Sabotage (1936) with sinhala subtitles | කුමන්ත්‍රණය. [සිංහල උපසිරසි සමඟ]
1936 වසරේ තිරගතවන තවත් කලුසුදු චිත්‍රපටයක්.
වර්ලොක් මහත්මයා සිනමාශාලා හිමියෙක්, නමුත් ඒ අතරම ඔහු විදෙස් ඔත්තු සේවා නිළධාරියෙක්. ලන්ඩන් නගරය තුල දිගින් දිගටම සිදුවන විනාශකාරී සිදුවීම් පිටුපස මේ සිනමාශාලා හිමිකරු ඇති බවට සැක කරන ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය ඒ පිලිබඳ පරීක්ෂණයක් පවත්වයි. මේ පිලිබඳ විමසිල්ලෙන් සිටීමට ඒ අසලම පිහිටි පලතුරු වෙළඳ සැලේ සහයකු ලෙස වෙස්වලාගත් ස්පරීක්ශකයකු යොදවන පොලීසියේ බලාපොරොත්තුව ඔහුගේ බිරිඳ හරහා යම් තොරතුරක් දැනගැනීමටයි. නමුත් කාරණා සොයාබැලීමේදී ඇය මේ කිසිවක් නොදන්නා බවත් , මේ කිසිම දේකට සම්බන්ධ නැති බවත් පොලිසිය තහවුරු කරගනී.
නමුත් අවසානයේ වර්ලොක් මේ සඳහා ඍජු සම්බන්ධයක් ඇති ව පොලීසිය සොයාගනී. ඔහුගේ ගමන් බිමන් ගැන සෝදිසියෙන් සිටීමට පොලීසිය යොදවන නිසා පෙර සැලසුම් කල විනාශයක් අතරමග ඇනහිටින්නේ වර්ලොක් මහත්මියගේ සොහොයුරාට මරණය අත්කර දෙමිනි. තම සොයුරාගේ මෙන්ම නගරයේ සිදුවූ තවත් විනාශකාරී සිදුවීම් වලට ඍජුවම තම ස්වාමියා වගකිවයුතුය යන්න දැනගන්නා වර්ලොක් මහත්මිය වර්ලොක්ව මරාදමයි. බෝම්බය නිමවූ පුද්ගලයා සිනමා ශාලාවට පැමිණෙන්නේ වර්ලොක් මහතා ඝාතනය වූ බව නොදැනයි. පොලිසිය වර්ලොක් මහතාව අත් අඩංගුවට ගැනීමට පැමිණෙන විට එම නිවස තුල හිරවන බෝම්බ කරු බෝම්බයක් පුපුරවාගෙන සියදිවි නසගනී. බෝම්බය පිපිරීමට පෙරම වර්ලොක් මහතා මියගොස් සිටි බව දන්නේ වර්ලොක් මහත්මියත් රහස්පරීක්ෂකයාත් පමණි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි yify පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 571 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි සහෝ සබට
උපසිරැසියට සුබ පැතුම්
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
Thank you very much මචෝ Alfred Hitchcock වගේ කෙනෙක්ගෙ films අපිට දෙනවට. උබනම් සුපිරිම කොල්ලෙක්. උබලවගේ සුපිරි පොරවල් තමයි මේ ලොකේට අවශ්‍ය. උබට සහ උබගේ පවුලේ සියලු දෙනාටමත් ගොඩක් පින්.
පුළුවන් නම් ඇල්ෆ්රඩ් හිච්කොක්ගේ මෙන්න මේ ෆිල්ම් වලටත් සබ දෙන්න
Dial M for Murder (1954) (IMDB 250)
North by Northwest (1959) (IMDB 250)
Strangers on a Train (1951) (IMDB 250)
Rope (1948)
Rebecca (1940)
තෑන්ක්ස් සහෝ ජය වේවා!!!
Dial M for Murder (1954) (IMDB 250)
Strangers on a Train (1951) (IMDB 250)
මේ දෙක දුන්න ඔන්න.
බුද්ධික නුවන් සොයුර,
Stranger on a Train (1951) (IMDB 250) තවම ලැබුණේ නැහැ. ඉදිරියේදී ලබාදෙන්න.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි
බුද්ධික නුවන් සොයුර,
ඔන්න ඔබේ මෙම සිංහල උපසිරැසිය පළමුවෙන්ම ඩවුන්ලෝඩ් කළේ මම. ඒ මන්ද ඔබේ උපසිරසියක් තිබෙනවාද කියා මෙම වෙබ් එකට පැමිණිවිට මම නිතරම සැලකිලිමත්වෙනවා. මෙයත් අනිවාර්යයෙන්ම බලනවා. ඒ මන්ද ඇල්ෆඩ් හිච්කොක් ශ්‍රීමතාණන්ගේ එකක් නිසා. මෙයටත් ඉතාමත් ස්තුතියි! නරඹා තවත් අදහස් දැක්වීමක් කරන්නම්. ඔබට ජය!!!
Withanage Priyantha Dayakeerthi ඔබතුමාගෙ FB එක මෙතන දාන්න.
FB එකේ Priyantha Dayakeerthi යනුවෙන් ටයිප් කරන්න. මෙම වෙබ් එකේ FB ලින්ක් දාන්නේ නැහැ මම හිතන්නේ.