Race 2 (2013) Sinhala Subtitles | වීරයාගේ පළිගැනීම… [සිංහල උපසිරැසි සමඟ]
මම හිතන්නෙ මම අද ඔයාලට අරන් ආපු මේ චිත්‍රපටය ඔයාල නොඉවසිල්ලෙන් බලන් හිටපු එකක්. හැබැයි මේක දෙන්න දවසක් විතර ප්‍රමාද වුනා. හදිසියේ තමයි වැඩේ කරන්න බාර ගත්තෙ. අනිත් එක ලැබෙන වෙලාවත් අඩුයි. එහෙමයි කියල සබ් එකේ ගුණාත්මක බවට නම් කිසිම අඩුවක් කරන්නෙ නෑ. කොච්චර වෙලා ගියත් වෙනද වගේම ඔයාලට කියව ගන්න පහසු වෙන විදියට සබ් එක දාල තියෙන්නෙ.. මේකෙ පළවෙනි රේස් එක ඔයාල බලන්න ඇතිනෙ. ඒක බලපු දවසෙ ඉඳන් මාත් නොඉවසිල්ලෙන් හිටියෙ රේස් 2 එනකන්. මේ චිත්‍රපටියේදි ඔයාලට අනිල් කපූර්, සයිෆ් අලී ඛාන්, ජෝන් ඒබ්‍රහම්, දීපිකා පදුකෝන්, ජැකලීන් ෆර්නැන්ඩ්ස්, අමීෂා පටෙල් යන නලු නිලියන්ගේ සුපිරි රංගනය දැක බලා ගන්න පුලුවන්.
මතකනෙ රේස් 1 එකේ රන්වීර් සිංව (සයිෆ් අලී ඛාන්).. මේ ෆිල්ම් එකෙත් එයා තමයි වීරයා.. රන්වීර් අර්මාන් කියල කෙනෙක්ව හොයාගෙන එනව. රන්වීර්ට අර්මාන්ව හඳුන්වල දෙන්නෙ රේස් 1 එකේදි එයාට උදව් කරපු පොලිස් නිලධාරියාමයි (අනිල් කපූර්). රන්වීර් මේ විදියට අර්මාන්ට ලං වෙන්න හදන්නෙ තමන්ගේ බිරිඳ සෝනියාව මරපු පලිය ගන්න. ඒත් රන්වීර්ට ඕනෙ අර්මාන්ව එකපාරටම මරල දාන්න නෙමෙයි. අර්මාන් මේ ලෝකෙම වැඩියෙන්ම ආදරේ කරන දේවල් 2ක් තියනව. ඒ තමයි, එයාගෙ සල්ලි වලටයි, අනිත් අයගෙ සල්ලි වලටයි. ඒ නිසා රන්වීර් හිතනව මෙයාගෙන් පළිගන්න හොඳම ක්‍රමය මිනිහ හිඟන්නෙක් කරල පාරට ඇදල දාන එක කියල.. මේ චිත්‍රපටයේ කුතුහලය දනවන සිදුවීම් නොඅඩුව තියනව. ඒ නිසා කම්මැලි නැතිව එක හුස්මට බලන්න පුලුවන්..
එහෙනම් හැමෝම රස විඳින්න.මම ගිහින් එන්නම්.. හැමෝටම ජයෙන් ජයම වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 20013 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2011-11-30
115 thoughts on “Race 2 (2013) Sinhala Subtitles | වීරයාගේ පළිගැනීම… [සිංහල උපසිරැසි සමඟ]”