MENU

AllComicsFeatured ArticlesSinhala Subtitleඅසංක ප්‍රදීප් රණතුංගඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේපවුලේ සැමටබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසිළමයින්ටෆැන්ටසි

Power Rangers (2017) with Sinhala Subtitles | පහේ කල්ලිය [සිංහල උපසිරසි සමඟ] (100)

Rating: 8.7/10. From 96 votes.
Please wait...

 

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඉතින් මෙන්න සියවන පාරටත් මම ඔයාලට උපසිරසියක් අරගෙන ආවා. හරියටම මිට වර්ෂයකට කලින් ඒ කියන්නේ දෙදහස් දහසයේ මැයි දහවෙනි දින Tremors (1990) චිත්‍රපටයෙන් ආරම්භ කර චිත්‍රපටම සියයකට උපසිරසි ඔයාලට අරගෙන ඇවිත් තියනවා. පළමු චිත්‍රපට පනහ මාස තුනක් වැනි කාලකින් දුන්නත් මෙම ඊළඟ චිත්‍රපට පනහට මාස නවයක් ගතවුනා විවිධ හේතු හින්ද. එත් කොහොමහරි අවුරුද්ද පිරෙන දිනයේම සියවෙනි උපසිරැසිය ඔයාලට ගේන්න මම ගත්ත උත්සාහය අවසානයේ සාර්ථක උනා. මෙම දෙවන චිත්‍රපට පනහ තුල Star Track , Dracula වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට මාලාවන් වගේම බයිස්කෝප් වෙබ් අඩවියට පැමිණෙන්න පෙර සිටම එකක් හෝ උපසිරසි කරනවා යැයි සිතා සිටි වුල්වරින් හෙවත් ලෝගන් චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටයත් ඇතුලත්.

සැබවින්ම මෙම පසුගිය අවුරුද්දක කාලයේ මම හිතන්නේ මා විසින් කල යුතුයි යැයි සිතු නොසිතු සියල්ල කිරීමට හැකියාව ලැබුනා. ලංකාවේ එක කොනකින් පැමිණ සබ් එකක් දෙකක් දෙනවා කියල ආසාවට එකතු වෙච්ච මම අවුරුද්දක් ඇතුලත සියලුම ඇඩ්මින් සහෝදරයන් සහ එකම ඇඩ්මින්වරිය හොඳින් දැන හඳුනා ගැනීමට මෙන්ම බයිස්කෝප් වෙබ් අඩවියේ නිර්මාතෘ ඉසිර සහෝදරයා සමග පවා කතා බස් කිරීමට හැකියාව ලැබීම පුද්ගලිකව ලැබූ ජයක් විදියට සලකනවා. එත් එක්කම මගේ ජිවිතයේ වීරයා මෙන්ම අනුගමනය කරනා චරිතයේ අවසන් චිත්‍රපටය වෙනුවෙන් උපසිරසි නිර්මාණය කිරීමට ලැබීම එම නොමියෙන චරිතය සමග මගේ නම සදාකාලයටම එකතු කිරීමක් ලෙස සලකන්න පුළුවන්. ඒවගේම ලොව ප්‍රකට බොහෝ පැරණි චිත්‍රපටවල සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට හැකිවීම මම කිසිදින නොසිතු දෙයක්. ආසාවෙන් පොත්වලින් බැලු බොහෝ විද්‍යා ප්‍රබන්ධ ඊට ඇතුලත්. සරලවම කියනවා නම් බයිස්කෝප් වෙබ් අඩවියට එකතුව ගත කරන ලද මගේ ජිවිතයේ පසුගිය අවුරුද්ද අතිශයෙන්ම සතුටෙන් ගත කරා කිව්වොත් නිවැරදියි.

සමාජ ජාල බාවිතයක් නැති හින්ද අඳුනාගෙන තිබෙන පිරිස බොහොම සුළු ප්‍රමාණයක් උනත් මෙම කාලයේ මා හට උදව් කර කිහිප දෙනෙක් ගැන මතක් කරන්න කැමතියි. පළමු ස්තුතිය යන්න ඕන මගේ බිරිඳට. මොකද අවුරුද්දක් වයස වෙන මගේ දුව සමග සිටිමින් නිවසේ ගත කරන ඉතා කෙටි කාලයෙනුත් වැඩි පැය ගානක් බයිස්කෝප් වෙබ් අඩවිය සමග ගත කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්දයෙන්. ඊට පසුව බයිස්කෝප් වෙබ් අඩවියේ ඇඩ්මින් සහෝදරයන්ට ස්තුති වන්ත වෙන්න ඕන, චිත්‍රපට වෙන්කරගනිමේදී අවශ්‍ය උපදෙස් සහ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්දයෙන්. දැන් විශ්‍රාම සුවයෙන් පසු උනත් සමීර කරුණාරත්න සහෝදරයා තමා මුල් කාලයේ මා උපසිරසි කරන ලද බොහෝ චිත්‍රපට වෙන්කරලා දුන්නේ. කොටින්ම ඔහු තමා මාස තුනෙන් චිත්‍රපට පනහක් කරමු යන සංකල්පය ඇති කර මෙතරම් දුර පැමිණීමට මා පෙළඹවීම සිදු කරේ. ඊළඟට සමන් ප්‍රසාද් සහෝදරයා ඒ කාර්යය සිදුකරා. හසන්ත සහෝදරයා හින්ද තමා ස්ටාර් ට්‍රැක් චිත්‍රපට මාලාව මෙන්ම ලෝගන් චිත්‍රපටය මට ලබා ගැනීමට හැකිඋනේ. ඉතින් මේ තුන්දෙනාට මම පළමුව ස්තුති වන්ත වෙන්න ඕන. ඊළඟට රොයිලි සහෝදරයා. ශාන් විමුක්ති, ආසිරි, යශෝද , චින්තක යන ඇඩ්මින් සහෝදරවරු සහ නිර්මාණි විජේසිංහ ඇඩ්මින්වරිය ට ස්තුතිය පලකරන්න කැමතියි.ඒ වගේම චිත්‍රපට වෙනුවෙන් චායාරුප නිර්මාණය කරදෙන නලින් සහෝදරයා, සඳුන් දනුෂ්ක මෙන්ම ඉමේෂ් නොහොත් නයි මල්ලිත්, බයිස්කෝප් වෙබ් අඩවියේ ස්ටුඩියෝ එකට අලුතෙන්ම සම්බන්ද වෙච්ච ලශේන් නැතිනම් ඔයාල දන්නා එල් සි ද මැල් මලයා ට ස්තුති කරන්න ඕන.

ඊළඟට ස්තුති කරන්න වෙනම කට්ටියක් ඉන්නවා. එයාල තමා මගේ උපසිරසි වලට කමෙන්ට් දාන යාළුවන් ටික. ඒ අතරේ ඉශාන් මදුශ , වෙබ් බුවා, අසිත, මිතුන්, ප්‍රියන්ත දයාකිරිති, කුලංජන මනතුංග මට මතක් කරන්න පුළුවන්. මොකද මෙයාල ගේ විවේචන සහ දිරිමත් කිරීම් තමා පැය ගානක් මහන්සිවෙලා උපසිරසි කිරීමෙන් අපට ලැබෙන්නේ. මම පුද්ගලිකව ස්තුති කරන්න මේ කිහිප දෙනාට මොකද මම ඔයාලට උපසිරසි ගෙනාව සහ ගේන්න ඉන්න සමහර චිත්‍රපට මතක් කරදීම සම්බන්දයෙන්. මේ ගමන්ම මම උපසිරසි ගන්නා ඔයාල ඔක්කොටම දෙයක් කියන්න කැමතියි. මම දැක්ක දෙයක් තමා උපසිරසියක් පරක්කු උනොත් නැතිනම් වැරදුනොත් ඔයාලගේ බැනුම් නම් නොවඩුව උපසිරසි කරුවට ලැබෙනවා. එත් අනිත්වෙලාවට ස්තුතියි වචනය වත් ඔයාල කියන්නේ නැ. මම ඔයාලට යෝජනා කරන්නේ ස්තුතියි කියලවත් කමෙන්ට් එකක් දාන්න කියලයි. මම දන්නා පරිදි බොහෝ උපසිරසි කරුවන් උපසිරසි කරණයෙන් වැළකිලා ඉන්නේ මෙම ඔයාලගෙන් ලැබෙන සහයෝගය නොමැති කම හින්ද. සිංහල ටයිප් කරන්න අපහසු අයට බයිස්කෝප් වෙබ් අඩවියේ උපසිරැසිය රේටින් කිරීමේ පහසුකම ඇතිකරලා තියනවා. එක මවුස් ක්ලික් එකකින් ඒක කරන්න පුළුවන්. ඉතින් අඩුගානේ එහෙම වත් උපසිරසි කරුවා උනන්දු කරන්න මම ඔයාලට කියනවා. මේ මම කිව්ව යාලුවන්ට අමතරව මට අමතක වෙච්ච අය ඉන්නවා නම් සමාවෙන්න කියලත් කියන්න ඕන.

දැන් චිත්‍රපටය ගැන කතා කරමු. මේ චිත්‍රපටයෙත් නිල හිමිකම නොහොත් වෙන් කරගෙන තිබුනේ හසන්ත සහෝදරයා. එත් මේ ලඟකදී ඉඳල එයා ටිකක් අලස ස්වරුපයෙන් ඉන්නේ. ගොඩක් චිත්‍රපට ලොබ කමක් නැතුව බෙදල දෙනවා. ඉතින් අලුත් චිත්‍රපටයකින් සියවන උපසිරැසිය කරන්න අදහසක් නොතිබ්බ මට එයා තමා මේ චිත්‍රපටය දුන්නේ. ඉතින් ළමා කාලයේ කාටුන් එකකින් බලල තිබ්බ මේ කතාව හා සම්බන්ද චිත්‍රපටය දෙන්නද ඇහුවම මම එක පයින් කැමති උනා. ඉතින් පිටසක්වල ජීවින් සහ සුපිරි වීරයන් සම්බන්ද මේ චිත්‍රපටයට මම උපසිරසි අරගෙන එන්නේ ඒ හේතුවෙන්. පෘතුවියේ මුල්ම කාලයේ ඇදවැටුණු පිටසක්වල යානයක් සොයා ගන්නා ටිකක් විතර නාහෙට අහන්නේ නැති යහළුවන් ටිකක් වටේ තමා කතාව ගොඩ නැගෙන්නේ. ලැබෙන සුපිරි බලයෙන් එයාලගේ ජිවිත වෙනස් වෙනවා වගේම ලෝකයේ විනාශය නැවත්වීමට ගන්නා උත්සාහයන් මේ චිත්‍රපටයේ ඔයාලට බලන්න පුළුවන්. මාවල් හෝ ඩිසි නොවන මෙම සුපිරි වීරයන් රැගත් චිත්‍රපටය රසවිඳින්න කියල කියනවා.

මම මිට කලින් රුපවාහිනී කතාමාලා ඔයාලට දීල නැ. මොකද මට ඕන උනේ උපසිරසි සියයක් චිත්‍රපට වලින්ම කරන්න. මම දන්නේ නැ මිට කලින් කවුරුවත් චිත්‍රපට වලින්ම උපසිරසි සියය සම්පුර්ණ කරාද කියල. කොහොම හරි මම ඒ ඉලක්කය සම්පුර්ණ කර ගත්ත හින්ද ඊළඟට ඔයාලට රුපවාහිනී කතා මාලාවක් අරගෙන එන්න සුදානම් වෙනවා. මමත් බොහෝ කැමති එම කතා මාලාව ඔයාලට අරගෙන එන ගමන් චිත්‍රපටත් ඔයාලට අරගෙන එනවා කියල මතක් කරනවා. ඉතින් එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි…

Power Rangers (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Power.Rangers.2017.720p.BluRay.x264-[YTS.AG]
Power.Rangers.2017.1080p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 47627 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/AsankaGAP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

154 thoughts on “Power Rangers (2017) with Sinhala Subtitles | පහේ කල්ලිය [සිංහල උපසිරසි සමඟ] (100)

  • chinthaka.max4

    thankx machan

    Reply
  • Suranga Weerasinghe

    Mata me film eka download karaganna widiyak kiyanna

    Reply
  • nuwanlankapriya

    sub ekata tankzz

    Reply
  • Sandunprabath1230

    Thanks සහෝ

    Reply
  • Awurudu dekak pahu wela mama nam meka balanne. Kohoma hari thanks for the sub and congratulations.

    Reply
  • Farmchemie_Roshan

    Thanks for sub.wish you all the best!!!

    Reply
  • Vimukthi2001

    අයියගෙ 50 වෙනි සබ් එකේ ෆිල්ම් එකත් (Ninja Turtles 2) මුලින් මං බලල තිබුනෙ කැමරා කොපිය.ඒ වගේම මේ 100 වෙනි සබ් එකේ ෆිල්ම් එකත් මුලින් මං බලල තිබුනෙ කැමරා කොපිය.ඒත් ඉතින් දැන් අයියට ස්තූතියි වෙන්න සිංහල සබ් දාගෙනම බලනව.ඔන්න මේ සබ් එකත් සුපිරියටම තියෙනවයි කියල බලන්නෙ නැතුවම කියනව.මොකද අයියගෙ සබ් නීට් එකටම තියෙනවනෙ.100 වෙනි සිංහල උපසිරසියට සුබ පැතුම්! තව ඉදිරියටත් උපසිරසි ගොඩා…..ක් දෙමු.පුලුවන්නම් Ultimate Avengers සිංහල සබ් දෙන්න.උපසිරසියට ගොඩාක් ස්තූතියි*වුල්වරින්*

    Reply
  • mekata wetharak soyagatha nohaka kiyala error ekak enawa. download karanna be

    Reply
  • Sajith Chathuranga Wijekoon

    Thanks.

    Reply
  • film eka kohedaa thiyennee

    Reply
  • 100වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා අයියේ…!!!
    ඉදිරි කඩයිම්වලටත් ඉක්මනින් යාමට හැකිවේවා…!!!
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා…!

    Reply
  • සමන් ප්‍රසාද්

    කමෙන්ටුවක් කොටන්න පරක්කු වුණාට සමාවෙන්න අසංක අයියේ… දැන් ඉතිං ඉස්සර වගේ කතාබහක්වත් දාන්න සෙට් වෙන එකක්යෑ.
    එහෙනම් දෙවැනි කඩඉම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා…!!!
    සයිට් එකේ වේගෙන්ම කඩඉම් පහු කරන කෙනෙක් කියලා කියන්න පුළුවන්.
    එහෙනම් ඊළඟ කඩඉමත් මේ වගේම වේගෙන් ගේමු.
    ජය වේවා…!!!

    Reply
  • Thanks bro. Jaya weewa

    Reply
  • sub nane 404 kiyala enawa

    Reply
  • 100 වෙනි උපසිරැසියට ජයෙන් ජය ..ඉදිරියටත් මෙවන් සිනමා පට සඳහා උපසිරැසි කරනයේ යෙදෙන්න හැකියාව ලැබේවා ..

    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජයෙන් ජය ..

    Reply
  • Ekata mokada krnne… hadanna bari weida

    Reply
  • Sudhara Rajakaruna

    Not found kiyala watenawane
    Sub 1 download karanna banee..

    Reply
  • Niyami ..sahoo..thanks sub ekata

    Reply
  • නියමයි අසංක අයියේ ඔන්න අද තමා මේකෙ සබ බෑවෙ. මොනව වුනත් මගේ ඇඩ්මින් අයියනේ

    Reply
  • Sandun_zuti

    Thanks bro sub ekata..
    congratz 100 weni sub ekta

    Reply
  • Thawa karamu bro ela ela

    Reply
  • Ado wolverine thanks bn sub ekata

    Reply
  • Amila Mudalige

    බොහොම ස්තුතිය අසංක අයියෙ. 100 වෙනි උපසිරසියට සුභ පැතුම්!! තව තවත් උපසිරසි ලබා දීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනව. ජය!!

    Reply
  • saliya godakumbura

    Thank u saho..

    Reply
  • Prasad Randunu

    Bohoooooma pin aiya…. tnk u.. jaya wewaaaa

    Reply
  • Suba patuma bro digatama sub karanan shaktiya dahiraya labenna kiyala wish karanqa thanks

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරසියට
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු
    …. .තව වොල්වරින් ඉන්න ෆිල්ම් එනා කියල කතාවක් තියෙනව ඇත්තද ඒක hugh jackman නෙවෙයි වෙන ඩයල් රඟපාන …

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. 100 වෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම්.. ජය වේවා….

    Reply
  • 100 වැනි උපසිරැසියට සුබ පැතුම්…ජයවේවා.

    Reply
  • නියමයි සහෝ … බැලිල්ලක් තමයි br එනකල් හිටියේ… ගොඩක් ස්තුති සබි එකට… එ වගේම බයිස්කෝප් ඩවුන්ලෝඩි එක හරහා ඔබලා කරන්නේ ලොකු උදවිවක්… ලින්ක් දුන්නේ නැති කාලේ.. ලින්ක් හොයලාම ෆිල්ම් බලන්න එපා වුනා….. දිගටම මෙි වගේ වැඩෙි කරන් යමු…. කියමයි….

    Reply
  • ashan lankanath

    thanks ………………………good luck

    Reply
  • tharindumal

    Thnkzzz mcn sub ekta✔️

    Reply
  • Udara Damith B/K

    br update කලාට බොහොම ස්තූතියි

    Reply
  • ඉෂාන් මදුෂ

    සබ් එක br update කලාට බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • 100 වැනි උපසිරැසියට සුබ පැතුම්

    Reply
  • චරිත්

    බොහෝම ස්තූතියි …ජයවේවා

    Reply
  • nirodha uthpala

    Mr wolvarin bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya digatama demu

    Reply
  • ………බුදු සරණයි – දෙවි පිහිටයි.

    BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    සහෝගේ උපසිරසි නිකන්ම උපසිරසියක්
    නොවෙන වග, මොකද අපිට ඒකෙන් කතාව ගැන විතරක්ම ගන්න
    අවබෝධයකට වඩා වැඩි අන්තර්ගතයක්, වැඩි වටිනාකමක් තිබුණා.
    නොදන්න දේවල් වඩා විස්තරාත්මකව පෙන්නලා දීලා තිබුණා.
    අනිත් කාරණාව තමයි සහෝගේ ලිපි ලිවීමේ හැකියාව.
    ලිපි වලිනුත් සහෝ නොදන්න කරුණු කාරණා ගොඩාක්
    අපි හැමෝටම කියලා දුන්නා.
    කතාව ගැන නොදන්න කෙනෙක්ට වුනත් සහෝගේ ලිපියක් බැලුවම
    දිගටම කතාවත් එක්ක එකතු වෙන්න හිතෙන තරමටම ලිපි ගැළපිලා තිබුණා.

    Reply
  • logan obata jaya….
    200 vani sabata ekmanata lanwewa…..

    Reply
  • bohoma sthuthi sahooo bluray ekka enakanma balgena hitiya niyamai sahooo degatama karagena yamo

    Reply
  • charith eranga

    Thanks br enakan hitiye…..

    Reply
  • charith eranga

    Thanka br enakan hitiye…..

    Reply
  • Sub ekata thnx sahodaraya… God job..!!

    Reply
  • Ravindu Sandeepa

    Blu Ray eka awoo ekath dennako

    Reply
  • විත්‍ර‍පටවලින්ම උපසිරැසි 100 ක් !
    Logan බැලුවා ඒකත් සුපිරියි.
    බොහෝම ස්තුතියි

    Reply
  • 100 වැනි උපසිරැසියට සුබ පැතුම් අසංක සහෝ….
    සුපිරිම වේගෙන් 50 කඩ ඉම ඒ වගේම දැන් 100 වැනි කඩ ඉමත්
    පහු කරල….
    ඔය වේගෙන්ම 150 කඩ ඉමත් පහුකරමු එහෙනම්….

    Reply
  • Thnxxxxxxxxxxxxxxxxxx

    Reply
  • Isuru Malaka

    Thanks for the sub…
    100 වන උපසිරැසියට සුභ පැතුම්….

    Reply
  • අප්ඩෙට් එකට ගොඩක් ස්තුතියි

    Reply
  • Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • meke WEB-DL Update eka denna

    Reply
  • original video ekak enna thawa kochchara kal yai da??

    Reply
  • Kohomada saho ochchara sub karanne? Job ekak wena wada nadda? Apita me ape wada tika karagannath wela madi.
    Anith eka kawda me Isira? Royli neweyida baiscope sinhalen haduiwe?

    Reply
    • රොයිලි සහෝ තමා පලවෙනි සිංහල සබ් එක හැදුවේ. එයාගේ යාලුවෙක් වෙච්ච ඉසිර සහෝගේ තමා අදහස. එයා තමා මේ සයිට් එක හැදුවේ. මේ සංකල්පය ගෙනාවේ.

      Reply
  • GOOD WORK.AMERICAN GODS TV SRS EKTATH SUB?

    Reply
  • නියමයි….
    සුපිරි…..
    වේගෙන්ම 50 ගැහුවා…
    ඒවගේම 100ත් ගැහුවා…
    ජය වේවා….
    සුපිරි…!
    වෙන නමකින් කමෙන්ට් කරාට මේ මංම තමයි බ්‍රෝ…U.B…!

    Reply
  • ඔයාලාගේ සේවයට බොහෝම ස්තුතියි.

    Reply
  • dilan lakmal

    සුපිරි මචෝ .සබ් එකට ගොඩක් ස්තුති .

    Reply
  • Mama me film eka download kale na.cammara copy ekak nisa.eth 100 sub ekata thanks kale nattan wadak nane.hamtissema comment karanna nam bari wenawa.eth oya dana sub ekak hari math balala athi.meeta kalin.a nisa
    good luck for your all family!!!….
    Bro…

    Reply
  • Sub ekata tahnx saho.puluwannam Friends,The big bang theory wage comedy tv series walata sub denna.

    Reply
  • 100 වන උපසිරැසියට සුභ පැතුම්…. සහෝ!………….තව වැඩි වැඩියෙන් සබ් දීමට හැකිවේවා…

    Reply
  • C h a m a r a S a m p a t h [C a s t i e l]

    100’වැනි උපසිරැසියට සුභපැතුම් අසංක සහෝ.
    දැන් සයිට් එකේ ඇඩ්මින් එකේ හුගක් ලොකු සේවයක් කරන වගේම පරණ චිත්‍රපටි හුගක්ම ලබාදීලා හුග දෙනෙක්ගේ ආදරයට පත්වෙච්ච කෙනෙක් නොවැ.
    ලෝගන් එකත් අනිවා බලනවා බ්ලුරේ ආවහම. මේකත් අනිවා බලනවා බ්ලුරේ ආවහම.
    හුගක් ස්තුතියි උපසිරැසියට. මෙතැනින් නොනැවතී ඉදිරි කඩයිම් වලට යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    ජය!

    Reply
  • 100 වන උපසිරැසියට සුභ පැතුම් අසංක සහෝ…
    චිත්‍රපට 100ක් අවුරුද්දකින් සබ් කරනවා කියන්නේ කොච්චර අමාරු දෙයක්ද?
    වැඩ රාජකාරි අස්සේ තවත් උපසිරැසි කරන්න කාලය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • 100 වන කඩයිමට හදවතින්ම සුභ පතනවා සහෝ!
    සිංහල උපසිරැසියටත් ස්තූතියි!

    Reply
  • සුබ පැතුම් අයියේ! උපසිරසියක් කරාම දැනෙන සතුට, ඒ උපසිරසිය බාගෙන බලන අය අපට දක්වන ප්‍රතිචාර නිසා ලැබෙන සතුට ලබා ගන්න පුලුවන් උපසිරැසිකරුවෙක්ට ම විතරයි.වැය වුන කාලයටත්,ශ්‍රමයටත් වඩා ඒ ලැබෙන සතුට වටිනවා.ඒ බව හොදින් ම දන්නා උපසිරැසිකරුවෙක් වන ඔබට දිගු ගමනක් යාමට අවශ්‍ය ශක්තිය,වාසනාව ලැබේවා!

    Reply
  • හිටපු නැති ටික දවසට ලෝගන් අයියා 100 කඩයිමත් පහු කරලා. සුභ පැතුම් අයියෙ. කාර්යය බහුල ජීවිතයක් ගත කරද්දිත් අපි වෙනුවෙන් උපසිරසි ගේනවට බොහොම පින්. පවුල, රැකියාව, ඇඩ්මින් වැඩේ ඇතුළු හැමදෙයක්ම සමබරව කරගන්න ගමන් තව තව උපසිරසිත් කරන්න හැකියාව ලැබේවා කියලා පතනවා. ජය… ආහ් මාවත් මතක් කරාට බොහොම ස්තූතියි..

    Reply
  • 100 weni sub eka wenuwen subapethum.
    puluwannam me TV series walata sub karanna.

    1. FRIENDS (1994-2004)
    2. SCRUBS (2001-2010)
    3. MacGyver (1985-1992)

    Reply
  • 100වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා සහෝ..ඊලග කඩයිම් වලටත් ඉක්මනින් ලගාවෙන්න සුභ පතනවා! ජයවේවා එහෙනම්!!

    Reply
  • Thank you sub 1ta.american gods tv show 1n tv show kirrilla pattaaaan gamu.

    Reply
  • 100 වැනි උපසිරසියට සුභ පැතුම්

    Reply
  • janith priyashan

    hd copy ganna link ekak denna

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා)

    කොහෙද ඉතින්, දිගටම කමෙන්ට් කරගෙන ගියා ෆිල්ම් වලට,
    සතියක් වැඩේ කොරන් යන්න බැරි වුනා නෙට් හෙනහුරා ගැහුවා.
    නෙට් කැපුවා.
    ඒ අස්සේ මේකා සීයක් ගහලා.
    බොහොඅම්ත් ඉස්තිතියි ලෝගන්නයියේ සබ එකට, ඒ වගේම සුපිරිම ෆිලුමකින් තමා ඉතින් සීය ගැහුවේ,
    ලෝගන්. අපි දන්නවා ඉතින් මේක ගන්න කොච්චර කට්ටක් කෑවද? කියලා ලෝගන් එකෙන්ම සීය ගහන්න.
    කොහොමහරි ඒ බලාපොත්තුව ඉස්ට උනා නේ.
    නේද?
    එහෙනම් ඔන්න සබ ගන්නවා. ෆිලුමත් එක්ක.
    ජයවේවා!!

    රැවටුණා නොවේ මේ අප, විස්වාස කළා පමණයි.
    (ලෝගන් තේමා වැකිය)

    Reply
  • ashen malinda

    මචන් උබ පරණ ෆිල්ම් වලට සබ්ටයිටල් දාන එක සැහෙන්න හොද වැඩක් හුගක් උන් අලුත් ඒවා ඉල්ලුවට 80 90 කාලේ ෆිල්ම් වල තියෙන අමුතු ගතිය දැන් හුගක් ඒවගේ නැ. උබ පුළුවන් නම් තව පරණ එවට දාපන් උබට ජය! මැගයිවර් පරණ එකට සබ් එක දාපන් ට්ව් සිරිස් දානවනම්

    Reply
  • සක්වල මිතුරා

    සුබ පැතුම්

    Reply
  • එල එල මචෝ, තව තව වැඩි වැඩියෙන් සබ් දීමට හැකිවේවා…
    ඒ විතරක් නෙමේ කරන කියන සියලු දේවල් සාර්ථකම වේවා…
    අන්තිම වශයෙන් බොහොම ස්තුති මචෝ….

    Reply
  • Nüwäñthå Dúlån

    ෆිල්ම් වලින්ම 100 ගැහුවා කියන්නේ ලේසි වැඩක් නම් නෙමෙයි,
    සෑහෙන කට්ටක්,
    එහෙනම් ඔන්න මාත් 100 වෙනි කඩයිමට සුභපතනවා,
    තවත් වැඩි වැඩියෙන් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා,
    ජය !!!!

    Reply
  • Amila Kaushalya

    congrats sah 100 sub 1ta 200th ikma dipan bro thada wish yo

    Reply
  • විමා

    මුලින්ම සියවෙනි උපසිරසි පරිවර්තනය වෙනුවෙන් සුභපැතුම් ගැප් අයියේ
    තාම අපි කියන්නේ ගැප් කියලම තමා
    වැඩරාජකාරි සියල්ල අස්සේ මේ වගේ ඉක්මනට මේ තරම් දුරක් එනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමේ
    අනික ෆිල්ම් වලින් විතරක්
    මම දන්නා විදියට තවම කවුරුත් ෆිල්ම් වලින් විතරක් සියවෙනි කඩයිම සමත් වෙලා නැහැ
    එහෙමනම් මේ පිං බලයෙන් කරන කියන සියලු වැඩ අරජකාරි සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
    හෙමින් හෙමින් හරි හැමදාමත් අපිත් එක්ක රැඳී සිටින්නට ඉඩ හසර ලැබේවා
    ජයෙන් ජයම වේවා

    Reply
  • dilan lakmal

    Ela bro.santhosai.1000 wth sub oni.api film ekak supiriyatama balanne oyala nisa.thanks.jaya wewa

    Reply
  • දිල්ශාන් සචින්ත

    හම්මෝ හොරගෙඩියා වගේ
    ෆිල්ම් වලින්ම 100ත් ගැහුවා නේ. ඇත්තටම අයියා ඔයාට පින්සිද්ද වෙන්න පරන
    චිත්‍රපටි ගොඩාක් ආසාවෙන් බලන්න පුළුවන් වුනා… ඒ වගේම ඔයාගේ උපසිරසි
    නිර්මාණවල ගුණත්වය ආය කියලා වැඩක් නැහැ. අනර්ගයි. ඉතින් ගොඩක් සතුටුයි 100
    නතර වෙන්නේ නැතිව ඉදිරියටත් මේ වගේ ලස්සන නිර්මාණ කරමින් 200,300 කඩයිමුත්
    පහුකරමු.අහ් තව දෙයක් කියන්න ඔනි.. මම මේක 50හෙදිත් කිව්වා දැන්වත් ඔය මුන පෙන්නුවානම් නරකද..

    Reply
    • sam fisher

      සබ් 100 ක් කියන්න්‍ෙ ල්‍ෙසි වැඩක් න්‍ෙම්‍ෙ යි න්‍ෙ.තමන්ට,පවුල්‍ෙ ද‍ෙයකට,film එකක් බලන්න වග්‍ෙ තියන කාලය වැයකරලා නා‍ෙමිල්‍ෙ සපයන ම්‍ෙ ස්‍ෙවය :-[ අගය කරනවා.ටිවි show එක ම‍ොකද්දදදදදද.පලව‍ෙනි tv show එකනිසා පට්ට එකක් ද්‍ෙන්න.

      Reply
  • Thisara Neo

    හදවතින්ම සුබ පැතුම් සහෝ 100 වෙනි කඩයිමට… අවංකවම කිව්වොත් ඔයාගේ සබ් වලින් තවමත් බැලුවේ star trek, logan, TMNT ටික විතරයි… 50ඉඳන් 100 කරන්න සබ් කරන වේගෙ අඩු උනත් සයිට් එකේ කරන අනෙක් වැඩ නිසා ඒකෙන් පාඩුවක් නෑ… හැබැයි ඉක්මනටම 150 කඩයිමට ලං වෙන්නට සුබ පතනවා…
    ජයවේවා…..

    #Hail_Hydra

    Reply
  • 100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පැතුම් සහෝ. දිගටම උපසිරැස දෙමු… ජය වේවා..

    Reply
  • උණුසුම් සුබ පැතුම් අසංක සහෝ. මේ දවස් වල සයිට් එකේ වැඩ වලින් බොහෝ ප්‍රමාණයක් කරන හින්දා මේ කඩ ඉමට එන්න ගොඩක් පරක්කු වුණා මම හිතන්නේ. මෙතනින් නොනැවතී හැකි ඉක්මනින් ඉලඟ කඩඉමට යන්න ලැබේවායි පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴

    Reply
  • සචිත් ලක්ෂාන්(සචී)

    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පැතුම් අසංක අයියා
    එනකන් බලාගෙන හිටපු ෆිලුමක් නෙව
    උපසිරසියටත් ස්තුතියි
    150ටත් ඉක්මනටම යමු
    ජය වේවා..
    —SACHI—

    Reply
  • Congratulations aiye 100th subtitle ekata! Baiscope eken sub download karagatttata comment danne na.danna welawak na godak welawata hadissiye enne bagena yanna.ath oyage post eka kiyewwata passe comment ekak noda yanna hitha dunnema na.a kale idan baiscope ekata sub karanna math asawen hitiye ,ath welawak set wen na mata.Digin digatama me wage subtitles lestama denna shakthiya dhairaya wasanawa labewa kiyala prarthana karanawa oyata!
    Jayawewa!

    Reply
  • eka torrent ekakawath mee film eka nane?

    Reply
  • Lahiru Lakmal

    Thanks for sub.
    Congratulations!!

    Reply
  • chathurani dias

    Good luck . Wish you the all success thanks

    Reply
  • thank u brooooo,,,,,oyala api vage film pissanta karana sewaya wenuwen hada piri pranamaya,,,tawa tawath mevani de kirimata shaktiya balaya,,nirogi kama hamadema labewa,,,teruwan saranai

    Reply
  • Rumesh Nilantha Jayaweera

    100ට සුබපැතුම්. සෑහෙන කාලෙකින් අදහසක් දක්වන්නත් බැරි උනා.The Monster Squad 1987 comment කරාට පස්සේ…..අසංක සහෝ දිගටම උපසිරැස දෙමු… ජය වේවා..

    Reply
  • Nirodha uthpala

    Digatama demu bro obata jaya api bro eakka hode

    Reply
  • හසන්ත

    සුබ පැතුම් අසංක !!! 150 වෙනකන් ඉක්මනට යමු. මේ වගේම මම භාරගත්ත තව එකක් දෙන්නම්. සයිට් එකේ වැඩ එක්ක සබ් කරන එක ලේසි දෙයක් නෙමේ. එත් මේකට තියෙන ආසාව දිගටම තියාගන්න එක වටිනවා. ඒ වගේම ඉස්සර වගේ සබ් ගන්න අය සබ් කරන අයට පොඩි හරි වචනයකින් කමෙන්ට් කලොත් ෆිල්ම් රිලීස් වෙන පරක්කුවට ඔයාලට සබ්ටයිටල් ලැබේවි.

    Reply
  • ප්‍රණීත් චින්තක

    මුල් දවස් වල නම් අසංක ප්‍රදීප් රණතුග කිව්වට කට්ටිය දැනන් හිටියේ නෑ. ගොඩක් වෙලාවට අපි කිව්වේ (ගැපා) කියලා G.A.P අකුරු තුන නිසා. දැන් ඉතිං ආපු දුර කියන්නේ චිත්‍රපටි වලින්ම 100 ගැහුවා විතරක් නෙමෙයි සයිට් එකෙක් ලොකු ගේමක් දෙන ඇත්තෙක් නෙව. වැඩ වැඩිවුනා කියලා ඉතිං කෝමහරි අපි වගේ ඉඳලා හිටලා මොකක්හරි දෙමු. අනිත් අය ප්‍රාර්ථනා කරනවා වගේ වැඩි වැඩියෙන් උපසිරැසියක් කාරිය කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ආයු – බෝ -වේවා !!!

    Reply
  • 100 වෙනි සබ් එක වෙනුවෙන් හදවතින්ම සුභ පැතුම් සහෝ. ආපහු සැරයක් ඉස්සර දුන්නා වගේ වේගෙන් වේගෙන් සබ් දෙන්න.
    ඒ වගේම 150,250 වැනි කඩඉම් වලට ඉක්මනින්ම ලඟාවන්නට හැකිවේවා කියා ප්‍රාර්තනා කරනවා. ඒ වගේම උපසිරස නිර්මාණය කරන්නන්ට ලැබෙන දිරිගැන්වීම ගැන කිව්ව කතාවත් හරියටම හරි. එක සබ් එකක් කරාට පස්සෙ තවත් එකක් ඉක්මනට ලබා දෙන්නට හිත නොදෙන්නෙ හරි හැටි දිරිගැන්වීමක් ලැබෙන්නෙ නැති නිසා තමයි. එහෙනම් තවත් දීර්ඝ කාලයක් උපසිරසි නිර්මාණකරණයේ යෙදීමට අවශ්‍ය ශක්තිය,ධෛර්ය්‍ය, කාලය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

    Reply
  • රන්දිම

    සබ් 100 ක් ම අපිට දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    Reply
  • Prasad Randunu

    Bohoooooooma Pin aiya.. Kepawima gdk watinawa ape windanaya udesa. 100 weni Sub ekata unusum suba pethum. Thawa subs denna. Jaya wewa…

    Reply
  • Ravindu Rukshan

    100 උපසිරසියට උණුසුම් සුභ පැතුම්, සහෝ.

    Reply
  • KAVINDA GAMAGE

    පට්ටම චිත්රබපටියක් නොවැ. බ්ලූ රේ කොපියක් ආවහම ආයේ බලන්න බැරියෑ. දැනට මේක නොබලා කොහොමද. මෙන්න බානවා. ජය෴෴ දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. ඒ වගේම මම කැමතියි SMALLVILLE එකත් සබ් දෙනවානම්
    නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
    smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
    මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
    මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
    DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
    පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
    සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

    හැකිනම් KING KONG පරන ෆිල්ම් වලටත් සබ් ලබා දෙන්න.
    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

    Reply
  • Sajith Anthony

    සියවෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් සහෝ,
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    අසංක සහෝගේ ශතකයට සුබපැතුම්..
    50වැනි උපසිරැසිය දීපු වේගෙට මම හිතුවා මාස හයෙන් හතෙන්
    සීයත් දෙයි කියලා. සහෝගේ උපසිරසිනම් මම වැඩි ප්‍රමාණයක්
    බලලා නෑ.මොකද සහෝ දුන්නේ ගොඩක් පැරණි සිනමාපට නිසා.
    කොහොමවුනත් පැරණි සිනමාපට අගය කරන පිරිස වෙනුවෙන් ඒ කළ දේ වටිනවා.
    සහෝ වෙබ්අඩවිය වෙනුවෙන් කරන කර්තව්‍යයත් සුළුපටු නෑ..
    කියන්න තියෙන්නේ පුළුවන් විදිහට දිගටම
    අවශ්‍ය කාලය සොයාගෙන උපසිරසිකරණයේ යෙදෙන්න කියලා තමයි..
    කලින් වගේ මාස දෙකෙන් තුනෙන් 150 ගහන්න හැකිවේවා..
    මේකනම් බ්ලුරේ ආව දවසක බලනවා..
    ඔබට ජයෙන් ජය!

    Reply
  • Sisila Prasad

    සියවෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්, සහෝ.
    මෙතනින් නොනැවතී, ඉදිරි කඩයිම් වලටත් යෑමට අවශ්‍ය ශක්තිය, ධෛර්‍යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    ජයවේවා!!!

    Reply
  • 100 weni upasirasiyata suba pethum saho…

    Reply
  • good luck…..Thanks saho…..

    Reply
  • sasijith hettiarachchi

    thanx bro

    Reply
  • Thanx saho.. honda copiyakata ikmntama update krala denna..

    Reply
  • Udara Damith B/K

    100 ට සුබ පතනවා
    සුබම සුබ වෙසක් දිනයක් වේවා
    ඉක්මනට 150 දෙන්ඩ
    හොද කොපියක් අවම බලනවා
    හොද සුපිරි ටීවී එකක් කරන්ඩ
    අනිවාර්යෙන්ම එකත් බලනවා

    Reply
  • Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    100 වෙනි උපසිරැසට හදවතින්ම සුබ පැතුම් සහෝ..විශේෂයෙන්ම කියන්න ඕනි තාම උපසිරැස 100ක් උනත් කරලා තියෙන්නේ උබ මේ site එක වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරපු කෙනෙක්..අනිත් සහෝදර උපසිරැසි කරැනවන් හැමදෙනා වගේ ඒ කතාව කියලා තියේ. ඉතින් මෙතනින් නොනැවතී ඉදිරියටත් උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මචං. අර ටීවී සීරිස් එක දෙනකම් බලාගෙන ඉන්නවා සහෝ…උබලා කරන සේවයට අපිට කරන්න පුලුවන් එකම දේ comment එකක් දාන එක විතරයි..සබ දෙන එක බැලුවත් නැතත් අනිවා හැම එකටම comment එකක් දානවා මචං..
    ~~බුදුසරණයි..ජය වේවා~~

    Reply
  • ලහිරු ප්‍රසාද්

    100 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා අසංක අයියෙ.
    තවත් ඉදිරියට උපසිරැසි කරන්න අවැසි කාල වේලාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය වේවා!!

    Reply
  • ගොඩක් සතුටුයි සහෝ
    මම හදවතින්ම සුභ පතනවා..!!
    ඔයා නම් සුපිරියි..
    හිතා ගන්නත් බැරි උනා පවුල් උන කෙනෙක්ද මෙච්චර තරගෙට සබ දීල තියෙන්නේ කියලා දැනගත්තම..
    Star Trek, Dracula series පිටින් සබ දුන්න ඔයා කවදාවත් අපේ යාළුවන්ට අමතක වෙන එකක් නෑ..
    ජය වේවා!!!

    දැන් ගොඩක් දෙනක් සබ් කරන්නේ නෑ..
    මම නම් හරියටම දන්නේ නෑ හේතුවක් කියන්න.
    ඔයා කිව්ව් දේත් එක හේතුවක් වෙන්න ඇති.පුද්ගලික හේතුත් ඇති…
    ඉස්සර අලුත් ෆිල්ම් relese වෙන්න ඉඩක් නෑ.මෙහෙ තරගෙට සබ් දානව…
    ඒත් දැන් ෆිල්ම් බාල තියෙනවා..
    සබ නැතිව වේලෙනවා…
    මොනවා කරන්නද කාලය මැවූ වෙනසක අරුමේ..

    ඒත් තාමත් IMDB TOP 250 වලට සබ් දෙන, BLURAY ආවම UPDATE කරන, හැම සබකටම කමෙන්ට් කරන, ෆිල්ම් වලින් තෝරලා තෝරලා හොදම එකකට සබ් දෙන උණ තියෙන කෙල්ලෝ කොල්ලෝ ටිකක් ඉන්න නිසා SITE එක බේරිලා තියෙනවා..
    හැමදාමත් ආදරෙයි බයිස්කෝප්..

    Reply
  • Kasun Widusha

    Ela 100 ta suba pethum .150 ikmanata gahamu

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි.ඔන්න 100 මගෙනුත් උණුසුම් සුබ පැතුම්
    සබ් එකට බොහොම ස්තූතියි.බලන්නෙ නම් br ආපුවාම තමයි.
    සහෝට ස්තූති වෙන්න කලින් නරබලා නැති ෆිල්ම් ගොඩක් බලන්න පුලුවන් උනා
    ඒ වගේම අපගේ ඉල්ලීම් සලකා බලා එම උපසිරසි ලබා දෙන එකත් ඔබ තුළ ඇති වටිනා ගුනයක්
    බව මතක් කර යුතුමයි.සිංහල උපසිරසි කරනයේ දිගු ගමනක් යමාට දිරිය ලැබේවා කියා
    ප්‍රාර්ථනා කරනව.ජයම වේවා!

    Reply
  • 100 වෙනි උපසිරසට සුභ පතනව… සහෝ
    නමුත් කොපියක් නැතිව ඔර්ජිනල් එකම එනකල් ඉදල දැමම්නම් කියල වැඩක් නැ..

    Reply
  • දමිත්

    සුබ පැතුම් සහෝ.
    ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!
    ජයෙන් ජය

    Reply
  • Kulanjana Maduranga

    baiscope rasika api wenuwen methuwak kal kala kapa kirima sahenna watinawa…e wgema ekata godak pin….sahota idiriyatath me wgema sub nirmana krnna shakthiya,dairya labewa…ASANKA sahoge siyalu balaporoththu itu wenna kylath prarthana krnawa…..wish u’r great future…..jayen jaya…

    Hat off Respect Bro….Great work & Lot of thanks ASANKA saho.wish u’r great future…..

    Reply
  • Kantha_DLA

    Hat off Respect Bro….Great work & Lot of thanks ASANKA saho.wish u’r great future…..

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • ලහිරු චානක

    සුබ පැතුම් අසංක අයියා… ඉදිරියටම වැඩේ කරන් යමු. ජය වේවා…!!!

    Reply
  • shathakayata suba pethum!
    baiscope site ekata pradeepayakma wewa!
    thanks Pradeep!

    Reply
  • දසුන් හසන්ත

    උපසිරැසි ශතකය සඳහා සුබ පැතුම්!!! බොහොමත්ම ස්තූතියි…! දිගටම සබ් දෙමු! ජය වේවා!!! තෙරුවන් සරණයි…!

    Reply
  • 100වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ.
    සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • එල්.සී. දමැල්

    100වන උපසිරසගැන්වීම වෙනුවෙන් මගේ උණුසුම් සුභ පැතුම් අසංක අයියා…
    ඔයත් දැන් අපේ මේ සොඳුරු වෙබ් අඩවියේ බල කණුවක් වෙලා හමාරයි…

    100 ගේන්න පරක්කු වුණාට මේ අනිත් උපසිරස බර ගාණක් අඩවියේ පල වෙන්නේ ඔයා නිසයි කියලා කට්ටිය දන්නවත් ඇති… ඒ වෙනුවෙනුත් මේ වෙලාවේ මම ස්තුතිවන්ත වෙනව.

    ඊළඟට 150 නේද? ඒ කඩයිමටත් ඉක්මනටම යන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනව…

    චිත්‍රපටය ගැන කතා කරද්දි,
    ගොඩක් කල් බලාගෙන හිටිය මේක එනකල්…
    ඉතින් බ්ලූරේ ආවම ගන්න ඉන්නවා…
    ඉතින් බොහොම ස්තුතියි උපසිරසට…
    අවසාන වශයෙන් මාව මතක් කළාටත් ස්තුතියි

    Reply
  • thx. wish u all da best

    Reply
  • charith eranga

    elama thanks….
    br copy enakan innawa balanna…

    Reply
  • Withanage Priyantha Dayakeerthi

    අසංක ප්‍රදීප් සොයුර,
    ඔබගේ සිංහල උපසිරසි ශතකයට මාගේ හදපිරි සුබපැතුම් පිරිනමන්නෙමි!!!
    ඒ වගේම කමෙන්ට් එක දමන්නට ප්‍රමාද ටිකක් ප්‍රමාද වුණා. අද මේ වෙබ් එකට ආවේ දින කීපයකට පස්සේ. ඔබගේ වෙහෙසින් නිමවූ මෙම ශතකය තුළ තිබූ බොහෝ සිනමාපට මා නැරඹුවා.(විශේෂයෙන්ම පැරණි සිනමාපට) ඒ අතර ඇල්ෆඩ් හිච්කොක් සිනමාකරුවානන්ගේ The Birds, ක්‍රිස්ටෝපර් ලී රඟපෑ Dracula චිත්‍රපට මාලාව සුවිශේෂ වූවා. එමෙන්ම මා විසින් යෝජනා කළ බොහෝ සිනමාපට සඳහා ඔබ උපසිරසි ලබා දුන්නා. ඒ සඳහා මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ වෙබ් එකට එන සෑම වාරයකදීම ඔබ ලබා දුන් සිංහල උපසිරසියක් තිබේද කියා මා සොයා බලනවා. ඒ මන්ද අපට නරඹන්නට සුවිශේෂී යමක් දෙන කෙනෙක් ඔබ. ඉතිං ඉදිරියේදීත් මෙම කාර්යය සාර්ථකව කරගැනීමට අවශ්‍ය ශක්තිය ඔබට ලැබේවායි පතන්නෙමි. උපසිරසි නිර්මාණය කරන සොයුරෙක් ලෙස සහ බයිස්කෝප් වෙබ් අඩවියේ කාර්ය මඩුල්ල තුළ සුවිශේෂී මෙහෙයක් කරන්නාවූ “අසංක ප්‍රදීප් රණතුංග” නම් වූ ඔබට මාගේ ප්‍රණාමය මෙයින් පුදකර සිටින්නෙමි!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *