අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිචිත්‍රපටිනාට්‍යමයපවුලේ සැමටබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසිසුදර්ශන (King Suu)ළමයින්ටෆැන්ටසි

Race for Your Life, Charlie Brown (1977) Sinhala Subtitles | බෝට්ටු රේස් ජරමරේ [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 2 votes.
Please wait...
Race for Your Life, Charlie Brown (1977) Sinhala Subtitles

ෆොහ් හොහ් හෝ.. මගෙ රත්තරන් යාලුවනේ.. ඔන්න එහෙනම් මම ආයෙත් ආවා මගෙ 9 වැනි සිංහල උපසිරැසි පරිවර්තනයත් අරගෙන. මේ වතාවේ මම අරගෙන ආවේ Peanuts Comic strip එක පාදක කරගෙන හදපු තුන්වැනි ඇනිමේෂන් චිත්‍රපටයයි.

“හෑ Peanuts කිව්වා. ඒ මොකද්ද ඒ”

ඔයාටත් ඒ ප්‍රශ්නය ආවානම් මම දෙන්නම් ඒකට උත්තරෙත්. ඔයාලා මේ චාලි බ්‍රවුන් කියන කාටුන් චරිතය මීට කලින් අහලා දැකලා තියනවද? නැත්තම් ස්නූපි කියන කාටුන් බලු පැටියාගේ චරිතය හමුවෙලා තියනවද? ඔයාගේ පිලිතුර “නැත” යන්න නම් මම ඒ ගැන සම්පූර්ණ සවිස්තරාත්මක ලිපියක් ලියලා තියෙනවා මෙන්න මේ A boy named charlie brown 1969 චිත්‍රපටයට අදාලව. ඉතින් ඒ චිත්‍රපටයට අදාල මගෙ ලිපිය කියවලා බලන්න මේ ගැන වැඩි විස්තර දැනගන්න ආසනම්.

Peanuts comic strip එකට අදාලව දැනට ඇනිමේෂන් චිත්‍රපට 5 ක් ඇවිත් තියනවා.

1. A boy named charlie brown (1969) ( මම මේකට සබ් දීලා තියෙන්නෙ)

2. Snoopy come home (1972) (මම මේකටත් සබ් දීලයි තියෙන්නෙ)

3. Race for Your Life, Charlie Brown 1977 (මේක තමයි අද එක)

4. Bon Voyage, Charlie Brown and don’t come back!! 1980 ( ඉස්සරහට දෙන්නම් )

5. The Peanuts Movie (2015) (බයිස්කෝප් එකේ සහෝදරියක් මේකට සබ් දීලයි තියෙන්නෙ)

ඉතින් මම ඔය පලවෙනි සහ දෙවැනි එකට සබ් දුන්නා.. මේක තමයි ඒකෙ තුන්වෙනියට ආව චිත්‍රපටය. ඒත් මේ චිත්‍රපට එකිනෙකට කිසිම සම්බන්ධයක් නෑ. කැමති කට්ටිය අරගෙන බලන්න.

මේ චිත්‍රපටය ගැන කියනවා නම් මේක release වෙලා තියෙන්නේ 1977 අගෝස්තු 24 වෙනිදා. ඔව් මේක ඇවිල්ලා පරණ ඇනිමේෂන් චිත්‍රපටයක්. Animation, Comedy, Adventure, family යන ශානර වලට අයත් මෙය IMDB මීටරේ 7.2 ට කරකවලා තියනවා. කුණු තක්කලි දර්ශකේ 50% ක් හා 81% ක audience score (දැන් මේක පොප්කෝන් මීටර් කියලා තියෙන්නෙ) එකකුත් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා.

කලින් චිත්‍රපටය බලපු අය දන්නවා ඇති මේ චරිත සෙට් එක කවුද කිංද මන්ද කියලා… හැබැයි ඒවායෙයි මේකෙයි කිසි සම්බන්ධයක් නෑ. මේ චිත්‍රපටය ගැන කියනවා නම් මේක කලින් දෙකටම වඩා පට්ට. කලින් චිත්‍රපට වලට වඩා ඇනිමේෂන් එහෙමත් යම් ගුණාත්මක තත්ත්වයක තියනවා. (මෙහෙමයි, පරන චිත්‍රපට නිසා අද කාලෙ වගේ විලම්භීත ඇනිමේෂන් නෑ ඉතින්.) Story එකත් කලින් දෙකටම වඩා පට්ට. දැනට ආව චිත්‍රපට පහෙන් අන්තිම එක හැරුණු කොට මේකට තමයි ඊලගට හොදම story එක තියෙන්නෙ කියලා මම පෞද්ගලිකව හිතනවා.

මේකෙ වෙන්නෙ චාලි බ්‍රවුන්, ස්නූපි ඇතුලු අපේ Peanuts gang එක යනවා ඉස්කෝලෙ නිවාඩු කාලෙ summer camp එකකට. ඉතින් ඔය කෑම්ප් එකේ තරගාවලියක් තියනවා. ප්‍රධාන තරගෙ තමයි බෝට්ටු රේස් එකක්. ඉතින් මේකට ඇවිත් ඉන්නවා තව ලමයි. ඔය අතරේ මහ නසරානි කොල්ලෝ කුරුට්ටෝ ටිකක් ඇවිත් මෙතන සද්ද දාගෙන තග දාගෙන රඟනවා. උන් වංචා කරලා ලමයි තරග දිනන්නෙ. ඉතින් කතාවෙ හරි හර වැඩ තමයි වෙන්නෙ.

මේකෙ ප්‍රධාන වශයෙන් පෙපර්මින්ට් පැටී සීන් එකට එන්ටර් වෙලා සුපිරි වැඩ ටිකක් කරනවා. පෙපර්මින්ට් පැටී ව මේකෙ ටිකක් කරලියට ගෙනත් කලඑලි බස්සලා එයාට තැනක් දීලා තියනවා මේ චිත්‍රපටයෙන්.

ඉතින් අපේ සෙට් එකට මේ චංඩි නසරානි කොල්ලන්ගෙන් බේරිලා මේ බෝට්ටු රේස් එක දිනන්න පුළුවන් වෙයිද? පෙපර්මින්ට් පැටී කෙලින පිස්සු මොනවද? ස්නූපි මොනව කරයිද? අපේ චාලි බ්‍රවුනා මොනවගේ පිස්සුවක් නටයිද. ඔය යකා වැඩකට අතගැහුවොත් කුජීත වෙලාම යනවනෙ. මේකෙදිත් එහෙම වෙයිද? එතකොට බෝට්ටු තරගෙ දිනන්නෙ කවුද?
චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා. කලින් චිත්‍රපටය බලපු නැති අයට ඒවත් බලන්න කියලා ආරාධනා කරනවා. ඒත් එකිනෙකට කිසිම සම්බන්ධයක් නෑ කතාවල. මේකෙ මීලග චිත්‍රපටයටත් සබ් දෙන්න බලාපොරොත්තුවක් තියනවා. බලමු අපි..

සිරාවට ම මේකෙ පට්ට සරල සුගම ආතල් වැඩ ගොඩක් තියනවා. Double Meaning නැති කුණුහරප නැති සරල සුගම හරිම ආතල් පුංචි පහේ නිස්කලංක චිත්‍රපටයක් තමයි මේක. මම නම් හරිම ආසයි මේ චිත්‍රපට සෙට් එකට.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේකෙ මහලොකු සීන් බලාපොරොත්තු වෙන්න එපා.. මේක හැමෝටම සෙට් වෙන එකක් නෑ… ගොඩක් අය මේක බලන එකකුත් නෑ. මොකද මේක “පරණයි පරණයි යැයි යැයි යැයි”. ඇත්ත.. හැමෝටම සෙට් වෙන එකක් නෑ ආයෙත් කියනවා. මොකද මේකේ ඔය මහා ලොකු විලම්භීත ඇනිමේෂන් නෑ. සරල සුගම හරිම නිස්කලංක සුන්දර සහ ආදර්ශයක් සහිත හරිම ආතල් ෂෝක් ලමයින්ගේ චිත්‍රපටයක් මේක. ලිපිය අන්තිම වෙනකල් කියෝපු ඔයා නම් අනිවා මේක අරන් බලයි කියලා මං හිතනවා..

නැවත මතක් කරනවා මම මේ චරිත සහ Peanuts comic strip ගැන සම්පූර්ණ සවිස්තරාත්මක ලිපියක් ලියලා තියෙනවා මෙන්න මේ A boy named charlie brown 1969 චිත්‍රපටයට අදාලව. ඉතින් ඒ චිත්‍රපටයට අදාල මගෙ ලිපිය කියවලා බලන්න මේ ගැන වැඩි විස්තර දැනගන්න ආසනම්.

ඉතින් වෙලාවක් ලැබෙන හැටියට තමයි මම මේ සබ් එකක් ඒම කරන්නෙ ඉතින් ෂේපට…

ඉතින් හැමදාමත් වගේ මගෙ ලිපිය අන්තිම වෙනකල් කියෙව්වට ඔයාට බොහොම ස්තූතියි. ඔව් ඔව් ඔයාට තමයි කිව්වෙ. එහෙනම් හැමදාමත් මම අන්තිමට කියනවා වගේ…

කැමැත්ත ඇත්තෝ නරඹත්වා.. ඒස්වා ක්‍රෑහ්.. තුහ්.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEB පිටපත් සඳහා ආදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 25 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුදර්ශන (king suu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-04
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

[/box]

Race for Your Life, Charlie Brown (1977) Sinhala Subtitles

 

3 thoughts on “Race for Your Life, Charlie Brown (1977) Sinhala Subtitles | බෝට්ටු රේස් ජරමරේ [සිංහල උපසිරසි]

  • Anonymous

    බොහොම ස්තූතියි සහෝ මේ සිංහල උපසිරසියට… ජය වේවා…

    Reply
  • සබ් එකට තෑන්ක්ස්

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *