අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAPHOENIXSinhala Subtitleඅප‍රාධඅමුතුයිඑළචිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසිහින්දි

Phir Aayi Hasseen Dillruba (2024) Sinhala subtitles | අන්තරාදායකයි ආලේ.. [සිංහල උපසිරසි]

Rating: 8.8/10. From 17 votes.
Please wait...
Phir Aayi Hasseen Dillruba (2024) Sinhala subtitles

2021 වසරේදී OTT චිත්‍රපටයක් විදිහට එලි දැක්වුණු Haseen Dillruba (2021) කාටත් අමතක නැතුව ඇති. නොහිතපු විදිහට ගොඩ දෙනෙක් අතර ජනප්‍රියතාවයට පත් වුණු ඒ වගේම නෙට්ෆ්ලික්ස් ඔස්සේ වැඩිම නැරඹුම් වාර ගණනක් සටහන් කරපු Thriller ශානරයේ චිත්‍රපටයක් තමා ඒ. රංගනයෙන් Taapsee Pannu, Vickrant Massey, Harshvardhan Rane වගේ නළු නිලියන්ගෙන් Haseen Dillruba හැඩවෙලා තිබ්බා. ඉතින් චිත්‍රපටය නොහිතපු විදිහට OTT Hit එකක් වෙච්ච නිසා මේකේ දෙවැනි කොටසකුත් හදිසියේම නිවේදනය කරලා තිබ්බා පහුගිය අවුරුද්දේ වගේ. මේ නිවේදනය නම් කවුරුත් බලාපොරොත්තු වුණේ නැහැ මොකද චිත්‍රපටය ඉවර වුණේ දෙවැනි කොටසකට ඉඩ නොතියා නිසා.

කොහොම හරි ඔන්න 2024 අගෝස්තු 9වෙනිදා නෙට්ෆ්ලික්ස් ඔස්සේ ඔය කිව්ව දෙවැනි කොටස එලි බහිනවා. පළමු කොටසේ වගේමයි රංගනයෙන් Taapsee, Vickrant හැඩ කරන අතරේ අලුතින් Sunny Kaushal සහ Jimmy Shergill මේකට එකතු වෙලා තිබ්බා. හැබැයි අධ්‍යක්ෂකවරයා නම් දෙවැනි කොටසෙදි වෙනස් වෙලා තිබ්බා. කොහොමහරි මේ වෙද්දි මිශ්‍ර ප්‍රතිචාරත් එක්ක මේ චිත්‍රපටය දිග හැරිලා තියෙනවා. ඉතින් පළමු කොටස බලපු අයට වගේම බලන්න ආසාවක් තියෙන අයට බලන්න කියලා ආරාධනාවක් කරනවා.

යන ගමන් ඉතින් ප්‍රේක්ෂකයෙක් හැටියට චිත්‍රපටය ගැන මගේ පුද්ගලික අදහසත් කියාගෙන යන්නම්. මේකේ පලවෙනි කොටස ගැනත් මගේ නම් වැඩි පැහැදීමක් තිබ්බේ නැහැ. ඉතින් මේ දෙවැනි කොටස ඊටත් එහා. මොකට හැදුවද මන්දා. ගොඩක් ට්විස්ට්ස් කියලා පෙන්නන්න හදන ඒවා දැකලා ඇත්තටම හිනා ගියා. අනිත් අය ගැන නම් මං දන්නේ නෑ. මේ මට හිතුනු විදිහ. බලන්න ඕනම නම් ඉතින් බලන්න. මදැයි මාත් ඉඳලා ඉඳලා සබක් කරා

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRIP පිටපත් සඳහා ගැළපේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1937 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

9 thoughts on “Phir Aayi Hasseen Dillruba (2024) Sinhala subtitles | අන්තරාදායකයි ආලේ.. [සිංහල උපසිරසි]

  • Shane Nilusha de Silva

    Thanks for the subtitle. Keep kt up the good work.

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • ශනායා

    ඔය කීවට නරකම නැතුවැති..❤

    Reply
  • Anonymous

    2k awa kyla danneth page eken…

    Reply
  • රමේෂ්

    එක බැලුව නිසා මේකත් බලනවා..තැන්ක්ස් බ්‍රදර්

    Reply
  • sahan gayantha

    ස්තුතිය සහෝ සබ් එකට…

    Reply
  • Buddhika laKMal

    ස්තූතියි මචං උපසිරැසියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *