Pugazh (2016) with Sinhala Subtitles | අයුක්තිය නුඹ නම්..මම නුඹේ සතුරා වෙමි.. ! [සිංහල උපසිරසි සමඟ]
යාළුවනේ ලැබුණු නිවාඩු කාලයේ මම ඔයාලට ඇරන් ආව උපසිරැසි ගොන්නට අළුතෙන්ම එකතු වෙන ෆිලුම තමයි අද මම ඇරන් ආව පුගල්. බයිස්කෝප් එකට ස්තුති වෙන්න අපට අපේ විවේක කාලය සාර්ථකව සහ සතුටින් ගත කරන්න අවස්ථාව ලැබිලා තියනවා. ඒ සතුටට හේතුව තමයි ඔයාලා අපිට දෙන ප්‍රතිචාර. ඉතින් ඒ සියල්ලටම ස්තුති කරමින්, මම අද ඇරන් ආව පුගල් චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්. ප්‍රථමයෙන් විමා සහෝට ස්තුති කරනවා මේ චිත්‍රපටය යෝජනා කිරීම ගැන.
අපිට අයිති දෙයක් වෙන කෙනෙක් බලහත් කාරයෙන් උදුරන් යද්දී අපි ඒකට ඉඩ දෙනවාද? කොහෙත්ම නෑ. එක ගමක තරුණ පිරිසක් ඉන්නවා. මේ තරුණයින් අවුරුදු ගාණක් තිස්සේ ක්‍රීඩා කරන පොදු ක්‍රීඩාංගනය නැත්තම් ගමේ පිට්ටනිය තමයි එයාලගෙන් උදුරගන්න හදන්නේ. බිල්ඩිමක් හදන්න. මේක පිටිපස්සේ ඉන්නේ ප්‍රබල දේශපාලඥයෙක්. ඒත් එයාට ඒක කරගන්න ලැබෙන්නෙ නෑ. මොකද, පිට්ටනියට එක ගඩොලක්වත් ගේන්න දෙන්නැති කෙනෙක් මේ ගමේ ඉන්නවා. කිසි කෙනෙකුට බය නෑ. කෙලින් කතා කරන, අසාධාරණය වෙනුවෙන් හඬ නගන මේ තරුණයාට මුළු ගමම සපෝට්. ගැහුවොත් ගැහුවා, හැබැයි කරන දේ සාධාරණ වෙන්න ඕන. ඒ තරුණයා තමයි පුගල්. මේ නිසා ගමේ ඉන්න සාමාන්‍ය දේශපාලුවෙක් වන දාස් ඉන්නේ පුගල් ගැන කණස්සල්ලෙන්. ඔය අතරේ එක්තරා මැතිවරණයකදී පුගල්ගේ මිත්‍රෙයක් වෙන වෙංකට්, දාස් ගේ පක්ෂයෙන් තරඟ කරනවා. පුගල් ගේ සහයෝගය නිසාම ඔහු ඉහළින් ජයගන්නවා. පස්සේ දාස් උත්සාහා කරනවා වෙංකට් ලවා පුගල්ව එකඟ කරවා ගන්න. නමුත් පුගල්ව නම්ම ගන්න බැරිවෙනවා. අවසානයේ මේ පුගල් කියන තරුණයා මේ දේශපාලුවන්ට මහ හිසරදයක් වෙනවා. පුගල් නිසා කිසි දෙයක් කරගන්න බැහැ කියන මතයට ඒ ගොල්ලො එනවා. ඉන් එහාට වෙන්න යන දේ ඔයාලට චිත්‍රපටය බලලාම දැනගන්න වෙනවා. ඔය අතරේ ලස්සන ආදර කතාවකුත් යනවා හොඳඳ, මම ඔයාලට කීවේ ප්‍රධාන පසුබිම විතරයි. ලස්සන සිංදුවකුත් තියනවා.
කතාව ටිකක් හුරුපුරුදුයි වගේ පෙනුනට ඒක එහෙම නෙවෙයි. මෙහි දෙබස් නිර්මාණය බොහොම සූක්ෂමව කරලා තියනවා. මෙහි එන චරිත වලට ගැළපෙනම නළු නිළියන් යොදා ගන්න අධ්‍යක්ෂක තුමා කටයුතු කර තිබෙනවා. ඒ අනුව පුගල් ගේ චරිතය රඟපාන්නේ අපි කවුරුත් දන්න ජෙයි. ජෙයි මීට කලින් ප්‍රධාන චරිතය රඟපෑවවලියවන් චිත්‍රපටයටත් මම උපසිරැසි ඇරන් ආවා. ඒ ෆිලුමත් හුඟක් ජනප්‍රිය වුණ නිසා ජෙයිගේ රසිකයින් පුගල් චිත්‍රපටයෙත් ලොකු වෙනසක් බලාපොරොත්තු වුණා. නමුත් ඒ අය මේ චිත්‍රපටයේ කතාවටත් වැඩිය කැමති වුණේ ජෙයිගේ රංගනයට. මෙහි ජෙයි හුඟක් කඩවසම් වෙලා කියලා රසිකයෝ පවසනවා. ඒ වගේමයි මෙහි දාස්ගේ චරිතය රඟපාන මාරිමුත්තු ගේ රංගනයත්, ජෙයි ගේ අයියා ලෙස රඟපාන කරුණාස් ගේ රංගනයත් ප්‍රේක්ෂකයින්ගේ සහ විචාරකයින්ගේ පැසසුමට ලක්වුණා. පුගල්ගේ පෙම්වතිය බුවනා ගේ චරිතය රඟපාන්නේ සුරබි. වැදගත්ම කාරණය තමයි මෙහි අධ්‍යක්ෂක තුමා මනිමාරන් වීම. මොහු තමයි 2013 දී හොඳ සාර්ථකත්වයක් හිමි කරගත්උදයම් NH4 චිත්‍රපටයේ අධ්‍යක්ෂක තුමා.
ඉතින් යාළුවනේ, පුගල් රසවිඳින්න කියලා ආරාධනා කරනවා. මේ නිවාඩු කාලයේ මම ඔයාලට ඇරන් එන අවසන් චිත්‍රපටය මෙය නෙවෙයි. අවසාන එක තමයි තමන්නා, කාර්ති, නාගර්ජුනා රඟන තෝලා. එහෙනම්, තෝලා උපසිරැසියෙන් හමුවෙන තුරු..ඔබ සියළු දෙනාට ජයෙන් ජයම වේවා !
[button link=”https://goo.gl/XQin7e” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 9197 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks ayye..
pattatama thiyenawa. api wenuwen mahansi wenawata godak stuthii… 🙂
එල තැන්ක්ස් :3
ඉංග්‍රීසි සබ් එක්ක බැලුවා , දැන් ආයෙත් බලනවා..
ගොඩක් ස්තුතියි……….
Thanks brother.I downloaded Lot of subs.Thank you very much for all.
නියමයි නියමයි අයියේ
සුපිරි වැඩක්
සුපිරි ෆිලුමක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ජයෙන් ජයම වේවා !
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Happy Days 1ta sub 1k karala dennako.patta film 1.
#Hail_Hydra
niyamai machan… ane machan puluwannm Mayyakkam Enna film ekatath sub dennako
මචන් වැඩකරන ටොරන්ට් ලින්ක් එකක් තියනවද?
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අපට අවශ්‍ය උප සිරසිඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………
Thanx Saho…..hoda ….film ekak wage……..
thnx bro..
niayamai…aniwa bamak thama.thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks bro
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
thanks saho….jaya wewa….