Parmanu: The Story of Pokhran (2018) Sinhala Subtitles | ලොවක් මුලා කරමින්, රටක් අභිමානයට පත් කල න්‍යෂ්ටික පිපිරීම! [සිංහල උපසිරැසි සමඟ]
ඉන්දියානු ඉතිහාසය පුරාවට…
ස්වර්ණමය අකුරින් ලියවුණාවූ සුවිශේෂී අවස්තාවන් කොතෙකුත් තියෙන්නට ඇති.
නමුත්, මේ සියල්ල අභිබවා යමින්…
වර්ෂ 1998 දී සිදුවූ එක්තරා ඓතිහාසික මෙහෙයුමක් නිසාවෙන්…
ඔවුන්ගේ සමස්ත ඉරණමම කණපිට හැරවුණා!
එතෙක් කාලයක් පුරාවට ලෝකය හමුවේ තවත් එක රටක් පමණක් වූ ඔවුන්,
එදායින් පසුව, ලෝකයට තවත් නැගී එක බලවත් රටක් බවට පත් වුණා!
මුළු ලෝකයටම බලවතා සහ අසල්වැසි හිතවතා යන රටවල් ඔවුන්ගේ සම්පූර්ණ බලය යොදවා…
මොවුන්ගේ ඉරණම නතර කිරීමට උත්සාහ දැරුවත්…
ධෛර්‍යමත් මිනිසුන් හයදෙනෙකුගේ නොපසුබට උත්සාහය සහ විචක්‍ෂණශීලී නුවණ හමුවේ…
ඔවුන් එදා සමස්ත ලෝකයක් පරදමින් නැගී සිටියා!
ඔපරේෂන් ශක්ති!
එහෙමත් නැත්නම් පෝක්රන්-II
ඇමරිකාව, චීනය ආදී න්‍යෂ්ටික බලය සහිත ලෝක බලවතුන් සමගින්…
ඔවුන්ව න්‍යෂ්ටික බලය සහිත නැගී එන ලෝක බලවතෙකු බවට පත්කරන ලද…
එදාමෙදා තුර ඉන්දීය ඉතිහාසය තුල ඔවුන් අත්පත් කරගන්නා ලද දැවැන්තම ජයග්‍රහණය…
එදාමෙදා තුර ඇමරිකානු ඉතිහාසයේ දැවැන්තම බුද්ධි අංශ පරාජය…
එදාමෙදා තුර ඉන්දීය හමුදාව විසින් මෙහෙයවන ලද දැවැන්තම රහසිගත මෙහෙයුම…
එදාමෙදා තුර ලෝක ඉතිහාසය තුල රටක් විසින් සාර්ථකව නිමාකරගන්නා ලද දැවැන්තම රහස් මෙහෙයුම…
ඒ ඓතිහාසික රහසිගත මෙහෙයුමේ…
ඔබ කිසිදා නොඇසූ, නොදන්නා පසුබිම් කතාව…
මේ අයුරින් ඔබ හමුවේ ගෙනහැර පෑමට…
අවසරයි එසේනම් සියලු දෙනාගෙන්!
Smiling Buddha
Smiling Buddha, එහෙමත් නැත්නම් පෝක්රන්-I තමයි ඉන්දියාව විසින් සිදුකරන ලද පළවෙනි න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම වුණේ. වර්ෂ 1974, මැයි 18 වෙනිදා, ඉන්දියාවේ රාජස්තාන ප්‍රාන්තයේ පිහිටි, ඉන්දීය හමුදාවට අයත් පෝක්රන් පර්යේෂණ කලාපයේදී, ඉන්දියානු හමුදාවේ මෙහෙයවීම මත උදෑසන 8:05 ට, ඉන්දීය ඉතිහාසයේ පළවෙනි න්‍යෂ්ටික පිපිරවීම් අත්හදා බැලීම සිදුකරනු ලැබුවා. මෙය භූගත පුපුරවා හැරීමක් වගේම, මෙහිදී යොදාගනු ලැබුවේ විඛණ්ඩන බෝම්බ (Fission Bombs).
මෙහෙම කිව්වම සමහර අයට ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්, Smiling Buddha කියන්නේ ඉන්දියාවේ පළවෙනි න්‍යෂ්ටික පුපුරුවා හැරීමේ අත්හදා බැලීම නම්, ඔපරේෂන් ශක්ති මේ තරම් වැදගත් ඓතිහාසික මෙහෙයුමක් වෙන්නේ ඇයිද කියන කාරණාව. ඒකට හේතුව තමයි, Smiling Buddha කියන්නේ Peaceful Nuclear Explosion එකක්. එහෙමත් නැත්නම්, සාමකාමී න්‍යෂ්ටික පුපුරුවා හැරීමක්. නමුත්, පෝක්රන්-II කියන්නේ එහෙම සාමකාමී පුපුරුවා හැරීමක් නෙමෙයි. අන්න ඒ හේතුව නිසයි, පෝක්රන්-II මෙහෙයුම මේ තරම් සුවිශේෂී, ඓතිහාසික එකක් වෙන්නේ.
ඔපරේෂන් ශක්ති හෙවත් පෝක්රන්-II
පෝක්රන්-II කියන්නේ, වර්ෂ 1998 මැයි මාසයේදී, ඉන්දියානු හමුදාවේ මෙහෙයවීම මත, ඉන්දියාවේ රාජස්තානයේ පිහිටි පෝක්රන් අත්හදා බැලීමේ කලාපයේදී සිදුකරන ලද න්‍යෂ්ටික පිපිරීම් මාළාවක්. මෙහිදී, 1998 මැයි මස 11 වෙනිදා පළමුවෙන්ම Fusion Bomb හෙවත් විලයන බෝම්බයක් පුපුරුවා හරිමින් ඉන්දියාව න්‍යෂ්ටික බලය සහිත ලෝක බලවතුන්ගේ ලැයිස්තුවට එකතු වුණා. එතකින් නොනැවතී, එදිනම තවත් Fission Bombs (විඛණ්ඩන බෝම්බ) දෙකක් පුපුරුවා හරිමින් සහ, ඊට දින කීපයකට පසුව, එනම් මැයි 13 වෙනිදා තවත් Fission Bombs (විඛණ්ඩන බෝම්බ) දෙකක් පුපුරුවා හරිමින් ඉන්දියාව ඉමහත් වූ සාඩම්බරයෙන් පෝක්රන්-II හෙවත් ඔපරේෂන් ශක්ති මෙහෙයුම නිමා කරනු ලැබුවා. ඒත් සමගින්, එවකට ඉන්දීය අගමැති තනතුර හොබවන ලද අතල් බිහාරි වජ්පායි මහතා මාධ්‍ය හමුවක් කැඳවමින්, ඉන්දියාව සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික බලය සහිත රටක් බැව් නිළ වශයෙන් ලෝකයටම ප්‍රකාශ කරනු ලැබුවා.
ඔබ දන්නවාද? පෝක්රන්-II මෙහෙයුම සාර්ථකව නිමාකර ගැනීම සඳහා අදාළ ව්‍යාපෘති කටයුතු වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් ඉටුකරන ලද ප්‍රධාන පුද්ගලයෙකු වන්නේ, පසුකලෙක ඉන්දියාවේ ජනාධිපති තනතුර දැරීමට තරම් සුදුසුකම් සපුරන ලද, ආචාර්‍ය A.P.J. අබ්දුල් කලාම් මහතා බව!
මෙහෙයුම සඳහා යොදාගන්නා ලද සිලින්ඩරාකාර හැඩැති න්‍යෂ්ටික බෝම්බ
මෙහෙයුම සඳහා යොදාගන්නා ලද පෝක්රන් අත්හදා බැලීම් කලාපය පිහිටා ඇති ටාර් කාන්තාරය
පෝක්රන්-II මෙහෙයුමේදී න්‍යෂ්ටික බෝම්බයක් පුපුරා යන ආකාරය
2017 වර්ෂයේ දෙසැම්බර් 08 වෙනිදා තිරගත වෙන්න නියමිතව තිබුණු චිත්‍රපටයක්, අන්තිමේදී තිරගත වුනේ 2018 වර්ෂයේ මැයි 25 වෙනිදා. ඔව්, මේ චිත්‍රපටය ගැන තමයි කියන්නේ. Padmaavat චිත්‍රපටයත් එක්ක ගැටෙමින් තිරගතවීම ආරම්භ කරන්න තිබිච්ච අකමැත්ත නිසා තිරගත කිරීම සුළු කාලයක් ඉදිරියට ගියපු මේ චිත්‍රපටය, චිත්‍රපටයේ නිෂ්පාදකයින්, ජෝන් ඒබ්‍රහම්ගේ JA Entertainment සහ Kriarj Entertainment යන ආයතන අතර ඇති වූ මතභේදාත්මක තත්වයන් මත දිගින් දිගටම කල් යනු ලැබුවා. මැයි මාසය වනතෙක් චිත්‍රපටය සඳහා පූර්ව ප්‍රචාරක පටයක් හෝ අන්තර්ජාලයට නිකුත් කෙරුනේ නැහැ. මෙවැනි වාතාවරණයක් මත, බොලිවුඩ් ප්‍රේක්ෂකයින් මෙම චිත්‍රපටය කෙරෙහි සිය බලාපොරොත්තු අත්හැරගෙන තිබූ අවස්තාවක තමයි, පෝක්රන්-II න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් හරියටම වසර 20ක් ගතවූ තැන, එනම් 2018 මැයි 11 වෙනිදා පළමු පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවේ. Action, Drama, History යන කාණ්ඩ නියෝජනය කරමින්, ඉන්දියානු රුපියල් කෝටි 50ක බරපැනක් දරමින් නිෂ්පාදනය වෙච්ච මේ චිත්‍රපටය, බොහොම සීමීත සිනමාශාලා ප්‍රමාණයක විතරයි තිරගත වුණේ. ඒ වගේම, ප්‍රචාරණ කටයුතු සඳහා පවා බොහොම සුළුවෙන් තමයි සිදුකරලා තිබුණේ. නමුත්, විශ්වාස කරන්න, ආරම්භක දිනයේ පටන් මේ දක්වා ලැබී තිබෙන්නා වූ ප්‍රතිචාරයන්ගේ නම් කිසිම විදියක අඩුවීමක් දකින්නට නැහැ. බොහොම සුළුවට සිය තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය, පළවෙනි සතිය තුලදී ලොව වටා ආදායම ලෙස ආසන්නව ඉන්දියානු රුපියල් කෝටි 50 ක ආදායමක් ලබාගනිමින්, සිය නිෂ්පාදන මුදල ආවරණය කරගැනීමට සමත්කම් දක්වනවා. හැබැයි, එතනින් නොනැවතී සිය බොක්ස් ඔෆිස් ආදායම ලෙස ඉන්දියානු රුපියල් කෝටි 91 ක මුදලක් උපයාගැනීමට මෙම සිනමා පටය සමත්කම් දක්වනවා. එතකොට ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
මං මෙහෙම කියන්නම්. නිකමට ගිහිං බලන්න මේ චිත්‍රපටය සඳහා වෙන්වෙලා තියෙන IMDB පිටුවට. එතකොට ඔබටම බලාගන්න හැකියාව ලැබේවි, මේ චිත්‍රපටය සඳහා මනාප ලබාදුන්න ප්‍රේක්ෂකයින්ගෙන් 51% ක්ම ලකුණු 10/10 ක මනාපයක්ද, 21% ක් දෙනා 9/10 ක අගයක්ද ලබාදීලා තියෙනවා කියලා. ඒ වගේම, මේ දක්වා Imdb පිටුව තුල මේ චිත්‍රපටය සඳහා ලියවුනු විචාර 73 ක් අතරින්, 68ක් තුලින්ම මේ චිත්‍රපටය අතිශයින් පැසසුමට ලක් කරනු ලබනවා. විචාරකයෝ මේ සිනමා නිර්මාණය පැසසුමට ලක්කරන්නේ කොහොමද කියලා ඔබටම පහතින් බලාගන්න පුළුවන්.
මං හිතන්නේ මේ හොඳටම ඇති වේවි මේ මොන මට්ටමේ විශිෂ්ඨ නිර්මාණයක්ද කියලා තේරුම් අරගන්න. 8.4 ක් වැනි දැවැන්ත අගයක් කරා කරකැවූණු Imdb දර්ශකය ඒ පිළිබඳව ඔබට මනා චිත්‍රයක් මවා දේවි. මේ තමයි දැනට 2018 වර්ෂය වෙනුවෙන් බොලිවුඩ් සිනමා නිර්මාණයක් ලබාගත්ත දෙවැනි වැඩිම Imdb අගය සහිත චිත්‍රපටය විදියට වාර්තා වෙන්නේ. ඒ විතරක්ද? නැහැ. එදාමෙදා තුර නිෂ්පාදනය කරන ලද ඉන්දීය චිත්‍රපට අතුරින්, Top Rated Indian Movies ලැයිස්තුවේ 109 ස්ථානය සාඩම්බරයෙන් තම නමට වෙන්කරගෙන විරාජමානව වැජඹෙන්නේ මෙම සිනමා නිර්මාණය තමයි. එදා මෙදා තුර තමන්ගේ රංගන ජීවිතය තුල අති විශිෂ්ඨම රංගනයක නියැලෙමින්, තම රංගන ජීවිතය තුල හැරවුම් ලක්ෂ්‍යයක් බවට John Abraham මෙම චිත්‍රපටය පත්කර ගනිද්දී, ඔහුට මනා සහයක් ලබාදීමට Cocktail (2012), Happy Bhag Jayegi (2016), Lucknow Central (2017) යන චිත්‍රපට තුල රංගනයෙන් දායක වූ සුරූපී Diana Penty සහ, බොලිවුඩ් ක්ෂේත්‍රයේ තවත් දැවැන්තයෙක් වන Boman Irani සමත්කම් දක්වනවා. එමෙන්ම, මේ සියල්ල මෙහෙයවමින්, තිරය පිටුපස හිඳිමින් අධ්‍යක්ෂක Abhishek Sharma විසින් ඉටුකරන්නා වූ කාර්යබාරය අති විශිෂ්ඨයි.
කාටහරි තාමත් හිතෙනවා නම්,
අපෝ මේක කම්මැලි චිත්‍රපටයක් වෙන්න ඕනේ…
මේ වගේ ඒවා නම් බලලා වැඩක් නැහැ කියලා…
වගකීමෙන් කියනවා, 2018 වර්ෂයේ බොලිවුඩ් සිනමාවෙන් නිකුත්වෙච්ච අති විශිෂ්ඨතම සිනමා නිර්මාණයක් විදියට පෙරමුණේම තියන්න පුළුවන් කියලා මේ චිත්‍රපටය අවිවාදයෙන්ම හඳුන්වලා දෙන්න පුළුවන්!
එහෙනම්, අරගෙනම බලන්න. අනිවාර්‍යයෙන්ම ඔබට ඔබගේ තීරණය පිළිබඳව පසුතැවිල්ලක් ඇති නොවේවි. හැබැයි, බලන්න එපා කියලා ඔබේ හිත කියනවා නම්, ඔබත් ඔබගේ හිත සමගින් එකඟ වෙනවා නම්, ඔබගේ සිනමා ජීවිතය තුල මගනොහැර ගත යුතුම සිනමා නිර්මාණයක් තමයි ඔබ මේ මගහැර ගන්නේ. තීරණය ඔබ සැම සතුයි. ගිහිං එන්නම්. හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය TamilMV WEB-HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
[YTS පිටපත් සඳහාද යාවත්කාලීන කර ඇත]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 28515 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට සහ “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks Brother
Thank You
thanks…
thanks…thanks
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ ❤️
❤️
❤️ Thanks For The Subtitle !!!!!!!!! ✨
Welldone Bro…Thx
Thank you so much
Thank you
ස්තුතියි දෙදෙනාටම යාළු…ජයවේවා !!
thank you very much brother
නියමයි… බලමු එහෙනම්….. බොහෝම ස්තූතියි
thanks for sub.
super move
ela saho thanks
එල බ්‍රෝ……
සබ් එකට තෑන්ක්ස්
tnx sahooo
THanks
ස්තුතියි
soorma filme 1 sub denna puluwanda
thanks bro ….
thanks machn hoda post ekakui sub ekai dekakma dunnata..
subtitle 1ta thanx bro..
Thanks for the subtitle
thank you bro..
Mt meka downlod kra gnna ba nea. Anith sub nm weng meke denne na help plz
Thanks…
Thanks !!!!!!!!!!!!!!!!!
Thanks for the sub
eia ela broo
බොහොම ස්තුතියි
thanks bros !
thanks
thanks
bluray ekata sub eka update karala denna saho
bluray ekata sub eka update karala denna
tnx bro
Thank you……
Ela ela
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank uuu #
thank uuu vadi vadiyen labeva!!!!!!!
thnx broo
Thanks ….
Bluray copy ta sub eka update krla denko saho…..
ඔන්න මාස හයකට පස්සේ මම මෙම අඩවියට ආවේ ගොඩවැදුණා. මේ වෙනකන් ඉස්කෝලේ ඉගැන්වීම් විභාගයට සූදානම් කිරීම නිසා විනෝදාස්වාදය මගහැරුණා. නමුත් සිසිල සහෝදරයා ලියෙන දේවල් ෆේස්බුක් වෝල් එකේ දකින කොට ඉන්නම බෑ. කොහොමහරි මම පෞද්ගලිකව හඳුනන හසන්ත අයියා one හම්බ උනේ නෑ. යාලුවනේ ඔයාල මේක ගෙනයන සත්කාරය ඉතාම හොඳයි ඒක අගේ කරන්න ඕනේ. ඔබලාට ජය
ඔන්න මාස හයකට විතර පස්සෙ මම ආයිත් baiscope අඩවියට ගොඩ නැඟුණා. පාසල් අධික වැඩ ුුුන්ගේ ප්‍රශ්න පත්‍ර බැලිම්, උසස් පෙළ විභාගයට සූදානම් කරවීම නිසා ිිසිදු චිත්‍රපටියක් මේ මාස හය තුල බලන්න බැරි වුණා. හෙට ඉඳන් පටන් ගන්න හින්දා ඔන්න දැන්free. කොහොමහරි සිසිල් ප්‍රසාද් ඔන්න මොනවා හරි වැඩක් කරලා ෆේස්බුක් එකේ ලියනවා අලුත් මතයක්. ඔන්න ඉතින් ඒක බලන්න බැරුව හෙන අමාරුවෙන් හිටියේ. කොහොම හරි මේකයි මේ අඩවියේ හැමෝම ලොකු කැපවීමක් කරනවා. මම පෞද්ගලිකව හඳුනන හසන්ත අයියා උනත් ගොඩ දවසකින් කතා කළේ නෑ. ඔහු මට හිතෙන්නේ පැන්ෂන් ගිහින් වගේ
කොහොමහරි ඔබලා මේ කරන සත්කාර ඉතාමත් අගය කොට සලකමි. මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කෙනෙක්ගෙ රසාස්වාදය වෙනුවෙන් කරන පිං අතේ වැඩක්. කොහොමහරි අද ඉඳලා ඉදිරියට මම ආයෙත් උපසිරස බානවා. උපසිරැස කරන්න ආසාවක් තිබුණේ නැත ඒක කරන්න වෙන්නෙ නෑ කවදාවත්. යාලුවනේ ඔයාලා දිගටම වැඩේ කරගෙන යන්න මෙන්න අපෙන් තුති .
thanks so mutch
Thank you bro
Thanks for your subtitles……
Thanks bro good luck
Thanks Brothers
pattama film ekk
thanxxxx………….
Thanks brw
ස්තුතිය
උපසිරැසියට බොහෝම ස්තුතියි
Supiri bro
Superb..!!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.
Thanks Broo… Gd lk… Bs…!!!
බොහොම ස්තූතියි සබ් එකට..Gd luck
සිංහල උපසිරැසියට ස්තූතියි………………………………….
John inna super film1k genawata gdaaak thankz ayye….
mchn tharaha nathuwa meke download link eka ewapanko
Thanks.
THNKZ MCN
Thanks bro.
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි දෙන්නටම…
ජය….
Thank You!
Thank You..
Thanks මචෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thanks
tnx saho enkan hitiye meka
සිසිල යාළුවා ඔය උපසිරසියක් කලොත් යේ අහන්ඩ දෙයක් නෑ….. මන් බලාගෙන ඉන්නේ subtitle එකටත් වඩා ඔයාගේ introduction එක කියවන්න.. Biscopelk, campus එකක් වගේ දැනෙන්නේ ඔයාල නිසයි..
නිදුක් නිරෝගී වේවා…!
sub ekata thanks
sub ekata thanks sahola.. jaya wewa!!
thank you.
Thanks…
සිංහල උපසිරැසියට ස්තූතියි
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
ජය
Thank you
Thanks for sub
Sub 1ta thanks!!!
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…….!
ස්තුති සිසිල සහ තරිඳු සහො….
ගොඩක් ස්තුතියි …
ජය වේවා!!!
බොහොම ස්තූතියි..
ඒහෙනම් ගත්තා ඕං..
දෙන්නටම බොහොම තුති උපසිරැසියට…
දිගටම සබ් දෙමු ආ… 😛
ඔබට ජය!
ස්තුතියි සිසිල…
ස්තුතියි තරිඳු…
ස්තුතියි…
Thanks..
Good Luck..
මෙච්චර විස්තර කියලා තියෙද්දී නොබලා කොහොමද?
බලලා විස්තර කියන්නම්කො!
sub ekata bohoma stutie.api wanuwan karana kapa wema godak agayanawa
Thanks…
bohoma sthuthi saho film eka bagena sub denakan hitiye, jaya
YTS සයිට් එකෙන් BR කියලා පිටපතක් දීලා තියෙනවා කියලා දන්නවා ඇති. ඒත්, මේ චිත්‍රපටය සඳහා කිසිම විදියකින් තවම BR පිටපතක් නිකුත් කරලා නම් නැහැ. තියෙන්නේ HD සහ WEB-HD පිටපත් විතරමයි. මතක ඇති කියලා හිතනවා, කලින් කීප වතාවකුත් මේ YTS වෙබ් අඩවියෙන් BR කියලා වෙබ් පිටපත් දීලා මිනිස්සුන්ව මුලා කරලා තිබුණා. ඒ නිසා, බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා. උපසිරැසි ලබාදීලා තියෙන්නේ දැනට නිකුත් වෙලා තියෙන පිටපත් වලින් ගුණාත්මකව ඉහළම පිටපතක් සඳහා. ඒ නිසා, අදාළ පිටපත් විතරක් ඩවුන්ලෝඩ් කරගන්න. මොකද, දවස් ගාණක් තිස්සේ උපසිරැසියත් කරලා, නිකුත් වෙලා තියෙන හැම පිටපත් වර්ගයටම උපසිරැසි හදන එක කරන්න බැරි දෙයක්. එහෙම කරලා වැඩකුත් නැහැ. මොකද, ඔය සයිට් එකෙන් BR කියලා මිනිස්සු රවට්ටලා දීලා තියෙන්නෙත් මේ ගුණාත්මක භාවය තියෙන පිටපතකටම තමයි.
උපසිරසි වෙනත් පිටපතකට හදන්න බැරි එක වෙනම කතාවක්. එ උනත් ඔයා කියන්නෙ එතකොට හින්දි ෆිල්ම් අප්ලොර්ඩ් කිරිමේදී දැවැන්තයකු වන downloadhub වෙබ් අඩවියෙ දල තියෙන ප්‍රින්ට් වගේ එව්ව හරි නැ කියලල. Mkvcage ,yts ඔවලත් එගොල්ලො අපලොර් කරල තියෙනව . එවා බොරු කියල දාල නැ . අනික tamilrockers කමක් නැ කියමුකො මේ tamilmv කියන්නෙ මොන ජරාවක්ද. එක්කො ඔයා කැමති නෑ මිනිස්සු හොද දේවල් ගන්නවට එවලින්.බලනවට
නිකං බොරුවට උම්බෑ කියන්න එපා මහත්තයෝ. ඔබතුමා කියන ඔය දැවැන්ත downloadhub එකට ගිහිං බලන්න ඒකට BR පිටපතක් දාලද තියෙන්නේ කියලා. ඒකෙ තියෙන්නෙත් HD පිටපතක් විතරයි. Mkvcage තියෙන්නෙත් WEB පිටපතක් විතරයි. YTS ගැන කියන්න ඕනේ දේ මං උඩ කියලා තියෙනවා. YTS ගැන දන්න අය දන්නවා එයාලගේ කලින් කෙරුවාවල් ගැන. ඔබතුමාගේ නොදැනුවත්කමට මං පළි නැහැ. උඩ බලාගෙන කෙළ ගහන්න එපා. තමන්ගේ මූනටමයි වැටෙන්නේ. ඒ වගේම, ඔබතුමාට TamilMV කියන්නේ ජරාවක් වෙන්න ඇති. ඒකටත් මට කරන්න දෙයක් නැහැ. ඒත්, මට ඒ සයිට් එක වටිනවා. ඉදිරියටත් මං සබ් දෙන්නේ TamilMV කොපියට හරියන්න තමයි. ඔබතුමා බලනව නම් බලන්න, නැත්නම් නොබලා ඉන්න. ඔව් මං කැමති නැහැ මිනිස්සු හොඳ දේවල් ගන්නවට. ඒක නිසා තමයි දවස් ගානක් තිස්සේ මහන්සි වෙලා, පුළුවන් උපරිමයෙන් සබ් එක කරලා, දැනට නිකුත්වෙලා තියෙන හොඳම පිටපතකට උපසිරැසි අරගෙන ආවේ. වචන ටිකක් යන්තම් අටවාගෙන ටයිප් කරන්න පුළුවන් වුණා කියලා, කීබෝඩ් වීරයෙක් වෙන්න හදන්නෙපා. තමන් කරන්නේ මොකක්ද, කියන්නේ මොකක්ද කියලා හිතලා බලලා කරන්න.
වැරැද්දක් කිව්වෙ නෑ මල්ලි. ඔයාල තරම් අපි කොහොමත් වැඩකාරයෝ නවේ මල්ලි.මන් හොදවාකාරවම දන්නව english චිත්‍රපටයක් හදන්න පුලුවන් උනත් hindi ,tamil චිත්‍රපට නැවත නැවත සබ් අලුත් කරන්න අමාරුයි කියල . ඔය තියෙන හැම ටොරෙන්ට් අඩවියක් හැනම අපිත් දන්නව. බයිස්කෝප් උපසිරස වෙව් අඩවිය මට මැතකාලෙක තමා දැනගන්නට නම් නම් ලැබුනෙ මේ වගේ වටීනා වස්තුවක්
….❤ ෆිල්ම් සොප්ටයර් දේවල් ඩව්න්ලෝර් කරේ බොහොම ඉස්සර ඉදම්. අපි දැම් වයසක උදවිය වැඩකාරයෝ නෙවෙ . Downloadhub එකේ එයාල හින්දිම විතරක් අප්ලොර්ඩ් කරන්නෙ එ නිසා එයාලගෙ කොලිටි Great දැම් දාලතියෙන HD එක පවා . Yts ,mkvcage එව්වත් ඔයා කොහොම කිව්වත් මල්ලියෝ ඔයා tamilmv වලට වාඩා නම් නම් කොලිටි වැඩි.
( සබ් එක හදන්න බැරි එක පිලිගන්නව. මේවා මේ විවියටම බලලා හිතලා මිනිස්සු ෆිල්ම් බලන් නැ කොහොමත් දෙන කොපියට කරබාගෙන අරම් බලනව මිසක්. එත් මල්ලි අපි වගේ උදවියත් ඇති. පොඩ්ඩක් පරක්කු උනත් හැමපැත්තෙන්ම බලලා සබ් එක අප්ලොර්ඩ් කරනව නම් හැමොගෙම හිත සතුටු වෙයි මල්ලි. තවත් ඩව්න්ලෝර් වැඩි වෙයි. ඔයාල කරන වැඩේ ගොඩක් වටිනව අගය කරනව.
tamilmv kiyanne jarawak neme downloadhub kiyanne mokakda melo kamakata ne
Download karanna link ek denna ko
Sub ekata thanx
720p br rip akata mey sub aka weda nethda broo
thank you
thank bro sub ekata jaya wewa
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Film download karaganna behene..download denne nehe
Tnx for the sub!!
හින්දි නම් තවත් බලන්නෙම නෑ කියල හිතාගෙන හිටියේ… කමක් න මේකත් බලනවා…. තැන්කු සහෝ….
movie eke link ekak thiyanawan deepanko sub match wena
torrentz download karanna link ekak hewwa hambune nane
Thanks…..
thank you bro දිගටම මෙ වැඩේ කරගෙන යන්න ශක්තිය ලැබේවා
thanks for sub
ela
Tnx bro
YTS eke 1080 bluray copy eka awilla.ekatath deepan macho…jaya
Thank You
enakal balan hitiya movie ekak…thankz sub ekata
mekata sub enakal blan hitiye saho..thanx sub ekata
Ela. The gril with Dragon tattoo 2011 karanna berida?
thanks bro for this
Subata Thanks Bro..
bohoma sthuthi saho…
Thnxxxxxxxxxxxxx Patttaaaaaaaaaaaaaaaaaaa
Thanks Brothers
Ara
Thanks
Thanks for sub
thankes bro ela
Tnx Brola..ජය
Thnx brothers
ස්තුතියි දෙපළටම.ජයවේවා!
ආපු දවස් වල නොබල ඉන්න බැරි කමටම ඉංග්‍රීසි මගුලකුත් දාගෙන බැලුව, සිරි වෙනවනෙ, ආයෙමත් බලනව සිංහල සබත් එක්ක, ඔක්කොමත් තියෙද්දි මුලින්ම බොහොමත්ම ස්තූතියි සබ් එක ගෙනාවට, හැමදාමත් වගේ හැමෝම වගෙ විශේෂයෙන් ස්තූති කරනව සිසිල සහෝගෙ ලිපියට, ඔන්න මාත් අමතක කරන් නෑ, මේ ඒ ලිපිය වෙනුවෙන් විශේෂ ස්‍තූතිය.. අවසානෙට නැවතත් ස්තූතියි අවසානෙට කිව්වට ගනන් ගන්න එපා මුලින්ම හොදේ, සබ කරන්න ඒ උපකාර කරපු MTR සහෝ ටත් ප්‍රති උපකාර ලැබේවා…………!!! ඔක්කොටම ජය…………………….!
thanks
බොහොම ස්තූතියි සහෝල දෙන්නටම උපසිරැසියට.
Thanks bro
Thnks machn sub akta
Thanks saho….
thanks you so much bro……good luck
supiri broo..thnkz subata…thawath supiriyak aran enna..
jaya wewa!!!!!!!!!
supiri mchn
මචන් සිසිල සහෝ මේ ෆිලුම ට torrent files හොයනකෙට මං දැක්කා avengers infinity war එකේ bluray එකක් lime torrent site එකේ දාලා තියනවා..පුළුවන් නම් ඒකටත් උපසිරැසි කරන්න බලන්න සහෝ….
Thanks bro
Thenks aiya, supperb
සුපිරිම ෆිලුමක්…. බොහොම ස්තූතියි සබ් එකට… දෙන්නටම ජය වේවා… Gd luck
Supiri.. bluray th awith..
Thank you
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
මේක මචෝ එනකන් බලන් හිටියේ….ගොඩක් ස්තුතියි සහෝලා දෙන්නටම…උපසිරැසි යට වෙච්ච මහන්සිය අපතේ යන්නෙ නැ මචන්ලා…මේක ෆිල්ම් වලට ආස නැති උනුත් අනිවා බලන ෆිලුමක්….ජය වෙිවා සහෝලා දෙන්නටම….දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝලා දෙන්නටම…..
Jaya wewa !!!
Thank you very much ..
නියමයි සහෝ ජය වේවා
Hoda copy ekak awama balan hitiyeee mee film eka ennakammm. Godakma sththui sisila saha tharindu oba dennatama. Jaya wewa… watina wistharayak bala dunnata godak sththui ..
thaz .. ele ele
Thank you very much
.
ස්තුතියි දෙන්නටම…
එනකන් බලන් හිටිය සුපිරියක්…
ඔන්න එහෙනම් ගත්තා
ජයෙන් ජය වේවා…!!!
ඒ වගේම ස්තුතියි ලිපියටත්..
සිසිලගේ ලිපියක් කියන්නේ ඉතින් ඉගනගන්න දේවල් ගොඩයි..
ගොඩක් අගය කරනවා මහන්සිය…
ජයෙන් ජය..!!
Thanks…..!!