One Punch Man [S01 : E09 & E10] AKA Wanpanman Sinhala Subtitles | සක්වලින් පැමිණි ව්‍යසනය! [සිංහල උපසිරසි] 18+
කොහොමද ඉතින්, වන් පන්ච් මෑන් 9 සහ 10 කොටස්වල උපසිරසි තමා මේ අරගෙන ආවේ. එහෙනම් කලින් කොටස්වල මොකද උනේ කියලා අපි මතක් කරගෙන ඉමු.
පසුගිය මතකයන් –
දැවැන්ත උල්කාපාතයක් වැටිලා සෑහෙන විනාශයක් වෙන්න ගියා මතක ඇතිනේ. ඉතින් මේ උල්කාපාතය වැටෙන එක නවත්තන්න Class S හීරෝ කෙනෙක් වුණු මෙටල් නයිට් පවා උත්සහ දැරුවා. ඒත් වැඩක් උනේ නෑ. අපේ ජෙනොස් කොලුවත් කරන්න පුලුවන් උපරිමේ කළත් මේ උල්කාපාතය නවත්තන්න පුලුවන්කමක් ලැබුණේ නෑ. නමුත් සයිතමා ඇවිත් එක පාරින් මේ දැවැන්ත උල්කාව විනාශ කරනවා. ඒ සිදුවුණු පිපිරීම නිසා නගරයටත් සැලකිය යුතු විදිහෙ හානියක් වෙනවා. මතක ඇතිනේ ටෑන්ක්-ටොප් ටයිගර් කියන එකයි ටෑන්ක්-ටොප් බ්ලැක් හෝල් කියන එකයි සයිතමාට දාපූ සද්දේ. අන්තිමේදී නගරය බේරගත්තු එකාට මිනිස්සුන්ගෙන් හොඳ අහනවා වෙනුවට දෙස් දෙවොල් තමා අහන්න උනේ.
ඊට පස්සේ “සී ෆෝල්ක්” ගෝත්‍රයෙන් කියා ගන්න මොක්කුද සත්තුවගයක් මුහුදෙන් මතුවෙලා පිස්සු නටන්න පටන් ගත්තා. ස්ටින්ගර් කියන හීරෝ උන්ගේ ගොඩක් උන්ව මරලා දැම්මත් “ඩීප් සී කින්ග්” කියන උන්ගේ රජා එන එන හැම හීරෝ කෙනෙක්ටම ගහලා බිම දානවා. දැන් මෙන්න මේ ඩීප් සී කින්ග් කියන එකාගෙන් තමයි ලොකුම තර්ජනය එල්ල වෙන්නේ. Class S හීරෝ කෙනෙක් වුණු පුරි පුරි ප්‍රීසනර්ටත් ඇප නැතිවෙන්නම නෙළන මේ මළ යකා දැන් මිනිස්සු ඉන්න ෂෙල්ටර් එකට ඇවිල්ලා ඉන්නේ. ඒත් එක්කම ජෙනොස්නුත් එතනට ආවා. දැන් සයිතමාත් මේ ඩීප් සී කින්ග් කියන එකාව හොයනගමන් ඉන්නේ. ඉතින් ඔන්න ඔහොමයි කලින් කොටස්වල කතාව ගලාගෙන ගියේ.
අද කොටස්වලින් අපිට බලාගන්න පුලුවන් මේ ඩීප් සී කින්ග් කියන එකාට මොකද වෙන්නෙ කියල. සයිතමාද ඌව බිම දාන්නේ? ඒක එහෙනම් බලලම දැන ගන්න. ආ… තව දෙයක්. මං මීට කළින් අවදානම් මට්ටම් ගැන ඔයාලට පැහැදිලි කළානේ. දැන් ඔයාලා දන්නවා ඉහළම අවදානම් මට්ටම ඇවිල්ලා “ගොඩ්” විදිහට හඳුන්වන්නේ කියල. ඒත් මේ කොටස් වෙනකන් අපිට මේ මට්ටමේ අවදානමක් දකින්න ලැබුණේ නෑ. ඉතින් ඔන්න අපිට පළවෙනි වතාවට ඉහළම අවදානම් මට්ටමේ බිහිසුණු විනාසයක් දකින්න ලැබෙනවා. ඉතින් මොනවයින් මොනා වෙයිද. අද කොටස්වලින් පිළිතුරු හොයාගන්න.
අද කතාංගයන් –
• 09 – Unyielding Justice [Imdb – 9.2]
• 10 – Unparalleled Peril [Imdb – 8.6]
විකාශය වූ දිනයන් –
• 09 – 2015 නොවැම්බර් 30
• 10 – 2015 දෙසැම්බර් 07
” I became a hero for fun.”
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4061 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for Sub…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ithuru deka danne nadd ban
Ituru 2ka hemeeta denna….
Sub ekata thanks ilaga ep 2 kath denna
thanks sago.ova episodes valatath sub dennako
11 සහ 12 එපිසෝඩ් දෙක ප්‍රමාද වීම ගැන මම සමාව ඉල්ලනවා. මේ ටිකේ මට වැටුණු ගමන් බිමන් කිහිපයක් නිසාත්, පෞද්ගලික වැඩ කටයුතු කිහිපයක් නිසාත් එක තැනක ඉඳලා කාලය අරගෙන මේ එපි දෙකේ සබ් ඉවර කරගන්න බැරිවුණා. පොරොන්දු උනා වගේ 11 සහ 12 සබ් දෙක මම අනිවාර්යයෙන්ම දෙනවා සහෝලා. මං මේ ඇනිමේ එකට සබ් කරන්න පටන් ගත්තෙත් අවසන් වෙනකන්ම උපසිරසි ලබා දීමේ අරමුණින්. නමුත් ඔයාල හැමෝම මං වෙනුවෙන් පොඩි ඉවසීමක් කරනවනම්, ඒක මට ලොකු හයියක්. ඉදිරි දවස් කීපය ඇතුලත අනිවා සබ් එක දෙන එක දෙනවමයි සහෝලා…
thanks sago.ova episodes walatath sub oni bruh.
Season 2 ta th oni bro
Ela ela jaya veva
Suba aluth auruddk veva
11,12 dpnko bn
අන්තිම දෙක දෙන්නැද්ද බන්
ඉක්මනින් දෙන්නම් සහෝ…
වැඩක් වැටුණ නිසා පරක්කු උනේ, දැන් කරගෙන යන ගමන්…
thma krgena ynwd
thank you bro
Anit tik denne ndd bn
thank you bro
thank you bro
nice