අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ප්‍රණිත් රණසිංහ

Once Upon a Time [S05 : E02]| with Sinhala Subtitles |මිල ගෙවීම… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Once Upon a Time (2011) TV SE5

පසුගිය සමයේ අවසානයේදී අතවැසියා (ගෝලයා ) කියලා මායාකාරයෙක් විසින් විසින් රම්පල්ගේ හදවත සම්පූර්ණයෙන්ම අඳුරු බවට පත් වෙන්න කලින් එයාගේ හදවතේ තිබුණු අඳුරු මැජික් සියල්ලම මැජික් හොරකම් කරන්න පුළුවන් තොප්පියක් ඇතුලට දැම්මා. ඒත් ඒ අඳුරු මැජික් බලය මැජික් තොප්පිය ඇතුලේ තියාගන්න බැරි තරම් බලසම්පන්නයි. ඒ නිසාවෙන් ඒ අඳුරු මැජික් බලය සම්පූර්ණයෙන්ම නැවතත් එලියට පොලා පනිනවා. නමුත් අඳුරු මැජික් බලය කොහොමහරි තැන්පත් විය යුත්තේ මනුශ්‍ය ශරීරයක් ඇතුලෙයි. ඒ විදියට තමයි ශ්‍රේෂ්ඨ මායාකාරයා විසින් ඒක නිර්මාණය කරලා තියෙන්නේ. (එහෙම තමයි ඒ ශ්‍රේෂ්ඨ මායාකාරයාගේ අතවැසියා විසින් කියන්නේ) කොහොමින් කොහොමහරි ඒ මැජික් බලය එලියට නිදහස් වුනාට පසුව කාගේහරි ඇඟට ඇතුල් වෙන්න ඉඩ නොදී රෙජීනා විසින් ඒක තමුන්ගේ ඇඟ ඇතුලට ගන්නයි සූදානම් වුනේ. කොහොම නමුත් තමුන්ට ගැලවුම්කරු කියලා කියන නිසා හැමෝවම බේරගන්න එමා ඒ අඳුරු මැජික් බලය තමුන්ගේ ඇඟ ඇතුලට ගන්නවා. කොහොමත් කලින් දුශ්ඨ රැජිණ වෙලා ඉඳලා අඳුරු මැජික් වලින් මිදිලා හොඳ කෙනෙක් වුනු රෙජීනා අඳුරු කෙනාගේ මැජික් බලය උරාගෙන එයා අඳුරු කෙනා වුනොත් ඊටත් වඩා ලොකු විනාසයක් වෙන්න පුළුවන් නේ. 🙂 ඒ සිද්ධියෙන් පස්සේ කිරිච්චිය විතරක් බිම ඉතුරු වෙලා, අන්ධකාර මැජික් සුලිය ඇතුලේ එමා අතුරුදහන් වුනා කියලා කතාව බලපු අයට මතක ඇති. ඊට පස්සේ රම්පල්ගේ නම මැකිලා එමා ස්වන්‘ගේ නම තමයි කිරිච්චිය උඩ සටහන් වුනේ. ඊට පස්සේ එමාව බේරගන්න පුළුවන් විදියක් අතවැසියාගෙන් අහනවා. ඊට පස්සේ තමයි අතවැසියා විසින් අඳුරු කෙනා නිර්මාණය වුනු විදිය වගේම, ඒ තරම් බලසම්පන්න අඳුරු මැජික් බලයක් අඳුරු කෙනාට ලැබුණූ ආකාරය විස්තර කරන්නේ. ඒ වගේම තමයි, සිව්වන සමය පුරාවටම අභිරහසක්ව පැවතුනු ශ්‍රේෂ්ඨ ඉන්ද්‍රජාලිකයාගේ නම තමයි මර්ලින්. මේ මැජික් බලය එකට රැස් කරපු කෙනාට විතරයි මේ බලය විනාශ කරන්න පුළුවන් කියලා කියනවා. කොහොම වුනත් ගොඩක් අයට අහන්න පුළුවන් ප්‍රශ්ණයක් තමයි, “ඇයි මේක හදපු වෙලාවේම විනාශ නොකලේ? “ කියලා. ඇත්තටම කිව්වොත් මර්ලින්ගේ සම්පූර්ණ මැජික් බලයේ ශක්තිය පාවිච්චි කරලා තමයි මේ විදියට අන්ධකාර මැජික් එක තැනකට එකතු කරන්නේ. ඊට පස්සේ එයාගේ සම්පූර්ණ බලය පාවිච්චි කලාට පස්සේ එයාට මොකද වුනේ කියලා කවුරුවත් දන්නේ නෑ. කොහොම වුනත් මර්ලින්ට හොඳ දෙයක් වුනා කියලා නම් හිතන්න අමාරුයි. මොකද කිව්වොත් ඒකට එයාගේ සම්පූර්ණ මැජික් බලයම වැය කලානේ.

අඳුරු කෙනා ගැන විස්තර.

බොහෝම ඈත අතීතයේ, මුලු ලෝකය පුරාවටම අන්ධකාරය විහිදිලා තිබුණූ කාල සීමාවක්. ප්‍රතිශතයක් විදියට ගත්තොත් ලෝකය පුරාවටම ආලෝකයට වඩා අන්ධකාරයක් තමයි විහිදිලා තිබුනේ. ඉතිං මේ මර්ලින් කියන ඉන්ද්‍රජාලිකයා ඉපදුනාට පස්සේ, (ඉන්ද්‍රජාලිකයා කියන්නේ මායාකාර්ම වල කෙල පැමිණි, මායා කර්ම වලින් බලගතු බවක් තියෙන කෙනාට) එයා එයාගේ උත්පත්තියෙන් ලැබුණු මැජික් සියල්ලක්ම එකතු කරලා ලෝකය පුරාවටම අස්සක් මුල්ලක් නෑර විහිදිලා තියෙන අන්ධකාරයෙන් වැඩි ප්‍රමාණයක් (ඒ කියන්නේ ප්‍රතිශතයක් විදියට ආලෝකයට තරමක් වැඩි ඉඩකඩක් ලැබෙන විදියට) එකට එක්රැස් කරලා එකතු කරලා තැන්පත් කරනවා. මේ තැන්පත් කරන වැඩේට තමයි මැජික් හොරකම් කරන්න පුළුවන් (ඒ කියන්නේ මැජික් උරාගන්න පුළුවන්) තොප්පියක් හැදුවේ. ඇත්තටම මේ තොප්පිය හදලා තියෙන්නේ මැජික් හොරකම් කරන්න නෙමෙයි. මැජික් උරාගන්න පුළුවන් විදියට. ඒකට ආලෝකමත් මැජික් හෝ අඳුරු මැජික් කියලා වෙනසක් නෑ. ඒත් මේ ලෝකයේ හතර කොනින් රැස්කරගත් අඳුරු මැජික් බලය මායා තොප්පිය ඇතුලේ රඳවන්න බැරි තරමට ශක්තිමත්. ඒක නිසා මර්ලින් තේරුම් ගන්නවා, අප්‍රාණික දෙයක් වෙනුවට සප්‍රාණික දෙයක් බඳුනක් විදියට බාවිතා කරලා තමයි මේ අඳුරු මැජික් රඳවන්නට පුළුවන් කියලා. මේක නිසා මර්ලින් විසින් මනුශ්‍යයෙකුගේ ශරීරය ඇතුලේ (කතාවක් තියෙනවා මර්ලින් මනුශ්‍යයෙකුගේ ඇතුලේ වෙනුවට ගෝර්ගන් කියලා ඌරෙකුගේ හැඩය ගත්තු ජීවත් වෙන අමුනුශ්‍යයෙකුගේ ශරීරය ඇතුලේ මේ බලය තැන්පත් කලා කියලා ) මේ අන්ධකාර බලය තැන්පත් කරනවා. මේ තැන්පත් කරපු බලය දරාගෙන සිටින මනුශ්‍යයාට ඒ බලය භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම අඳුරු මැජික් කියන්නේ ඒ මැජික් හොඳකට බාවිතා නොකරන නිසානේ. මේ හේතුවෙන් මේ අන්ධකාර මැජික් බලය තවත් ආභරණයකට (භෞතික වස්තුවකට) සම්බන්ධ කරනවා. මෙතැනදී එතනට ගන්නේ කිරිච්චියක්. (ඇත්තටම මේ කිරිච්චියේ සිද්ධියත් ඔයාලට කලින් කතාංගයෙන් දකින්න ලැබෙන්න ඇති) මේ කිරිච්චිය අතේ තියාගෙන ඉන්න කෙනාට මේ මැජික් බලයේ සම්පූර්ණ පාලනය අත්පත් වෙනවා. මේ නිසා මැජික් බලය ලබාගෙන සිටින කෙනාටත් මේ කිරිච්චිය අතේ තියාගෙන ඉන්න කෙනා අණ කරන පරිදි එයාට හැසිරෙන්න හෝ ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අඳුරු බලය තැන්පත් කරලා තිබෙන බඳුන, (ඒ කියන්නේ බලය දරාගෙන සිටින කෙනා) ඒ බඳුනට හානියක් කරන්න පුළුවන් මේ අඳුරු මැජික් වලට බන්ධනය කරලා තියෙන කිරිච්චියෙන්ම පමණයි. ඒ බඳුනට හානියක් කලෝතින් ඒ හානිය කරපු කෙනා තුලට ඒ අන්ධකාර මැජික් බලය ඇතුල් වෙනවා. ඒ වගේම ඒ මැජික් බලය නැවතත් ඒ කිරිච්චියටම බන්ධනය වෙනවා. ඒ බන්ධනය තමයි මැජික් බලය දරාගෙන සිටින කෙනාගේ නම විදියට කිරිච්චිය මත සටහන් වෙන්නේ. ඒ වගේම මේ අඳුරු කෙනාගේ නම මූලිකවම තමයි හැම දෙයක්ම සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ.

දැන් අඳුරු කෙනා ගැනත් විස්තරයක් දැනගත්තා නේ. පස්සේ දවසක එක්ස්කැලිබර් එක ගැන තියෙන කතා ටිකක් කියන්නං. 🙂 පසුගිය කතාවේදී එමා තමුන්ගේ ඇඟ ඇතුලේ තියෙන අඳුරු බලය ඉවත් කරගන්න මර්ලින් හොයාගෙන ගියා. ඒ වගේම එයාගේ ඇඟ ඇතුලේ තියෙන අඳුරු බලය එයාගේ හිත ඇතුලේ ඉඳන් එයාගේ ඇඟ ඇතුලේ බලය අත්පත් කරගන්න උත්සාහා කරනවා. ඒත් එමා කොහොමහරි ඒ අඳුරු බලය එක්ක සටන් කරලා, එයාගේ මනුස්සකම එලියේ තියාගෙන ඉන්නයි උත්සාහා කරන්නේ. ඒ වගේම ස්ටෝරිබෘක් වල කට්ටියම එකතු වෙලා කොහොමහරි එමාව බේරගන්න ඉන්ද්‍රජාලික වනයට යන්නයි සූදානම් වෙන්නේ. හැබැයි මෙයාලට එතනට යන්න විදියක් තමයි නැත්තේ. මේකට මර්ලින්ගේ ගෝලයා විසින් උදව්වක් විදියට එයාගේ මැජික් යශ්ඨිය ලබා දෙනවා. හැබැයි මේකෙන් ලෝක දෙක අතරේ ද්වාරයක් විවෘත කරගන්න නම් අඳුරු මායාවන් තියෙන කෙනෙක් විසින් මැජික් යශ්ඨිය හසුරුවන්න වෙනවා. මෙතැනදී රෙජීනා තමයි මැජික් යශ්ඨිය පාවිච්චි කරලා එමාව බේරගන්න ඉන්ද්‍රජාලික වනයට යන්න දොරටුව අරින්න සූදානම් වුනේ. ඒත් දැන් රෙජීනා හොඳ කෙනෙක් වුනු නිසා එයාගේ මැජික්වල තියෙන අඳුරු ගතිය දුර්වල වෙලා තියෙන්නේ. මේක නිසා ස්ටෝරිබෘක් වල ඉන්න අඳුරු කෙනෙක් ලවා මේ යශ්ඨිය හසුරුවන්න වෙනවා. ඒත් රෙජීනාගේ නංගි වන නපුරු මායාකාරී (බටකොල ආච්චි 🙂 ) ඇරෙන්න වෙන කවුරුවත් මේ වැඩේට හරියන්නේ නෑ. මේ වෙනකොටත් එයා රොබින් හුඩ්ගේ දරුවෙක් කුස දරාගෙනයි ඉන්නේ. මෙතනදී රෙජීනා ඒ අදහසට කොහෙත්ම කැමති වෙන්නේ නෑ. කොහොම වුනත් කිලියන් (කැප්ටන් හූක්) හෙන්රි එක්ක එකතු වෙලා ඇදපු අංචිය නිසා නපුරු මන්තරකාරී හිරෙන් පැනගන්නවා. මෙතනදී එයා මර්ලින්ගේ ගෝලයාගේ යශ්ඨිය පාවිච්චි කරලා ඔස් වලට යන්න පුළුවන් විදියට සුලි කුණාටුවකින් ද්වාරයක් නිර්මාණය කරනවා. ඒත් එතැනදී රෙජීනා ඉක්මන් වෙලා ආයෙමත් එයාව මැජික් පාවිච්චි කරන්න බැරි විදියට හිර කරලා ග්‍රැනීගේ කඩේ පිටින් සෙට් එකත් උස්සගෙනම ඉන්ද්‍රජාලික වනයට පියාඹලා යනවා. මෙතනදී ඉන්ද්‍රජාලික වනයේදී මිමිනුමට කියලා මර්ලින් ඉන්න තැන හොයා ගන්න මිමිනුම අල්ලන්න යද්දී, එමාට මෙරිඩාව හමුවෙනවා. ඊට ටික වෙලාවකට පස්සේ තමයි කට්ටියම ඉන්ද්‍රජාලික වනයේදී එමාව මුණගැහෙන්නේ.

මෙතැනින් පස්සේ කැමිලොට් වල රජතුමා වෙන ආතර් මෙයාලා හමුවෙන්න එතැනට එනවා. එයා කියපු විදියට මෙච්චර කාලයක් තිස්සේ හැමෝම එයාලාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටියා කියලයි කියන්නේ. ඒකට හේතුව තමයි මර්ලින් විසින් පල කරපු අනාවැකිය. ඊට පස්සේ මෙයාලා ආතර් රජතුමා එක්ක කැමිලොට් ඇතුලට යනවා විතරයි මතක…, ඊට පස්සේ එයාලා එක පාරටම ග්‍රැනීගේ කඩේ පිටින් හිටපු තැනටම එනවා. ඒත් එයාලා ඇඳන් ඉන්න ඇඳුම් වෙනස්. ඒ වගේම එයාලට දැනගන්න ලැබෙනවා එයාලා කැමිලොට් වලට ගිහිල්ලා සති 6ක් විතර වෙනවා කියලා. ඒත් එයාලට මතක කැමිලොට් ඇතුලට ඇවිදගෙන යන ටික විතරයි. ඒ වගේම තමයි හොඳට හිටපු එමාත් අන්ධකාරය වැලඳගෙන අඳුරු කෙනා වෙලා.

ඔන්න ඔය විදියට ඉවරවුනු කතාවේ ඉතුරු ටිකේ මොකද වුනේ? ඒක තමයි අද කතාවෙන් ඔයාලට බලන්න තියෙන්නේ. එහෙනම් මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

 

ආයු -බෝ -වේවා !!!

 Once Upon a Time
(2011) on IMDb

 

 

[button link=”https://goo.gl/D4iKtL” type=”icon” “center” newwindow=”yes”] 222MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

F463D4C89725CEE3EE639AF900D19C21C04A068B

[button link=”https://goo.gl/foAQ62″ type=”icon” “center” newwindow=”yes”] 334MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

B24FACAD885C669FD282D3937A6064189EAE76F1
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 25 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/09/Edward_Snowden-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *