Nope (2022) Sinhala Subtitle | උඩ බලන්න එපා! [සිංහල උපසිරැසි]
“මගේ තාත්තා මිය ගියා,
අහසින් එකපාරට කුණු ගොඩවල් ටිකක් බිමට පාත් වෙලා.
මිනිස්සු කිව්වේ ප්ලේන් එකකින් ඒ කුණු වැටෙන්න ඇති කියලා.
ඒත් මට ඒක පිලිගන්න බෑ.
මං එදා දැක්ක දේ ප්ලේන් එකකට වඩා ගොඩක් ලොකුයි.
ඊට වඩා ගොඩක් වේගවත්.
ප්ලේන් එකක් වගේ නෙවෙයි මාරම නිහඩයි.”“ඔයා කියන්නෙ ඒ පිටසක්වල යානයක් කියලද?
එහෙනම් ඒක අපේ වාසියට හරෝ ගමු.”
“අපි හේවූඩ් පවුලේ අශ්ව ගොවිපලෙන්. අපි කරන්නේ චිත්‍රපටි සඳහා අශ්වයන්ව පුරුදු කරන එක. ඔයාල දන්නවද පලවෙනියටම හදපු චලනය වෙන ඡායාරූප පෙල තප්පර දෙකක ක්ලිප් එකක් කියලා. ඒ ක්ලිප් එකේ තියෙන්නෙ කළු ජාතිකයෙක් අශ්වයෙක් පදවන එකක්. ඒ කළු ජාතිකයගෙ නම තමයි ඇලිස්ටර් ඊ. හේවූඩ්. අපි මේ ක්ශේස්ත්‍රයේ ඉන්නේ පලවෙනියටම චලනය වෙන ඡායාරූප පෙල හදපු දා ඉදන්මයි. මොකද ඇලිස්ටර් ඊ. හේවූඩ් කියන්නේ අපේ සීයගෙ තාත්තගෙ තාත්තගෙ තාත්තා.”
ඒ සුදුසුකම ඇති වෙයිද මෙයාලට රස්සාවක් හොයාගන්න? ඇත්තටම කිව්වොත් මදි වෙනවා. හේවූඩ් අශ්ව ගොවිපල දැං බංකොලොත් වීගෙන එන්නේ. ගොවිපල දැං බලාගන්නේ ඕජේ විසින්. මොකද එයාගෙ තාත්ත නැතිවුණා. ඕජේගෙ නංගි තමයි එම්. දැං ඕජේ අශ්ව ගොවිපලේ අශ්වයන්ව විකුණන්න අරගෙන මොකද ජීවත් වෙන්න ක්‍රමයක් නෑ. මෙහෙම ඉන්නකොටයි තාත්තගේ මරණෙට හේතුව පිටසක්වල යානයක් කියලා මෙයාල සැක කරන්නේ. ඉතින් මෙයාල ඒ ප්‍රදේශය අත්තරලා පැනල යයිද? නැහෑ. එයාල හදනවා ඒ පිටසක්වල යානය කැමරාවකට අහුකරගෙන ඒක ඉන්ටනෙට් දාල ජනප්‍රිය වෙලා ඉක්මනින් සල්ලි හොයන්න. මෙයාලගෙ ඒ වැඩේ සාර්ථක වෙයිද? ඇත්තටම එහෙම පිටසක්වල යානයක් තියෙයිද?
කට්ටියට මතකද Jordan Peele කියන නම? නැද්ද? එහෙනම් කට්ටියට අනිවාරෙන් මතක ඇති 2017 නිකුත් වෙච්ච Get Out ෆිල්ම් එක. Horror ෆිල්ම් ඉතිහාසයේ දැවැන්ත පෙරලියක් කරපු නිර්මාණයක් කිව්වොත් නිවැරදී. Get Out කිව්ව ගමන්ම 2019 නිකුත් වෙච්ච Us චිත්‍රපටයත් මතක ඇති. එකිනෙකට වෙනස් horror චිත්‍රපට දෙකක්. වෙනස්ම තේමාවල් දෙකක්. කවුද මේ චිත්‍රපට දෙක හැදුවේ? ඔව්, ඒ තමයි Jordan Peele මහතා. එහෙනම් මේ චිත්‍රපටය තමයි ඔහුගේ ඊලඟට නිකුත්වුණ චිත්‍රපටය. මේක තමයි ඔහුගේ වැඩිම මුදලක් යොදා අධ්‍යක්ශනය කරපු චිත්‍රපටය. එනම් ඇමරිකානු ඩොලර් මිලියන 68. චිතපටියේ ආදායම විදිහට ඇමරිකානු ඩොලර් මිලියන 148.7 උපයා ගන්න හැකිවෙලා තියෙනවා. ඒවගේම මතක් කරන්නට ඕනෙ Jordan Peele මහතගේ මේ චිත්‍රපට තුනෙන් එකක්වත් පාඩු ලබා නෑ. අතිශය ආදායම් ලැබූ චිත්‍රපට ලෙසට ඒවා නම් වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ තියෙන තවත් විශේශතාවයක් තමයි, මේක තමයි පලවෙනි horror චිත්‍රපටය IMAX කැමරා වලින් රූපගත කරපු. ඉතින් මේකෙන් හොඳම අද්දැකීමක් ගන්න පුළුවන් වෙන්නේ IMAX වලින් බැලුවොත් තමයි. ඒත් තාම IMAX පිටපත් නම් අන්තර්ජාලෙට නිකුත් වෙලා නෑ.


එහෙනම් දැං මේ චිත්‍රපටයට ලැබුනු ප්‍රේක්ශක මනාප ගැන කතා කළොත්, IMDb 7.1 ඉහල අගයක් වගේම කුණු තක්කාලි 83% අගයක් ගන්න හැකිවෙලා තියෙනවා. ඒ වගේම මෙයට ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ Get out චිත්‍රපටයේ ක්‍රිස්ගේ චරිතය රඟපෑ Daniel Kaluuya. තවද Keke Palmer/ Steven Yeun/ Brandon Perea/ Barbie Ferreira/ Michael Wincott යන අයත් මෙයට රංගනයෙන් දායක වෙලා තියෙනවා.
අවසානවශයෙන් සොහාන් අයියව මතක් කරනවා. මොකද එයා තමයි මේක කරන්න හිටියේ ඒත් එයාට වැඩ වගයක් වැටුන නිසා මේක මට කරන්න බාරවුණා. එහෙනම් සම්මාන ලාබී අද්ධ්‍යක්ෂකවරයෙක් වෙන Jordan Peele මහතාගේ මේ වෙනස්ම Horrar අද්දැකීම විදින්න ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11123 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Than
Thank you
බොහොම ස්තූතියි.
thanks wewa sub ekata
බොහෝම ස්තුති උපසිරසියට
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for Sub!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks bro sub ekata
See season 3 sub dennko
Purple harts film eke subtitles dennko
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Thanks for the sub!!!!!
තෑන්ක්ස් සබ් එකට
Thnkz bro
තෑන්ක්ස් මචෝ සබ් එකට.. ඔයාගෙ සබත් එක්කම ආයෙ බලන්නම්
සබට තුති සහෝ ❤️
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thanks bro
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
සුපිරි
සුපිරි සහෝ
බොහෝම ස්තූතියි !
Sub akta thanks
Sub එක එන්න ටිකක් පරක්කු වුණු නිසා, English sub එක්කම බැලුවා.. 🙁
Anyway, Thank you සහෝ sub එකට. Keep it-up
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
බලන්නත් ආසයි
බයවෙයිද දන්නෙ නැහැ
මහා ලොකු horror ගතියක් නෑ… Sci-Fi/Mystery ගතියක් තියේන්නේ… අරගෙන බලන්න.
tikak bayai wage balanna
එනකම් බලන් ඉදපු එකක් tnx brother
Ela.