MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleSuspense (TV)TVඅප‍රාධ (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)වික්‍රමාන්විත (TV)හේමාල් ගනේගොඩ (G.V.)ළමයින්ට (TV)

Presumed Innocent [S01: E06] Sinhala Subtitles | අපරාධයක සම්පාදක ධාතූන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 2 votes.
Please wait...

නඩු කටයුතු ඉතා උණුසුම් වී ඇත. කළින් කතාවේ කතාකළ විදියට විවිධ අන්දමේ සක්ෂි විවිධ සාක්ෂිකරුවන් තුළින් ලබා ගන්නවා. කවුද එතකොට සාකච්ඡාකරුවෝ ?
අධිකරණයේ සාක්ෂි දීමට සුදුස්සෙක් හෝ නුසුදුසෙක් වෙන්නෙ කොහොමද බලමු.

  • සාක්ෂිකරුවෝ 

අපරාධ නඩුවකදී නම් පැමිණිල්ල විසින් විත්තියට එරෙහිව එල්ල කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතුයිනෙ.
සිවිල් නඩුවකදී නම් මෙකී ඔප්පු කිරීමේ භාරය ශක්‍යතා වැඩි බර හෙවත් සාක්ෂි බර මත සිදු කළ යුතුය.
මෙහිදී පැහැදිලිව අවබෝධ කර ගත යුතු කරුණක් වන්නේ අපරාධ නඩුවක් තරම් තද ඔප්පු කිරීමේ භාරයක් සිවිල් නඩුවකදී අදාල නොවුවද එහිදීද සාක්ෂි ඔප්පු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන බවයි.

සාමාන්‍යයෙන් සාක්ෂි ලිඛිතව හෝ වාචිකව ඉදිරිපත් කළ හැකිය. (සාක්ෂි වර්ග ගැන කලින් කතා කලානෙ) වාචික සාක්ෂි දීමකදී කවර තැනත්තෙකුට අධිකරණය ඉදිරියේ සාක්ෂි දීමේ අවසරය
හිමිවේද යන්න හා කවර තැනැත්තෙකුගේ සාක්ෂියක් අධිකරණය පිළිගනු ලබයිද යන්න වැදගත් නීතිමය කරුණකි.

ඒ අනුව “ළාබාල වයස, අධික මහලු බව, යම් ශාරීරික හෝ මානසික ආබාධයක් හෝ එවැනි වෙනත් හේතුවක් නිසා තමන්ගෙන් අසනු ලබන ප්‍රශ්න තේරුම් ගැනීමට හෝ එකී ප්‍රශ්න වලට පිළිතුරු දීමට
නොහැකි යැයි අධිකරණය කල්පනා කරන තැනැත්තෙක් හැර අනිකුත් සියලුම තැනැත්තන් සාක්ෂි දීමට සුදුස්සන් වන්නේය.”
මෙම වගන්තියේ අර්ථ නිරූපණය අනුව යමෙකු උමතු බව නිසා තමාගෙන් අසනු ලබන ප්‍ර්ශ්න අවබෝධ කර ගැනීමට හෝ පිළිතුරු දීමට නොහැකියාවෙන් පසුවන්නේ නම්
එවැනි අයෙකුද අධිකරණය ඉදිරියේ සාක්ෂි දීමට නුසුදුස්සකු වේ.

අධිකරණයක් ඉදිරියේ සාක්ෂි දීමට ප්‍රථම ඕනෑම පුද්ගලයෙකුගෙන් දිවුරුමක් හෝ ප්‍රතිඥාවක් ගනු ලබයි. යමෙකු දිවුරීම හෝ ප්‍රතිඥාව දීම සිදු නොකරන්නේ නම් හෝ පැහැර හරින්නේ නම්
එවැනි අයෙකුගේ සාක්ෂියක් පිළිගැනීමට අධිකරණය මැලිකමක් දක්වයි.

ළමයෙකුට සාක්ෂි දීමට හැකියාවක් ඇත්නම් දිවුරුමක් ගැනීමෙන් හෝ ප්‍රතිඥාවක් ගැනීමෙන් තොරව ළමයෙකුගෙන් සාක්ෂි ලබා ගත හැකිය. එවැනි අවස්ථාවකදී සත්‍ය පමණක් ප්‍රකාශ කිරීමට අදාල ළමයා බැඳී සිටියි.
මෙයින් පැහැදිලි වන්නේ වර්තමාන තත්ත්වය අනුව ළමයෙකුගේ සාක්ෂියක් දිවුරුමකින් හෝ ප්‍රතිඥාවකින් තොරව පිළිගත හැකි බවයි.

යම් කරුණක් පිළිබඳව සෘජු හෝ වාචික සාක්ෂි ආවේශ්‍ය කර ගත හැකි ඕනෑම නඩුකරයකදී පරිගණයක් මගින් ලබා දුන් සහ එම කරුණ ස්ථාපනය කිරීමට ආධාර වන්නාවූ යම් ප්‍රකාශයක් කරුණු 3කට
යටත්ව ඉදිරිපත් කිරීමට අවකාශය තිබේ.

1. එය ඉදිරිපත් කළ ආකාරය අනුව ඉන්ද්‍රියයන් මගින් සංජානනය කළ හැකි විය යුතු වීම.
2. ප්‍රකාශය ලබා දෙන පරිගණකය නිසි ලෙස ක්‍රියා කරමින් තිබූ බව.
3. පරිගණකය මගින් ලබා දෙන ප්‍රකාශය එයට ලබා දුන් නිවැරදි තොරතුරු මත පදනම් වූ බව.

මෙහිදී පරිගණක ක්‍රියාකරුගෙන් හෝ සෙසු සාක්ෂිකරුවන්ගෙන් ලබා ගත් දිවුරුම් ප්‍රකාශයක් ගොනු කරනු ලැබේ.

ඊළඟට බලමු මොකක්ද මේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් කියන්නෙ මොකක්ද කියලා.

  • සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය

මිනිස් ශරීරයකට එරෙහිව සිදුකළ හැකි බරපතලම වරද ලෙස මනුෂ්‍යයෙකු ඝාතනය කිරීම හෝ  මරණයට පත් කිරීම පෙන්වා දිය හැකිය. දණ්ඩ නීති සංග්‍රහය අනුව මෙම වරද ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් අනුසාරයෙන් පෙන්වා දිය හැකි වේ. එනම්,
1. මිනීමැරුම (Murder)
2. මිනීමැරුම නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය (Culpable Homicide not ammounting to murder)

“මරණය සිදුකිරීමේ අදහසින් හෝ මරණය සිදුවිය හැකි අන්දමේ ශාරීරික පාඩුවක් සිදු කිරීමේ අදහසින් හෝ තමා කරන යම් ක්‍රියාවකින් මරණය වීමට ඉඩ ඇති බව දනිමින්ම යම් ක්‍රියාවක් කිරීමෙන් මරණය සිදු කරන තැනැත්තෙක්
සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය නැමැති වරද සිදු කරයි”

ඒ අනුව මෙම වගන්තිය දෙස අවධානය යොමු කර බැලීමේදී සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය නම් වරද සංතෘප්ත වීම සඳහා සංඝටක කිහිපයක් තෘප්ත  වීම අවශ්‍ය වන බව දැකිය හැකිවේ .ඒ අනුව,
1.  මරණය සිදුකිරීමේ අදහසක් ඇතිව හෝ
2. මරණය සිදුකිරීමේ ශාරීරික පාඩුවක් සිදු කිරීමේ අදහසක් ඇතිව හෝ
3. තමා කරන ක්‍රියාවෙන් මරණය සිදු විය හැකි බව දනිමින්ම යන කරුණු පැවතිය යුතුය.

මෙම කරුණු මඟින් අපරාධයක ප්‍රධාන සම්පාදිත ධාතූන් වන සාවද්‍ය චේතනාව සහ සාවද්‍ය ක්‍රියාව යන ධාතුන්ගෙන් සාවද්‍ය චේතනාව යන ධාතුව මෙම කරුණු හරහා නියෝජනය වන බව දැකිය හැකිවේ.
4. යම් ක්‍රියාවක් කිරීමෙන් යම් තැනැත්තෙකු විසින් පුද්ගලයකුගේ මරණය සිදුකර තිබිය යුතුය.

ඒ අනුව මෙම කරුණ තෘප්ත වීම හරහා අපරාධයක සම්පාධිත ධාතුන්ගෙන් සාවද්‍ය ක්‍රියාව නැමැති ධාතුව නියෝජනය වන බව දැකිය හැකි වේ.

නීතිඥ මධුප දිසානායකයකගේ පැහැදිලි කිරීම පහත වේ,

සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය යන වරද සිදු විය හැකි ආකාර පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 293 වගන්තිය යටතේ දක්වා ඇති නිදර්ශනයන් ඉතාමත් වැදගත් වේ. ඒ අනුව 293. වගන්තියේ (අ) නිදර්ශනය මගින් දක්වා ඇති පරිදි,
මරණය සිදුකිරීමේ අදහසින් හෝ මරණය සිදුවීමට ඉඩඇති බව දනිමින්ම A කෝටු සහ තණපිඩලි වලක් මත දමයි. බිම ස්ථිරය යන විශ්වාසයෙන් යුතුව Z එය පාගා යාමෙන් වැටී මියයයි. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය කිරීමේ වරද A විසින්  සිදු කර ඇති බව මෙම නිදර්ශනය මගින් ප්‍රකාශ කරයි.
 
(ආ) නිදර්ශනය අනුව, Z පඳුරක් පිටුපස සිටින බව A දනීයි. B එය නොදනී. Zගේ මරණය සිදුකිරීමේ අදහසින් හෝ Zගේ මරණය සිදුවීමට ඉඩඇති බව දනිමින්ම A පඳුරට වෙඩි තබන ලෙස B පොලඹවයි. B වෙඩි තබා Z මරයි. මෙහි B කිසි වරදකට වරදකාරයා විය නොහැකි නමුත්
A සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය කිරීමේ වරද සිදු කර ඇති බව මෙම නිදර්ශනය මගින් ප්‍රකාශ කරයි.

(ඇ) නිදර්ශනය අනුව, කුකුළකු මරා සොරකම් කිරීමේ අදහසින් කුකුළාට වෙඩි තබන A පඳුරක් පිටිපස B සිටින බව නොදැන ඉන් B මරයි. B මැරීමට හෝ මරණය සිදුවීමට ඉඩ ඇති ක්‍රියාවක් යැයි තමා දන්නා වූ ක්‍රියාවක් කොට මරණය සිදු කිරීමට
A අදහස් නොකළ බැවින් ඔහු කළ ක්‍රියාව නීති විරෝධී ක්‍රියාවක් වුවද මෙහිදී ඔහු සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය කිරීමේ වරදට වරදකරු නොවේ.

එසේම මෙම වරද පිළිබඳ වැඩිදුරටත් අවධානය යොමුකිරීමේදී 293 වගන්තිය යටතේ දක්වා ඇති පැහැදිලි කිරීම අනුව තවදුරටත් මෙම වගන්තිය තේරුම් ගැනීමට හැකියාව ලැබේ.

මෙහි පළමු පැහැදිලි කිරීම අනුව, “ආබාධයකින් හෝ රෝගයකින් හෝ කායික දුර්වලතාවයෙන් පෙළෙන තැනැත්තකුට ශාරීරික පාඩුවක් කිරීමෙන් එකී තැනැත්තාගේ මරණය ඉක්මන් කරන තැනැත්තෙකු ඔහුගේ මරණය සිදු කළ ලෙස සැලකිය යුතුය.” යනුවෙන් දක්වා ඇත.
රජ එ. සොලමන් නම් නඩුව මෙහිදී නිදසුනක් ලෙස පෙන්වාදිය හැකිය. එහිදී මියගිය පුද්ගලයාට ඉදිමුණු ඇල දිවක් තිබිණි. විත්තිකරුවෝ ඒ පිළිබඳ දැනුමක් නොමැතිව ඔහුට පහර දුන්හ. ඔහු ඇලදිව පුපුරා යාම නිසා මරණයට පත්වූයේ ය. මුල් නඩු විභාගයේ දී විත්තිකරුවන්
සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට වරදකරුවන් කරනු ලැබීය.  එනමුත් අභියාචනයේදී ඔවුන් වරදකරුවන් වූයේ බරපතළ තුවාල සිදු කිරීම යටතේ ය.

293වන වගන්තිය දෙවන පැහැදිලි කිරීම අනුව “ශාරීරික පාඩුවකින් මරණය සිදු කළ අවස්ථාවකදී නිසි ඖෂධ ප්‍රතිකාර කිරීමෙන් ඒ මරණය වැළැක්විය හැකි ව තිබුණේ වී නමුත් එකී ශාරීරික පාඩුව කළ තැනැත්තා මරණය සිදුකළ ලෙස සැලකිය යුතුය යනුවෙන් දක්වා ඇත.
“මෙයට උදාහරණයක් ලෙස මෙන්ඩිස් එ රැජින (1955) 60 N.L.R 281නඩුව පෙන්වාදිය හැකිය. මියගිය තැනැත්තා බලපිටියේදී පහරකෑමට ලක්ව රෝහල් ගත වූ අතර බලපිටිය රෝහලේ දී නිසි ප්‍රතිකාර නො ලැබුණු බැවින් ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ
එහිදී මිය යන ලදී. වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වූයේ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට ප්‍රමාද වීමෙන් මරණය සිදු වූ බවයි. නමුත් මෙම දෙවන පැහැදිලි කිරීම අනුව චූදිතයන් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට වරදකරුවන් වන බව අධිකරණය තීරණය කරන ලදී.

තෙවන පැහැදිලි කිරීම අනුව මවගේ ගර්භයෙහිදී  දරුවෙකුගේ මරණය සිදු කිරීම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් නොවේ. එහෙත් දරුවා හුස්ම නොගෙන ඇතත් සම්පූර්ණයෙන්ම නොඉපදුනත් එකී දරුවාගේ යම් කොටසක් පිටතට ගෙන තිබුණ විටක පණ ඇති දරුවෙකුගේ
මරණය සිදු කිරීම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බවට පත්විය හැකිය යනුවෙන් පැහැදිලි කර ඇත.

සෝමපාල එ. රැජින (1969) 72 N.L.R 121 නඩුවේදී දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තිය යටතේ එන මිනී මැරුම සහ 293 වගන්තිය යටතේ එන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය යන වැරදි දෙක පැහැදිලිව වෙන්කොට දක්වා ඇත.
ඒ අනුව මිනීමැරුම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයේම වඩා බරපතල තත්වයක් ලෙස පෙන්වා දිය හැකිවේ. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය මිනීමැරුමක් බවට පත් වන අවස්ථා ද ඇති බව මතක් කිරීමට කැමැත්තමු. (ඒ පිළිබඳ ඉදිරි ලිපි මගින් කරුණු ඉදිරිපත් කරනු ඇත)

මෙම වරද සම්බන්ධයෙන් වන දඬුවම පිළිබඳ සලකා බැලීමේදී දණ්ඩ නීති සංග්‍රහයේ 297 වගන්තියේ මේ සම්බන්ධයෙන් වන දඬුවම දක්වා ඇත. එහිදී දක්වා ඇති පරිදි මරණය සිදු කල ක්‍රියාව මරණය සිදු කිරීමේ අදහසින් හෝ මරණය සිදු විය හැකි
ශාරිරික පාඩුවක් සිදු කිරීමේ අදහසින් කරනු ලැබූ අවස්ථාවකදී සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදු කරනු ලැබූ තැනැත්තෙකුට අවුරුදු 20 දක්වා කාලයක දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කලයුතු වන බවත් තවද දඩයකට
යටත් කල යුතු බවත් දක්වා ඇත.
එසේම එලෙස අදහසක් නොමැතිව මරණය සිදුවිය හැකිය යන දැනුමෙන් සිදුකරන ලද්දක් වන අවස්ථාවක අවුරුදු 10 දක්වා කාලයක දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කල යුතු බවත් දක්වා ඇත.
1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව මෙම වරද වරෙන්තු ‍රහිතව සිරභාරයට ගත හැකි වරදක් වන අතර ඇපදිය නොහැකි වරදකි එසේම මෙම වරද සමථයකට පත් කල නොහැකි වරදක් ලෙසද අපරාධ නඩු විධාන සංග්‍රහය තුල දක්වා ඇත.

ඉතින් මං හිතනවා ඉහත කාරණා ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. එහෙනම් කතාව රසවිඳින්න. ස්තුතියි!

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 604 --

[author] 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමාල් ගනේගොඩ (G.V.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-03-02

SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

 

2 thoughts on “Presumed Innocent [S01: E06] Sinhala Subtitles | අපරාධයක සම්පාදක ධාතූන් [සිංහල උපසිරැසි සමඟ]

  • DS Emantha

    Sub eka Maru
    Thanks bro sub eka denawata
    7i 8i ikmanata oni bro

    Reply
  • Buddhika laKMal

    ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *