Secret Level [S01: E10 & E11 & E12] Sinhala Subtitles | සුපිරි රොබො වීරයා [සිංහල උපසිරසි]
Secret Level Season 01 Sinhala Subtitles
යාළුවෝ හැමෝටම ආයූබෝවන් කියලා පිළිගන්නවා, ඔයාලට මතකද ගොඩක් අය ආසාවෙන් නරඹපු කතාමාලාවක් වෙන Love Death and Robots කතා මාලාව. ඔයත් ඒ කතා මාලාවේ රසිකයෙක්ද? එහෙමත් නැත්තම් ඔයා වීඩීයෝ ගේම්ස් ක්‍රීඩා කරන්න ආස කෙනෙක්ද? ඔයා Love Death and Robots කතා රසිකයෙක්නම් ඒ කතාංගවල තියෙන අමුතු රසට ඔයත් ඇබ්බැහිවෙලා ඇති කියලා හිතනවා. අනික ඒ කතාමාලාව Anthology එහෙමත් නැත්තම් ඒකාංගික කතා කොටස් වලින් සමවිත නිසා නරඹන්නත් හරිම පහසුයි. ඉතිං මම අද අරගෙන ආවේ අන්න ඒ වගේම සුපිරි කතාමාලාවක් කියලා මුලින්ම දැනුම් දෙන්න ඕන. ඔයාලා දැනටමත් මේ කතා මාලාව ගැන දන්නවත් ඇති නොදන්න අය වෙනුවෙන් ඒ ගැන පොඩි විස්තරයක් කියලම සීරිස් එක පැත්තට යමු.
Secret Level කියන්නේ ඇමසන් ප්‍රයිම් වීඩියෝ වෙනුවෙන් ටිම් මිලර් මහත්මයා විසින් නිර්මාණය කරපු ඒකාංගික කතා මාලාවක්. මිලර් මහත්මයගේ Blur Studio සහ Amazon MGM Studios ඒකාබද්ධව තමයි මේක නිෂ්පාදනය වෙන්නේ. ඩේව් විල්සන් මහත්මයා මේ කතාමාලාවේ විධායක නිෂ්පාදක සහ අධීක්ෂණ අධ්‍යක්ෂ විදියට කටයුතු කරනවා. විවිධ වීඩියෝ ක්‍රීඩාවල ඇතුලත් වෙන කථා පහළොවක් තමයි මේ කතාමාලාවට පාදක වෙන්නේ. ඒ වගේම මෙහි කොටස්වල හඬ කැවීම්වලට Arnold Schwarzenegger, Patrick Schwarzenegger, Keanu Reeves, Kevin Hart, Laura Bailey, Heaven Hart, Gabriel Luna, Ariana Greenblatt, Adewale Akinnuoye-Agbaje, Michael Beach, Emily Swallow වගේම Claudia Doumit දායක වෙලා තියෙනවා. Amazon විසින් 2024 අගෝස්තු මාසයේදී Gamescom වලදි තමයි සීක්‍රට් ලෙවල් කතාමාලාව ගැන ප්‍රථම වරට අනාවරණය කරන්නේ. මේකේ පළවෙනි කථාංග අට 2024 දෙසැම්බර් 10 දිනත්, ඉතුරු කථාංග හත 2024 දෙසැම්බර් 17 වන දිනත් ලොව පුරා නිකුත් කරන්න කටයුතු කරලා තිබෙනවා.
Secret Level කතාමාලාව ප්‍රවර්ධනය කිරීමට යොදාගත් Keanu Reevesගේ රුව සහිත පෝස්ටරය
මේ වෙද්දි මිශ්‍ර විචාරක පැසසුම් ලැබිලා තියෙන මේ නිර්මාණයට IMDb 7.4ක අගයකුත්, 68%ක රොටන් ටොමෑටො අගයක් සහ 79%ක ගූගල් මනාපත් ලැබිලා තියෙනවා. Anthology, Science fiction, Fantasy, Action, Horror, Black comedy සහ Psychological drama යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තියෙන මේ නිර්මාණයේ එක කොටසක් මිනිත්තු 8-20 අතර වෙනවා. ඒ වගේම මේ වෙනකොටත් සීක්‍රට් ලෙවල් දෙවන කතාමාලාවක වැඩ කටයුතු ආරම්භ වන බව නිෂ්පාදකවරු සහතික කරලා තියෙන බවත් මතක් කරන්න ඕන. මේ කතාමාලාවේ එක් එක් කොටස් සඳහා ලොව පුරා ජනප්‍රිය වූ විවිධ වීඩීයෝ ගේම්ස් 15ක කතා පාදක කරගෙන තියෙනවා. අද ඉඳන් මේ කතාමාලාවේ කොටස් 3 ගානේ මම ඔයාලට අරගෙන එනවා. එහෙනම් අද කතාංග තුනේ විස්තර බලලා ඉමු.
10. Mega Man: Start – සුපිරි රොබෝ වීරයා
“මෙගාමෑන්” කියන ජපන් වීඩීයෝ ගේම් එක අනුසාරයෙන් තමයි මේ කතාංගය නිර්මාණය කරලා තියෙන්නේ. ඩොක්ටර් ලයිට් විසින් විසින් නිර්මාණය කරන ලද රොබෝ යන්ත්‍ර සියල්ල ඩොක්ටර් විලී කියන දුෂ්ටයා විසින් හැක් කරලා අල්ලගන්නවා. ඒ වගේම මේ රොබෝ යන්ත්‍ර නගරයේ මහා විනාශයක් සිදුකරනවා. “රොක්” කියන්නේ ඩොක්ටර් ලයිට් විසින් හදපු මනුෂ්‍ය පෙනුමට සමාන රොබෝවරයෙක්. මේ රොබෝවරුන්ගේ සංහාරය නවත්වන්න රොක්‍ට හැකිවෙයිද?
හඬ කැවීමේ ශිල්පීන්: Alkaio Thiele, Rick Overton
11. Exodus: Odyssey – දියණිය සොයා තරු අතරට
නික් හැන්සන් කියන්නේ ලයිඩන් ග්‍රහලෝකයේ තමන්ගේ එකම දියණිය වෙන මාරී එක්ක තනියම ඉන්න පියෙක්. නික් දක්ෂ අභ්‍යාවකාශ යානා කාර්මිකයෙක් විදියට වැඩ කරනවා. ඒත් මාරීටනම් ඕන මේ ලෝකෙන් ගිහින් ඈත විශ්වයේ තියෙන තැන් නරඹන සංචාරකයෙක් වෙන්නයි. දවසක් මාරී තාත්තටත් නොකියා මේ සංචාරය අරඹනවා. ඉතිං නික් තමන්ගේ දුව වෙනුවෙන් කොච්චර දුරක් යයිද? ඔයාලා මේක බලද්දි නෝලන් මහත්මයාගේ Interstellar සිනමාපටය අනිවාර්යයෙන්ම මතක් වෙයි කියලා මම සහතික වෙනවා.
හඬ කැවීමේ ශිල්පීන්: Michael Beach, Lily Cowles, Christopher Sean
12. Spelunky: Tally – අමරණීය වික්‍රම මාලාව
ඇනා ස්පෙලුන්කිට දිගින් දිගටම වික්‍රම කරන්න අමරණීය හැකියාවක් ලැබෙනවා. ඉතිං ඇනා මේකට කොහොමද මූණ දෙන්නේ? ඇය දිගටම වික්‍රම කරයිද? නැත්තම් හැමදේම එපා වෙයිද?
හඬ කැවීමේ ශිල්පීන්: Ariana Greenblatt, Merle Dandridge
එහෙනම් සුපුරුදු විදියට තවත් කොටස් තුනක් අරගෙන එන්නම්. ඒ වගේම මට මේ කතාමාලව මට කරන්න බාර දුන්න අපේ සනූප රන්මෙත් මල්ලිට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. එහෙනම් ඔයාලා උපසිරසිය අරගෙන ප්‍රතිචාරයකුත් එකතු කරගෙනම යන්න. ඊලඟ කොටස් තුලින් නැවත හමුවෙමු. ජයවේවා!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 979 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
තෑන්ක්ස් මචං උපසිරැසියට