Outpost: Rise of the Spetsnaz (2013) with Sinhala Subtitles | ඈත මුරපොලේ යලි නැගිටීම… [සිංහල උපසිරැසි සමඟ]
Kieran Parker විසින් අධ්‍යක්‍ෂනය කරන ලද මෙම සලරුව මිනිත්තු 87ක් පුරා ධාවනය වන අතර 2013 June 27 නිකුත්වු අතර මෙය එක්සත් රජධානියේ නිර්මාණයකි. IMDB 5.1 ක අගයක් ලබා ඇති මෙම චිත්‍රපටියට Bryan Larkin විසින් Dolokhov ලෙසත්, Ivan Kamaras විසින් Fyodor ලෙසත්, Velibor Topic විසින් Arkadi ලෙසත්, Laurence Possa විසින් Osakin ලෙසත්, Michael Mckell විසින් Colonel Strasser ලෙසත් හා නළු නිළියන් විශාල ප්‍රමාණයකගේ දායකත්වයද මිට ලැබී ඇත.
මෙහි පසුබිම වන්නේ දෙවන ලෝකයුධ සමයේ නැගෙනහිර යුරෝපයේ නාසි ක්‍රියාකාරකම් පිළිබඳවයි. එනම් දැනටමත් පරාජයෙ හිනිපෙත්ත මතට යමින් පවතින ජර්මන් හමුදා යුද්ධය ජයග්‍රහනය පිණිස රැසියන් හමුදාවනට පහරදීමට නව ආකාරයක ආයුධයක් අත්හදාබලමින් පවතිනවා. ඉතින් දිනක් මේ පිළිබඳ, මේ සැඟවුණ මුරපොළ පිළිබඳ අහන්න ලැබෙන රුසියන් බට පිරිසක් මේ නාසි කඳවුර හොයායනවා. එහිදී ඔවුන්ව කොටුවෙන අතර, තමන් සමඟ එකම පැත්තේ සටන්කරණ සහෝදර සෙබළුන් කිහිපදෙනා එහිදී මුණ ගැහෙනවා. හැබැයි ඔවුන්ව වෙන්කරල ඔවුන්ව නාසීන් සිය පර්යේෂන වලට ගන්නවා. කොටින්ම කිව්වොත් සොම්බීන් අතහදාබැලීමට රුසියන් සෙබළුන් යොදාගන්නවා. විවිධ පර්යේෂන සිදුකරමින්, අද්භූත යන්ත්‍රයක් ආධාරයෙන් තමයි මොවුන් මේ වැඩ කටයුතු සිදු කරන්නේ. ඔවුන් එය ආලෝකයේ ඇස යනුවෙන් හඳුන්වනවා. නාසීන් රුසියන් සෙබළුන්, සොම්බීන් එක්ක සටන්කරණ හැටි, ඔවුන්ව මරණයට පොළබවන හැටි පිළිබඳ අධ්‍යනයක් සිදුකරනවා. මෙහිදී Dolokhov එතන තියෙන රුධිර පටකමය ද්‍රව්‍යක් ආහාරයට ගන්නවා. එමගින් ඔහුට තරමක අසාමාන්‍ය ශක්තියක් සටන්කරන්න ලැබෙනවා. අවසානයේ සගයන් දෙදෙනෙක් පමණක් ඉතිරි වෙනවා ඒ කණ්ඩායම් නායක Dolokhov හා Fyodor යන දෙදෙනා. ඒත් ෆියොඩෝර් නුත් සොම්බියෙක් බවට පත්වෙනවා. අවසානයේ Fyodor සිය ජීවිතය මිතුරා වෙනුවෙන් කැපකරණ අතර Dolokhov ඉන් මිදී පළායාමට සමත් වෙනවා. රුසියන් සෙබළුන්ට අත්වීමට සිදුවන ඉරණම පිළිබඳවත් Outpost කතාමාලාවේ ආරම්භය සිදුවන හැටිත් මෙමගින් නිරූපනය වේ. ඔවුන්ගෙන් කාටද මේ නාසි කඳවුරෙන් දිවිගලවා ගත හැක්කේ යන්න ඔබම බලා තීරණය කරන්න…..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3412 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/Hiran-Senanayaka-e1520270875676.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-03-06
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
You are doing vary good job .i wish you oll the best!””…….
sub ekata bohoma sthuthi saho..
Thanks bro sub ekata…jaya wava….thawa aluth ekak damu….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට ස්තුතියි සහෝ.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හිරාන් සහෝ.
ඔයාගේ සිංහල උපසිරැසි ගොඩක් ලඟ ලඟ බයිස්කෝප් අඩවියේ යනවා වගේ දැක්කා.
බොහොම ස්තුතියි බයිස්කෝප් රසිකයින් වෙනුවෙන් කරන සේවයට.
ජයෙන් ජය.
ගොඩාක් ස්තූතියි සහෝදරයා. පුලුවන්නම් මේකට කලින් ආපු outpost 1, outpost: Black Sun දෙකටත් සබ් දෙමු.
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks machan……jayawewa…….!
thanks macho
elama sah thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
බොහොම ස්තූතියි සහෝ
පුලුවන්නම් Outpost (2008),Outpost: Black Sun (2012) සබ් දෙන්න
ජය වේවා!
සබ් එක දුන්නට තෑන්ක්ස්