Rocky IV (1985) with Sinhala Subtitles | දැවෙන හදවත් [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන්. සමාවෙන්න පරක්කු උනාට. මෙච්චර කාලයක් බලං හිටියට හැමෝටම ස්තූතියි. ඔන්න ගෙනවා රොකී සීරිස් එකේ හතරවන කොටස. මතකනේ James “Clubber” Lang එක්ක තරඟ කරලා සුපුරුදු විදිහට එයාව KO කරලා රොකී ජයගත්ත හැටි? ඉතින් ඒ සටනින් පස්සේ ඇපොලෝ ක්‍රීඩ් සහ රොකී බැල්බෝආ හොඳම යාළුවෝ උනානේ. තව දෙයක්, මතකනේ රොකී සහ ඇපොලෝ අතර රහසිගත තරඟයක් පැවැත්වුනා. creed චිත්‍රපටයට අනූවනම් ඒ තරඟය දිනලා තියෙන්නේ ඇපොලෝ ක්‍රීඩ්. හරි, මෙන්න මේකයි කතාව,
ලෝක ශූරතාවය ආපහු දින්නට පස්සේ රොකී තීරණය කරනවා විශ්‍රාම සුවයෙන් දිවිගෙවන්න. මේ අතරෙදි තමා සෝවියට් රුසියාව වෘත්තීය බොක්සිං ක්‍රීඩාවට ඇතුලු වෙන්නේ. ඉතින් මේ පාර රොකීට හම්බවෙන ප්‍රතිවාදියා මනුස්සයෙක්ද කියන එකත් හැමෝටම ලොකු සැකයක්. එයාගේ නම ඉවන්(අයිවන්) ඩ්‍රාගෝ(Dolph Lundgren). මෙයා ලේසි පහසු කෙනෙක් නෙවෙයි. සෝවියට හමුදාවේ කැප්ටන් කෙනෙක්. ඒ වගේම ලෝක ආධුනික බොක්සිං ශූරයා. උස අඩි 6යි අඟල් 5යි. බර 118 kg. මේ කතාවේ සඳහන් වෙන ආකාරයට සාමාන්‍ය heavyweight boxer කෙනෙකුගේ punching pressure එක 700 psi. ඒත් ඩ්‍රාගෝගේ ඒක අසාමාන්‍ය විදිහට වැඩියි. ඒ කියන්නේ 2000 psi ටත් වැඩියි. දන්නවනේ Mike Tyson ව? අනුමාන කරලා තියන විදිහට Tyson තමා වැඩිම pressure එකක් දැනට වාර්තා කරලා තියෙන්න. ඒ 1800 ක්. ඉතින් මේ ඩ්‍රාගෝ කියන පුද්ගලයාව පුහුණු කරලා තියෙන්නේ රුසියාවේ තියන උසස්ම තාක්ෂණය යොදලා.
Spoiler Alert.
මේ ඉවන් ඩ්රාගෝට උවමනා වෙනවා රොකී බැල්බෝආ එක්ක තරඟ කරන්න. ඒත් රොකීට කලින් ඇපොලෝ ඉස්සර වෙනවා. ඇපොලෝ කියන්නේ විශ්‍රාම ගත්ත කෙනෙක්. ඒ වගේ කෙනෙක් ඩ්‍රාගෝ වගේ කෙනෙක් එක්ක කොහොම හැප්පෙන්නද? ඉතින් ඩ්‍රාගෝගේ පහරකින් ඇපොලෝ ක්‍රීඩ් බොක්සිං වළල්ලෙදිම මැරිලා වැටෙනවා. ඇපොලෝගේ ආත්මයට සාධාරණයක් ඉෂ්ට කරන්න හිතාගෙන රොකී එකඟ වෙනවා ඩ්‍රාගෝ සමඟ සටන් කරන්න.
කොහොම උනත් ජනතාවගේ ශූරායා වෙච්ච රොකී බැල්බෝට නම් හොඳ කරදර ගොඩක් වැටෙනවා. රොකීට පුළුවන් වෙයිද මෙයාව පරද්දන්න? ඔයාලම ඒක බලන්න.
මේ චිත්‍රපටයේ පසුබිම ගැන කියනවනම්, බොක්සිං වලටත් වඩා සීතල යුද්ධය ගැනයි මේකේ තියෙන්නේ. දන්නවනේ කාලෙක ඉඳලා රුසියාවයි ඇමරිකාවයි තරහයි කියලා. ඉතින් මේ චිත්‍රපටියෙදිත් ඒක හොඳාකාරවම බලාගන්න පුළුවන්. මේ film එකේ fighting scenes බොරුවට shoot කරපුවා නෙවෙයි. මෙතනදි රොකී කන හැම පාරක්ම ඇත්තටම ඩ්‍රාගෝ විසින් ගහපු පාරවල්. මේ fighting scene එකේ scenes තුනක් shoot කරලා ඉවර වෙනකොට Sylvester Stallone ව රෝහල්ගත කරලා තියනවා. හිතාගන්න පුළුවන්නේ. රොකී සීරීස් එකේ වැඩිම ආදායමක් උපයපු චිත්‍රපටයත් මේක කියලා තමයි වාර්තා වෙන්නේ. එහෙනම් ආයෙත් හම්බවෙමු. ජයවේවා. අඩුපාඩු මොනවත් තියනවම් මට කියන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3096 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/KasunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
mage me sub eka downloed karata srt file ekak widiyata neweine save wenne
සබ් එක ඩවුන්ලෝඩ් වෙන්නේ .rar ෆයිල් එකක් විදියට සහෝ. ඒක ඔයා right click කරලා extract කරගන්න ඕනේ. එතකොට තමයි ඔයාට .srt ෆයිල් එක ලැබෙන්නේ.
තෑන්ක්ස් වේවා!!
Thanks for the subtitle. Keep it up the good work.
බොහොම ස්තූතියි !!!
Thank you bro
Rocky V walatath sub dennakoooooooooooooooooooooo
හැමෝටම ස්තූතියි. ඉතුරු ඒවත් දෙන්නම් පුළුවන් තරම් ඉක්මනට.
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අවංකවම ස්තුතිවන්ත වෙනවා මෙම චිත්‍රපට මාලාවට උපසිරසි දුන්නාට. හැකිනම් “Dracula Has Risen From The Grave 1968
” චිත්‍රපටයට උපසිරසි කරන්න කියා යෝජනා කරනවා. මෙම වෙබ් එක තුළ ඇති ඒකාරිත්වයෙන් මිදී වෙනසක් කළ ඔබට නැවතත් ස්තුතියි!
https://www.youtube.com/watch?v=aGOERZPg3EI
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
හැමෝටම ස්තූතියි. අනිත් ඒවත් දෙන්නම්.
Rocky V – 1990
Rocky Balboa – 2006
නියමයි! පට්ට අෑ!!! මම හිතුවේ රොකී ෆිල්ම් කලෙක්ෂන් දෙන ඒක නවත්තලා කියලා. බොහොම ස්තූතියි. ගොඩක් කල් බලාගෙන හිටියා 4 දෙනකම්. 5 වෙනි ෆිල්ම් ඒකත් ඉක්මනට දෙන්නකෝ. Rocky Balboa – 2006
thanks
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
Oya ge subtitle niyamai…digatama karagena yanna…..mama godak movies smart tv ekey
Balanne…mey subtitle formats ekata suport
Karanna…mekata wisadumak denna puluwanda
Kiyala balann…thank you
Sub Ekata Thank You..!!
Direct Link Eka – http://www.pariganakapituwa.com/p/t2dlink.html
BRRip – 655.7MB
#Hail_Hydra
අනේ රොකී 4 රොකී 5 රොකී 100 රොකී 500 රොකී 6000 මොන උනත් මූ ගහගෙන අන්තිමට දිනනවානේ.
https://www.youtube.com/watch?v=Fs0uXGImb2w
https://www.yify-torrent.org/movie/29999/download-rocky-iv-1985-rar-yify-torrent.html
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro.