Seis Manos [S01 : E01 & 02] Sinhala Subtitles | වීර අනත් දරු තිදෙනා [සිංහල උපසිරැසි සමඟ]
කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, කොරෝනා වෛරසය නිසා ගෙවල් ඇතුළට ම වෙලා ඉන්න ඔයාලට මම මේ පාර ඇන්මේෂන් කතා මාලාවක් අරගෙන ආවා.
Seis Manos “අනාථ දරුවන් තිදෙනෙකුගේ කතාව” Seis Manos ස්පාඤ්ඤ භාෂවෙන් තේරුම වෙන්නේ අත් හයක් යන්නයි. IMDB අගය 7.3 ක අගයක් වාර්තා කළ මෙම කතා මාලාව Brad Graeber සහ Álvaro Rodríguez විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු වැඩිහිටි සජීවිකරණ වෙබ් රූපවාහිනී කතා මාලාවකි. Animation, Short, Action ගණයට අයත් වන මේ කතා වස්තුව 2019 ඔක්තෝම්බර් මස 03වන දින පලමු කොටස තිරගත විය. එක කොටසක් මිනිත්තු 27ක් පුරාවට දිව යන මෙම කතා මාලාව කොටස් 08කින් සමන්විතයි. සටන් කලා ගුරුවරයෙකු විසින් ඇති දැඩි කරන ලද අනාථ දරුවන් භූත බලයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පුරාණ චාරිත්‍ර වාරිත්‍ර හා ලේ පූජා සම්බන්ධ අභිරහසකට ඇද දමා සැන් සයිමන් නගරය තම බලයට යටත් කරගන්න හදන El Baldeගෙන් නගරය මුදා ගන්න හදන ඇමරිකානු DEA නියෝජිතයෙකු සහ මෙක්සිකානු පොලිස් නිලධාරියෙකු වන ගාර්ෂියා නිර්භීත නරගයට හිතැති යුවතියකි. අනාථ දරුවන් තිදෙනෙක් වන සිලෙන්සියෝ, යේසුස් සහ ඉසබෙලා යන අය නගරයේ විනෝද වී නැවත නිවසට බලා එනවිට ඔවුන් දකින්නේ ඔවුන්ගේ ගුරුවරයා වන සීෆු ඝාතනය කර ඇති බවයි. තම ගුරුවරයාව ඝාතනය කරන්න හේතුව සොයා යන මොවුන් ඇමරිකානු DEA නියෝජිතයෙකු සහ මෙක්සිකානු පොලිස් නිලධාරියෙකු වන ගාර්ෂියා සමඟ එකතු වී සැන් සයිමන් නගරය තම බලයට යටත් කරගන්න හදන El Baldeගෙන් නගරය මුදා ගන්නත් තම ගුරුවරයාව ඝාතනය කරන්න හේතුවත් සොයා යනවා. 1970 දශකයේ මෙක්සිකෝවේ ප්‍රබන්ධ නගරයක් වන සැන් සයිමන් හි පිහිටුවා ඇති චීන සටන් කලාව පිළිබඳ පුහුණුව ලත් අනාථ දරුවන් තිදෙනෙකු වටා ගෙතෙන මෙම කතාව කුතුහලයෙන් යුතුව රස විඳිය හැකි හරි අපූරු කතා වස්තුවකි.
පළමු කොටස (Toppled – ඇඳ වැටීම)
සැන්ටා නුසිෆෙරාට මරණ චාරිත්‍රයක් ආරම්භ කර ඇත්තේ ජයිමිටෝ, ඒ ඔහුගේ දෑත් හංවඩු ගසා කළු කුඩු ගන්න. නමුත් චාරිත්‍රය අවසන් වීමට පෙර, ඔහු කුඩු රැගෙන පලා යනවා. කුඩා මෙක්සිකානු නගරයක් වන සැන් සයිමන්හි, අනාථ ඩොමින්ගෝ අඹයක් සොරකම් කර දිව යනවා. කුමක් හෝ අපරාධයක් සිදු වෙනකම් බලා සිටින ෆෙඩරේල් ගාර්ෂියා මේ අඹ හොරා පසු පස ලුහු බඳිනවා. ඔහු පෞද්ගලික නිවසකට පැන ගොස් එහිදී සහෝදර සහෝදරියන් තිදෙනෙකු පුහුණු වෙන අයුරු බලා සිටින විට සීෆු ගුරුවරයා මොහුව දකිනවා. කෙසේ හෝ ඔහුටත් අවශ්‍ය වෙනවා මොවුන් සමඟ චීන සටන් පුහුණු වන්න. ඉසබෙලා, යේසුස් සහ සිලෙන්සියෝ මේ තුන්දෙනා අනාථ දරුවන් වන අතර මොවුන්ට සටන් කලාව උගන්වා රැක බලා ගන්නේ සීෆු නම් වයසක මිනිසෙකි. මේ අතර, ඖෂධ නොමැති එකම මෙක්සිකානු නගරයේ කාටෙල් වැළැක්වීම සඳහා DEA නියෝජිත බ්‍රිස්ටර් ද්වි-ජාතික කාර්ය සාධක බලකායකට අනුයුක්ත කරනවා. ඊළඟ දවසේ ඩොමින්ගෝ අඹ හොරකම් කරපු කෙනා ළඟට ගොස් ආපසු ගෙවීමට තීරණය කරන අතර තුර නගරයට යක්ෂයෙක් ඇවිත් පහර දෙනවා. අනාථ දරුවන් තිදෙනත් ඒ වෙලවෙම ඇවිදින්න ඇවිත් සිටි නිසා ඔවුන් එම යක්ෂයත් සමඟ පොර බැඳ ගෙදර යන විට ඔවුන්ගේ ගුරුවරයා මරා දමා ඇති බව දැක ගොඩක් දුක් වෙනවා.
දෙවන කොටස (Grief – ශෝකය)
ඉසබෙලා සිෆූව භූමදාන කර ඔහුගේ බඩු බාහිරාදිය සකස් කරන අතර, යේසුස් දුකෙන් මත්පැන් පානය කර කර තැබෑරුමට වී සිටිනවා. සිලෙන්සියෝ තම පෙම්වතිය වන ලීනා සමඟ දුක බෙදා ගන්න උත්සාහ කරනවා. ඉසබෙලා චියූව භූමදානය කරන විට ඔහුගේ පිටේ පච්චයක් තියෙනවා දැක්කා. ඉසබෙලාට චියූගේ කාමරයේ තිබී ඔහුගේ දිනපොත හමුවුණා. මේ අතර, එල් බෝල්ඩේ සැන්ටා නුසිෆෙරාගෙන් රුධිරය ලබාගත් සියලුම ලොක්කන්ව රැස්වීමකට කැඳවා, සැන් සැමොන්ට “සැඟවුණු ලොක්කා” වෙනුවෙන් පහර දීමට ඖෂධය ලබා දී ඔවුන්ව යක්ෂයන් කර නගරයට පහර දෙන්න යවනවා.
මෙම කතා මාලාව උපසිරැසි කරන්න මට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් Admin මඩුල්ලට හදපිරි ස්තූතිය පුද කරමින් ඊළඟ කොටසින් හමුවෙමු! හැමදෙනාම ආරක්ෂිතව ගෙදරටම වෙලා ඉන්න.
දෙවි පිහිටයි!
ස්තූතියි!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1022 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-03-11
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Animation serious akakata sub dunnata tnx digatama sub danna
බොහොම ස්තූතියි
Sub ekata thanks ❤
Sub ekata thanx
Thanks jayawewa….!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Machan puluwannam dead snow 2009 sub diyanko loku udauwak
සිංහල උපසිරැසියට ස්තූතියි