MENU

AllBimsara Yashan (ඔලිව)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleSuspense (TV)TVඅප‍රාධ (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)වික්‍රමාන්විත (TV)ළමයින්ට (TV)

Presumed Innocent [S01: E01] Sinhala Subtitles | අපරාධයක මූලාරම්භය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 3 votes.
Please wait...

සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් කියලා ඇහුනොත් ක්ෂණික ඔළුවට එන්නෙ මොකක්ද? සාමාන්‍ය ව්‍යවහාරේ විදියට මිනී මැරුමක් වෙලා කියන එකනෙ. එතකොට අපි හිතන්නෙ කාවහරි මරණ එක මහ වැරදි වැඩක් නෙ. අපේ වැඩිහිටියෝ කියන විදියට කිව්වොත් අහස පොළොව නුහුලන අපරාධයක්නෙ. එ වගෙනෙ ඔලුවට එන්නෙ. තත්වය එහෙම වුනාට, උදාහරණයක් විදියට තමන්ගේ නංගිව දුෂණය කරපු පස් හය දෙනෙක්ව හිරෙන් පැනලා ඇවිත් මරණ අයියා කෙනෙක්ට එක පාරට අයියෝ මහ අපරාධයක් කියලා කියන්න පෙළෙබෙනවද. නෑනෙ. ඒත් ඔන්න ඕක නීතිය බලන්නේ ඊට වඩා පුළුල් ආකාරයට. ඒ වගේම නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම තමයි ඉතාමත්ම වැදගත් කාරණේ. නීතියේ ප්‍රධානම අරමුණ වන්නේ සමාජ සුරක්ෂිතභාවයයි.

දැන් කාටහරි හිතෙන්න පුළුවන් ඇයි මෙච්චර හෑල්ලක් දැම්මේ කියලා? ඒකට කාරණා දෙකක් තියෙනවා. එකක් මේ අරන් එන කෙටි රූපවාහිනි කතාමාලාව මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වෙනස්ම මානයකින් බලන්න සලස්වන්නක්. එක අතකට පුදුම වෙන්න දේකුත් නැහැ මේක නිර්මාණය වෙන්නෙ ඇමරිකානු නීතිඥයෙක් සහ ලේඛකයෙක් වෙන Scott Frederick Turow රචිත Presumed Innocent නවකතාව  පාදක කරගෙන නිසා. ඒ නිසා කතාව තුළ කතාව නිර්මාණය කරන්නාගේ හිතලු වලට වඩා අපරාධ නීතිය සම්බන්ධ විෂයානුබද්ධ කාරණා විශාල ප්‍රමාණයක් කැටි වෙලා
තියෙනවා. සරලවම ප්‍රේක්ෂකයාට ආපරාධ නීතිය සම්බන්ධ මූලික කාරණා කිහිපයක් ඉගෙන ගන්න මින් අවස්ථාව ලැබිලා තියෙනවා කියන එකයි මගේ අදහස.

දෙවැනි කාරණේ Jake Gyllenhaal. මේ කතාවේ නමින් රස්ටි සැබිච්. ඔයා Source Code, Prisoners, Southpaw, Ambulance, Nightcrawler වගේ සුපිරි චිත්‍රපට බලපු කෙනෙක් නම් මේ කතාමාලාව බලනවද නැත්ද කියලා හිත හිත ඉන්නේ නැහැ. Apple Tv+ ඔස්සේ 2024 ජුනි මාසේ විකාශනය ආරම්භ වුනු Episodes 08කින් සමන්විත මෙම කතාමාලව IMDb දර්ශකයේ 7.7ක් සහ Rotten Tomatoes 78% ගන්න සමත්වෙලා තියෙනවා. මේක Legal Drama, Thriller, Crime කියන ඛාණ්ඩ වලට අයත් වෙනවා.

මේ කතාව දිවෙන්නෙ ඇමරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ මනුෂ්‍ය ඝාතන වැඩිම නගරේ වෙන චිකාගෝ වල කුක් කොට්ඪාසයේ දිස්ත්‍රික් නීතිඥ කාර්යාලය පාදක කරගෙනයි. මෙම කාර්යාලයේ ප්‍රධානියා තමයි දිස්ත්‍රික් නීතිඥවරයා වෙන්නෙ. වසර දෙකකට වතාවක් පවත්වෙන ඡන්දයකින් තමයි ඔහු පත්කරගන්නෙ. කාතාව ආරම්භයේදී රේමන්ඩ් හොර්ගන් තමයි දිස්ත්‍රික් නීතිඥවරයා. අපේ කතාවේ කතානායක් තුමා, රස්ටි සැබිච් ඔහුගේ සහයක ප්‍රධාන නියෝජ්‍ය අභිචෝදකවරයා වෙනවා. ඉතින් ඔහුත් එක්ක බොහොමයක් නඩු කටයුතුවලට වැඩකරපු කාර්යාල සගයෙක් වන කැරොලින් පොලිහේමස් මහත්මිය අභිරහස් අන්දමින් අමානුෂික ලෙස ඝාතනය වෙනවා. එහි යුක්තිය පසදලීමේ කාර්යය තමයි මේ කතාවෙන් දිගහැරෙන්නෙ.

අපරාධ වර්ගීකරණය අනුව මෙය පළමු ගණයේ අපරාධයක් වන ප්‍රචණ්ඩකාරී අපරාධක් ලෙස හදුනා ගන්න පුළුවන්. ආරම්භයක් විදියට ඒ අපරාධ වර්ගීකරණය ගැන පොඩි අවබෝධයක් ගමු. ඉදිරි Episodes වලදීත් මෙවැනි නීතිමය කාරණා පිළිබඳ හැකි පමණින් විස්තර කරමින් යන්න බලාපොරොත්තු වෙනවා.

මෙහි ප්‍රධාන කාණ්ඩ 8 ක් තියෙනවා.

1. ප්‍රචණ්ඩ. (violent)
2. දේපල. (occasional)
3. සුදු කරපටි. (white caller)
4. දේශ පාලන. (political)
5. සමාජ සාදුධර්ම.(public order)
6. සාම්ප්‍රධායික.(conventional)
7. සංවිධානාත්මක.(organized)
8. වෘත්තීමය.(professional)

මේ අපරාධ 08 ට අමතරව බාලාපචාර වගයක් ද ලෙස ඊට එකතු කොට ප්‍රායෝගික වගීකරණයක් ගොඩ නගා ඇත.

1. ප්‍රචණ්ඩකා  අපරාධ (violent crimes)

සියලු අපරාධ සාහසිකය, දරුණුය, හිතක් පපුවක් නැත. කිසිම අරමුණක් නොමැතිව කරන අපරාධ තේරුම් ගැනීමට පවා අපහසුය. පුද්ගලයන් අතර ඇති වන ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වන්නේ මුහුණට මුහුණලා ඇතිවන ක්‍රියාවලීන් මතය. ප්‍රචණ්ඩ ක්‍රියාව යනු කෙනෙකුට හෝ කීපදෙනෙකුට එරෙහිව තවත් අයකු හෝ කීපදෙනකු
හෝ සංස්ථාවක් විසින් ශාරීරික බලය ක්‍රියාවේ යෙදවීමය. ප්‍රචණ්ඩ ක්‍රියා නූතනයට පමණක් නොව එය අතිතයේ සිට පැවත එන්නකි.  එසේම මෑතක කතෝලික පල්ලි, හෝටල් ඉලක්ක කරන් ISIS ත්‍රස්තයන් සමුල ඝාතනයක් සිදු  කිරීමද ප්‍රචණ්ඩකා අපරාධයක් ලෙස සලකනු ලබයි.

2. දේපළ වලට එරෙහි වූ අපරාධ

සමාජය තුළ වැඩි  වශයෙන් දැකගත හැකි අපරාධ ලෙස දේපළවලට එරෙහි වූ අපරාධ හැදීන්විය හැකිය. ඇමරිකාවේ සමස්ත අපරාධ වාර්තා වලට අනුව (UCR) එබදු දේපළ පිළිබද අපරාධයක් සෑම තත්පර 03 කටම වරක් ඒ රටේ සිදුවන්නකි.  පුද්ගලයන් මෙවැනි අපරාධයන් හි වැඩි වශයෙන් නිරතවනු ලබන්නේ මුදල් උපයා ගැනීම නිසාත් එම අපරාධ පිළිබද හෙලිදරව් කිරීම අපහසුවන නිසාත්ය. පික්පොකට්කරුවන්, සාප්පු වලින් බඩු සොරකම් කරන්නන්, හොටෙල් වලින් සොරකම් කරන්නන් ආදී විවිධ සොරකම් වල යෙදෙන්නෝ මේ ගණයට වැටෙයි. තවත් අය හොර චෙක්පත් මගින් මිනිසුන් රවටා වංචා සහගත ලෙස මුදල් ලබා ගනිමින් මෙම ක්‍රියා වන්හි නිරත වෙයි.

3. සංවිධානාත්මක අපරාධ


නීතිය පිළිබද සැලකිලිමත්කමක් නැතිව මුදල් හා බලය ලබා ගැනීමට ආර්ථික
හා ශාරීරික බලපුලුවන්කාරකම් යෙදවීම සංවීධානාත්මකව කරන අපරාධ මේ ගණයට වැටෙයි. මේවා සංධාන ශ්‍රම භජනයක් ඇති නීතියෙන් ගැලවීමට සූක්ෂම මාර්ග දන්නා විවිධ විශේෂඥයන්ගෙන් හා වැඩකාරයන්ගෙන් සමන්විත වෙළඳ ව්‍යාපාර මෙන් සකස් වූ ඒවාය. සංධානාත්මක අපරාධ නිදහස් හා අවිධිමත් ලෙස ආරම්භ වන අතර පසුව එවා විධිමත් බවට පත්වන විශේෂිත සබඳතා වලින් යුක්ත වූවක් බවට පත් වේ . එසේම සංධානාත්මක අපරාධ පාතාල ලෝකය සමගද සමාන බවක් උසුලයි. මෙය දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද සංවිධානය වී තිබෙනු දක්නට ලැබේ.4. වෘත්තීමය අපරාධ(professional crime)


වෘත්තීය අපරාධකරුවන් එම ක්ෂේත්‍රය තම වෘත්තිය වශයෙන් නොකඩවා
කරගෙන යනු දැකි අපරාධ වේ. මෙය හදුන්වනු ලබන්නේ ලාභ ලැබෙන අපරාධකාරී රැකියාවන් ලෙසයි. වෘත්තියක් යනුවෙන් යමක් ගැන
අදහස් කරන විට පහත සදහන් අංගෝපාංග සදහන් වෙයි.– ඒ වෘත්තියට සබන්ධ අය තුළ පවත්නා වෘත්තීයම දක්ෂතා චර්යාවන්.
– වෘත්තීය නියෝජනය කරන, ප්‍රයෝජනයට ගනු ලබන වාග්මාලාව.
– වෘත්තීය යුක්ති සහගත කරන ඊට පසුපසින් ඇති සින්ධාන්තමය පැත්ත.
– වෘත්තියට ප්‍රවේශ වන අය ගතයුතු ක්‍රියා මාර්ග.
– තත්ත්වය හා වෘත්තීය දක්ෂතා පිළිබද පිළිගැනීමට ලක්කරනු ලබන
   අන්දම.

වෙනත් ඕනෑම වෘත්තියක් කරන්නා මෙන්ම අපරාධ වෘත්තියක් කරගෙන එහි නිරත වී,ඉන් ජීවනෝපාය සලසා ගන්නන් වෘත්තීයම අපරාධකරු වන් ලෙස සලකයි.

5. ඉහළ පන්ති වල අපරාධ (සුදු කරපටි අපරාධ)


සමාජ ඉහළ තලය නියෝජනය කරන පරිපාලන නිළධාරින්, ව්‍යාපාරික
හිමියන්, රාජ්‍ය නිළධාරින් සහ දේශපාලකයන් ආදීන් විසින් සිදු කරනු ලබන අපරාධ මෙනමින් හදුන්වනු ලබයි. මෙබදු අපරාධ ගැන විග්‍රහ කරන බොල්වි සහ ග්‍රීස් මාතෘකා පහක් යටතේ විග්‍රහ කරයි.1. පුද්ගලයන් කරන අපරාධ (නීතීඥයන්,දොස්තරවරු )
2. සේවකයන් සංස්ථා වලට එරෙහිව කරන අපරාධ.

සංස්ථාවේ ප්‍රතිපත්ති සාධන අය කරන අපරාධ.

1. සංස්ථාවේ ඒජන්තවරු සාමාන්‍ය ජනතාවට විරුද්ධව කරන අපරාධ.
2. වෙළෙන්දන් ජනතාවට විරුද්ධව කරන අපරාධ.

මේ සුදුකරපටි අපරාධ සමාජ විද්‍යාවට ඇතුළත් කොට විග්‍රහ කරනු ලැබූයේ එඩ්වින් සදර්ලන්ච් (1949) දීය. සුදු කරපටි අපරාධ නමින් ඔහු ග්‍රන්ථයක්ද ප්‍රකට කළහ.

6. ලිංගික අපරාධ (sexual crimes)


ලිංගික අපරාධ අද සෑම සමාජයක් තුළම බෙහෙවින් ඉහළ ගොස් පවතී. ලිංගික
සම්බන්ධතා විවිධාකාරයෙන් අත්දැකිය හැකිය. ස්ත්‍රී-පුරු ෂයන් අතර සබන්ධතා මෙන්ම සමලිංගික සබන්ධතා මේ අතර වෙයි.ලිංගික ක්‍රියාවේ ස්වභාවය, ලිංගික ක්‍රියාවට නතු කරගත් කර්මයේ ස්වභාවය, ලිංගික ක්‍රියාව කල සමාජයම අවස්ථාව ඒ ක්‍රියාව සදහා මනාපය ලැබුණාද නැද්ද යන්න යන කරුණු ලිංගික අපරාධයක් ගැන සැළකීමේ දී  ම්න් එක් කාරණයකට වඩා දක්නට ලැබේ නම් ඒ ක්‍රියාව අපරාධයක් ලෙස ගැනුණි.

තමන් ලිංගික කාරියෙහි යෙදෙන්නේ තමන්ගේ නීතිගත භාර්යාව හැර වෙනත් වැඩිහිටි මිනිස් ගැහැණියක සමගද , සතෙකු සමගද , නීතියෙන් බාලවයස්කරුවෙකු, සහෝදරයෙක් හෝ සහෝදරියක්ගේ පුතා හෝ දුව සමග නම් එය ලිංගික අපරාධයකි.  ස්ත්‍රී දූෂණය ලිංගික අපරාධ වල ප්‍රධාන තැනක් ගනී. සමාජය තුළ මෙය කතා කිරීමට මැලිකමක් දක්වයි. එහෙත් සෑම රටකම පාහේ ස්ත්‍රී දූෂණය පවතී. සාමාන්‍යයෙන් ලිංගික
අපරාධ වලට වැඩි  වශයෙන් ලක්වන්නේ වැඩිහිටි ස්ත්‍රී,පුරුෂයන් වුවද, කුඩා ළමුන්ද ලිංගික අපරාධ වලට භාජනය වන අවස්ථා දක්නට ලැබේ.

7. ගොදුරු විරහිත අපරාධ හා අපරාධ ගොදුරු අධ්‍යයනය ( victimiess crime)


ගොදුරු රහිත අපරාධ ස්වභාවික හේතු මෙන්ම වෙනත් හේතු පාදක කරගෙන
සිදුවෙයි. ස්ත්‍රී දූෂණය, සුරාව හා සූදුව, බීමත්කම,ගණිකා වෘත්තිය හා රථ වාහන අනතුරු යනාදිය ගොදුරු විරහිත අපරාධ ගණයට අයත් වෙයි.8. රාජ්‍ය හා සබන්ධ අපරාධ.


රාජ්‍ය හා සබන්ධ අපරාධ කොටස් දෙකක් ඔස්සේ කතා කළ හැ කිය.

  • රජය විසින් කරන අපරාධ.
  • රජයට එරෙහිව කරන අපරාධ.

මිනිසාට ළමා අයිතිවාසිකම් ආරක්ෂා කර ගනීමින් නිදහස් ලෙස සමාජය තුළ ජීවත් වීමට ඉඩ ප්‍රස්ථාව සකස් කර දීම රජය සතු කාර්යයක් වන අතර මෙයට එරෙහිව ක්‍රියා කිරීම රජය කරන බලවත් අපරාධයක් වේ . රජයට එරෙහිව කරන අපරාධ දේශපාලන අපරාධ වේ . පුද්ගලයෙක් හෝ සමූහයෙකුගේ අදහස් ඉටු
කර ගැනීමට ප්‍රචණ්ඩකාරී  ලෙස හැරීසිම දේශපාලන අපරාධ ලෙස හැදින්වේ . රටක ආර්ථික සමාජීය වශයෙන් පිහීමට පත්වන විට රජයට එරෙහිව අපරාධ සිදු කරන අතර මෙය ත්‍රස්තවාදය ලෙසද හදුන්වයි. ඇඩොල්ෆ් හිට්ලර් හා ජෝසප් ස්ටාලින් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් උපමරිම ප්‍රයෝජන ගත්හ.

9. බාලාපචාර (Juvenile Delinquency)


නිතර අසන්නට දකින්නට ලැබෙන අපචාර වගයක් ලෙස බලාපචාර
හැදින්විය හැකිය. වයස 18 න් පහළ පිරිස බාලවයස් කරුවන් ලෙස හඳුන්වයි. බාලාපචාර යනු ළමයින් සිතා මතා තමන් සින් කරනු ලබන
නීති විරෝධී  ක්‍රියාවන් වේ. එමෙන්ම ළමා අපහරණය ළමා අපයෝජනය යනුවෙන් හැදින්වෙන්නේ ළමයින්ට බලහත්කාරයෙන් හෝ ළමයි පෙළඹිම මගින් ළමයි ලවා කරවනු ලබන නීති විරෝධී  ක්‍රියාකාරකම්ය.අවසාන වශයෙන් කියන්න පුළුවන් මේ ක්ෂේත්‍රය විමර්ශනය කරන්න තරම් රුචිකත්වයක් ඇතිවන ක්ෂේත්‍රයක්. මේ සම්බන්ධ ඔයාලගේ අදහසුත් බෙදා ගැනීමට සහ උසස් රසවින්දනයකට ආරාධනා කරන ගමන් නවතින්නම්. ස්තූතියි!

ලිපිය – හේමාල් ගනේගොඩ (G.V.)


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 949 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

All BT1

 

8 thoughts on “Presumed Innocent [S01: E01] Sinhala Subtitles | අපරාධයක මූලාරම්භය. [සිංහල උපසිරැසි සමඟ]

  • ඉක්මනි්න අනික් ටික දෙනන්.

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    සුපිරියක් තමයි ඉතිං… අනිවා බලනවා සහෝ.
    ලිපියත් නියමෙට තියෙනවා
    උපසිරසියට ස්තූතියි…!

    Reply
  • Buddhika laKMal

    හැමදාම වගේ සුපිරිම ලිපියක් දීලා තියෙනවා මචං……….
    ස්තූතියි ලිපියට සහෝ…..
    ඒ වගේම මේ සීරිස්එකට සිංහල සබ් ගෙනාවටත් බොහෝම ස්තූතියි බිම්සර සහෝ…………

    Reply
  • Dasun Lakruwan

    ලිපිය නම්

    Reply
  • හරි වටින ලිපියක්..බොහෝම ස්තූති..උපසිරැසියට

    Reply
  • සිහනි

    ලස්සන කතාවක්.

    Reply

Leave a Reply to Buddhika laKMal Cancel reply

Your email address will not be published. Required fields are marked *