MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්ඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේබලන්නබුද්ධික නුවන්වික්‍රමාන්විතසිංහල උපසිරැසි

North by Northwest (1959) with sinhala subtitles | උතුරින් දකුණින් රටවට [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 13 votes.
Please wait...

ඇල්ෆ්රඩ් හිච්කොක් ශ්‍රීමතාණන් ගේ තවත් සිනමා පටයක සිංහල උප සිරැසියක් ඔබ වෙත ගෙන ඒමට හැකිවීම ගැන මා සතුටු වෙනවා. 1959 වසරේ තිරගතවූ North By Northwest නම් සිනමා පටයයි ඔබ වෙත ගෙන ආවේ. අර්නස්ට් ලෙහ්මන් ගේ තිර රචනයක් වන මෙම සිනමා පටයට කැරී ග්‍රාන්ට්- රොජර් තෝර්න්හිල් ඊවා මාරි සෙන්ට්- ඊව් කෙන්ඩල් ජේම්ස් මේසන්- පිලිප් වෑන්ඩෑම් ලෙසත් චරිත නිරූපණය කරනු ලබනවා. චිත්රපටයේ ආදායම ඩොලර් 3 101,000 ක් හා IDMB අගය 8.4 බව අන්තර්ජාලය වාර්ථා කරනවා.

වෙළඳ ප්‍රචාරණ ආයතනයක් පවත්වාගෙන යන රොජර් තෝර්න්හිල් නම් පුද්ගලයා ජෝර්ජ් කැප්ලන් නම් පුද්ගලයකු ලෙස වරදවා වටහාගෙන රහස් ඔත්තු කරුවන් පිරිසකගේ ග්‍රහණයට අසුවේ. පිලිප් වෑන්ඩෑම් නම් ඔත්තුකරුවා හා ඔහුගේ හෙංචයියා වන ලියනාර්ඩ්, කැප්ලන් ලෙස සිතා සිටින රොජර්ව මරා දැමීමට උත්සහ දරයි.

මෙසේ ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී යාමට දරණ උත්සහයේදී ඔහුව මිනීමැරුමකට අසු කිරීමට ලියනාර්ඩ් ගේ ගෝලයකු සමත් වේ. කෙසේ හෝ එතනින් පැනයන රොජර් චිකාගෝ බලා දිවෙන දුම්රියට ගොඩවේ. එහිදී ඔහුට ඊව් කෙන්ඩල් නම් සූරූපී යුවතිය මුණගැසේ. දෙදෙනා හඳුනාගැනීමෙන් පසුව මෙම තරුණිය නියම ජොර්ජ් කැප්ලන් හමුවීමට ක්‍රමයක් සදා දෙනු ලබයි.

කැප්ලන් හමුවීමට කතිකා කරගත් ස්ථානයට යන ජෝර්ජ් මුහුණ දෙන්නේ තවත් අනපේක්ෂිත සිදුවීමකටයි. ඒ එම පාලු අඩවියේදී ඔහුව මරා දැමීමට වෑම්ඩෑම්ගේ සගයන් උත්සහ කිරීමයි. මහත් පරිශ්‍රමයක් දරා එතනින් බේරී යන රොජර්, ඊව් තමාව පාවා දුන් බව තේරුම්ගෙන ඇය පසුපස හඹා යයි. එහිදී නැවත වරක් ඔහුව මරා දැමීමට උත්සහ දරන අතර එහිදී රොජර් ඔහු විසින්ම පොලිසියට අත් අඩංගුවට ගැනීමට ඉඩ හරී. එහිදී ඔහු ඊව් ගැන මෙන්ම පිලිප් ගැනද කවුරුත් නොසිතනා තොරතුරු රැසක් අනාවරණය කරගනු ලබයි. තම නිදහස වෙනුවෙන් රොජර් තෝර්න්හිල් ගේ ඊලඟ ක්‍රියාමාර්ගය කුමක් වේද? තීරණය ඔබට බාරයි.

තවත් සලරුවකින් ලඟදීම හමුවෙමු.

North by Northwest (1959) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

North By Northwest [1959] 720p BRRip x264 – KickASS (MicroStar RG)

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1746 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

22 thoughts on “North by Northwest (1959) with sinhala subtitles | උතුරින් දකුණින් රටවට [සිංහල උපසිරසි සමඟ]

  • ricadodamien

    Thank U Buddika brother & baiscope team for the sub, all the best to baiscope team…………..

    Reply
  • Thank you very much…

    Reply
  • Kasun Samaraweera

    Thanks bro.. 🙂

    පුලුවන් නම් හිච්කොක්ගේ මේ films වලටත් subtitles දෙන්න

    Number Seventeen (1932)
    Rebecca (1940)
    Rope (1948)
    I Confess (1953)

    Reply
  • Withanage Priyantha Dayakeerthi

    බුද්ධික නුවන් සොයුර,
    මෙම සිනමාපටය IMDb අගය කිරීම් තුළ 72 වන ස්ථානයේ රැඳී සිටින්නේ. ඒ වගේම IMDb අගය කිරීම් තුළ 117 වන ස්ථානය ලබාසිටින Some Like It Hot (1959) ෆිල්ම් එකට සිංහල උපසිරසි ලබාදෙන්න කියා මා යෝජනා කරනවා. කලාත්මක සිනමාපට ප්‍රිය කරනා අය වෙනුවෙන් මහඟු සේවයක් කරනා ඔබට ස්තුතියි!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • era soisa

    hammo thanku… thanks bro !!

    North By Northwest and the kite runner … ha ha life is getting better yakoo .. thanks ubalata

    Reply
    • meke sub 2023 wada na 072568 whatsapp karanna ko please

      Reply
      • විමා

        අද ෆික්ස් කරන්නම් මේක.

        Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • අසිත

    මුලින්ම තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න හිතිලා තෝරා ගත්තා එකටම…
    ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
    ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    ජයෙන් ජය වේවා!!!

    Reply
    • අසිත

      ඒත් එක්කම පුළුවන් නම් ඇල්ෆ්රඩ් හිච්කොක්ගේ මෙන්න මේ ෆිල්ම් වලටත් සබ් දෙමු
      Rope (1948)
      Rebecca (1940)

      Reply
      • අසිත

        Your Name 2016 IMDB top japan animation film ekakath sab demu saho

        Reply
  • Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • Shaun Maximus Dissanayake

    BUDHIKA,
    GREAT, REALLY GREAT WORK.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Withanage Priyantha Dayakeerthi

    බුද්ධික නුවන් සොයුර,
    මෙම සිනමාපටයට සිංහල සබ් දීලා තියෙනවා දුටු වහාම ඩවුන්ලෝඩ් කළා. ඒ මන්ද මහා සිනමා කරු ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ සිනමාපටවලට මම ඉතාමත් කැමතියි. ඔබ මෙතෙක් ඉදිරිපත් කළ බොහෝ සිනාමාපට එකළ ලොව ඉතාමත් ජනප්‍රිය සිනමාපට. මේවා අද බලා හෙට අප්‍රසන්න වෙන සිනමාපට නොවෙයි. කලාත්මක රසයක් තිබෙනවා. මෙවැනි සිනමාපට මාලාවන් තෝරා ගැනීම පිළිබඳවද මාගේ ප්‍රණාමය ඔබට පුදකර සිටින්නෙමි! හැකිනම් ඉදිරියේදී ජනප්‍රිය නිලි “මැරලින් මොන්රෝ” රඟපෑ සිනමාපටයකටත් උපසිරසි දෙන්න. එමෙන්ම IMDb 250 තුළ ඇති ඒවාත් තෝරාගෙන සබ් දෙන්න. මෙසේ යෝජනා කළේ මෙවැනි සිනමාපටයකට උපසිරසි සපයන වර්තමාන බයිස්කෝප් වෙබ් අඩවියේ සිටින එකම සොයුරා ඔබ පමණක්වන නිසායි. ස්තුතියි! ඔබට ජය!!!

    Reply
  • °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
    Good Luck. Keep Subtitling 🙂
    Elzzzzzzzzzzzz..

    Reply

Leave a Reply to සචින් කෙවින් Cancel reply

Your email address will not be published. Required fields are marked *