MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඇනිමේෂන්එළචිත්‍රපටිනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්නළමයින්ට

Planes (2013) | හිත ඇති නම් පත කුඩාද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 18 votes.
Please wait...

Planes (2013)
ඉතින් කොහොමද යාළුවනේ ගොඩ කාලෙකට පස්සේ මේ එකතු වෙන්න යන්නේ තවත් ත්‍රිමාන සජීවිකරණ චිත්‍රපට උපසිරසක් සමඟ. මම හිතන්නේ මම අවසන් වතාවට දුන්න උපසිරස Escape from Planet Earth (2013). මේ මගේ දායකත්වය යටතේ ඔබට ලැබෙන 6 වන ඇනිමේෂන් චිත්‍රපට උපසිරස. මැයි වලින් පස්සේ මේ එකතු වෙන්න යන්නේ මාස 5ට පසුවයි. මොකද දැන් අපේ වෙබ්අඩවිය තුල ඇනිමේෂන් ලෝලීන් වැඩි වෙලා ඒ නිසා ඒ ගැන වග කියන්න සැහෙන්න පිරිසක් මඟ බලා ඉන්නවා.එහෙනම් මේ චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ ඩිස්නි නිවසින්. මතකනේ කලින් එයාලගේ නිර්මාණ දෙකක් ආවා Car 1 සහ 2. දැන් මේ අතගහල තියෙන්නේ ගුවනට. මෙහි අධ්‍යක්‍ෂණය සිදු වෙලා තියෙන්නේ Klay Hall විසින් ඒ වගේම හඬ දායකත්වය Carlos Alazraqui, Dane Cook, Stacy Keach සහ ඉන්දියානු නිලි Priyanka Chopra පවා දායකත්වය ලබා දි තිබෙනවා. චිත්‍රපටය බලනකොට හින්දි සින්දුවක් එහෙමත් අහන්න ලැබේවි ඔයාලට. ඒ වගේම පසුගිය අගෝස්තු 09 දින තිරගතකල මේ සලරුවේ පිරිවැය ඩොලර් මිලියන 50ක් ඒ වගේම ඔක්තෝබර් 27 වනවිට සම්පූර්ණ ඇමෙරිකානු අදායම පමණක් ඩොලර් මිලියන 88 කට අධික ප්‍රමාණයක්. ඒ වගේම IMDb අගය වාර්තා වෙන්නේ 5.2ක් විදිහටයි.ඒ වගේම ඉදිරි දිගහැරුම තුලින් සම්පුර්ණ විස්තරයක් දීලා තියෙනවා ඔයාලටත් මෙතනින් ඒ විස්තරත් බලාගන්න ඇහැකි.  

කතාව ගැන කියනවා නම්, කෘමිනාශක ඉසින කුඩා ගුවන් යානයක් ඉන්නවා ටිකක් පිටිසර ඉරිඟු හේනක වැඩ කරමින්. එත් මෙයාගේ හීනය වෙන එකක්. මට මේ ප්ලේන් හාදයාගේ නම කියන්න බැරි උනානේ. මෙයා තමා ඩස්ටි ක්‍රොප්හොපර්. ඉතින් මේ ඇඹිල්ල ඇටේ වගේ හිටියට මෙයා හීන දකින්නේ ජෙට් එක්ක රේස් යන්න. ඒ නිසා මෙයාගේ යාළුවා චග් එක්ක එකතු වෙලා කරන වැඩේ තමා රාජකාරි වේලාවෙන් පස්සේ රේස් පුරුදු වෙන එක. ඉතින් මෙයාල සූදානම් වෙන්නේ ලෝකයේ වේගවත්ම ගුවන් යානය තෝරන තරඟයට ඇතුල් වෙන්න. ඉතින් මේ තරඟයට එන්නේ එසේ මෙසේ අය නෙමෙයි. ලෝකේ වටේම විසිරිලා ඉන්න සුපිරිතම රේස් ධාවකයන්.

ඉතින් මෙතනින් එහාට භාර කරනවා ඩස්ටි එක්ක හීන එලිකරගන්න යන ගමනට ඔබේ දායකත්වය දෙන්න කියලා. ඒ වගේම බලන්න ඒ අතරේදී ඩස්ටි හීන් වලට යන විදිහ සහ හැමදාම වගේ ඇනිමේෂන් චිත්‍රපට වල ලැබෙන උපදේශයත් හිතට ගන්න බලන්න. ඒ වගේම මම කරපු ඇනිමේෂන් චිත්‍රපටි වලින් වැඩිම ලයින් ගානක් තියෙන උපසිරසත් planes. මෙහි ලයින් 1450 ට ආසන්න ප්‍රමාණයක් සිංහලට හරවන්න සිද්ධ උනා. ගුවන් යානා උනාට පුදුම කියවිල්ලක් තමා කියවන්නේ. 😉  එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය!!!

Planes (2013) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10192 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Hasantha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

86 thoughts on “Planes (2013) | හිත ඇති නම් පත කුඩාද? [සිංහල උපසිරැසි සමඟ]

  • මේ Movie එකේ Subtitle එක download කරන්න බෑනේ.කවුරුහරි පොඩ්ඩක් බලලා හදලා දෙන්නකො please

    Reply
  • මේ Movie එකේ Subtitle එක Download කරගන්න බෑනේ.කවුරුහරි බලලා හදලා දෙන්නකො Please

    Reply
  • Thank you very much bro…!!!

    Reply
  • God bless you all. Ada download wenne ne Web page not available why is that.

    Reply
  • Sachith lakshan

    thank you hasantha ayye…ada tamai itin welawak lebune meka balanna…

    Reply
  • tnx meeka dunnata sub 1ka nathuwa hitye meeka balanna….. issarahatath mee wage deewal godak karanna labeewaaaaaa

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • සුපුන් පෙරේරා

    ස්තුතියි! දරුවන්ට හොඳ චිත්‍රපටියක්. මමත් බලනවා හැබැයි!

    Reply
  • දිල්ෂාන් කාලිංග

    කව්ද ඉතින් ඇනිමේෂන් අත අරින්නේ..
    අනිවා බලනවා.
    ටිකක් පරක්කු වෙලා හරි බාන්න දැම්මේ ඒ නිසා.
    බාගෙන යද්දී මොනවා හරි නොලිය යන එක හොඳ නෑනේ.

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.

    Reply
  • සාරංග ලියනගම

    නියම film එකක්.. ගොඩක් ස්තූතියි සහෝ…

    Reply
  • ෆට්ටම වැඩක්.. සුපිරි Movie එක.. (Y) (Y)
    සහෝ’
    ඕල් ඉස් ලොස්ට් (All is lost 2013) Movie එකේ සි0හල උපසිරැසි දෙන්න පුලුවන්ද???

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • Thilina Dinusha

    මගේ එකෙ Subtitle කොටු කොටු වැටෙනවා ……එ මොකද?

    Reply
    • මේ Movie එකේ Subtitle එක download කරන්න බෑනේ.කවුරුහරි පොඩ්ඩක් බලලා හදලා දෙන්නකො please

      Reply
  • බොහොම ස්තුතියි හසන්ත සහෝ සිංහල උපසිරැස වෙනුවෙන්. මම කවදත් ඇනිමේෂන් ෆිල්ම් එකක් අත් අරින්නේ නැහැ.

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • mudiya / මුදියා

    හුරේ ඇනිමේෂන්.
    ආය ඉතිං අපි නම් නොබල ඉඳියි.
    එනකං ඉන්නෙ.
    නියමයි හසන්ත සහෝ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • සංජය

    එල එල බොහොම ස්තුතියි හසන්ත සහෝ…

    Reply
  • ෂා! ඇනිමේශන් නම් ඉතින් ආයෙත් මොනවත් ඕනෙ නෑ!
    හසන්ත අයියා ඇනිමේශන් පැත්තෙ ආවෙ හුඟ කාලෙකින් වගේ. වැඩේ නම් එළ ඈ!
    ඔන්න බානවා. සබට බොහෝම ස්තූතියි!

    Reply
  • Waaaaaaow.. mare maru animation ekakne…!!! Onna ehenam bagaththa. THANKS AND BEST OF LUCK..!

    Reply
  • ඔන්න මේ පාරනං නොබලම බැරි එකක් දීලා නොවෑ.
    ඔය ඩිස්නි කාරයෝ කාර්ස් දෙකෙන් පස්සේ මේ සීන් එක හදනවයි
    කියපු දවසේ ඉදන් බලාන හිටියේ මේක බලන්න.
    නියමයි නියමයි.
    ස්තූථියි.
    අනිව බෑමක්
    ජයවේවා!

    Reply
  • Machan.. ela.. thanks aa…..

    Reply
  • නලින්

    ස්තුතියි හසන්ත අයියා මේක බලා තියා ගත්තා සබ එනකම් බලන්න..

    ජය වේවා!

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    වැඩේ කියන්නේ හසෝ…මට තාම කාර්ස් ෆිල්ම් දෙකත් බලන්න උනේ නැහැ නොවැ…
    හැබැයි ටි වී එකේ කාර්ස් හඬ කවපු සීන් එකක්නම් ගියා..
    පොඩ්ඩක් බැලුවා..ඒ හැටි ඇල්ලුවේ නැහැ මට…
    නැත්නම් ලොවත් නොබලා ඉන්නේ නැහැ..
    කාර් වල යන්න බැරි උනාට මොකෝ ප්ලේන් එකේනම් යන්න ඔන්න ටිකට් එක ටොරන්ට් එකට දාලා තියෙන්නේ…
    හෙට දිහාවට යන්න පුළුවන් වෙයි..
    එහෙනම් ජය වේවා..

    Reply
  • කේ.යූ.ජී. උදාර

    සිංහල උපසි‍රැසට බොහොම ස්තූතියි සහෝ…………

    Reply
  • Great..Thank you so much……….

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි හසන්ත සහො
    ඇනිමේෂන් නම් අත අරින්නෙනෑ
    හොයාගෙන ගිහිල්ලා බලන්නෙ
    ජයවේවා 😀

    Reply
  • Charith Ranathunga

    Patta patta

    Reply
  • එල එල එළම කිරි නියමටම ඇති ගොඩක් පින් සහෝ මේක දුන්නට ජය වේවා

    Reply
  • Pushpa Kumara

    බයිස්කෝප් නම් ෆිල්ම්.. ෆිල්ම් නම් බයිස්කෝප්………

    Reply
  • charitha herath

    ඔන්න එහෙනම් ප්ලේන් වැඩේත් හරි………සබ් එකට රොම්බා Thanx…………

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Achintha sameera

    හසන්ත වික්‍රමරත්න තැන්ක්ස් සබ් එකට.කුංෆු පැන්ඩගේ අලුත් එකට සබ් දෙන්නකෝ

    Reply
  • patta patta mama sub enakan film eka petta palathe beluwe ne tnkz හසන්ත

    Reply
  • Thanks machan thawa cartoon wlata sub damu……

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    ලස්සන කතාවක්නේ ස්තුතියි හසන්ත සහෝ,ජයවේවා.

    Reply
  • Praසන්ன

    බොහොම ස්තුතියි මේකට සබ් දුන්නට.

    Reply
  • surpirine balannama hitiya film ekak….
    sub dunnata pin….

    Reply
  • “චූටී මල්ලි”

    අනිවා සහෝ
    ඇනිමේෂන් මාර ගතියක් තියෙ මටනම්
    මේකත් ඉතින් අනිවම බලනවා
    සබට තුති
    ඔබට ජය………………………

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    අපේ අප්පේ හසෝ එළමකිරි ආ
    ටර්බෝ වගේමයි නේ
    එකෙන්මයි අද දුන්නු එකනම් ලොකු දෙයක් 😀
    නැතිනම් බලනවා බොරු තමා ඉතින් 🙁
    ආයේ හසාලට ඇනිමේෂන් හම්බු වෙන්නේ නැහැ ඉතින් අපි වගේ පොඩි ඈයෝ ඉන්නකම්
    හෙහ් හෙහ් හේ…:p
    ප්‍රියංකා අක්කාත් ඉන්නවා කියන්නේ බලන්නම ඕන එහෙනම්
    සබට බොහොම තුති හසෝ ජය!

    Reply
  • Saman Prasad (Black Cobra)

    ela ela Hasantha saho…..

    Reply
  • එල අයියා..බලන්න වෙලාව තමයි හොයා ගන්න අමාරු..කමක් නැහැ වෙලාවක් ලැබුණු ගමන් බලනවා…

    Reply
  • Patta movie ekak.Sinhala subtitle ekka dunnata thanks

    Reply
  • shahs! meka nm patta wage……..thnx hasa !

    Reply
  • mihin ලංකා

    මැක්සා දැන් බාන්න දැම්ම

    Reply
  • ජයම වේවා!!!

    Reply
  • ප්‍රදීප් ඉරේෂ්

    අද මම එකද මන්දා…..පට්ට පතුරු චිත්තරපටියක් නේ…තැන්කු හොඳේ..

    Reply
    • ප්‍රදීප් ඉරේෂ්

      මොන එකක්ද…මම 20 විතර…

      Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • තැන්ක්ස් වේවා!!

    Reply
  • නියමයි සහෝ ජය!

    Reply
  • supiri animation akak 😀

    Reply
  • baiscope karana wada neet 🙂

    Reply
  • එල කිරි මචෝ ඇනිමේෂන් නම් අනිවා බලනව

    Reply
  • ලොවෙත් නෑ මචෝ

    Reply
  • go ahead brother…!!!! cheers !!

    Reply
  • ඔන්න පට්ටම එකක් උදෙන්ම බස්සලා මේක බාගෙන උන්නේ දැන් සබ් එක ගත්තා අද බලනවා මචෝ

    Reply
  • එරංග

    එලස් බාන්න දැම්ම

    Reply
  • loweth na machan niyamaiii

    Reply
  • ela meyka baiscope ake denakam hitiye 😀

    Reply
  • rusuru | රුසිරු

    එළනේ මේ තියෙන්නේ ජයම වේවා!!!!

    Reply
  • අසංක

    ෆිල්ම් එක නම් පට්ට ඇති ජය!! බයිස්කෝප් එකේ සබ් ගැන අහන්න දෙයක් නෑ නේ නියමෙට ඇති

    Reply
  • උදාර

    මේක එනකම් උන්නේ නියමයි

    Reply
  • thanks meyka denakm unne

    Reply

Leave a Reply to Ashan ravihansa Cancel reply

Your email address will not be published. Required fields are marked *