Raging Phoenix (2009) with Sinhala Subtitles | “ජීවිතය විඳින්න මිස විඳවන්න නෙමෙයි” [සිංහල උපසිරැසි සමඟ]
මේ පාර ගෙනාවේ තායි ෆිල්ම් එකක්.මම තනිකරම ක්‍රියාදාම චිත්‍රපටියක් උපසිරැසි ගන්වපු පළමු අවස්තාව මේක. වෙනදට මම කරන්නෙ එක්කො ඇනියක් නැත්නම් විද්‍යා ප්‍රබන්ධයක්. මේ ෆිල්ම් එක ගැන මට කිව්වෙ මගේ යාලුවෙක්. එයාගෙ ඉල්ලීම නිසා තමයි මම මේක කරන්න ගත්තේ.සබ් එක කරන්න අරන් බැලුවාම මේක සුපිරිම සුපිරි ෆිල්ම් එකක්.ඇතිවෙන්න සටන් තියෙනවා.එක හුස්මට බලන්න පුළුවන්.ඒ වගේම ලස්සන කතාවක්. මේකෙ ප්‍රධාන චරිතෙට පණ පොවන Jeeja Yanin(ඩියූ) Chocolate චිත්‍රපටයේ ප්‍රධාන චරිතයත් රඟපෑවා ඔයාලට මතක ඇති.මේක එයාගෙ දෙවෙනි චිත්‍රපටිය. IMDB අගය 6.2ක් මේ ෆිල්ම් එකට ලැබිලා තියෙනවා. කතාව ගැන කෙටියෙන් කිව්වොත් ඩියූ කියන්නෙ තනියම ජීවත් වෙන කෙල්ලෙක්.එයාගෙ තාත්තා මැරිලා අම්මා විදෙස්ගත වෙලා.මෙයා බෑන්ඩ් එකක සෙල්ලම් කරනවා.හැමෝගෙන්ම මෙයාට වෙන්නෙ අසාධාරණකම්. හරි යාළුවෙක් මෙයාට නෑ. මෙයාව බෑන්ඩ් එකෙනුත් අස් කරනවා.ජගුවර් කණ්ඩායම කියලා සෙට් එකක් ඉන්නවා එයාලා කෙල්ලන්ව පැහැරගෙන යනවා.ඔයාලා අහලා ඇති අපේ ශරීර වල නිපදෙවනවා ස්වභාවිකවම ෆෙරෝමෝන් කියලා රසායන ද්‍රව්‍යයක්.අර ජගුවර් කණ්ඩායම කෙල්ලන්ව පැහැරගෙන ගිහින් ඒ රසායන ද්‍රව්‍ය එයාලගෙ ශරීර වලින් අරගෙන විශේෂ සුවඳ විලවුන් වර්ගයක් හදනවා.ඒක ලොකු ගාණකට අලෙවි කරන්න පුළුවන්. ඒ පර්ෆියුම් එකෙන් කරන්නෙ මොකක්ද කියලා ඔයාලා ෆිල්ම් එක බලලම දැනගන්නකෝ.ඉතින් ඩියූවත් ඒ විදිහට පැහැරගන්නවා.ඒත් එයාව බේරගන්නවා සනීම් කියලා කෙනෙක්.
සනීම්ගෙ බිරිඳවත්(බිරිඳ කිව්වට එයාලා බැඳලා නෑ.ඒත් බඳින්න ගියා) පැහැරගෙන ගිහින්. ඩියූ හිතනවා එයාට හොඳ යාළුවො ලැබුනා කියලා. ඉතින් ඩියූයි,සනීමුයි එයාගෙ යාළුවොයි එකතු වෙලා සනීම්ගෙ බිරිඳව බේරගන්න වගේම ජගුවර් කණ්ඩායමේ වැරදි වැඩ නවත්තන්න සටන් වදිනවා. ඉතින් ඩියූට මේ හම්බෙලා ඉන්නෙ ඇත්තටම යාළුවොද? නැත්නම් එයාලත් ඩියූව රවට්ටයිද?ජගුවර් කණ්ඩායමට විරුද්ධව මෙයාලා කරන සටන දිනන්න පුළුවන් වෙයිද? කියලා ඔයාලම බලන්නකෝ.
ඒ වගේම මේ ෆිල්ම් එකේ තියෙනවා ”Meyraiyuth” කියලා සටන් කලාවක්. ඒ සටන් කලාවෙ හදවත එහෙම නැත්නම් මූලික දේතමයි වේදනාව. කෙනෙක් වේදනා විඳින්න විඳින්න එයා මත්පැන් වලට ඇබ්බැහි වෙනවා.ඇල්කොහොල් වලින් ඇඟට කෙසේ වෙතත් හිතට අමුතු හයියක් එනවලු.අනේ මන්දා ඉතින් මම නම් ඕවා දන්නෙ නෑ.
ෆිල්ම් එකේ නම් එහෙම කියනවා.ඉතින් Meyraiyuth සටන් කලාවෙන් කරන්නෙ ඒ හිතට එන හයිය ඇඟට අරන් දෙන එක. ඒ කිව්වෙ ඒ සටන් කලාවෙන් ගහගන්නවා නම් ඇතිවෙන්න බීලා තියෙන්න ඕනි. මම දන්න තරමින් නම් ඒක ෆිල්ම් එකේ එන ප්‍රබන්ධ සටන් කලාවක් විතරයි. ඇත්ත එකක් වුනොත් අපේ අය කොහෙන් නවතියිද දන්නෙ නෑ.
ඉතින් වෙනද වගේම ඔයාලගෙ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්.ආයෙත් බොහෝවිට ස්කුබි ඩූ ෆිල්ම් එකකින් හමුවෙනකම්(උසස්පෙළ ප්‍රතිපල හොඳ තත්වෙක තිබුනොත්) ඔයාලා හැමෝටමත් බයිස්කෝප් අඩවියටත් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Raging Phoenix.2009.720p.BluRay.x264-AVCHD
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3307 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/-ජයසූරිය-e1409515100721.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ela
බොහොම ස්තුතියි
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks for the subtitles
Thank you machan
නියමයි සහෝ…ජය වේවා.
Me m\ona huyannakda?
sub ekat tanx.2017 awruda jayen jayama vewa!!!!!
බොහොම ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
යථා තත්වයට පත්කරදීමට සහයදෙන
ඔබ සැමට මාගේ ප්‍රණාමය……..!
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
mekata sab illa illa hituye
thanks
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Me dila tiyena copy eka loku wedi aya torrentking website eken hari torrentbutler site eken hari ganna eke tyenawa 1gb copiyak dual audio ekak..e copiyatath me dila tiyena sub eka galapenawa..
බොහෝම ස්තූතියි උපසිරැසියට
මේ film එක හොඳයි. මං බලලා තියේ. ආයෙත් බලන්න ආසයි lol. ඒත් 6.5 GB වගේ copy එකකට මේක වටින් නෑ.
ජය! 🙂
නියමයි සහෝ………………දිගටම සබ් දෙන්න………….!
Torrentking site eke 1gb torrent ekak tynawa..
Ela Ela… Enakam download karan tiyan hitiye..
ela h
Thanks
Seeds teyanna torrent ekak nha bro.ma film eka.pulwan nam link ekak plz
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබට.
ජය…
niayamai…thanks SOHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……