MENU

18+ (TV)AllMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසිසිල ප්‍රසාද්හින්දි (TV)

Sacred Games S01E08 Sinhala Subtitles | ශුද්ධවූ මුම්බායි යුද්ධය! [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 9.2/10. From 50 votes.
Please wait...

පොලිස් නිලධාරී සර්ටාජ් සිං! මුම්බායි පොලීස් ස්ථානයේ රාජකාරී නියතු අවංක පොලිස් කොස්තාපල් වරයෙක්. දවසක් දා, හිටිහැටියේම නොසිතූ අයුරින් ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙනවා.

සර්ටාජ් සිං මහත්තයෝ…
ඔහේ ආදරය කරන මුම්බායි නගරය තව දවස් 25ක් යද්දී සහමුලින්ම විනාශ වෙලා යනවා.
හැමකෙනාම මැරේවි…
ත්‍රිවේදි ඇරෙන්න!
පුළුවන් නම් ඊට කලින් ඔහේගේ මේ නගරය බේරගන්න බලනවා!

මෙහෙම කියපු වසර ගණනාවක් තිස්සේ ලෝකෙන් වහං වෙලා ඉඳපු, අතිශය දරුණු, සටකපට, සූක්ෂම, මිනීමැරුම් එකසිය පනහකට අධික සංඛ්‍යාවක් සඳහා චෝදනා ලැබ සිටින ගයිතොන්ඩේ නම් වූ අපරාධකරුවා, සර්ටාජ් සිංගේ දෑස් ඉදිරිපිටදීම හිසට වෙඩි තිබාගෙන සියදිවි නසාගන්නවා.

කිසිඳු කොනක් පටක් සොයාගත නොහැකි ප්‍රහේලිකාවක් බඳු වූ අභිරහසක්… දවස් 25 කින් මුළු මුම්බායි නගරයම විනාශ වී යන බවට තර්ජනයක්… සිදුවන්නේ කුමක්ද, කවුද මේකට සම්බන්ධ කියලා හොයාගන්න පොලිස් නිලධාරී සර්ටාජ් සිං එක්ක රෝ නිලධාරී අංජලී මාතුර් අත්වැල් බැඳගන්නවා. හැබැයි, මේ වැඩේ කිසිසේත්ම ලේසි පහසු වැඩක් වෙන්නේ නම් නැහැ. පියවරෙන් පියවර, පැටලුමෙන් පැටලුම විසඳමින් ඉදිරියට ගමන් කිරීමේදී අදහාගත නොහැකි දේවල් සිද්ධවුණා. සිත් කළඹවන අහිමිවීම් සිද්ධවුණා. මේ අතරින් වඩාත්ම දරුණු, සිත් කළඹවන අහිමිවීම තමයි පහුගිය කොටස අවසාන භාගයේ සිද්ධවෙච්ච රෝ නිලධාරිණි අංජලී මාතුර්ගේ ඝාතනය. විශේෂත්වය තමයි, මේ වෙද්දී කතාවේ ප්‍රධාන චරිත තුනෙන් පණපිටින් ඉන්නේ එකම එක ප්‍රධාන චරිතයක් විතරයි. එතකොට කවුද දුෂ්ටයා වෙන්නෙ? අනිත් හැම ප්‍රධාන චරිතයක්ම ඝාතනය කරලා දාලා, අවසානයේ එක ප්‍රධාන චරිතයක් පමණක් ඉන්න, දුෂ්ට චරිතයක් ගැන ඉඟියක් වත් නැති, කතා මාලාවක අවසාන කොටස! සැකයක් නැහැ මේ වගේ කතා මාලාවක් නම් මීට පෙර නරඹලා තියෙනවා වෙන්න බැහැ. නමුත්, වගකීමෙන් කියනවා, මේ අවසාන කොටස තමයි මේ සම්පූර්ණ කතා මාළාවම ගත්තම හොඳම කතාව. ත්‍රාසය, භීතිය, කුතුහලය අතරේ ක්‍රියාදාම දර්ශන කීපයක් පවා අන්තර්ගතවෙන මේ අවසාන කොටස අවසානයේ සිද්ධවෙන්නෙ ඔබ කිසිසේත්ම බලාපොරොත්තුවෙන අවසානයක් නම් නෙමෙයි. අන්තිමේදී දවස් ගාණක් තිස්සේ පිස්සෙක් වගේ මේ සිද්ධවුණේ මොකක්ද කියලා හිත හිත ඉන්න තමයි වෙන්නෙ 😀 ඒ වගේම දුකින් වුණත් කියන්න ඕනේ, කතා මාළාව මෙතනින් ඉවර වෙන්නේ නම් නැහැ. කුතුහලය උච්චතම ස්ථානයට ගෙනැල්ලා, ප්‍රේක්ෂකයා කරකවලා කරකවලා, තට්ටු ගානකින් බිමට අතෑරියා වගේ, හැමදෙනාම අන්දුන්කුන්දුන් කරලා කතාව අවසාන වෙනවා. ඉතිං, ඉවසන්න පුරුදු වෙන්න… මොකද, වෙන්නේ මොකක්ද කියලා දැනගන්න නම් ඔබට ඉවසන්න වෙනවා ඊළඟ කතා සාමය වෙනකම් 😀

මීට කාලයකට ඉහතදී, ලෝ ප්‍රකට නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් නිවේදනය කළා ඔවුන් බොලිවුඩ් කතා මාලාවක් නිෂ්පාදනය කරනවා කියලා. මෙහෙම කිව්වම ගොඩක් දෙනා හිනා වුණා.

“අපෝ, අපි නම් ඔය ජරාව බලන්නේ නැහැ” ,
“ඔයිට හොඳයි ඔය වෙලාවේ හොඳට නිදාගන්නවා” ,
“ඕකත් අර මහගෙදර, ශිවන්‍යා වගේ තියේවි”

මෙහෙම තමයි අපේ රටේ සමහර ඔස්තාර්ලා කිව්වේ. පුදුමයක් නැහැ, ලෝ ප්‍රකට සිනමා විචාරකයන් පවා මේ දිහා අවඥාවෙන් බලපු කාලෙක, අපේ රටේ උදවිය ගැන කවර කතාද? නමුත්, මේ කිසිම බාධාවකින් නෙට්ෆ්ලික්ස් ආයතනය වත්, නිෂ්පාදකයින් වත් සැලුණේ නැහැ. කතා මාලාවේ ප්‍රධාන චරිතය සඳහා ඔවුන් යොදාගත්තා සායිෆ් අලී ඛාන්, නවුසිද්දීන් සිද්දික්, රාධිකා ආප්තේ ආදී බොලිවුඩ් පුරවරයේ නම රැන්ඳු තාරකාවන් ත්‍රිත්වයක්. කතා මාලාව අධ්‍යක්ෂණය කලේ, බොලිවුඩ් පුරවරයේ අද්විතීය අධ්‍යක්ෂක දෙපලක් වන Anurag Kashyap සමගින් Vikramaditya Motwane විසිනි. ජූලි මාසේ 6 වෙනිදා කතා අටකින් සමන්විත මේ වෙබ් සීරීස් එක සම්පූර්ණයෙන්ම අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවා. ඒත් සමගින් මේ දක්වා උපහාසයෙන් සිනහ වෙච්ච සිනමා විචාරක ඔස්තාර් වරුන්ගේ කටවල් සදහටම වැහුනා.

මේ සටහන ලියවෙන මොහොත වනවිට Imdb දර්ශකය තුල විසිපන්දහස ඉක්මවූ මනාප සංඛ්‍යාවකින් 9.2 ක් වැනි අති දැවැන්ත අගයක් ලබාගමින්, එදා මෙදා තුර නිෂ්පාදනය වූ කතා මාලා අතුරින් Top Rated TV ලැයිස්තුවේ 28 වන ස්ථානය තමන් සතු කරගෙන සිටින්නේ, තමන්ට සිනහ වූ සිනමා විචාරකයන් යැයි පවසාගන්නා තැනැත්තන් හට හොඳවයින් කනේ පහරක් එල්ල කරමින්.

ඔබ තවමත් කතා මාලාව සමගින් එකතු වුනේ නැද්ද? එකතු වෙන්න අදහසක් හෝ නැද්ද? එසේනම් හිතාගන්න, ඔබගේ නොලැබීම හෝ අවාසනාව කියලා. මොකද, මේ දක්වා කතා මාලාව සමගින් එකතු වෙලා ඉඳපු රසික රසිකාවින් දන්නවා ඔවුන්ව මේ කතා මාලාව තුලින් කොයි තරම් ඇබ්බැහි කරගත්තද කියලා. හැමදෙනාම ඊළඟ කොටස් සඳහා උපසිරැසි ලබාදෙනකම් අතිශය නොඉවසිල්ලකින් පසුවුනේ.

ඒ නිසාම, දවසක් ඇර දවසක් විදියට හරි පුළුවන් ඉක්මණට කතා මාලාවට උපසිරැසි ලබාදෙන්න පුළුවන් වුණා කියලා හිතනවා. මොකද, ලොකු අභියෝගයක් වුණා මේ කතා මාලාව. මේ තමයි මං උපසිරැසි ගන්වපු පළවෙනි කතා මාලාව. ඉතිං, කොච්චර චිත්‍රපටි වලට උපසිරැසි ගන්වලා තිබුණත්, කතා මාලා ක්ෂේත්‍රයට තවම මං ආධුනිකයෙක්. ඒ වගේම, මේ කතා මාලාවේ ඉංග්‍රීසි උපසිරසියක් නිකමට හරි දාගෙන බලපු අය දන්නවා ඇති මොන මට්ටමේ උපසිරැසිද තිබුනේ කියලා. කිසිම ඉංග්‍රීසි දෙබසක් සඳහා උපසිරැසි යොදලා තිබුනේ නැහැ. ඉතිං, ඒවට අලුතින් කාල රාමු නිර්මාණය කරගෙන, අසා ලිවීමක් කරන්න වුණා. ඒ වගේම, ඉංග්‍රීසි උපසිරසියේ නොසෑහෙන්න වැරදි තිබුණා. කොරේ පිටට මරේ කියනවා වගේ, පුළුවන් උපරිමයෙන් මේ හැමදෙයක්ම හදාගෙන තමයි කරන්න සිද්ධවුණේ.

දවල් දවසේ වෙලාවක් නැති නිසා, රෑට නිදි මරාගෙන සහ, උදේට වේලාසනින් නැගිටලා තමයි මේ සම්පූර්ණ කතා මාළාවටම ඔබ වෙතට උපසිරැසි අරගෙන ආවේ. එහෙම වෙලත්, ප්‍රමාදයක් නැතුව අරගෙන එන්න පුළුවන් වුණා කියලා හිතනවා. කතා මාලාව වෙනුවෙන් කොච්චර කට්ටක් කෑවද, කොහොමද කලේ… කවුරුවත් මේ දේවල් දන්නේ නැහැ. දැනගන්න උවමනාවකුත් නැතුව ඇති. කොච්චර අමාරුවෙන් වුනත්, හැමදාමත් හැම කොටසකටම වගේ වචනෙකින් හරි දිරිගැන්වීමක් කරපු සීමිත පිරිස වෙනුවෙන් තමයි හැකි උපරිමයෙන් නොකඩවා මේ කතා මාලාව අරගෙන ආවේ. වචනයකින් හරි දිරිමත් කිරීමක් නොකරන අය ගැන නම් මගේ කිසිම තැකීමක් නැහැ. මොකද, උපසිරසියත් අරගෙන, මුකුත් නොදන්න ගාණට උපසිරැසිකරුවත් ගණන් ගන්නේ නැතුව යන උදවියව අපි මොකටද තැකීමක් කරන්නේ? ඒ නිසා, මේ කතා මාලාව පුරාවටම වචනයකින් හරි දිරිමත් කරමින්, හැමදාමත් මාත් සමගින් ඉඳපු සීමිත ප්‍රේක්ෂක පිරිසට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ පිරිස හිටියෙ නැත්නම් මේ කතා මාලාව මේ තරම් ඉක්මණට කිසිම විදියකින් ඉවරයක් වෙන්නේ නම් නැහැ.

මේ කතා මාලාව මෙතනින් අවසානයක් වෙන්නේ නැහැ. අනිවාර්‍යයෙන්ම දෙවැනි කතා සමයක් නිකුත් වේවි. නමුත්, කවදා කොහොම නිකුත් වේවිද කියලා නම් තවම ප්‍රකාශ කරලා නැහැ. ඉතිං, දෙවැනි කතා මාලාවට උපසිරැසි යොදන එක ගැන මේ වෙලාවේ හරියාකාරව කියන්න අමාරුයි. කරන්නත් පුළුවන්, බැරිවෙන්නත් පුළුවන්. මං නැති වුනත්, සමහරවිට අපේ කණ්ඩායමේ වෙන කෙනෙක් හරි උපසිරැසි යොදාවී කියලා හිතනවා.

එහෙනම්, සමුගෙන යන්න අවසරයි. වචනයකින් හරි දිරිමත් කරපු හැමදෙනාමට නැවතත් ස්තුතිවන්ත වෙනවා. ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11491 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

             

 

171 thoughts on “Sacred Games S01E08 Sinhala Subtitles | ශුද්ධවූ මුම්බායි යුද්ධය! [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • Aravinda Fernando

    Bohoma Sthuthi…

    Reply
  • Thank you for the sub..:)

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Thnx for sub …❤️

    Reply
  • Tharindu07

    Thank Machoo…. for all…..

    Reply
  • Scared Games Season 02 Subtitles Kooooo ??

    Reply
  • Pramukmili

    thanxx bro…………..

    Reply
  • Chathurathiwanka

    Seson 2 sub eka search karata denne nette ai..?

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • Great Job, Thank you very much…!

    Reply
  • Thisara Dilshan

    thankx sahoo sub ekata…

    Reply
  • Sajithlakshan

    thanks ……………

    Reply
  • Bohomathma Esthuthi kathangaye siyaluma upaditi walata.. OBATA JAYAH…

    Reply
    • sacheee35

      උපසිරැසි වලට ස්තූතියි

      Reply
  • herathchathu

    ALL EP WALATAMA THANKSS… GOOD LUCK….
    PAHARA…..

    Reply
  • sampath1126

    නියම වැඩක් ස්තූතියි… තව එකක් කරමු. …

    Reply
  • සිසිල අයියා කරොත් ඉතින් සුපිරියක් තමා,
    ඔන්න සබ් ඔක්කොම බා ගත්ත,
    අනිවා ඔක්කොම බලනව.
    ස්තූතියි සබ් එකට.

    Reply
  • Chinthana kulathunga

    නියම වැඩක් සහෝදරයා කලේ , කවුරු comment කරත් නැතත් පුලුවන් විදියට දිගටම වැඩේ කරගෙන යන්න .අපි ඉන්නව ඔයා එක්ක දිගටම .ජය !!!

    Reply
  • Udara Damith Dissanayaka

    den thama balanne ela

    Reply
  • Thanks dude…… for sub

    Reply
  • blackLion007

    Thanks for the sub………. …..

    Reply
  • upasirasa labadimata katauthu kala sisila sahodarayata sthuthi

    Reply
  • යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි

    Reply
  • all the best,,,Gr8 work

    Reply
  • Good job bro…මහන්සියෙන් කරපු දෙය ඉස්තරම්ම

    Reply
  • Lahiru Lakshan

    thanks machn…

    great work…wish u all the best…..

    Reply
  • janakadinu

    විශිෂ්ඨයි සහොදරයා..ඔබගේ මහන්සියට කැපවීමට පිංසිද්ධ වෙන්න සුපිරිම කතා මාලාවක් බලන්න හැකි උනා..ඔබට ස්තුති කරන්න වචන නෑ..ඔබගේ සියලු පැතුම් ඉටුවී දියුණුවෙන් දියුණුවටම පත් වේවා..

    Reply
  • Oshan dilu

    මං බලපු සුපිරිම ඉන්දීය ටෙලි කතා මාලාව .කතා දෙකක් නෑ ඔබට ගොඩක් ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Nicely done, Thank you

    Reply
  • Thank you sahoo sub valata

    Reply
  • Thankk You………………..

    Reply
  • Thank you saho sub tika niyamai.2 season ekath oyama karanna.god bless.

    Reply
  • Raazrinaz

    Thanx sisila pissek wage balapu ekak
    Anthimata iwara wena ekath abirahasak wagene iwara wenne

    Reply
  • Chanditha

    Elama machan.. Niyama tv series eka. Bohoma Isthuthi subs walata.. Digatama karamu 🙂
    Jaya wewa !!

    Reply
  • Sub ekata thanks saho.angathayata suba pathanawa.oyama season 2 ekath karanna.

    Reply
  • bohoma sthuthi aiye me wage supiri kathawakata sub eka dunnata…. jaya wewa!!

    Reply
  • Wow thanks sir we enjoy a lot. Thank you and god bless. Keep up the good work.

    Reply
  • Janasanka

    Supiri TV series eka..
    Mekata sub karata thaks bro…
    Obeta jaya…!!!

    Reply
  • Sudheera Kasun

    Thanks Machan… Dawasin season ekama beluwa…. Patta…!
    Thanks again..!!

    Reply
  • thanks , need season 2 10/10 series

    Reply
  • chanakairugal

    ube post eaka dakala download kare… thanks mcn…. download wenakan inna ba wage 🙂

    Reply
  • bohoma sthuthi sisila saho sab dunnata jayen jaya…!!!

    Reply
  • සුපිරි කතාවක්…සබ් එකට තැන්ක්ස්…

    Reply
  • lakshitha2000

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    Reply
  • Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxx

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි කතාවක්….
    Inside Edge බැලුවට පස්සේ Amazon, Netflix වගේ ඒවගෙන් හදන ඉන්දියානු කතා ගැන බයක් තිබ්බේ නැ…
    තවත් අලුත් කතාවක් අරන් එමු මේ වගේ…

    Reply
  • Shanilka vithanage

    Thanx bn..machan terror 2018 tvseries ekata sub dapanko

    Reply
  • Thank You bro…!!!

    Reply
  • එලම තැන්ක්ස්

    Reply
  • buddikakb

    ස්තූතී සහෝ…

    Reply
  • Wijesingha

    godak sthuthiy saho

    Reply
  • TharakaWAS

    Amma….ela..ela…sabata thanks saho….
    Digatama hoda ewa denna…
    Jaya wewa….!!!!

    Reply
  • ela ela thanx dude
    keep it up

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks………!

    Reply
  • tnx sahoo me wage ekak dunnata keep it up

    Reply
  • Thanks machan…….jayawewa……!

    Reply
  • Thamalkarunarathna

    ela ela niyamai thanks

    Reply
  • Sam Yashan

    Thanks macho… jaya wewa..!

    Reply
  • දැන් බලන්නයි හදන්නේ..
    බොහොම ස්තූති පුළුවන් ඉක්මනින් ලබාදුන්නට..
    තවත් සුපිරිම කතා වලින් හම්බෙමු…

    Good luck..

    Reply
  • ss.sinhala

    ammoo tnx machn enakm balgena hitiye..wade supiri

    Reply
  • maduranga012

    නියමයි මචන්තාම බැලුවෙ නෑ ඔක්කොම දෙනකම් හිටියෙ.. ✔✔ උපසිරැසියට ගොඩාක් පිං මචෝ … අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න සුභ පතනව..

    Reply
  • tharanga_sanjeewa

    good job machan thanks

    Reply
  • බොහෝම ස්තුතිය මචං

    Reply
  • Sameera_Ind

    Thanks brother
    ඊලඟ සීසන් එකත් කරමු කොහොම හරි

    Reply
  • ස්තුතියි මචං!

    Reply
  • Nimesh sasanka

    nikamata wge hithuna kthwa yana vidihata Season 2k eido kiyla…den ithin enwne…me epiya hodma thenak thiyala iwra wei…ilaga eka enakal ithin delo nethuwa kalpana krnna wenwa monwda une kiyla….thanx mchn sub ekata..sub neththan me kathwe monwda wenne kiyla hitha ganna wath be….ilaga season ekatath sub denna kiyla illanwa..jaya wewa saho….

    Reply
  • akilabandara

    tnq machoo..!!!

    Reply
  • widuranga

    elama broooooo thanx subtitle okkotamaaaa

    Reply
  • TMKavindulakmal

    niyamayi maru kathawak !

    Reply
  • asanka_mapa

    මෙි tv season eka හොදයිද මම තාම බලලා නැ…. බලන්න සුපිරි කතිවක්ද?

    Reply
  • lakmal chathuranga

    tank sho Sacred Games digatama dunnta jaya wewa!!! new akak awoth akath denna

    Reply
  • lakmal1983

    බොහොම ස්තූතී මචන් කතාව වගේම සබ් ටිකත් එලටම තිබ්බා.සමහර කතා,ෆිල්ම් බලන්න ගියාම එපා වෙනව සබ් සෙට් වෙන්නේ නැති උනාම.උඹනම් එලටම දීලා තිබ්බා.පුලුවන්නම් දෙවනි එක ආවොත් උඹම කරපන් මචන්.

    Reply
  • ado thanks mchn series ekatama sub dunnata…anthima epi 3 miss una…dn balanna ona…supiri series eka..ayeth supiri ekakata sub demu….mulu season ekama parakku nokara puluwan ikmanin dunnata thanks

    Reply
  • sisitha samarathunga

    niyamai machan cmnt ekak nodammata meka digatama baluwa.. jayen jaya

    Reply
  • jayen jayama wewa broo!!!
    Thnkz subata,,,thawath me wage supiriyak aran enna…

    Reply
  • බොහොම ස්තූති සහෝ උපසිරසට..ඉංග්‍රීසි උපසිරස දැකපු කෙනෙක් විදියට මං දන්නවා සබ් එක හදන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද කියලා. කතාව නියමයි…ජයවේවා!!!

    Reply
  • පට්ට ආ…ඉක්මනට සබ දුන්නට ස්තූතියි……

    Reply
  • niyamai sahoo niyamai . degatam sub genawata ….. jaya ….

    Reply
  • ස්තූතියි සහෝ.එලම වැඩක්.කට්ට කාගෙන ඉක්මනටම කතාව දුන්නට පින්

    Reply
  • Godakma sthuthi sisila sahodaraya me wage tv series genawata. Awasanaya dakkawama uparima kuthuhalayak tibuna katawak.. Me wage tv series genna hekiwewai jaya pathanawa..

    Reply
  • lasantha...chandimal

    නියමයි යාලු..සුපිරි වැඩක්….දිගටම සබ් කරන්න .ජය වේවා…

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..ඉංග්‍රීසි උපසිරස දැකපු කෙනෙක් විදියට මං දන්නවා සබ් එක හදන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද කියලා. අපිට පුලුවන් එකම දේ කමෙන්ට් එකක දාලා දිරිගන්වන එක විතරයි. ඒ දේනම් අනිවාර්යයෙන් කරනවා. ඒ වගේම කතාවත් නියමයි. බලපු නැති අයට කියන්නේ අනිවාර්යයෙන් බලන්න.තවත් උපසිරසකින් හමුවෙමු..බුදුසරණයි..ජයවේවා!!!

    Reply
    • asanka_mapa

      මෙි tv season eka හොදයිද මම තාම බලලා නැ…. බලන්න සුපිරි කතිවක්ද?

      Reply
  • pradeep hashan

    thanks asawen balapu serious ekak
    ilaga season ekath relese karahama
    ekatath sub demu…

    Reply
  • Patrick melroce එකේ sub එකතදාමු පුළුවන් නම්

    Reply
  • Kaushan Herath

    පට්ට සීරිස් එකක් අරන් ආවට තෑන්ක්ස් සහෝ.දෙවැනි එකත් අනිවරෙන් ඕනේ.

    Reply
  • Malinda bandara

    good job bro…

    Reply
  • chathumal12345

    thanks bro..eelaga season eka awamath me wagema lassanata sub dei kyla hithanawa..

    Reply
  • Chameeradilshan

    jaya wewa saho……. upasirasi walata sthuthi ………….

    Reply
  • අඩෝ… තෑන්ක් යූ බොක්ක. අද මේක බලාගෙනමයි ඔෆිස් ඉඳලා ගෙදර ආවේ… උඹ ඒ පැතුම ඉෂ්ඨ කළා…උම්මාහ්..

    Reply
  • Uditha Dissanayake

    Jayen jayama wewa macho.. next season ekedi ayeth set wemu..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ ඉක්මනටම සබ් දුන්නට… පුළුවන්නම් youtube original සීරිස් එකක් වෙන Impulse සීරිස් එකට සබ් දෙන්න කියලා ඉල්ලනවා… ජය වේවා

    Reply
  • thanks bro ikmantama sub dunnata.supiri machan

    Reply
  • darshana100

    thanks yalu tawa hoda akaak deepan budusaranai yalu

    Reply
  • ela ela thx macho supiri

    Reply
  • බොහොම ස්තුතියි සිසිල සහෝ කරපු කැපකිරීමට,ජයෙන් ජය වේවා!
    පුළුවන්නම් ඊලඟට නිම්රත් කෞර් ඉන්න “ද ටෙස්ට් කේස්“ වෙබ්සීරිස් එක දෙන්න.

    Reply
  • elama…sub ekata thakz..
    puluwannam THE EXORCIST eke season 2 ekata sub dennako loku udawwak..sathi 2kata eka gane hari…plzzzz

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • වැඩේ ඉක්මනින්ම ඉවරකරාට බොහොම ස්තූතියි

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනතුරු අරගෙන ආවාට

    Reply
  • බොහෝම ස්තුතියි sub ekata

    Reply
  • Tharindu-jayalal

    ස්තූතියි ඔබට ✌️✌️

    Reply
  • බොහෝම ස්තූතී… .

    Reply
  • බ්‍රෝ පට්ට පින් බන් කට්ට කාගේන මේ වගේ සබ් 1ක් දුන්නට

    Reply
  • ajith00129

    නියමයි බ්‍රෝ, තව එහෙකට සබ් කරමු, ස්තූතියි

    Reply
  • බොහෝම ස්තූතී සිසිල ප්‍රසාද් සහෝදරයා මේ වගේ ලස්සන
    කතාවක් මග නවත්තන්නේ නැතුව දිගටම ගෙනාවට.
    ඒ වගේම බොහෝම් ස්තූතී සිංහල උපසිරැසි වලටත් 🙂
    තවත් මේ වගේ සුපිරි නිර්මාණයකින් ඉක්මනින් හමුවෙමු.
    ජය වේවා!

    Reply
  • guddaputha

    තෑන්ක්ස් මචන්..
    කරන කැප කිරීම් වලට..
    දිගටම සබ් දෙමු..
    ජයවේවා

    Reply
  • prasadmalaka

    thanks……thanks…..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • sankalpatest

    THANKS MACHAN. SUPIRIMA TV SERIES EKAK

    Reply
  • Thank you very much Sisila. See you again

    Reply
  • Thanks machn sub akta

    Reply
  • Amilperera

    Thnks a lot for sub.. good introduction.. waiting for season 2

    Reply
  • Ashanherath

    Thanks mcn 7i8i ekatama balanava bn ada

    Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝ.! ජයවේවා

    Reply
  • Amila sadagala

    බොහොම ස්තුතියි

    Reply
  • tnx bro great work..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි ……

    Reply
  • dsdkavishka

    Thenks bro, fatta wedak

    Reply
  • kosalachathuranga

    supiri macho tnx

    Reply
  • Kavishal Rasintha

    බොහොම ස්තුතියි සිසිල අයියේ… අම්මෝ සුපිරිම කතාවක්… මෙච්චර ඉක්මනට දුන්න එකට පින්.. gd luck N keep continue
    All the Best….
    ඉස්සරහටත් මේ වගේ හොද සීරිස් එකක් දෙමු

    Reply
  • RAngaprabath071

    Nice work broo

    Reply
  • Tharindu.deshan.lakpriya

    THANKS…

    Reply

Leave a Reply to Nimach273 Cancel reply

Your email address will not be published. Required fields are marked *