MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපටඇනිමේෂන්එළචිත්‍රපටිජපන්නවෝදනී තිළිණිසිංහල උපසිරැසිහොල්මන්

Perfect Blue (1997) AKA Pafekuto buru Sinhala Subtitles | තිරය පිටුපස [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 8.4/10. From 28 votes.
Please wait...

ගායිකාවක් වීමේ සිහිනය ‌සොයා ‌ටෝකියෝවට පැමිණි යුවතියක්.

මහන්සිය කැපවීම මත ඒ සිහිනය සැබෑ කරගත් ඇය දැන් අවතීර්ණය වන්නේ නිළියෙකු වීමටයි.

රසිකයන්ගේ කැමැත්ත, විරෝධය සියල්ල සමග තමන්ගෙ කුඩා කල සිහිනය අතහැර දමන ඇය..

නිළියක් ‌ලෙස තමන්ගේ ජීවිතය අරඹනවා.

ඒත් පළමු දිනේම තර්ජනයක්ද?

“මම හැමදාම මිමාගෙ කාමරේ දිහා බලන් ඉන්නවා.” 

ගායනයෙන් රසිකයන් වසඟ කරගත්ත මිමා තමන්ගෙ කළමනාකාරීත්වයේ ඉල්ලීම මත තම ගායන ජීවිතයට සමුදීලා ‌ටෙලි නාට්‍ය නිළියක් ‌ලෙස තමන්ගෙ ජීවිතය ආරම්භ කරනවා ‌මොකද ඒ කාලෙ ‌වනවිට පොප් ගායිකාවන් උපයන ආදායම ඉතාම සුළු මුදලක් වූ නිසා. නමුත් නිළියෙක් විදියට මිමාට ලැබෙන චරිතය තිරයෙ දකින්න ලැබෙන්නෙ ඉතා සුළුවෙන්. කළමනාකාරතුමා විසින් නිශ්පාදක වරුන්ට කරන ලද දැඩි ඉල්ලීම මත මිමාට ඉතා ‌ලොකු රාජකාරියක් නාට්‍යයේ සිදුකිරීමට පැවරෙනවා. හැකියාවට වඩා ප්‍රසිද්ධියෙ හිනිපෙත්තටම නගින්න පුළුවන් විදියෙ ‌දෙයක් තමයි මිමාට කරන්න ‌වෙන්නෙ. එතනින් එහාට මිමාට ඒ වගේ ‌දර්ශණ වල අඩුවක් ‌වෙන්නෙ නෑ. ඒත් මිමා සතුටෙන්ද? 

මේ චිත්‍රපටිය මිමා ගැන විතරක් ‌නෙවෙයි. රසිකයො පැත්තෙන් ගත්තත්, නාට්‍ය අධ්‍යක්ෂණයෙ ඉඳන් ඡායාරූපකරණය ‌වෙනකන් අපි ‌නොදන්න ‌ගොඩක් ‌දේවල් ‌මේ ක්ෂේත්‍රයෙ ‌වෙනවා. එක එක ‌‌කෙනාගෙ මානසික මට්ටම, එයාලා කැමති අකමැති ‌දේවල් අහසට ‌පොළව වගේ. ඒත් නිළියෙක් වුනත් අනිත් හැමෝම බලාපොරොත්තු ‌වෙන විදියෙ ‌කෙනෙක් ‌වෙන්නම ඕ‌නෙද? නිළියෙක්ට වුුනත් එයාගෙ කියලා ජීවිතයක් තියෙනවා. මේ වගේ සුළු දේවල් තේරුම් නොගන්න ජරා මිනිස්සු කොච්චර මඩ ගහනවද? ඒකෙන් අර කෙනාට වෙන බලපෑම කොච්චරක් වෙයිද? විශාදය ලේසි දෙයක් නෙවෙයි. දැනටත් කොච්චර තරුණ ලස්සන ජීවිත කීබෝඩ් වීරයන්ගෙ කථා දරාගන්න බැරුව ජීවිතේ දාලා යනවද? ඊටත් වඩා හොඳට තියෙන මොලේ අවුල් වුනොත් මොනා කරන්නද? මේ වගේ ගොඩක් දේවල් වලට මැදිවෙන්න වෙන කෙනෙක් තමයි මිමා කියන්නෙ. 

අපරාධ, අභිරහස්, මානසික කාණ්ඩ වලට වැටෙන මේ චිත්‍රපටිය අධයක්ෂණය කරන්නෙ Satoshi Kon අධ්‍යක්ෂකවරයා. එතුමා මේ වගේ චිත්‍රපටි වෙනුවෙන් ලොකු ප්‍රසිද්ධියක් උසුළන කෙනෙක්. Paprika (2006), Millennium Actress (2001) ඒ වගේ චිත්‍රපටි වලින් කිහිපයක්. මේක සිනමා වල තිරගත වෙන්නෙ 1997 වර්ශයෙ. IMDb අගය 8.0 ක් ගන්න සමත් වෙච්ච චිත්‍රපටියක්. තව ඉතින් මොනා කියන්නද? පාදක වෙන්නෙ Yoshikazu Tekeuchi විසින් රචනා කරන ලද මේ නමින්ම ලියවුනු නවකථාවයි. 

චිත්‍රපටියෙ පසුබිම ගැන කිව්වොත් මේක මුලින්ම අදහස් කරලා තියෙන්නෙ Live Action චිත්‍රපටියක් ලෙස එළිදක්වන්න. නමුත් 1995 සිදුවුන භූමිකම්පාව නිසා ඔවුන් සැලසුම් වෙනස් කරනවා. එතනින් පස්සෙ තමයි මෙය ඇනිමේෂන් චිත්‍රපටියක් ලෙස එළි දකින්නෙ.

පොප් ලොවේ රැජිණ ලෙස සළකන Madonna 2001 තමන්ගෙ ප්‍රසංග පෙලේ තමන්ගෙ ගීතය වෙන What It Feels Like For A Girl ගීතයේ රූපරාමු වලට මේ චිත්‍රපටියෙ දර්ශණ කිහිපයක් ඇතුළත් කරලා තියෙනවා.

මේ චිත්‍රපටියෙ එක දර්ශණයක් තියෙනවා මිමා බාත්ටබ් එකක ඉඳගෙන ඔළුව වතුරෙ ඔබාගෙන ඉන්න. ඇය ඒ වෙලාවෙ වතුර යට ඉඳන් කෑ ගහනවා “අවජාතකයො” කියලා. ඒ වෙලාවෙ වතුර බුබුළු පිටවෙනවා බලන්න පුළුවන්. Requiem for a Dream 2000 චිත්‍රපටියෙත් මේ හා සමානම කොටසක් ඇතුළත් වෙනවා, ඒකෙදි ජෙනිෆර් කෝනෙලි ඒ විදියටම බාත්ටබ් එකක ගිලිලා ඉන්න ගමන් කේන්තියෙන් කෑ ගහනවා.  ‌මේ Perfect Blue වලට reference එකක් කියලයි කියන්‌‌නෙ.

අන්තිමට තව කියන්න තියෙන්නෙ ‌මේ චිත්‍රපටිය ඒකෙ ඇතුළත් ‌වෙන ලිංගික සහා නිරුවත් දර්ශණ වගේම දැඩි අපරාධ නිසා ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ ‌දෝෂාරෝපණ වලට පවා මැදි ‌වෙලා තියෙනවා. එහෙනම් 18+ වැඩි අය බලන්න කියන ගමන් තවත් ඇනිමෙ එකක් අරන් එනකන් සමුගමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සදහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4280 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

31 thoughts on “Perfect Blue (1997) AKA Pafekuto buru Sinhala Subtitles | තිරය පිටුපස [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • ස්තූතියි අක්කේ උපසිරසියට…❤️
    බලපු වෙනස්ම විදිහේ ඇනිමේ එකක්…

    Reply
  • Anonymous

    Thanks for the subtitles

    Reply
  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • AsithaDilruwan

    ela sahi thanks

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • knight1500

    Thanx for sub
    Hyouka / domestic girl friend වගේ anime series වලටත් sub දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • pasanMihidu1

    thanks thawa japan films walata sub denna

    Reply
  • pdcmadusanka

    ummmmmmmmmmmmmmnnnnmaaaaa

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • ranga11112

    Ammoo aka…thank you sub akata dear

    Reply
  • sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

    Reply
  • Chanu mikhail

    බොහොම ස්තුතියි..!!!

    Reply
  • Podi anime series ekakt sub dennkoo

    Reply
  • ඔයා කරන උපසිරැසි වලට මම පට්ට ආසයි…
    බලමු මේකත් අරන්…

    Reply
  • Ishan Madusha

    කාගෙත් ඇස් වැඩිය නොගැටෙන පැරණි ඇනිමේ වලට සබ් දෙනවට බොහොම ස්තූතියි
    පුලුවන්නම් cowboy bebop anime series ඉදිරියෙදී උපසිරැසි දෙන්න.ජය වේවා!

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට.. 🙂
    ජය වේවා.!

    Reply

Leave a Reply to pushpakumara Cancel reply

Your email address will not be published. Required fields are marked *