෙයා කල්පනා කරන්නේ එයාගේ මේ හීනය හැබෑ කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔහොම යනකොට මේ ගොල්ලන්ගේ ගමට එක කුණාටුවක් එනවා. කුණාටුවක් කිව්වට අර සුළි සුළඟක් ඇවිල්ලා ගෙවල් පොලවෙන්ම ගැලවෙන කුණාටුවක් නෙවෙයි. ඒ ගමේ ඉන්න සමුද්‍රරාජන් කියලා ඇමතිවරයෙක්ට මේ අයගේ ගම්මානය තමන්ගේ ඉඩමක් කරගන්න ඕන වෙනවා. ඒ තමන්ගේ තණ්හාව වැඩි කමට කරන එයාට ලාභදායි ව්‍යාපෘතියකට. ඉතින් එයා මේ ගමේ මිනිස්සු ඒ අයගේ ගම්මානෙන් එලවන්න නොයෙකුත් දේවල් කරනවා. ඒත් සුරා එයාව අතාරින්නෙ නෑ. සුරාත් එයත් එක්ක කරට කර සටන් වදිනවා.එහෙම යන අතරේ තමයි සුරාට පුර්ණිමා හම්බවෙන්නේ. ඒ එයා සියදිවි හානි කරගන්න මුහුදට පනින්න හදනකොට(කොහොමත් දැන් ඉතින් ඒක trend එකක් වෙලානේ). ඔහොම යනකොට ඉතින් පුර්ණිමාගේ හිතේ සුරා ගැන ආදරයක් ඇති වෙනවා. ඒත් සුරා එයාට කැමති වෙන්නේ නෑ. ඒකට එයාට හේතුවක් තියෙනවා. ඒක බලන්න නම් ඉතින් බෑමක් තමයි තියෙන්නේ. කතාව කොච්චර ලස්සන උනත් ඒක මේ විදිහට වචනයෙන් ලස්සන කරන්න අමාරුයිනේ. සුරා ගම බේරා ගන්න කොච්චර සටන් කරනවද? පුර්ණිමාට කැමති වෙනවද? සුරාගේ හීනය සැබෑ කරගන්න පුළුවන් වෙනවද? යන ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු ඔයාලට චිත්‍රපටය බලනකොට හම්බ වෙයි(ඒක ඉතින් කියන්න ඕන නෑනේ).
නිදිමත නැතුව ආසාවෙන් හිනා වේවි බලන්න පුළුවන් චිත්‍රපටයක් වේවි කියලා විශ්වාසයෙන් කියන ගමන් අවසාන වශයෙන් Admin සහෝදරයින් තමන්ගේ මිල මුදල්, කාලය හැමදේම කැපකරමින් සුවහසක් චිත්‍රපටි, ටෙලිකතා රසිකයින් වෙනුවෙන් නිහඬව කරන කාර්යයද අගය කරන ගමන් ඒ අයවත් මතක් කරමින් බයිස්කෝප් වෙබ් අඩවියට පිවිසිලා උපසිරසියක් බාගෙන, කමෙන්ට් එකක් දාගෙන යන හැමෝටම ස්තුතිය පුද කරමින් අදට කොටි වලිගය අතාරිනවා. හැමෝටම වාසනාවන්ත සුභ දවසක්. ජය වේවා…. !
[button link=”http://goo.gl/gYuGmp” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3549 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/12/තාරක-නුවන්-දිල්හාර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ela ela
ජයෙන් ජය සහෝ…………………….
I got what you impart, thanks for swing up. Woh I am pleased to hit this website finished google. Thanks For Share Help Me! My Website is Failing! | Power Marketing.
malli eia film eka mta e wge vijege Shajahan 2001 film eka dennko
hi. math meken godak welawata film download karala balanawa. hoda lassana films denawata godak sthuthi. man asa film ekak thamai KANCHANA tamil movie ekata. eke 2 weni kotasath avith kiyala man tv adds dakka. ithin puluwannam a film ekath godak ikmanata balanna ida salaswala denna kiyala illanawa. thankz godak
thanks bro…..
මේක බලලා තිබුනට ආයෙත් ගත්තා ඔන්න.
සබට තැන්කු වේවා.
ජයෙන් ජය.!
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnq 🙂
සබ් එකට බොහොම ස්තුතියි 😛 සහො
Thank you……..
මරැ මචං මෙක
කලින් බලලා තියෙනවා
අවුලක් නෑ
සබට තුති
KM player eka update kalama sub weda nathi aula hariyanwa. Sub eka dunnata thnx bro digahatama wede karagena yanna subapathanawa (y) 😀
ane machan meke sub eka wada karan nena.. wada karana sub ekak dammoth kiyanawada plz yalu balanna asai sub eka nathuwa balanna widiyak ne a unata
KMP eka update karanna saho wede ok 😀
Thanks Macho 😉
meaghamann 2014 FILM EKATATH SUB DENNAKO
sinhala sub eka weda nane machanla
machan km player eka install karapan aluth eka ethakota hariyatama hari
yalu sub eka wada ne bn km player eke.
vlc eke kotu kotu yanawa mokada karanna ekata
Sinhala Tamil Kit එක දාලා බලන්න
dala thiyanna yalu
eth hari yan nena bn
sadun hari giyoth matath kiyapan kohomada kiyala.
hari yalu hari giya km player eka aluth ekak dammahama hari giya bn thx
එලස්
දිගටම වැඩේ කරගෙන යමු
සබට තුති
ඔබට ජය…………
●▬▬๑۩۩๑▬▬● සුපිරි භාණ්ඩයක්නෙ බස්සලා තියෙන්නෙ.
දිගටම මේ වගේ ඒවාම බස්සමු.
ජයවේවා සහෝ. 🙂 ●▬▬๑۩۩๑▬▬●
බොහොම තුති.
ඔබට ජය පතමි!
thanks
මේකේ ඔරිජිනල් නේම් 1 සුරා නේද?? කව්රුහරි ඒ නමින් සර්ච් කරලා බැලුවොත් පෙන්නන්නේ නැහැනේ?? ඒ නිසා ටයිට්ල් 1ට ඒ නම දාන්න.
ඒක Admin අයියලා සතු කාර්යයක් මචෝ….
supiri filumak..mmth kepa sarayak balala thiyanawa…..subata thanks THARAKA saho.thwa tamil film tikak bassamu.obata jaya………
ado thamannna inne ( eka mage hariya ) ela saho thawa eya inna films tikak daana
JAYA WEWA
patta sahoo….. habayi.. toerrent wala seed la na…..:) kohoma haryi sub ekata tanx….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි නියමයි.
මේකත් අඩුවක්ව තිබුණු ෆිලුමක් තමා.
ඒ අඩුව පිරෙව්වාට ස්තූතියි.
ඇත්තටම කත්ති චිත්‍රපටය මෙන් මේකත් අන්තිම හරියේ සංවේදි වන්න සලස්වන ෆිලුමක්.
මං මේක 5 වතාවක් විතර බලලා තියෙනවා.
වඩිවේල් ගේ ජෝක්ස් නම් සුපිරි.
එයා බෝට්ටු තරගයට ඉදිරිපත් වෙන්න යන සීන් එක නම් සුපිරියි.
සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ.
දිගටම සබ් දෙන්න ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!
ela ela tnx machn meka balala tyi eth ayet balanawa elx twa sub demu malayalam film walat sub denawa nam watinawa
ස්තුතියි තාරක සහෝ!.. ජය වේවා!
ela broda Thanx for u