MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleSuspense (TV)TVඅප‍රාධ (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)වික්‍රමාන්විත (TV)හේමාල් ගනේගොඩ (G.V.)ළමයින්ට (TV)

Presumed Innocent [S01: E04] Sinhala Subtitles | සාපරාධි වගකීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

කතාව කුතුහලයෙන් කුතුහලයට ගෙනියන තත්වයක් මේ වෙද්දී තියෙන්නෙ. රස්ටි එයාගේ පුතාගෙන් ප්‍රශ්න කරනවා. ටොමි මොල්ටෝ කැරොලින්ගේ පුතාගෙන් ප්‍රශ්න කරනවා.නඩු විභාගයට, පෙර කරුණු මොනවද කියලා බලමු එහෙනම්. නඩු විභාගයක් ගෙනියන්න වැදගත්කම දෙයක් වන සාක්ෂි සහ අදාළ දේවල් ගැන ටිකක් කතා කරමු. මේවා උදාහරණ නඩු විභාගයත් එක්ක තමයි සාමාන්‍යයෙන් විස්තර කරන්නෙ. ඒත් අපිට එච්චර ගැඹුරට යන්න අවශ්‍ය නැති නිසා සරලව දැනගමු.

  • සාක්ෂි

01.හොඳම සාක්‍ෂි හා අප්‍රධාන සාක්‍ෂි. (wikipedia.org)
හොඳම සාක්‍ෂි යනු ප්‍රශ්නගත කරුණ සම්බන්ධයෙන් වන වැදගත්ම සාක්‍ෂියයි. එනම් වඩාත් යෝග්‍යතම සාක්‍ෂියයි. උදාහරණ ලෙස විවාහයක් ප්‍රශ්නගත වන විට විවාහය පැවති
බවට වන හොඳම සාක්‍ෂිය වන්නේ ” විවාහ සහතිකය ” යි. උපතක් සම්බන්ධයෙන් නම් උප්පැන්න සහතිකයයි.
හොඳම සාක්‍ෂියට යටත්ව ප්‍රශ්නයට අදාළ කරගත හැකි සාක්‍ෂි අප්‍රධාන සාක්‍ෂි වේ.ඉහත උදාහරණයේදීම ” විවාහ සහතිකය ” හොඳම සාක්‍ෂිය වන විට විවාහ උත්සවය සංවිධානය කිරීම
පිළිබඳ සාක්‍ෂි අප්‍රධාන සාක්‍ෂි ලෙස ඉදිරිපත් විය හැකිය.
මෙකී වර්ගීකරණය තුළින් අප්‍රධාන සාක්‍ෂි වල කිසිඳු වැදගත්කමක් නොමැති බවක් දක්වන්නේ නැත.නමුත් හොඳම සාක්‍ෂි නිසා අප්‍රධාන සාක්‍ෂි වල වටිනාකම අඩු වේ.
ලේඛනගත සාක්‍ෂියක් හා කථිත සාක්‍ෂියක් වන විට හොඳම සාක්‍ෂිය වන්නේ ලේඛනගත සාක්‍ෂියයි. මෙලෙස හොඳම සාක්‍ෂිය තීරණය වන්නේ සිද්ධිමය සාධක මත හා ඉසව්ගත කරුණු අනුවය.

02.මුල් සාක්‍ෂි හා ප්‍රවාදක සාක්‍ෂි (wikipedia.org)
මුල් සාක්‍ෂි යනු තමන් ලද අත්දැකීමක් තුළින්ම යමෙක් ඉදිරිපත් කරන සාක්‍ෂිය. එය දෑසින් දැකීමෙන් , ශ්‍රවනයෙන් , ස්පර්ශයෙන් , රසයෙන් , හෝ ගන්ධයෙන් ලද අත්දැකීමක් විය හැකිය.
ප්‍රවාදක සාක්‍ෂි යනු තමන්ගේ ඉන්ද්‍රිය මඟින් නොව වෙනත් අයෙකු එසේ අවබෝධ කරගත් දේවල් අසා දැනගෙන ඉදිරිපත් කරන සාක්‍ෂිය.සරලවම කිවහොත් තවත් අයෙකු කියන ලද
දෙයක් වෙනත් අයෙකු විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීම ප්‍රවාදක සාක්‍ෂි ඉදිරිපත් කිරීමකි.

මෙම සාක්‍ෂි වර්ග දෙකෙන් වැඩි වටිනාකම හිමිවන්නේ මුල් සාක්‍ෂි වලටය. බොහෝ විට අධිකරණය ප්‍රවාදක සාක්‍ෂි පිළිගන්නේ නැත.නමුත් එයට ව්‍යතිරේඛ පවතී.

03.පරිවේශනීය සාක්‍ෂි
සාක්ෂි නීතියේ එක් සාක්ෂි වර්ගීකරණයක් ලෙස ඍජු හා පරිවේෂණීය ලෙස සාක්ෂි වර්ග කිරීම දක්නට හැක.මින් ඍජු සාක්ෂි (Direct Evidence ) ලෙස හඳුන්වන්නේ සාක්ශිකරුවන් තම ඉන්ද්‍රියන්ගෙන් ග්‍රහණය කරගන්න කරුණුය.ඉතිරි සාක්ෂි සියල්ල පරිවේෂණීය සාක්ෂි(Circumstantial Evidence ) ලෙස හැදින්විය හැක. ග්‍රහණය කරගන්න සාක්ෂි ඍජු සාක්ෂි ලෙස තවත් ආකාරයකින් හඳුන්වා දිය හැක.
පරිවේෂණීය සාක්ෂි සඳහා උදාහරණ කීපයක් පහත දැක්වේ.
 Ex:ඇගිලි සලකුණු ,DNA,අත් අකුරු ,පතුල් සටහන් ,පුහුණු කළ සුනඛයන් මගින් ඉව අල්ලා අපරාධකරුවන් සොයාගැනීම…

ඉහත දක්වා ඇත්තේ උදාහරණ කීපයකි.ඒ ඒ නඩුවේ කරුණු මත නඩුව ඔප්පු කිරීම සඳහා යොදා ගන්නා පරිවේෂණීය සාක්ෂි ප්‍රමාණය කොතරම්ද යන්න තීරණය වේ.
පරිවේෂණීය සාක්ෂි සම්බන්ධව පුළුල්ව සාකච්ඡා කළ ප්‍රධාන නඩුව ලෙස R vs Blom (1939 AD 188) හඳුන්වා දිය හැක.එදා සිට මේ දක්වා තීරණය වූ නඩුවලදී පරිවේෂණීය සාක්ෂි උපයෝගි කොට
ගෙන විත්තිකරුවෙකු වරදකරුවෙකු කිරීමේදී සලකා  බැලිය යුතු කරුණු මූලධර්ම ලෙස ඉදිරිපත් කොට ඇත.ඒව නම්,

01.පරිවේෂණීය සාක්ෂි මගින් එළඹෙන එකම නිගමනය විත්තිකරු වරදකරු බව විය යුතුය.
02.එම නිගමනය විත්තිකරුගේ නිර්දෝෂීභාවයට එරෙහි වන්න සේම වරදකාරිත්වයට එකඟ විය යුතුය.
03.විත්තිකරු හැර වෙනත් තැනැත්තකු අපරාධය කළ බවට වන සියලු අනුමිතීන් බැහර කළ යුතුය.
04.පැමිණිල්ල ඔප්පු කර නොමැති පරිවේෂණයන් ඔප්පු කර ඇති ලෙසට නිගමනය නොකළ යුතුය.
05.ඔප්පු කරන ලද සාක්ෂිවලින් එළඹිය හැකි එකම නිගමනය විත්තිකරු වරදකරු බව විය යුතුය.
යන කරුණු ය.

බොහෝ වේලාවට අපරාධ සිදුවන්නේ හොර රහසේය,අඳුරේ ය,මිනිසුන් නොගැවසෙන තැන්වලය.එවන් අවස්තාවල ඇසින් දුටු සාක්ශිකරුවන් සොයා ගැනීම ඉතා අසීරු කාර්‍යක් වන අතර සැබෑ අපරාධකරුවා සොයා ගැනීමට සහය වන්නේ මෙම පරිවේෂණීය සාක්ෂි ය.එම නිසා පරිවේෂණීය සාක්ෂිවල කාර්‍යභාර්‍ය සුළුවෙන් තැකිය නොහැක..

05.පිළිගත යුතු යැයි හැඟෙන සාක්‍ෂි හා තීරණාත්මක සාක්‍ෂි (wikipedia.org)
පිළිගත යුතු යැයි හැඟෙන සාක්‍ෂි යනු යම් කරුණක් බැලූ බැල්මට ඔප්පු කිරීමට භාවිතා කරන සාක්‍ෂිය. මේවා අත්‍යවශ්‍යයෙන්ම පිළිගත යුතු සාක්‍ෂි නොවේ. මේවා බිඳ හෙළිය හැකි සාක්‍ෂි වේ.
නමුත් තීරණාත්මක සාක්‍ෂි එලෙස බිඳ හෙළිය නොහැකිය.

06.ප්‍රාථමික හා ද්විතියික සාක්‍ෂි (wikipedia.org)
ප්‍රාථමික සාක්‍ෂි වලදී ඇති හොඳම සාක්‍ෂිය ලෙස සලකන්නේ ප්‍රාථමික සාක්‍ෂියයි. නමුත් ද්විතියික සාක්‍ෂි වලදී එයට වඩා හොඳ සාක්‍ෂි පැවතිය හැකිය.
ලේඛනගත සාක්‍ෂි වලදී ප්‍රාථමික සාක්‍ෂිය වන්නේ මුල් ලේඛනයයි. එහි පිටපතක් ද්විතියික වේ.නමුත් මුල් ලේඛනයේම සහතික කළ පිටපතක් ප්‍රාථමික සාක්‍ෂි වේ.ලේඛනගත සාක්‍ෂියක් ඉදිරියේ කථිත සාක්‍ෂිය ද්විතියික වේ. සාක්‍ෂියක ප්‍රාථමික හෝ ද්විතියික බව අදාළ සිද්ධිමය සාධක මත තීරණය වේ.

නීතිපති එරෙහිව ජේමිස් නම් නඩුවේදී අතින් ලියූ ලේඛනයක කාබන් පිටපතක් ප්‍රාථමික සාක්‍ෂියක් ලෙස පිළිගන්නා ලදී. එයට හේතුව එය මුල් ලේඛනයේම කාබන් පිටපතක් වීම නිසාය.

07.සාමාන්‍ය සාක්‍ෂි හා විශේෂඥ  සාක්‍ෂි (wikipedia.org)
සාමාන්‍ය සාක්‍ෂි යනු ප්‍රශ්නගත කරුණ ඔප්පු කිරීමට හෝ අනුමානයකට පැමිණීමට හැකි සාක්‍ෂිය. උදාහරණ ලෙස සෙනඟ පිරුණු ස්ථානයක මිනීමැරුමක් වූ විට එය දැකීමෙන් ඉදිරිපත් කරන සාක්‍ෂි සාමාන්‍ය සාක්‍ෂි වේ.නමුත් යම් දෙයක් පිළිබඳව විශේෂඥයෙක් ඉදිරිපත් කරන සාක්‍ෂි විශේෂ සාක්‍ෂි වේ. උදාහරණ ලෙස ගබ්සාවක් සම්බන්ධව ප්‍රශ්නගත වන විට එවැන්නක් කළේද යන්න සම්බන්ධව එහි විශේෂඥයෙකු ,වෛද්‍යවරයෙකු ඉදිරිපත් කරන සාක්‍ෂි විශේෂ සාක්‍ෂි වේ.

මේ අනුව උසාවියක ඉදිරිපත් කෙරෙන සාක්‍ෂි වලට ඒවායේ වටිනාකම අනුව , වැදගත්කම අනුව හිමිවන ස්ථානයන් වෙනස් වේ.ඒවා විවිධ වර්ගීකරණයන්ට යටත් වන බව මෙයින් වටහාගත හැකිය. සාක්ෂි වලට අදාල කරණු තමයි ඒවා.

  • ස්වාධීනවීමේ වගකීම.

විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුනගේ යුතුකම් හා වගකීම් ගැන කතා කරද්දි ස්වාධීනවීමේ වගකීම වැදගත් වේ.නීතිඥවරයා ස්වාධීනත්වය පවත්වාගෙන යා යුතුවේ. සේවාදායකයාට අපක්ෂපාතී උපදෙස් හා නියොජනය ලබාදීමේදී ස්වාධීන වීමෙන් ආරක්ෂාව සැපයිය යුතුව ඇත. තවද නීතිඥවරයා සේවාදායකයකුට උපදෙස් දීමේදී ස්වාධීනව සිටීම, අපක්ෂපාතී වුර්තීය තීරණ භාවිතා කල යුතු අතර සේවාදායකයා ඊට කැමති විය යුතුය.

  • ස්වයං චෝදනා කිරීම

සාපරාධී නඩු පැවරීමට යටත් විය හැකි තමන්ට එරෙහිව සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීමට මිනිසුන්ට ඇති ව්‍යවස්ථාපිත අයිතිය. එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පස්වන සංශෝධනයේ අයිතිය සහතික කර ඇත. අයිතිය තහවුරු කිරීම බොහෝ විට හඳුන්වනු ලබන්නේ පස්වැන්න ගැනීම ලෙසිනි.

  • ආයාචනයන් පිළිබඳ ගනුදෙනුවක් මෙහෙයවීම.

රේමන්ඩ් ඩිලේ එක්ක රැස්වීමක් තියලා කතාකර ගන්න යන්නෙ මේක තමයි. මේකෙන් කියන්නෙ චෝදනා මෙහෙයවන නීතිඥවරයා සහ චූදිතයා අතර අපරාධ නඩුවකදී ඇතිවන ගිවිසුමක් ගැනයි.මෙහිදී චෝදනාව මෙහෙයවන නීතිඥවරයා සමඟ එකඟතාවයකට එනු ලැබේ. එනම්, ඒ චුදියාව විශේෂ චෝදනාවකට පමණක් වරදකරු බව පිළිගැනීමට එකඟ වෙමිනි.

අවසාන වශයෙන් ඔන්න ඔය කරුණු තමයි මේ කතාවේ තියෙන්නෙ. එහෙනම් හැමෝටම ජය!

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 584 --

[author] 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමාල් ගනේගොඩ (G.V.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-03-02

SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

 

3 thoughts on “Presumed Innocent [S01: E04] Sinhala Subtitles | සාපරාධි වගකීම [සිංහල උපසිරැසි සමඟ]

  • Buddhika laKMal

    බොහොම ස්තූථියි හේමාල් සහෝ සබට

    Reply
  • Thakshila Rukmal

    ඇත්තටම සෑහෙන කාලෙකින් හොද TV series එකක් බලන්නේ. මේක නම් සුපිරියක්.මචන් උබ සබ් දෙනකන් මම නම් බලාගෙන ඉන්නවා. අනිත් උනුත් එහෙමම ඇති. සුදු පුතේ quility එකට ඉකමනට දීපන්. උබට ජය. තැන්කු කොම්ලෝ.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *