Presumed Innocent [S01: E03] Sinhala Subtitles | අනාවරණයන් [සිංහල උපසිරැසි සමඟ]
මේ වෙද්දී රස්ටි මත කැරොලින්ගේ ඝාතනයේ බර පැටවිලා තියෙනවා. අපේ කාතාවේ කතානායක තුමා මේ අපරාධය කළ බවට නිගමනය කරන්න, මොනවගේ දේවල් ඕනේ වෙයිද? ඒ ගැන පොඩි අවබෝධයක් අරගෙනම කතාව බලමු එහෙනම්.
අපරාධ නීතිය අනුව අපරාධයක් සම්පූර්ණ වීමට එහි අන්තර්ගතව තිබිය යුතු සාධකය කිහිපයක් තියෙනවා. මේවා අපරාධයක සම්පාදක ධාතූන් ලෙස හඳුන්වනවා. සාපරාධී වගකීම (Criminal liability) ඔප්පු කර, අපරාධයකට චෝදනා ලැබුවෙකු අධිකරණය මගින් වරදකරු කිරීමට, මෙම සම්පාදක ධාතූන් අදාළ ක්‍රියාව තුළ සම්පූර්ණ වී ඇති බවට ඔප්පු කළ යුතුය.
මෙම සම්පාදක ධාතූන් වන්නේ මේවාය.1. සාවද්‍ය ක්‍රියාව හෝ නොකර හැරීම (Guilty act /omission/ wrongful conduct (Actus reus))2. සාවද්‍ය චේතනාව (Mental state (Mens rea))3. එක්මතිය (Concurrence) එනම් සාවද්‍ය ක්‍රියාව හා සාවද්‍ය චේතනාව එකට ක්‍රියාත්මක වී තිබීම.4. හේතුඵල සම්බන්ධය (Causation) එනම් අදාළ සාපරාධී ක්‍රියාව හා එහි ඵලය අතර ඍජු හේතුඵල සම්බන්ධයක් තිබීම.1. සාවද්‍ය ක්‍රියාව හෝ නොකර හැරීම (Guilty act /omission/ wrongful conduct (Actus reus))
සෑම අපරාධයකම අන්තර්ගත බාහිර අංගය එනම් වාස්තවික කොටස (objective element ) වන සාපරාධී ක්‍රියාව ලතින් භාෂාවෙන් Actus reus යනුවෙන් හැඳින්වේ. සරලවම චේතානාවෙන් තොර ක්‍රියාව.
සාපරාධී සිතුවිලි වලට පමණක් පුද්ගලයෙකුට දඬුවම් කළ නොහැක. එම සාපරාධී සිතුවිලි මත පදනම්ව හොඳ සිහියෙන් (උමතුභාවයෙන් යුතු හෝ නින්දෙන් ඇවිදීම වැනි අවස්ථා වල හොඳ සිහියක් නොමැත),
ස්වේච්චාවෙන් (එනම් වෙනත් අයෙකුගේ බියවද්දීමක් හෝ බලකිරීමක් නොමැතිව) ඔහුට ශාරීරිකව සිදු කිරීමට හැකියාව ඇති, යම් සාපරාධී භෞතික ක්‍රියාවක් සිදුකළ අයෙකුට පමණක් දඬුවම් කළ හැකිය.
ඊට හේතුව Powell v. Texas, 392 U.S. 514, 533 (1968) නම් ඇමරිකානු නඩු තීන්දුවක විග්‍රහ වී තිබේ.
…criminal penalties may be inflicted only if the accused has committed some act, has engaged in some behavior, which society
has an interest in preventing.
අපරාධ දඬුවම් ලබා දිය හැක්කේ, සමාජය වැළැක්වීමට අපේක්ෂා කරන යම් ක්‍රියාවක හෝ හැසිරීමක විත්තිකරු නියුක්ත වී ඇති අවස්ථාවක පමණි.
සාපරාධී ක්‍රියාවන් පමණක් නොව නීතිවිරෝධී නොකරහැරීම් ද Actus Reus ගණයේම ලා සැලකේ. ඒ උදෙසා යම් පනතකින් යම් ක්‍රියාවක් කිරීම යුතුකමක් හා
එය පැහැරහැරීම අපරාධයක් යයි දක්වා තිබිය යුතුය.
උදාහරණයක් ලෙස වෛද්‍ය නොසැලකිල්ල (Medical negligence ) දැක්විය හැකිය. යම් වෛද්‍යවරයෙක්ගේ වෘත්තීය නොසැලකිල්ල නිසා රෝගියෙකු මිය ගිය බව සාක්ෂි වලින් ඔප්පු කළ හැකි නම්
අපරාධමය වරදක් සංස්ථාපනය වේ. තවත් උදාහරණයක් ලෙස හදිසි යුද තත්ත්වයන්හිදී ඇතැම් රාජ්‍යයන් තරුණයන් අනිවාර්ය යුද සේවයට බැඳිය යුතු බවට නීති පනවා තිබේ. එබඳු අවස්ථාවක සාධාරණ හේතු
නොමැතිව, යුද සේවයට නොබැඳීම, සිර ගත කළ හැකි වරදකි.
අතීතයේදී බටහිර – මැද පෙරදිග රටවල අපරාධ නීතිය ක්‍රියාත්මක කිරිමේදි බැලුවේ සාවද්‍ය ක්‍රියාව දෙස පමණි. ඒ අනුව යමෙකු නීතිය මගින් තහනම් කළ ක්‍රියාව කළා නම් ඔහුගේ චේතනාව නොසලකා ඔහුට
දඬුවම් නියම කිරීම සිදු විය. මේ ක්‍රියාවලිය නිසා උම්මත්තක මිනිස්සු පවා මරණ දණ්ඩනයට ලක් වී තිබේ. ආත්මාරක්ෂාව උදෙසා අනෙකා මරා දැමූවන් පවා මිනීමැරුමට එල්ලුම්ගස් ගොස් තිබේ. මන්ද අතීත නීතිය විමසා
ඇත්තේ අදාළ තහනම් කළ ක්‍රියාව, චූදිතයා කළාද නැද්ද යන්න පිළිබඳව පමණයි. අතීත යුරෝපයේ මිනිසුන් පමණක් නොව සතුන්ද චූදිතයන් කොට නඩු අසා තිබේ. අයුක්තිසහගත ලෙස නීතිය ක්‍රියාත්මක වූ අවස්ථා බොහෝය.
හුදු සාවද්‍ය ක්‍රියාව(Actus Reus) පමණක් නොව නොව අදාළ ක්‍රියාව සාවද්‍ය චේතනාවකින් (Mens rea) කර තිබේද? යන්න විමසා බැලිය යුතු බවත්, සාවද්‍ය චේතනාවකින් තොර හුදු සාවද්‍ය ක්‍රියාව වැරැද්දක් නොවන
බවට (“actus reus non facit reum nisi mens sit reas”) නිගමනය කළ යුතු බවටත් ( “nulla poena sine culpa” principle (no punishment without guilt),
නීති දර්ශනය පසුකාලීනව පරිණාමය විය.
යම් ක්‍රියාවක සාවද්‍ය නිරවද්‍ය භාවය ක්‍රියාව මතම නෙවෙයි චේතනාව මත තීරණය කළ යුතුය යන්න නූතන නීතිය පිළිගන්නේ 1889 තරම් මෑතකදී බ්‍රිතාන්‍යයේ Rex vs Tolson නඩුවේදීය. (1889) 23 QBD 168
සාවද්‍ය මනසකින් තොරව තම පළමු සැමියා මියගිය බවට සද්භාවයෙන් විශ්වාස කරමින් දෙවන විවාහයක් කරගත් Tolson මහත්මියට දිවි විවාහය (Bigamy) යන වරද සම්බන්ධයෙන් සාපරාධී වගකීමක්
ආරෝපණය කළ හැක්කේද? යන්න ඒ නඩුවේ විසැඳිය යුතු ප්‍රශ්නය විය.( issue )
එහිදී අදාළ වරද සිදුකිරීමට සාවද්‍ය මනසක් ඇය තුළ නොතිබුණු බැවින් ඇයට සාපරාධී වගකීමක් පැවරීම සිදු කළ නොහැකි බව තීන්දු විය.
2. සාවද්‍ය චේතනාව (Mens rea)
Mens rea යනුවෙන් හැඳින්වෙන්නේ සාපරාධී ක්‍රියාව සිදුකරන්නාගේ සිතේ අදාළ ක්‍රියාව ස්වේච්චාවෙන් සිදුකරන අවස්ථාවේ ඇති සාපරාධී චේතනාවයි. දඬුවම් තීරණය කෙරෙන්නේ චේතනාවෙ මට්ටමට සාපේක්ෂවය.
අදාළ අවස්ථාපිත සාධක අනුව, සාධාරණ මිනිසෙකුට, තමා සිදු කරන සාපරාධී ක්‍රියාවේ ප්‍රතිඵලය පූර්වේක්ෂණය කළ හැකි මට්ටම වැඩි වේ නම්, චේතනාව පැහැදිලි වන අතර සාපරාධී වගකීමද වැඩි වේ.
(The more predictable the outcome, the greater the liability)
සාවද්‍ය චේතනාව විවිධ මට්ටම් වලට වර්ගීකරණය කර තිබේ.
1.) Pre Planned, pre meditated intention: සැලසුම් සහගත චේතනාව. උදාහරණයක් ලෙස පාතාල කුලී ඝාතන (contract killing)
2.) Intention : සාමාන්‍ය චේතනාව
3.)Sudden intention : සමුච්චිත ප්‍රකෝපය (cumulative provocation), හදිසි ප්‍රකෝපය(sudden provocation) ආදිය මත සිදු කෙරෙන ඝාතන
(උදා: සැමියා බිරිඳට දිනපතා වද දෙයි. දිනෙක එසේ වද දෙද්දි ඇති වන හදිසි කෝපය නිසා බිරිඳ සැමියා මරා දමයි.මෙය සමුච්චිත ප්‍රකෝපය යටතේ සිදුවී ඇති ඝාතනයක් හෙයින් මිනීමැරුමක්
නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැලකේ.)
4.) Knowledge : නිශ්චිත ලෙසම යමෙකු ඝාතනය කිරීමට තරම් චේතනාව බලවත් නැති මුත්, තමා කරන ක්‍රියාව නිසා මරණය සිදුවිය හැකි බවට දැනුමක් ඇතිව සිදු කරන ක්‍රියා.
(උදාහරණයක් : රැස්වීමකට අත්බෝම්බයක් දමා ගැසීම)
5.) Recklessness: නොසැලකිලිමත් ලෙස රිය පැදවීම ආදියෙන් සිදු වන ඝාතන.
මෙලෙස අවස්ථානුරෑපි සාධක මත අදාළ චූදිතයා හට සාවද්‍ය චේතනාව තිබුණේද ? තිබුණේ නම් එහි මට්ටම කුමක්ද ? යන්න විමසා බලා දඬුවමේ මට්ටම තීරණය කිරීමට නීතිය පරිණාමය විය.
(උදා :උමතු අයෙකුට සාවද්‍ය චේතනාවක් නැත. / මුහුදේ බෝට්ටුවක අතරමංව දුර්වල අයෙකු මරා කා ජීවත් වූ මිනිස්සු “අවශ්‍යතාව” නම් විත්තිවාචකය යටතේ එම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට ඉතා අවම දඬුවමක් පමණක් ලබයි.)
එය තීරණය කිරීමේදී සිදු වී ඇති තුවාල වල ස්වභාවය, අදාළ වරද සිදු කිරීමට තුඩු දුන් හේතූන්/ පසුබිම (motive ) ආදිය සියුම්ව විමසා බැලේ.
කෙසේවුවද සාවද්‍ය චේතනාව නොසලකා (Strict liability), සාවද්‍ය ක්‍රියාව මතම අපරාධ වගකීම පවරන අවස්ථාවන්ද පවතී.
උදාහරණයක් ලෙස ලංකා නීතියේ (දණ්ඩ නීති සංග්‍රහයට 1995 සිදු කළ 22 වෙනී සංශෝධනය අනුව, 363 (ඉ) වගන්තිය ) යටතේ අවුරුදු 16 ට අඩු ස්ත්‍රියක් සමඟ ඇගේ කැමැත්ත ඇතිව සංසර්ගයේ යෙදුනද,
ඔහු “ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය” (Statutory rape) නම් වරදට වැරදිකරු වේ.
මීට හේතුව එම ස්ත්‍රිය, එබඳු සංසර්ගයකට කැමැත්ත දීමට සුදුසු වයස් මට්ටමක නොසිටින බව නීතිය සැලකීමයි.
නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා ලිපිය ඇසුරෙන්…
- අන්‍යස්ථානිකභාවය හෙවත් නොතැනියාවේ විත්තිවාචකය (Defense Of Alibi )
අන්‍යස්ථානිකභාවය හෙවත් නොතැනියාවේ විත්තිවාචකය ලෙස අර්ථවත් වන්නේ යම් අපරාධ ක්‍රියාවක් සිදුවන වෙලාවේදී අදාල අපරාධ ක්‍රියාවට නම් කර සිටින චූදිතයා තමන් එම ස්ථානයේ නොව
වෙනත් ස්ථානයක සිටි බවට ප්‍රකාශ කරමින් ගෙන එනු ලබන විත්තිවාචකයයි.
ලංකාවේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත අනුව පහත පරිදි වේ. (නීතිඥ සුසිත නුවන් දන්ගහදෙනිය)
(1) මහාධිකරණයේ දී අධිචෝදනා මත නඩු විභාගයක් පවත්වන අතරතුරදී නොතැනියාව පිළිබඳ විත්තිවාචකයක් ඇති බවට පොලිසියට ප්‍රකාශ කර ඇත්නම් මිස ; හෝ
(ආ) මූලික පරීක්ෂණය සිදු කරමින් පවතින යම් කවර අවස්ථාවක දී හෝ එවැනි කරුණක් පොලිසියට ප්‍රකාශකර ඇත්නම් මිස : හෝ
(ඈ) අධිචෝදනා පත්‍රය භාරදීමෙන් පසු නඩු ව්භාගය ආරම්භවීමේ දිනයට දින දහ හතරකට පෙර කවර අවස්ථාවකදී හෝ නීතිපතිවරයාට දැණුම්දීමක් සහිතව එවැනි විත්ති වාචකයක් මතුකර ඇත්නම් මිස
කිසිම තැනැත්තෙකුට හිමිකමක් නොතිබිය යුතුය.
එසේ වූවද ඉහත දක්වා ඇති කාලසීමාව ඇතුලත නොතැනියාව පිළිබඳ විත්තිවාචකය පල කිරීමට තමා ප්‍රමාද වුයේ ඇයිද යන්න පෙන්නුම් කිරීම සඳහා ප්‍රමාණවත් හේතු චූදිතයා විසින් ඉදිරිපත් කර ඇති බව
අධිකරණයේ මතය වන්නෙ නම් නොතැනියාව පිළිබඳ විත්තිවාචකය ඉදිරිපත් කිරීම සඳහා ඉන්පසුව සහ පැමිණිල්ලේ නඩුව අවසන්වීමට පෙරාතුව කවර හෝ අවස්ථාවකදී අධිකරණය විසින් චූදිතයාට අවසර දෙනු ලැබිය හැකිය.
(2) එම තැනැත්තා සිටි බවට හිමිකම්පාන වේලාව සහ ස්ථානය පිළිබඳ සියලු තොරතුරුද එම තැනැත්තාගේ නොතැනියාව සනාථ කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් කරන තැනැත්තන් පිළිබඳ මුල් ප්‍රකාශයේ අන්තර්ගත විය යුතුය.
(3) මේ වගන්තියේ කාර්ය සඳහා නොතැනියාව සනාථ කිරීම සඳහා සාක්ෂි යන්නෙන් විත්තිකරු යම් විශේෂිත ස්ථානයක හෝ විශේෂිත ප්‍රදේශයක විශේෂිත වේලාවක් තුලදී සිටීමේ හේතුව නිසා චෝදනා කරනු ලබන වරද සිදු වූ
අවස්ථාවේදී වරද සිදු කරනු ලැබුවේ යයි කියනු ලබන ස්ථානයේදී එම තැනැත්තා නොසිටි බවට හෝ සිටීමට ඉඩ නැති බවට පෙන්වීම සඳහා වන සාක්ෂි අදහස් වේ.”
මෙම වගන්තියේ ප්‍රතිපාදනය අනුගමනය කර නොමැති නම් මෙම විත්තිවාචකය සම්බන්ධව සාක්ෂි මෙහෙයවීමට චූදිතට අවස්ථාව නොලැබේ.එසේම මෙම විත්තිවාචකය අනෙකුත් විත්තිවාචක මෙන් අධිකරණ ඉදිරියේ
ඔප්පු කිරීමේ භාරයක් චූදිතට නොපැවරෙන අතර අදාල අපරාධය කරන කල්හි චූදිත එම ස්ථානයේ සිටි බවට ඔප්පු කිරීමේ චෝදක පාර්ශවයේ කාර්ය වේ.
චූදිත නොතැනියාවේ විත්තිවාචකය යොදා ගන්නේ එම සාක්ෂි අධිකරණය සෑහිමට පත් නොකරන්නේ නම් එය ප්‍රතික්ෂේප වන අතර අධිකරණයේ ඇගයීමට ලක්වන්නෙ නම් එය සාර්ථක වනු ඇත.
ඊට අමතරව නොතැනියාවේ විත්තිවාචකය විශ්වාසදායි හෝ අවිශ්වාසදායි වූ නමුත් එමගින් නඩුවේ කරුණු සම්බන්ධයෙන් සාධාරණ සැකයක් ජනිත කරන්නේ නම් එහි වාසියද චූදිතයාට හිමි වේ.
ඒ අනුව මෙම විත්තිවාචකයේ සරල අදහස නම් චූදිතයෙකු යම් අපරාධයක් සිදුවන කාලයේදි අපරාධය වූ ස්ථානයට කිසිසේත්ම නොපැමිණිය හැකි ස්ථානයක සිටි බවට ගෙන එන විත්තිවාචකයයි.
කෙසේ නමුත් මෙය යම් සාක්ෂිමය වටිනාකමක් ඇති කරුණක් හෙයින් විත්තිවාචකයට වඩා සාක්ෂිමය ප්‍රබලතාවක් ඇති කරන්නක් වේ.”
- වාක්‍ය වාර්තාව
වරදකරු වූ පුද්ගලයෙකු පිළිබඳ පසුබිම් තොරතුරු අඩංගු ලේඛනයක්. දඬුවම් නියම කිරීමේදී විනිසුරුවරයාට මඟ පෙන්වීම සඳහා එය සූදානම් වේ. සමහර විට ඉදිරිපත් කිරීමේ වාර්තාවක් ලෙස හැඳින්වේ.
- වරද පාපෝච්චාරණය/ වරද කේවල් කිරීම.
මෙතනදී නීතිඥ දිලිනි විතානගේ මහත්මියගේ ලිපියක් උපුටා දක්වන්නම්.
වරද කේවල් කිරීම (PLEA BARGAINING )
අපරාධ නඩුවකදී චූදිතයෙකුට වරද කේවල් කල හැකිද?
“කේවල් කිරීම” එදිනෙදා ජීවිතයේ දී අපිට හුරු පුරුදු වචනයක්.
යම් භාණ්ඩයක් මිලට ගැනීමට ගියත් අපි පුරුදු වෙලා ඉන්නවා කේවල් කරන්න. ඒ කියන්නේ භාණ්ඩයේ මිලට වඩා අඩු මිලකට ඒ භාණ්ඩය ඉල්ලා සිටින්න.
ඒ වගේම යම් වරදකට වරදකරු වූ චූදිතයෙකුට පුලුවන් තම නීතීඥවරයා හෝ නීතීඥවරිය හරහා තමාව අඩු වරදකට වැරදිකරු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කරන්න.
මේ සදහා 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 197 වගන්තිය මූලික වශයෙන් ප්රතිපාදන සපයන අතර ඊට අමතරව මේ පිලිබද සලකා බැලීමේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 205 වගන්තිය ද සැලකිල්ලට ගනු ලබයි.
2005 අංක 14 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත මගින් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කළ අතර ඒ මගින් 197 වගන්තිය ඉවත් කරමින් නව සංශෝධන හදුන්වා දෙන ලදී.
197(1)
(ආ) එම අධිචෝදනා පත්රය මත ඔහු වරදකරු කරනු ලැබිය හැකි අඩු වරදක් සදහා චූදිතයා තමා වරදකරු යැයි උත්තරවාද දෙන්නේ නම් සහ එම උත්තරවාදය පිලිගැනීමට අධිකරණය සහ නීතිපතිවරයා කැමති වන්නේ නම්
සහ ඔහුගේ උත්තරවාදයේ ප්රතිඵලය ඔහු නිවැරදිව අවබෝධ කරගෙන ඇති බව විනිශ්චයකාරවරයා සැහීමකට පත්වන ආකාරයෙන් පෙනී යන්නේ නම්…… ලෙස දක්වා ඇත.
2005 සංශෝධනයට පෙර විනිසුරුතුමාට වරද කේවල් කිරීම සම්බන්ධයෙන් පරම බලයක් තිබූ අතර එකී බලය 2005 සංශෝධනයෙන් පසු ඉවත් වී අඩු වරදකට වරද පිලිගැනීම සදහා විනිසුරුතුමාගේ කැමැත්ත පමණක්
නොව නීතිපතිතුමාගේ කැමැත්තද අවැසි බවට සීමාවක් පැනවීය.
දඩුවම් අඩු කිරීම සදහා නීතීපතිතුමා පහත කරුණු සලකා බලනු ලබයි.
1. චූදිතයා සිදුකළ අපරාධ ක්රියාව සම්බන්ධයෙන් සමාජය දක්වන පිලිකුළ
2. අපරාධ වින්දිතයාට හානි පූරණය කිරීම සදහා චූදිතයා කැමැති වීම
3. තමා සිදුකළ අපරාධය සම්බන්දයෙන් චූදිතයා තුළ පවතින පසුතැවීම
4. චූදිතයාව අඩු වරදකට වැරදිකරු කිරීම සම්බන්ධයෙන් වින්දිතයා තුළ අකැමැත්තක් නොවීම
රෙජීනා එ ඩයස් අප්පුහාමි 14 NLR VOL 58 1955 Pg 49 නඩුවේදී තමන් මිනීමැරීමට නොව සාවදය මනුෂ්‍ය ඝාතනය සදහා වැරදිකරුවන් කරන ලෙස චූදිතයන් කේවල් කරන ලදී.
මෙහිදී අධිකරණය ප්රකාශ කරන ලද්දේ ජූරි සභාවක් ඉදිරියේ පවතින නඩුවකදී ජූරි සභිකයන් එකග වේ නම් අඩු වරදකට වරද පිලිගත හැකි බවයි.
නමුත් මිනීමැරීම සම්බන්ධයෙන් සදහා වූ උත්තරවාද පිළිගැනීම විනිශ්චයකාරවරයා විසින් ප්රතික්ශේප කළ හැකි අතර තමා වරදකරු නොවේයැයි චූදිතයා උත්තරවාද දෙන ලද්දක් මෙන් ඒ නඩු විභාගය පවත්වාගෙන යා යුතුය.
එනම් මිනීමැරීමේ වරද සදහා වැරදිකරු ලෙස පිලිගත නොහැකි බවයි.
එමෙන්ම 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයයේ 205 වගන්තිය, 2005 අංක 14 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත මගින් සංශෝධනය කර ඉවත්කළ අතර එහිදී දැක්වූයේ,
“චූදිතයාට අධිචෝදනා කරනු ලැබුවේ යම් වරදක් සදහාද එම වරද සදහා හෝ අධිචෝදනාව මත ඔහු වරදකරු කරනු ලැබිය හැකි අඩු වරදක් සදහා චූදිතයා තමා වරදකරු යැයි උත්තරවාද දෙන්නේ නම් 197 වන වගන්තියේ විධිවිධාන අදාළ විය යුතුයි.”
සරලව ගතහොත් 205 වගන්තියේ සාරාංශය වනුයේ, අධිචෝදනා ගොනුකල වරදක් සදහා චූදිත අඩු වරදක් පිලිගැනීමට කැමැතිනම් ඒ සදහා 197 වගන්තියේ ප්රතිපාදන භාවිත කළ යුතු බවයි.
තවද 2005 අංක 14 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත 197(2) වගන්තිය අනුව විනිශ්චයකාරවරයා දණ්ඩන නියම පැනවීමේදී චූදිතයා එසේ උත්තරවාද දී ඇතිබව එනම් තමාව අඩු වරදකට
වැරදිකරු කරන්න යනුවෙන් කේවල් කර ඇති බවද සැලකිල්ලට ගෙන දණ්ඩනය නියම කළ යුතුය.
නමුත් ප්රබල වැරදි සම්බන්ධයෙන් අඩු දඩුවම් පමුණුවා වැරදිකරුවන් සමාජයට යැවීම මගින් සමාජය දරන ආකල්පය ගැටලු සහගත බැවින් චූදිතයන් වරද කේවල් කිරීමේදී එයට ඉඩ දෙනවාද නැතිද යන්න අධිකරණය විචක්ශණශීලීව කටයුතු කරනු ලබයි.
ඊළඟ කතාවෙන් හමුවෙනකම් හැමෝටම ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 565 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමාල් ගනේගොඩ (G.V.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-03-02
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
ස්තූතියි හේමාල් සහෝ උපසිරැසියට
thank you macn