MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleSuspense (TV)TVඅප‍රාධ (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)වික්‍රමාන්විත (TV)හේමාල් ගනේගොඩ (G.V.)ළමයින්ට (TV)

Presumed Innocent [S01: E07] Sinhala Subtitles | සාක්ෂිකරුවා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

තමාටම චෝදනා එල්ල වෙච්ච අපරාධ නඩුවකට හුදෙකලාව මුහුණ දෙන්න වුනොත් කොහොමද එකෙන් ජය ගන්නේ? ටිකක් හිතාගන්න අමාරුයි නෙහ්. හැබැයි පොඩිහරි අවස්ථාවක් තියෙනවා, තමා
හසල දැනුමක් තියෙන නීතිඥයෙක් වුනොත්. කොහොමහරි මේ නඩුව සෑහෙන්න සංකීර්ණ වෙලා. ටොමි මෝල්ටෝ  යුක්තිය වෙනුවෙන් සෑහෙන්න සටනක, රස්ටි සැබිච් අහිංසකභාවය ඔප්පු කරන්න සටනක.
එහෙනම් නඩුට වෙන්න පුළුවන් සහ නඩුවේදී සිදුවන තව දෙවල් ටිකක් ගැන දැනගෙන කතාව බලමු.

  • අවලංගු නඩු විභාගයක් ප්‍රකාශයට පත් කිරීම.

ලංකාවේ නම් මෙහෙම කරපු අවස්ථා තියෙනවද දන්නේ නැහැ. එහෙම මොනාහරි අදහසක් ඔයාලට තියෙනවනම් පහළින් ලියන්න. කොහොම හරි අවලංගු නඩු විභාගයක් ප්‍රකාශයට පත් කරන්නෙ
ජූරි සභාවකට තීන්දුවක් ලබා ගැනීමට නොහැකි වූ විට සහ නව ජූරි සභාවක් සමඟ නව නඩු විභාගයක් පැවැත්විය යුතු විට නඩු අවලංගු වීම සිදු වේ; හෝ අසාධාරණ නඩු විභාගයකට තුඩු දෙන බරපතල කාර්ය පටිපාටික
දෝෂයක් හෝ විෂමාචාරයක් ඇති විට, විනිසුරුවරයා විමර්ශනයන් පිළිබඳ තීරණයකින් තොරව නඩුව කල් දමා නව නඩු විභාගයක් ප්‍රකාශයටපත් කරයි.

කාර්ය පටිපාටික දෝෂ හෝ විෂමාචාර සම්බන්ධයෙන්, විනිසුරුවරයෙකුට වැරදි නඩු විභාගයක් සඳහා නියෝග කිරීමට හේතු වන්නේ අගතිගාමී සාක්ෂි අනිසි ලෙස පිළිගැනීම;
උසාවිය, නීතිඥයින්, පාර්ශ්වයන් හෝ සාක්ෂිකරුවන් විසින් වැරදි ලෙස හැසිරීම; සහ ජූරියේ වැරදි, යන හේතු. මෙය සිවිල් සහ අපරාධ යන දෙඅංශයෙන්ම නඩු අවලංගු වීම් සිදුවිය හැක.

Cornell.edu වෙබ් පිටුවේ ඇමරිකාවේ අපරාධ නඩු විධානයේ ෆෙඩරල් නීති රීති  අනුව කියන්නෙ,
“මිත්‍ය විනිශ්චයක් කිරීමට පෙර, අධිකරණය විසින් එක් එක් විත්තිකරුට සහ රජයට නියෝගයේ යෝග්‍යතාවය පිළිබඳව අදහස් දැක්වීමට, එම පාර්ශ්වයේ කැමැත්ත හෝ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට
සහ විකල්ප යෝජනා කිරීමට අවස්ථාවක් ලබා දිය යුතු බවයි.”

  • හරස් ප්‍රශ්න කිරීම

නඩුවක් සම්පූර්ණයෙන්නම කනපිට පෙරළන්න පුළුවන් අවස්ථාවක් තමයි හරස් ප්‍රශ්න කිරීම. විටෙක චූදිතයා නිවැරදිකරුවීමට යන්නේයැයි බලා සිටින්නාට සිතෙන නඩුව,
හරස් ප්‍රශ්න නිසා සම්පූර්ණයෙන්ම කණපිට හැරෙයි. විටෙක චූදිතයා වරදකරුවීමට යන්නේයැයි බලා සිටින්නාට සිතෙන නඩුව, හරස් ප්‍රශ්න නිසා චූදිතයා නිදොස් ව අවසන්වීමට හරස් ප්‍රශ්න හේතු වෙයි.
ඒ වගේම මේක බලා සිටින්නාට ඉතා රසවත් වේ.

සාක්ෂිකරුවන් පැත්තෙන් බැලූවිට හරස් ප්‍රශ්න කිරීමේ දී අපට හමුවන සාක්ෂිකූඩුවේ සිටිනා සාක්ෂිකරු කැඳවන්නේ හරස් ප්‍රශ්න අසන්නා නොවේ.
මේ සාක්ෂිකරු හරස් ප්‍රශ්න අසන්නාගේ නඩුව තහවුරු කිරීමට පැමිණෙන්නකු ද නොවේ. ඔහුව සාක්ෂිකූඩුවට නග්ගවන්නේ නඩුවේ විරුද්ධ පාර්ශ්වකරු විසිනි.
එවිට එම පුද්ගලයා හරස් ප්‍රශ්න කිරීමට භාජයන වීම අපුරුයි.

නීතීඥවරයකු තම වෘත්තීය ජීවිතය තුළ එක්වරක් හෝ හරස් ප්‍රශ්න ඇසීම සඳහා උපදෙස් ලබා ගනී. එක්කෝ ඒ නීති විද්‍යාලයෙන්. එහෙම නැත්නම් වැඩ මුළුවකින්.
එසේ නැත්නම් සහෝදර හෝ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයකුගෙන්. අනවශ්‍ය ප්‍රශ්න ඇසීමෙන් වැලකීම ට දැන සිටීම හරස් ප්‍රශ්නවලදී ඉතා වැදගත් වේ.

තේරුම් ගැනීම සඳහා පහතින් නීතිඥ කපිල ගාමිණී ජයසිංහ ලියූ “හරස් ප්‍රශ්න ඇසීමේ කලාව “පොතේ 13 පිටුවේ උපුටා ගැනිම බලන්න.

ඇතැම් සාක්ෂිකරුවන් තමුන්ට අවාසිදායක හරස් ප්‍රශ්න අසන කල උත්තර නොදී නිහඬව සිටින අවස්ථා දැකිය හැකිය.
එවිට තමා උස් හඬින් ඇසූ ප්‍රශ්නය පිළිබඳව නීතිඥවරයාට ඊට වඩා පහත් ස්වරයකින් මේසේ ඇසිය හැකිය.
ප්‍ර: “තමුන්ට මම අහපු ප්‍රශ්නෙ ඇහුණද?”
උ: “ඔව්”
ප්‍ර: “තමුන්ට ඒ ප්‍රශ්නෙ තේරුණාද?”
උ: “ඔව්”

(මෙවිට ස්වරය උච්ච කර මෙසේ ඇසිය හැකිය.)
ප්‍ර: “එහෙනම්,තමුන් ඇයි ඒ ප්‍රශ්නෙට උත්තර නොදුන්නෙ?”

ඒ අනුව හරස් ප්‍රශ්න කිරීමේ අරමුණු පහත පරිදි වේ.
නිරවද්‍යතාව
අවංකභාවය
සාක්ෂි වල විවිධත්වය ඉදිරිපත් කිරීම පරීක්ෂා කිරීම.

එහෙනම් ඊළඟ කතාවෙන් හමුවෙමු. ජය!

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 481 --

[author] 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමාල් ගනේගොඩ (G.V.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-03-02

SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

 

3 thoughts on “Presumed Innocent [S01: E07] Sinhala Subtitles | සාක්ෂිකරුවා [සිංහල උපසිරැසි සමඟ]

  • Buddhika laKMal

    ස්තූතියි හේමාල් සහෝ උපසිරැසියට

    Reply
  • eelga ekath ikmntm dendoooo……

    Reply

Leave a Reply to Anonymous Cancel reply

Your email address will not be published. Required fields are marked *