Power Play (2021) Sinhala Subtitles | ජීවමාන සත්‍යය ! [සිංහල උපසිරසි]
“තමුසෙලා මගේ කෙල්ලව මරයි,
ඊටපස්සේ මගේ අම්මවයි තාත්තවයි මරයි,
හැබැයි “ඇත්ත” මරන්න බෑ කවදාවත්”
අදකාලේ මිනිස්සු කොච්චර නම් බොරුවෙන් ජීවත් වෙනවද.ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ ඉතින් සුදු රෙදි ඇදන් දියවන්නාවට ආවඩන අයනේ.මොන වැරැද්ද කොහොම කරත් එයාලා ගානට ඒවා වහගෙන තමන්ගේ සමාජ සේවාව කරගෙන යනවා.ඒ කොහොම කරත් අන්තිමට ඇත්ත එළියට එනවා.(චිත්‍රපටිවල) මේ වගේ ඇත්ත යටගහන්න හදන, මිනිස් ජීවිතේක වටිනාකමක් නොදන්න, තමන් විතරයි ජීවත් වෙන්න ඕන කියලා හිතන දෙස්පාලුවෙක්ගේ මිනීමැරුම් කතන්දරයක් වහන්න තියන උවමනාව සහ බලවත් උදවියගේ වැරදි වහන්න දරන උත්සහයක මේ කිසිම දෙයක් නොදන්න තරුණයෙක් පැටලිලා පැටලුම් ලිහාගන්න දරන උත්සහයක් එක්ක තමයි මේ ෆිල්ම් එක ගලාගෙන යන්නේ.
විජෙ කියන චරිතේ වටේ තමයි මේ කතන්දරේ යන්නේ.මෙයා ඒටීඑම් එකෙන් සල්ලිත් අරන් එයාගේ කෙල්ලත් එක්ක පබ් එකකට යනවා. ගෙදරට අහුවෙයි කියන බයට මෙයා බිල් ගෙවන්නේ කෑශ් වලින්. මේ සල්ලි වල හොර නෝට්ටු තියනවා කියලා පබ් එකේ අයිතිකාරයා විජේ එක්ක බහින්බස් වෙනවා. ඔය අතරේ මේ පබ් එකට එනවා පොලීසියෙන්.නිකන් නෙමෙයි පොලිස් ලොක්කෙක්ගෙ පුතෙක් සම්බන්ද කුඩු බිස්නස් එකක් අහුවෙලා ඒක මීඩියා වලින් වහන්න පුළුවන් විදියේ වෙන කේස් එකක් හොය හොය යන පොලීසිය. ඉතින් මේ විජේගෙ සිද්දිය දැක්කම පොලිස්සියටත් හොට නොදා ඉන්න බැරි උනා. කුඩු කේස් එක වහන්න හොර සල්ලි කේස් එකක් දාලා විජේට නඩු දැම්මා. මීඩියාත් සතුටින් ලොක්කොත් සතුටින්. මේ සිද්දිය නිසා විජේට එයාගේ කෙල්ල නැති වෙනවා තාත්තගේ රස්සාව නැති වෙනවා කොල්ලට හැමදේම වගේ නැති වෙනවා.ටික දවසක් යනකොට පොලිසියේ කෙනෙක් කියපු දෙයක් නිසා විජේට හිතෙනවා ඇත්තටම උනේ මොකක්ද කියලා හොයාගෙන යන්න.හොර නෝට්ටු කතන්දරේ හොයාගෙන යනකොට දන්නෙම නැතුව විජේ තවත් නඩුවකට පැටලෙනවා. නිකන් නඩුවක් නෙමෙයි ජනතා නියොජිතයෙක් කරපු මිනීමැරුම් නඩුවකට. ඒත් විජේ වැඩේ අතාරින්නේ නෑ. කොහොමහරි ඇත්ත හොයා ගන්නයි උත්සහා කරන්නේ.මේ හින්දා එයාගේ පවුලේ අයට කෙල්ලගේ ගෙදර අයටත් සෑහෙන කරදර එනවා අර ජනතා නියොජිතයගෙන්.
මේ ෆිල්ම් එකේ ඉන්නේ ජනතා නියොජිතවරියක්. ඒක නිසා තවත් වෙනසක් වෙයි.
මේ අවුරුද්දේ කල එලි බැහැපු මේ තෙලිඟු ෆිල්ම් එක,විජේ කුමාර් කොන්ඩගේ අධ්‍යක්ෂනයෙන්,ශාම්නා කසීම්,රාජ් තරුන්,හේමල් ඉන්ග්ලේ වගේ නළු නිලියන්ගෙන් හැඩවෙනවා. ත්‍රිලර් ෆිල්ම් බලන්න කැමති රසික ජනතාවට සහ තෙලිඟු ෆිල්ම් රසිකයන්ට මේ ෆිල්ම් එක හොඳ ෆිල්ම් එකක් වෙයි.IMDb 5.9 රේටින්ග් එකක් තියන ෆිල්ම් එකක්.ඉවරවෙනකම්ම කුතුහලෙන් පිරිච්ච ෆිල්ම් එකක්. ඇත්තටම සත්‍ය ජයගන්නවද කියලා බලන්න පුළුවන් ෆිල්ම් එක බැලුවොත්.හැමෝටම ජය ✌
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 7709 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “JAAL” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-12-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛