Rating: 8.2/10. From 5 votes.
Please wait...

Saas Bahu Achaar Pvt. Ltd. Sinhala Subtitles
Panchayat නිර්මාණය කරපු TVF කියලා තමා කතාව පටන් ගන්න වෙන්නේ. මොකද TVF එහෙමත් නැත්තම් The Viral Fever නාලිකාව විසින් බිහිකරපු විශිෂ්ට නිර්මාණ බොහොමයක් තිබුණත් Panchayat තරම් වෙනත් කතාවක් ලංකාවේ අපේ බහුතරයක් අතරට ගියේ නැහැ. ඒ නිසාමයි TVF ගැන කතා කරන්න Panchayat ඈදා ගන්න වෙන්නේ. ඊට අමතරව අපේ බහුතරයක් ආස කරපු Flames, ImMature වගේ නිර්මාණත් මේ TVFලගේ වැඩම තමා කියලා කියන්ටෝන.
හරි, මේ කතාව මෙතනට ඇදලා ගන්න වුවමනා වුණේ, අද අරන් ඇවිල්ලා තියෙන්නෙත් TVF වැඩක් නිසා. කතාවේ නම නම් දකින්න ඇතිනේ උඩ තියෙනවා. තේරෙන සිංහලෙන්ම කියනවා නම් “නැන්දම්මා-ලේලි අච්චාරු පුද්ගලික සමාගම” තමා මේකේ නම. TVF නිර්මාණයක් වුණාට නිකුත් කළේ Zee5 ඔස්සේ, 2022 වසරෙදි. IMDb අගය 8.2ක් වගේ දැවැන්ත අගයක් අරන් තිබ්බට TVF වැඩවලට නම් ඒක අමුතු අගයක් නෙමේ කියන්න ඕන. කොටස් 6කින් යුක්ත මේ කතාවට රංගනයෙන් Amruta Subhash, Anjana Sukhani, Anandeshwar Dwivedi, Yamini Das, Anup Soni වගේ අය එකතු වෙනවා.
කතාව ගැන ටිකක් කිව්වොත්, සුමන් කියන්නේ අම්මා කෙනෙක්. සැමියා සහ දරුවෝ දෙන්නා සහ සැමියගේ මව එක්ක සතුටින් සාමාන්‍ය විදිහට ජීවිතය ගෙවපු කෙනෙක්. හැබැයි හිටි හැටියේ සුමන්ගේ මුළු ලෝකයම කඩා වැටෙනවා එකම එක සිද්ධියකින්. ඒ නිසා සුමන්ට මුළු ලෝකෙන්ම හුදෙකලා වෙන්න වෙනවා. ඒ හුදෙකලා ලෝකේ තමන්ට තියෙන ලොකුම සම්පත වෙනුවෙන් සුමන්ට හුදෙකලාවම ලොකු සටනක් කරන්න වෙනවා. ඒ සටන කරගන්න, ඒ සටන දිනාගන්න සුමන්ට පුළුවන් වෙයිද? ඒ ප්‍රශ්නවලට පිළිතුරු මේ කොටස් 6 පුරාවටම විහිදෙනවා.
ඉතින් උපසිරැසි අරන් එන්නම හිතුනේ මේක බොක්කටම වැදුණු කතාවක් නිසා. ඇත්තටම හොඳ කතාවක්. ආවේණික පුංචි පුංචි දුර්වලකම්, Melodramatic සීන් තිබ්බට සමස්තයක් විදිහට හොඳ කතාවක් විදිහට පුද්ගලිකව මට කියතහැකි. සරල කතාවස්තුව, සංවේදී තැන්, Nilotpal Boraගේ කන පිනවන සංගීතය එක්ක බහුතරයකට විඳින්න පුළුවන් කතාමාලාවක් වෙයි කියලා හිතනවා. ඉතින් මේ පලවෙනි කොටස විතරක් අරන් බලනවා කියලා හිතලා හරි මේක බලන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම ජය වේවා.
Saas Bahu Achaar Pvt. Ltd. Sinhala Subtitles



Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 226 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Saas Bahu Achaar Pvt. Ltd. Sinhala Subtitles


Thanks bokkaaa…family type ewa thwa denna…
තෑන්ක්ස් කොල්ලෝ..zee5 දාල තියෙනව දැක්ක මෙක..සයිට් එකට කාලෙට පස්සෙ ආවෙ. මේක් තියෙයි කියල නම් හිතුවේ නෑ…ගින්දර ඈ
Adoo elaaa…
Thank machan sub ekata…
Thanks
ස්තූතියි මයුර සහෝ ඔයාගේ මහන්සියටයි.. සබටයි……
ඔක්කොම එකවර බලමු..
කාලෙකින් නෙ මයුරගෙන් පරණ වයිබ් එකේ අයිතමයක් බලන්න හම්බවෙන්නෙ..ඉතිං නොබල කෝමෙයි❤
මං ආසාවෙන්ම කරපු සබ් එකක්. හැමෝම බලලා මගේ මහන්සියට යුතුකමක් ඉටු කරන්නලා ප්ලීස්. ඔයාලා හැමෝටම ජය පතමි.
okkoma dunnata passema balanaawa