MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්චලිත මධුශාන්චිත්‍රපටිනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Only God Forgives (2013) | දෙවියන් පවා සමාව දෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 3 votes.
Please wait...

Only God Forgives (2013)

ඔන්න යාළුවනේ මම ආවා මගේ දෙවන උපසිරැසියත් අරගෙන. මේක නම් අලුත්ම අලුත් බයිස්කෝප් එකක්. ඇමරිකාවෙ තිරගත වෙන්න පටන්ගෙන තියෙන්නේ මේ මසේ 19. ප්‍රංශ, ඩෙන්මාර්ක් සම නිශ්පාදනයක් විදියට තමයි මේ චිත්‍රපටය හැදිලා තියෙන්නේ. අපරාධ හා ත්‍රාසය යටතේ වර්ගීකරණය කරන්න පුළුවන් මේ චිත්‍රපටය, අධ්‍යක්ෂනය කරලා තියෙනේ Nicolas Winding Refn. රූපගත කිරීම් කරලා තියෙන්නේ තායිලන්තයේ බැකොක් නුවර. ඒ වගේම IMDb රේටින්ස් වල 6.4 ක අගයක් ගන්න මේකට පුළුවන් වෙලා තියනවා.

දැන් අපි පොඩ්ඩක් කතාව පැත්තට යමු. ජූලියන් කියන්නේ ඇමරිකන් පුරවැසිභාවය අහිමි, දැනට බැංකොක් වල ඉන්න තරුණයෙක්. බොක්සින් ක්ලබ් එකකට මුවා වෙලා එයා කරන්නේ මත්ද්‍රවය වෙළදාම්. එයාගේ වැඩිමල් සහෝදරයා බිලී, බාලවයස්කාර දැරියක් දූෂණය කරලා මරා දානවා. ඒ දැරියගේ තාත්තා, චෝයි යං ලීට කලින් “පළිගැනීමේ දූතයා” ලෙස ප්‍රසිද්ද ලුතිනන් චෑංග් මේ ගැන දැන ගන්නවා. ලුතිනන් චෑංග් මේ චෝයි යං ලීට වගේම බිලීට කරන්නේ මොකක්ද කියලා ඔයාලම බලන්න. මේ අතරේ බිලීගේ වගේම ජූලියන්ගේ අම්මා, ක්‍රිස්ටල් බැංකොක් වලට එනවා. මේකෙන් ජූලියන් ටිකක් කලබලයට පත් වෙනවා. ක්‍රිස්ටල් කියන්නේත් මහා පරිමාණ මත්ද්‍රවය වෙළදාම් කරන කෙනෙක්. ක්‍රිස්ටල් බැංකොක් එන්නේ මොකටද? ලුතිනන් චෑංග් මේ කතාවට සම්බන්ද වෙන්නේ කොහොමද? බිලීගේ, ජූලියන්ගේ, වගේම එයාලගේ අම්මා වෙන ක්‍රිස්ටල්ගේ ඉරණම මොකක් වෙයිද?

මේ කතාවේ චරිත ලස්සනට ගොඩනගලා තියනවා. ඒ වගේම මේකේ දෙබස් ගොඩක් අඩුයි. කතාව මිනිත්තු 90යි. ඉංග්‍රීසි උපසිරැසි පිටපතේ තිබුනේ ලයින් 188 වගේ පොඩි ප්‍රමානයක්. ඒත් මේකේ තායි භාෂාවෙන් තියෙන දෙබස් වලටත් මම උපසිරැසි හැදුවා. චිත්‍රපට පිටපතේම ඒවට අදාල ඉංග්‍රීසි උපසිරැසි තිබුනත් මම අලුතෙන් ටයිම් ලයින් හදලා සිංහල උපසිරැසි දැම්මා. එහෙනම් හැමෝටම මේ බයිස්කෝප් එක බලන්න කියලා මම ආරාධනා කරනවා. හැමෝටම කිව්වට 18ට අඩු කට්ටිය නොබැලුවට කමක් නෑ. හැමදාම ඇමරිකන් චිත්‍රපට බල්න එකේ කලාතුරකින් හම්බවෙන මේ වගේ ප්‍රංශ චිත්‍රපටයක් මගහැරගන්න නම් එපා. එහෙනම් තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔයාලා ඔක්කොටම ජය වේවා කියලා පතනවා.

Only God Forgives (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/ht60qU” type=”icon” “center” newwindow=”yes”] 330 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
0af9ec29d454ba24205e4a740ab21a718c88eadf
[button link=”http://goo.gl/MK0KcM” type=”icon” “center” newwindow=”yes”] 345 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
36de2ad6ddc39d0744be6d240d92795aafb15a6e
[button link=”http://goo.gl/P3rbf” type=”icon” “center” newwindow=”yes”]1.7 GB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]
4784e8ec2cf59e79d42ef02b88b5c5bf7b3c8e6b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2198 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/චලිත-මධුශාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත මධුශාන් විතාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

38 thoughts on “Only God Forgives (2013) | දෙවියන් පවා සමාව දෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
    • Thanks ………good luck……….

      Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • බොබී

    දෙයියන්ගේ පිහිටයි මේකට සබ් දුන්නට. මම හිතුවේ ඉංගිරීසියෙන්ම බලන්න වෙයි කියලයි. බොහොම තුති සහෝ.

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • mudiya / මුදියා

    චලිතය දෙවෙනි එකට පට්ට එකකටනෙ සබ් දීල තියෙන්නෙ.කතාවත් ලස්සනයි වගේ.නියමයි කොල්ලො.ජයවේවා.බොහෝ………………………………………..ම ස්තූතියි…!

    Reply
  • සoජය

    බොහොම ස්තුතියි සහෝ. එලස් ඔහොම යන්.

    Reply
  • Achintha sameera

    චලිත
    මධුශාන් විතාන thanks macho sub ekata

    Reply
  • thanx u bro keep it up good luck

    Reply
  • ඇත්තෙන්ම සහෝ මේක ටිකක් අමුතු විදිහෙ කතාවක් පාටයි මටනම් හිතෙන්නේ…
    කොහොමත් රයන් ගොස්ලින් හිටපු මෑතක ආපු කතා සේරම එකකට එකක් හොදටෝම වෙනස් ඒවනේ! අමුතුම තේමාවලින් හදපු ඒවයේ එකිනෙකට වෙනස් රගපෑම් ඉදිරිපත් කරන්ඩ මේ නළුවා සුපිරි දස්සයෙක් නේද?

    තුති මේ සබ් එක ගෙනෑවට… තවත් ගේමු දිගටම ජය!

    Reply
  • meka maxxxxa katawak…. .
    bohoma stuti saho mekata sub dala dunnata… .

    Reply
  • elama thamai jaya wewaa

    Reply
  • මචෝ බොලා පහරක්නෙ
    මේක ඇවිත් දවස් කීයද අප්පේ බොල මේකට සබ් එකත් ඩීල
    දෙවනි එක උනත් වේගෙ නරකම න හොදේ
    ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වෙන පාටයි
    එල එල

    Reply
  • මාර ස්පීඩ් එකක්නේ……
    හොඳයි හොඳයි….
    සබට තෑන්ක්ස්…..

    Reply
  • බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

    Reply
  • සුපිරි මචෝ. ආපු අලුතම දුන්නට ගොඩක් ස්තුතියි සහෝ.

    Reply
  • ela ela jaya wewa sahoooooooooo

    Reply
  • #ChalinduDeshan (කිනා)

    උබනං දෙයියෙං ඕං ඈ. ආපු දවස් වලමනං බාගත්තෙ.
    තාම බලන්න වෙලාවක් හම්බවුනේ නෑ.
    හිතුවා අනිවා සබ් දෙයි කියල බයිස්කෝප් එකේ පොරක්.
    එල. බෑවා එකෙන්ම.
    ජයවේවා!

    Reply
  • thanx BRO keep it up good luck

    Reply
  • thanskssssssssssssssssssssssssssssssss

    Reply
  • “චූටී මල්ලි”

    එල එල මේක බලන්ඩ
    කියලා උන්නෙ
    දැන් සබුත් තියෙනෙ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • Chanaka Lakshan

    මේකට මම අද උදේ
    සබ් එක දදා හිටියෙ
    ඇත්තම කිව්වොත් බාගෙකටත් වැඩිය දැම්ම
    මොකද ඉතින් ඔක්කොම ලයින් තියෙන්නෙ 250ක් විතරනෙ 😀
    පස්සෙ වාසල සහෝදරය මේකට කෙනෙක් සබ් දානව
    කිව්වම තමයි මන් වැඩේ අල්ලල දැම්මෙ
    එළ එළ සහෝ
    කෝම හරි කවුරු හරි වැඩේ කරලනෙ
    සබට ස්තූතියි සහෝ….
    ජය වේවා !!

    Reply
  • නලින්

    එකක් බලලා අනිත් පැත්ත හැරෙන කොට චලිත සහෝ තවත් පට්ට මුවි එකක් ගෙනෙල්ලානේ!
    තුන්වෙනි එකත් හෙට අනිද්දා ලැබෙයි වගේ
    ජය වේවා සහෝ

    Reply
  • තුති සහෝට

    Reply
  • jaya wewa!!!!!!!!!!!!!!!!

    Reply

Leave a Reply to Mr B Cancel reply

Your email address will not be published. Required fields are marked *