MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)ෂෙරින් සමාධිසිංහල උපසිරැසි

Scorpion [S01 : E01] |හිතුවක්කාර මොළකාරයෝ…[සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 38 votes.
Please wait...

Scorpion tv 1

කොහොමද යාළුවනේ ඔයාලට? ඔන්න Under the Dome කතා මාලාවෙ දෙවන අදියරේ අවසාන වීම දුකක් උනත් මං පොඩි ඉඟියක් දුන්න මතකද? ඒකේ අඩුව පුරවනවා නෙමෙයි, ඒත් ආයෙත් ඒකේ 3 වන අදියරය පටන් ගන්න කම් ඔයාලට මං අළුත්ම කතාවක් ගේන්න තමයි සූදානම. අළුත් කියන්නෙ ඉතින් මේකෙ පළමු කොටස විකාශනය උනේ 2014 සැප්තැම්බර් 23 උදේ (ලංකාවේ වෙලාවෙන්). ඒ කියන්නෙ පෙරේදා? ඔව්! ඔව්! ආයෙත් ඉතින් අළුත් කතා දෙන්නෙ බයිස්කෝප් අඩවියෙන් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.

CBS නාලිකාවේ අළුතෙන්ම විකාශය වෙන්න ගත්තු මේ කතා මාලාව නිර්මාණය කරල තියෙන්නෙ සත්‍ය කතාවක් ඇසුරින්. ඒ කිව්වෙ මෙහි ප්‍රධාන චරිතය වන වෝල්ටර් ඕ’බ්‍රයන් ගේ ජීවිත කතාව පදනම් කරගෙන. වෝල්ටර් කියන්නෙ අඩු වයසින්ම රජයේ සේවයට බඳවා ගන්න සුපිරි වැඩ්ඩෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි වැඩ්ඩෙක්. හැක් කරන එක තමයි එයා කරන්නෙ. කොච්චරද කිව්වොත් අවුරුදු 12 දි තමයි නාසා ආයතනයේ පද්ධතිය හැක් කරන්නෙ. හිතා ගන්න පුළුවන් නේද මෙයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි කියන එක. දැනට මේ පුද්ගලයා තමයි ලෝකයේ වඩාත් ප්‍රසිද්ධියට පත් වූ Scorpion Computer Services ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරියා. මේ නම සමහරවිට අපේ හැකින් ගැන දන්න යාළුවො අහලත් ඇති. 😀 මෙයා ගැන වැඩිපුර දැන ගන්න ඕනෙ නම් මෙතනින් බලන්න පුළුවන්.

දැන් ඉතින් කතාව ගැන පොඩ්ඩක් බලමු. ඔයාලා හිතනවා ඇති වෝල්ටර් කියන පුද්ගලයට කතාවෙ නමත් එක්ක මොකක්ද තියෙන සම්බන්ධෙ කියල. වෝල්ටර් හැක් කරන කොට පාවිච්චි කරපු username එක තමයි scorpion කියල කියන්නෙ. ඒ වගේම මෙයා ඔක්කොම වැඩ කිඩ දාන්නෙ තනියම නෙමෙයි. මෙයා එක්ක තව සුපිරි වැඩකරුවො තුන් හතර දෙනෙක් ඉන්නවා. කතාව බලලම ඉඳිමු එයාල මොන වගේද කියල බලන්න.

කතාවේ රඟපාන අය දිහා බැලුවොත්, මහ මොළකරු වෝල්ටර් ගෙ චරිතයට පණ පොවන්නෙ Elyes Gabel (Game of Thrones, World War Z). ඊටඅමතරව ප්‍රධාන නිළියගේ චරිතය පේජ්ට පණ පොවන්නෙ Katharine McPhee. සෙසු චරිත වලට නියෝජිත කේබ් ගැලෝ ලෙස Robert Patrick (X-Files), ටෝබි ලෙස Eddie Kaye Thomas (American Pie), සිල්වෙස්ටර් ලෙස Ari Stidham, හැපී ලෙස Jadyn Won රංගනයෙන් දායක වෙනවා. හරි… නළු නිළියො ගැන විතරක් කියලම බෑ. මොකද මේ කතාව අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කරන්නෙත් එසේ මෙසේ කට්ටියක් නෙමෙයි. Fast and Furious, Star Trek, Prison Break, Sleepy Hollow වගේ සුපිරි නිර්මාණ වලට දායකත්වය දුන් අය මේ කතා මාලාවටත් දායකත්වය ලබා දෙනවා. මං බලපු කතා මාලාවන් එක්ක මේක ටිකක් Arrow, Agents of Shield, Intelligence වගේ. නව තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන එදිනෙදා අපට මුහුණ දෙන්න වෙන අභියෝග සම්මතයෙන් පිට ජය ගන්න ආකාරය පෙන්නනවා.

කියෙව්වා වැඩිද මන්දා. කොහොම හරි අද ඉඳන් මාත් එක්ක එකතු වෙලා මේ කතා මාලාව නරඹන්න ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. මේකේ trailer එක පහලින් බලන්න පුළුවන්. එතකොට අදහසක් ගන්න පුළුවන් වෙයි. තාමත් නිකුත් වෙලා පොඩි කාලයක් නිසා IMDB Ratings වල නම් ලොකු අගයක් ලැබිල නෑ. (IMDB Ratings = 7.3) අළුතෙන් නිකුත් වෙන හැම කොටසක් ම නිකුත් වෙලා දවස් 2 ක් ඇතුලත ලබා දීමට උපරිම උත්සාහ කරනවා. මේ කතාවෙ චරිත වලට වේගවත් කතා ශෛලයක් තියෙනවා. ඒ නිසා මේකෙ ගොඩක් වෙලාවට තියෙන විද්‍යාත්මක, තාක්ෂණික යෙදුම් සහ සමහර ඉංග්‍රිසි යෙදුම් එලෙසම බොහොම සරලව පැහැදිලි කරල දෙන්න මං උපරිම උත්සාහ කරනවා. ඒත් මේ වැඩේට මං තාමත් අළුත් වගේම ඉක්මනින්ම මේ කතාව ඔයාලට ලබා දෙන්න ඕනෙ නිසාත්, මට හැකි උපරිම වේගෙන් උපසිරැසි ලබා දෙන්න ගන්නා උත්සාහයේදී සුළු අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැනත් සමාව ඉල්ලනවා.

එහෙනම් මේ කතාව බලලා, අඩුපාඩු පෙන්වල දෙන්න කමෙන්ටුවකින් සහයෝගය ලබා දෙන්න කියල කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මට මේ වැඩේදි සහයෝගය ලබා දෙන බයිස්කෝප් කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වෙන ගමන්, ලබන සතියෙ මේ කතා මාලාවෙ දෙවන කොටසින් හමු වෙමු. ජය වේවා !

Scorpion (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/XULh” type=”icon” “center” newwindow=”yes”] 311 MB කොපිය මෙතනින් බාගන්න[/button]

42debbeeaaee190c1ed6653a56aae5b3a0130e63

[button link=”http://tinyw.in/ELyB” type=”icon” “center” newwindow=”yes”] 1.09GB කොපිය මෙතනින් බාගන්න[/button]

836dfbd494c315fe2b3417155a2cb6ab4c63efbb
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 20039 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                                               All Episodes                       Next Episode >>

93 thoughts on “Scorpion [S01 : E01] |හිතුවක්කාර මොළකාරයෝ…[සිංහල උපසිරසි සමඟ]

  • Malith samarawickrama

    Thanks so much subtitle ekata.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි……………………

    Reply
  • Nirodha uthpala

    Mama adai balanna patan fatter thx akki

    Reply
  • ගොඩාක් පින්

    Reply
  • ෆට්ටයි ෆට්ටයි ෆට්ටම ෆට්ටයි….!!! එලකිරි කතාවක් වගේ. පලවෙනි එපිසෝඩ් එකෙන්ම කතාව මුලු සර්වාන්ගෙටම වැදුන……සබත් එලකිරියටම දීල තියෙනව….ගොඩාක් පින්. එහෙනම් දිග ගමනක් යන්න සුබ පතනව…….! baiscopelk ටීම් එකට 2015 සුබම සුබ සබ් වැඩි වැඩියෙන් දෙන්න පුලුවන් වෙන වාසනාවෙන් පිරුන අවුරුද්දක් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව……! ජයවේවා……..!!!

    Reply
  • sub ekata thanx aaaaaa

    Reply
  • ස්තුති සහෝදරිය…
    මේකත් ලස්නයි වගේ…

    Reply
  • #ChalinduDeshan (කිනා)

    අද තමා බාන්නේ.
    බලමු.
    ජය!

    Reply
  • අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි අක්කේ !
    ඔන්න මාත් පටන් ගත්තා .
    ජය .

    Reply
  • thanks කියල වැඩක් නැ සුපිරි

    Reply
  • Chinthaka chathuranga

    Thanks dr

    Reply
  • ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි 😛 ජය

    Reply
  • this is a awesome tv show .Thank you very much …..

    Reply
  • නියමයි සුපිරි වැඩක් ජයවේවා

    Reply
  • බොහෝම ස්තුතියි උපසිරැසියට patta digatama karagena yanna

    Reply
  • thankz akee…………………….
    supiri kathawak wage………………..
    digatama dhemu aaaaaaaaaa

    Reply
  • දුක‍ා

    පට්ට මචංංං කියලා වැඩක් නැ

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සුපිරි වැඩක් ජයවේවා…
    ඉදිරියටම යමු… සුභපැතුම්.

    Reply
  • Gayan sampath

    ස්තුතියි සහෝදරි….

    ජය වේවා..

    Reply
  • බොහොම ස්තූතියි ෂෙරින් සහෝ සිංහල උපසිරැසියට. සුපිරි කතාවක් වගේනේ. බලමු බලන්න එහෙනම්. ජය෴෴ 😛 😛

    Reply
  • mekanam niymai. ikmanata 2nd episode ekath danna,thaqzzzzzzzzzzzzzz

    Reply
  • meka digatama ona..patta..

    Reply
  • “චූටී මල්ලි”

    එහෙනම් මේකයි වැඩේ
    එල කට්ටිය ඒ අයගෙ අදහසුත් දාල තියෙන්නෙ බලලා
    එල එහෙනම් දිගටම දෙන්න
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • Sameera Dilshan

    බොහොම ස්තුතියි සහෝදරි …………….!

    Reply
  • Meka nm supirima kathawak….digatama sub demu….elz….

    Reply
  • සබ් වලට බොහොම ස්තූතියි.
    ඉදිරි වැඩ වලට ජය

    Reply
  • kathawa nam pattama patta ayeth kiyanna deyak naa superb……E02 enakan api ban inne ekath ikmanta denna thanks lot

    Reply
  • thanks… suba pathum.

    Reply
  • sthuthi sahodare……jaya wewa!!!

    Reply
  • sub ekata thanks.. but 311MB link eka block karala…

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    තාමනම් ඩවුන්ලෝඩ් කලේ නැහැ,…
    දැන්ම ඩවුන්ලෝඩ් කරන්නෙත් නැහැ..
    මුලින් මේක බලපු දෙතුන් දෙනෙක්ගෙන් අහලා ඉන්න ඕන කතාව එලද කියලා
    කොහොම උනත් උපසිරිඅසියට ස්තුතියි මචෝ..
    ජය වේවා..

    Reply
  • meka nm patta….mtath meka hithata alluwa.digatama denna.menna mmth banawa…..thanks SEREEN sis.ohoma ymu.jaya wewa……..

    Reply
  • 120Mb file eka nadda meke 🙁 :'(

    Reply
  • සුපිරියි අක්කේ…මේ වගේ සීරීස් එකක් එනකන් තමා බලං උන්නේ..සබට ස්තූතියි…ඉක්මනට ඉක්මනට ඉතුරු කොටසුත් දෙන්න ශක්තිය ලැබේවා….

    Reply
  • ඔයාලට ගොඩක් ස්තුති එල කතාවක් වගේ පෙන්නේ අනිවා මේකනම් ගන්නවා 🙂

    Reply
  • niyama kathwak wage ela ela degatma sub demu hode.. jaya.. 😀

    Reply
  • ලාhiru444

    niyamai sub 1ta thank’s

    Reply
  • නියමයි ෂේරින් සහෝදරී..
    තවත් සාර්ථක කාන්තා පාර්ශව නියොජනයක්.
    දිගටම කරගෙන යමු.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • Pattama katawak…… thank… ෂෙරින් 🙂

    Reply
  • හැකින් ගැන තියෙනවනම් ඉතින් ලොවෙත් බලනවා. පොඩි අවුලකට තියෙන්නේ කොපිය ටිකක් ලොකු වැඩියි. ඒ උනාට අනිවා බලනවා. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • Binara Kavishka

    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.ඔන්න මමත් සබ ගත්තා සබට තුති අක්කේ ජය!!

    Reply
  • ස්තුතියි උපසිරැසියට.

    Reply
  • කැලුම් ගුණසේකර

    අලුත් ම එකක් අරන් ආවා නේ? හොදයි හොදයි. ස්තුතියි උපසිරැසියට.

    Reply
  • nice work there….. keep it up…..good luck…….

    Reply
  • Keshan Wasala

    අඩේ සුපිරි එකක් වගේ.. දැන්ම බලනවා. ගොඩක් ස්තුතියි !! සහෝදරි 🙂

    Reply
  • supirima thama….thanks..

    Reply
  • patta kathawak ….
    thanks sub walata

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    ‍ඒ ‍එක්‍‍ක‍ම ‍සු‍පි‍රි ‍ක‍තා ‍මා‍ල‍වක්‍ ‍ව‍ගේ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දී‍ලා ‍ති‍යෙන්‍‍නේ ‍අ‍ඩු‍ම ‍ස‍යිස්‍ ‍කො‍පි‍ය ‍වෙන්‍‍න ‍ඕ‍නේ.
    ‍ඒත්‍ ‍ඒ‍කත්‍ ‍බ‍ර ‍ස‍යිස්‍ ‍නේ.
    ‍ජ‍ය ‍වේ‍වා!!!!!!!!!!!!!

    Reply
  • මෙච්චර ඉක්මනට sub 1 දෙනවට බොහොම ස්තුතියි අක්කේ……

    Reply
  • thnkss sis…hoda katawak wage..digatama denna..niyamai.
    thnkss again..

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි..
    අළුත් කලාවක් ගෙනල්ලා…
    නියමයි වගේ..
    බාන්න නම් ඕනි…
    ජයම වේවා..

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි ෂෙරින් සහෝදරිය උපසිරසට
    බලමු හිතට අල්ලලා යාවිද කියල 😀

    Reply
  • maaxxxa machooooo 🙂

    Reply
  • ගොඩක් ස්තූතියි

    Reply
  • සහෝදරිගේ පලවෙනි උපසිරසියෙන්ම ඔයාගේ උපසිරැසි විලාශය මට සෙට් උනා
    ඉක්මනටම අලුත් වැඩක් කරනවා කීවට කවුද හිතුවේ මෙච්චර
    ඉක්මනට කොරයි කියලා….ඊයේ පෙරේදා ආපු කතා සෙට් එකත් එක්කම මේකත්
    මම අරගත්තා බැලුවේ නම් නැ තාම දැන් ඉතින් සිංහලත් තියන එකේ නොබලා කොහොමද..?
    ඔන්න මමත් සබ ගත්තා සබට තුති අක්කේ ජය!!
    අනිත් එපි ටිකත් ආපු සැනින් ගෙන්න අවැසි ශක්තිය ධෛර්‍ය පතනවා 🙂 🙂

    Reply
  • ඊයේ ඉංග්‍රීසි උපසිරැසි එක්ක පළමු කොටස බැලුවා. බැලුවට පස්සේ තමයි හොයලා බැලුවේ අපේ සයිට් එකෙන් මේකට උපසිරැසි දෙනවද කියලා. දෙනවා කියලා දැනගත්තම, ඉතින් එලස්ස්ස්….. තමයි… මොකද පළමු කොටස මට නම් ලෙසටම සෙට් වුනා. ඉස්සරහටත් එහෙම වෙයි කියලා හිතනවා. ඒ වගේම ෂෙරීන් සොයුරියට බොහෝම ස්තූතියි උපසිරසට… අලුත් කතා සෙට් එකට ගෝතම් එක්ක මේකත් දාගන්නවා එහෙනම්. ජයම වේවා…! ඒ වගේම බොහොම අගේ ඇති ලිපියකුත් එකතු කරලා තියෙනවා. එලස්ස්ස්……… 🙂

    Reply
  • හැකර් වැඩක් නම් සහෝදරී අනිවා බලනවා.
    බොරුවට හිත සනසන්න කියනවා නෙමෙයි. (මෙන්න සිරාවටම බානවා)

    බොහෝම ස්තුතියි උපසිරැසියට

    ආයු -බෝ- වේවා !!!

    Reply
  • බන්ටු

    නියමයි සමාදියො

    Reply
  • ගොඩක් ස්තූතියි ෂෙරීන් සහෝදරිය,,මේ කතාව නියමයි වගෙ. 🙂

    Reply
  • නලින්

    නියමයි සමාදී ! සුපිරි කතාවකට පස්සේ තවත් සුපිරිම කතාවකට අතගහාල නොවැ!

    ජය වේවා.!

    Reply
  • patta katawak wage.. Hacking gana tiyena nisa anivaryenma balanawa. Thanks 🙂

    Reply
  • තෑන්ක් යූ… ඉංග්ලිශ් සබ් එක්ක එක පාරක් බැලුවා. සිංහල සබ් එක්ක ආයේ බලනවා. කතාව නම් සුපිරි…:)

    Reply
  • thanxxx, ela digatama demu,k

    Reply
  • downloading 🙂 hope its good for my taste

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *