No Time to Die (2021) Sinhala Subtitle | සමුගෙන යන්න අවසර!! [සිංහල උපසිරසි] 350*
ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ මෙම වසරෙ නිකුත් ගොඩක් කට්ටියක් බලං ඉන්න ක්‍රියාදාම චිත්‍රපටයක් රැගෙනයි. ඒවගේම තමයි මේ රැගෙන එන චිත්‍රපටය මට සුවිශේෂී එකක් වෙනවා. ඒ උපසිරැස ජීවිතෙ 7 වෙනි කඩයිම තමයි මේ පසු කරන්නෙ. ඒ කියන්නෙ හරියටම උපසිරැස 350 ක්. එහෙනම් ඉතිං වෙනදා වගේම කඩයිම් ගහපු විදිය ගැන කියලම ආරම්භ කරන්නම්කො.
01 වෙනි උපසිරැසය – 2016.08.20
50 වෙනි උපසිරැසය – 2017.06.02
100 වෙනි උපසිරැසය – 2018.03.14
150 වෙනි උපසිරැසය – 2019.06.08
200 වෙනි උපසිරැසය – 2019.08.01
250 වෙනි උපසිරැසය – 2020.02.15
300 වෙනි උපසිරැසය – 2020.07.11
ඔන්න ඔය විදියට තමයි උපසිරැකරණ ජීවිතය ගෙවුණේ. ඉතින් ඇත්තටම මෙච්චර දුරක් එන්න මම හීනෙකින්වත් හිතුවෙ නැහැ. හිතේ තිබුණු පොඩි ආසාවක් ඉෂ්ට කරගන්න කියලා තමයි මම පටන්ගත්තෙ. අන්තිමේදී නැවතුණේ උපසිරැස 350 ක්ම කෙරිලා. ඉතින් මේ 350 අතරින් ගොඩක්ම කරලා තියෙන්නෙ ටීවී සිරිස්. ෆිල්ම් එහෙම නම් ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි කෙරිලා තියෙන්නෙ. ඒ ටීවී සිරීස් සහ ෆිල්ම් වලිනුත් ගොඩක්ම Netflix ඔරිජිනල් ඒවා අයිති වෙනවා. ඉතින් මේ උපසිරැකරණ ජිවිතයෙදී හමුවෙච්ච කට්ටිය නම් බොහෝමයි. ඒ කට්ටියව නම් වශයෙන් කියන්න ගිහිල්ලා එක්කෙනෙක්ගෙ නමක් හරි මඟ හැරුණොත් වෙන්නෙ ලොකු වැරැද්දක්. ඒ නිසා මම උපසිරැකරුවෝ සියල්ලෝම මේ වෙලාවෙ මතක් කර සිටිනවා. ඒවගේම තමයි ඇඩ්මින් මඩුල්ලවත්. තවද කියනවා නම් හැමදාම හරි කමෙන්ට් එකක් දාන කට්ටියවත් මේ වෙලාවෙ මතක් කරනවා. ඒවගේම තමයි තව විශේෂ ස්තූතියක් යන්නෝන ”රොයිලි අයියට”. මොකද එයා කරන්න හිටපු එකක් තමයි මට මේ දුන්නෙ කඩයිම වෙනුවෙන්. එහෙනම් අපි දැන් චිත්‍රපටය පැත්තට හැරෙමුකො.
James Bond කියන නම කවුද අහලා නැත්තෙ. අද වනවිට මේ නම හැම කෙනෙක් අතරේම ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ. ඒක ප්‍රසිද්ධ වෙන්නෙ 19′ ගණන් වල ඉඳලා. මොකද මේ වෙද්දී අපිට ජේම්ස් බොන්ඩ් චිත්‍රපට 26 ක ප්‍රමාණයක් දකින්නට ලැබුණා. ඒවා නම්,
1.Dr. No (1962)
2.From Russia with Love (1963)
3.James Bond : Goldfinger (1964)
4.Thunderball (1965)
5.You Only Live Twice (1967)
6.On Her Majesty’s Secret Service (1969)
7.Diamonds Are Forever (1971)
8.Live and Let Die (1973)
9.The Man with the Golden Gun (1974)
10.The Spy Who Loved Me (1977)
11.Moonraker (1979)
12.For Your Eyes Only (1981)
13.Octopussy (1983)
14.Never Say Never Again (1983)
15.A View to a Kill (1985)
16.The Living Daylights (1987)
17.Licence to Kill (1989)
18.GoldenEye (1995)
19.Tomorrow Never Dies (1997)
20.The World Is Not Enough (1999)
21.Die Another Day (2002)
22.Casino Royale (2006)
23.Quantum of Solace (2008)
24.Skyfall (2012)
25.Spectre (2015)
26.No Time To Die (2021)
ඇත්තෙන්ම කිව්වොත් මාත් පෞද්ගලිකවම කැමති Franchise එකක් තමයි ජේම්ස් බොන්ඩ් කියන්නෙ. මෙහෙම කිව්වට තාම පරණ චිත්‍රපට නරඹන්න හැකියාවක් ලැබිල නැහැ. ඉඩ ප්‍රස්ථාවක් ලැබුණු ගමන්ම ඒ ටිකත් බලල දානවා. කොහොමහරි මේ ආපු චිත්‍රපට 26 දීම එක එක නළුවෝ ජේම්ස් බොන්ඩ්ගෙ චරිත නිරූපණය කළා. නම් වශයෙන් කිව්වොත් Daniel Craig l Sean Connery l Pierce Brosnan l Roger Moore l Timothy Dalton l George Lazenb l David Niven යන නළුවෝ ටික. ඔන්න ඒ වගේ අනිත් ජේම්ස් බොන්ඩ් චරිත අයින් වුණා වගේ. මේ චිත්‍රපටයෙ ජෙම්බ් බොන්ඩ්ට පණ පොවනා Daniel Craig මෙම Franchise එකෙන් සමු ගන්නවා. ඒවගේම කියන්න ඕන ඉදිරියෙදි තව ජේම්ස් බොන්ඩ් චිත්‍රපට එනවා කියලා දැනටමත් තහවුරු වෙලා තියෙනවා. ඒවගේම අලුත් කෙනෙක් එක්ක. නිල නොවුණත් ගොඩක් අන්තර්ජාලයෙ ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ සුපර්මෑන්ගෙ චරිතයට පණ පොවපු Henry Cavil ව. කොහොම වුණත් මේවා නිල නොවන ආරංචි විතරයි. අපි බලමුකෝ ඉදිරියෙදි ස්ටුඩියෝ වලින් මොන වගේ ජේම්ස් බොන්ඩ් කෙනෙක් අරගෙන එයිද කියලා. ඉතින් මේ No Time To Die චිත්‍රපටය හට මේ වෙද්දී IMDb අගය 7.5 ක වැනි ඉහළ අගයකුත් කුණු තක්කාලි අගය 84% ක වැනි ඉහළ අගයකුත් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම තමයි ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක් යොදවමින් නිර්මාණය කරපු මෙය මේ වෙද්දී ඩොලර් මිලියන 660 ක් විතර බොක්ස් ඔෆිස් ආදායමක් ලබා තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Cary Joji Fukunaga විසින්. ඒවගේම සෙසු රංගන දායකත්වය Léa Seydoux l Rami Malek l Lashana Lynch l Ana de Armas l Naomie Harris l Ben Whishaw l Jeffrey Wrigh l Ralph Fiennes l Christoph Waltz l Billy Magnussen l Rory Kinnear දායක වෙනවා. එහෙනම් ඉතින් අවසාන චිත්‍රපටය නිසා මම කතාව ගැන මොකුත්ම කියන්න යන්නෙ නැහැ. ඔයාලම බලලා ඒ අවසාන අත්දැකීම අත්විඳින්න කියලා ආරාධනා කරනවා.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 52092 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
gammak
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
Thanks for the subtitles. Keep up the good work .
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanx wewa mchn
Ubala nisa thamai athal eke film 1k balanne
JAYA WEWA !!!!!!!!!!!!!!!!!!!
Thanks for Sub!
350 වෙනි උපසිරැසියට සුබ පැතුම. දිගටම මේ වගේ ෆිල්ම් , ටීවී සීරියස් දෙන්න
School 2021 කොරියන් drama එකේ සිංහල subtitles දෙන්න පුළුවන් ද?
hariyatama wasarakata pasu.
2021 kisima film ekak bawenaha
සුභපැතුම් සහෝ..! ❤️
ela ela
සුබ පැතුම් කඩඉමට තවත් ඉඳිරියට යන්න පතනවා❤️
කමෙන්ට් එකක් දාන්න පමා වුනාට සමාවෙන්න ඕන. ෆිල්ම් එකත් බැලුවා සබ එක්කම හොදට කරලා තිබුනා. ඉදිරියටත් උපසිරැසිකරණයේ යෙදෙන්න අවශ්‍ය කාලය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව
✌ ජය ✌
mona reddakda yako karanne bluray update karanne nethiwa….??. api thope rasikayo neweida…??
අනවශ්‍ය කයිවාරු වැඩී වගේ
350 ට සුබ පැතුම් මල්ලි. අද තමා කමෙන්ට් එකක් දාන්න වෙලාවක් ලැබුනේ. 400 ටත් ඔහොම්ම යමු නේද? බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
thankx machan
Thank You Kollo. Apita Me Karana Wadeta .Budu Saranai.Jaya Vewa
350 වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා රවිදු, කමෙන්ට් එකක් දාන්න පමා වුනාට සමාවෙන්න ඕන. ෆිල්ම් එකත් බැලුවා සබ එක්කම හොදට කරලා තිබුනා. ඉදිරියටත් උපසිරැසිකරණයේ යෙදෙන්න අවශ්‍ය කාලය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
~ ජය ~
කඩයිමට සුබ පැතුම් අයියේ ❤️
තවත් කඩයිම් පහු කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
350 වෙනි උපසිරැසියට සුභපැතුම් මල්ලි.
ඉදිරියටත් තව උපසිරැසි ගේන්න හැකියාව ලැබෙන්න වගේම ඔයාගේ අනිත් වැඩ කටයුතුත් සාර්ථකව කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
350 suba pethum
Thank you bro…
“The Last Duel 2021” film එකට සිංහල subtitles තාම නැත්තේ ඇයි? ඉක්මනට ඒ film එකට subtitles ඕන… ඒක පට්ට film එකක්
350වන නිර්මාණයට සුභ පැතුම් !!!
මන් ගාව පළවෙනි බොන්ඩ් ෆිල්ම් එක උන ඉඳල අන්තිමට ආපු වෙනකන් ෆිල් ඔක්කොම තියෙනවා. ඒ හැම එකක්ම බලලත් තියෙනවා. පෞද්ගලිකව මන් කැමතිම බොන්ඩ් නළුවා තමයි Pierce Brosnan. ඊට පස්සේ Daniel Craig. ආසම බොන්ඩ් කෙල්ල තමයි Casino Royale එකේ Vesper Lyndට රඟපාපු Eva Green.
350 කඩ ඉමට සුභ පතනවා සහෝ…!
උපසිරැසියට ස්තුතියි..
Thank You …
Thank you for your hard work….keep it up….
Thanks Brother
මෙන්න අපේ නෙෆ්ට්ලික්ස් කොලුවා 350 ගහලා..හදවතින්ම සුබ පැතුම් එක් කරනව මචෝ.. සමාවෙන්න ඕනි කමෙන්ට් එකක් පරක්කු උනාට.. සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවේ..එහෙනම් ඔය ගැම්මටම අනිත් කඩඉම් ටිකත් පහු කරලා යමු.. ටිවි සීරීස් පැත්තට ඔයාගෙන් වෙන සේවය නම් කියලා ඉවර කරන්න බෑ..ගොඩක් ස්තූතියි ඒ වෙනුවෙන්..එහෙනම්.. තව තවත් සබ් කරන්න ශක්තිය,කාලය ලැබෙවා..ජය වේවා
Thank You Brother & Congratulations!!!!
Thanx bro …
Thank you.
350’වැනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභපැතුම් රවිදු.
පුද්ගලික වැඩ කටයුතු කරගෙන යන ගමන් මෙතැනින් නොනැවති ඉදිරි කඩයිම් වලටත් ඉක්මණින්ම ලගාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
මේ උපසිරැසියටත් හුගක් ස්තුතියි! බ්ලුරේ කොපියක් ආවම බලන්නම්කො මේක.
ජය!!!
thanks, good work!…..
thanks
sthuthiiiiii……..
බොහොමස්තුතියි නියම වැඩක් .
ජයවේවා මචන්..ඉදිරි උපසිරැසිකරනයට මගෙනුත් සුභපැතුම්
Congratulations !
Thank you !
Good Luck !
කඩයිමට සුබ පැතුම් අයියේ!
සයිට් එකේ වේගවත්ම උපසිරැසිකරුවන්ගෙන් කෙනෙක්. වේගේ වගේමයි ගුණාත්මකභාවය!
ඒකනෙ පහුගිය ටිකේ එච්චර පේන්න නොහිටියහම කට්ටිය කමෙන්ට් කර කර හොයලා තිබුණේ… ජය වේවා එහෙනම්. ඉදිරි කඩයිම්වලට යන්නත් එච්චර කාලයක් ගත වෙන එකක් නැහැ වගේ!
අවුරුද්දට කලියෙන් 400ත් ගහමුතේ?
සියලුම වැඩ කටයුතු හොඳටම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ උපසිරැසියෙන් මුණ ගැහෙමු.
350 කඩ ඉමට සුභ පතනවා සහෝ…!
උපසිරැසියට ස්තුතියි..
congrats sago ubalata pin me karana udaw walata
thanks …..bro
350 sub thanks machan
Congrats on your achievement, Thanks for the sub, Keep it up
බොහොම ස්තූතියි සහෝ……
350වෙනි උපසිරැසියට උණුසුම් සුබපැතුම් මචං… තමන්ගෙ පෞද්ගලික කාලයෙන් උපසිරැසි 350ක් ෆිල්ම් බලන උන්වෙනුවෙන් කරනවා කියන්නේ ඉතිං සෑහෙන් ගේමක් තමා… ඉදිරියටත් හැකි පමනින් උපසිරැසි කිරීමට වෙලාව ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.. පෞද්ගලික ජීවිතේ කරන කියන වැඩකටයුතු සාර්තක වේවා…. ජයවේවා…..
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Sub ekata thanx
සබ් එකට ස්තුතියි..350 වෙනි උපසිරසට සුබ පැතුම්..දිගටම කරගෙන යන්න..ජය වේවා
300 yata suba pethummmmmmmmmmmmmmmmmmmmmm
Congratulations for 350th sub and thanks for all of them
කඩයිමට උණුසුම් සුබ පැතුම් මල්ලී…
ඉදිරි කඩයිම් වලටත් ඉක්මනට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
ඒ වගේම වැඩ කටයුතු හැම එකක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
උණුසුම් සුබ පැතුම් මල්ලී…
ඉදිරි කඩයිම් වලටත් ඉක්මනට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
ඒ වගේම වැඩ කටයුතු හැම එකක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
Congratz bro
150 ත් 200 ත් අතර උපසිරසි 50 ට ගිහින් තියෙන්නේ දවස් 53ක් වගේ..වැඩ්ඩෙක් තමයි ඉතින්..කඩයිමට සුබපැතුම් වගේම ඉදිරියටත් මෙහෙම වෙඩි වගේ උපසිරසි කරන්න කාලය,හැකියාව ලැබෙන්න ප්‍රාර්ථනා කරනව!
Congrats for 350th sub
සුබපැතුම් රවිදු සහෝ
කොරියන් ත්‍රිලර් සීරිස් ටිකකුත් දෙමු ඉස්සරහට
350 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
thanks bosa
supiri bro thank you very much
paagal film ekatath sub onee eka lassana film ekak
කඩයිමට සුබපැතුම් , තවත් කඩයිම් ගනනාවකට හැකියාව ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා!
බොහෝමත්ම ස්තුතියි අපි වෙනුවෙන් මේ කන සුන්දර කට්ටට
350 වන උපසිරසියට උනුසුම් සුබපැතුම් සහෝ
ඉදිරියටත් අලුත්ම උපසිරසිවලින් හමුවෙමු
Congrats brother
Keep it up
500 k ghmu ravinduva
350 වෙනි සිංහල උපසිරසියට මගෙන් උණුසුම් සුබ පැතුම්…
Really appreciate brother
350ට හෘදයාංගම සුබපැතුම්!
බයිස්කෝප් අඩවියේ ඉන්න දක්ෂම, කාර්‍යක්ෂමතාවය අතින්
බොහොම ඉදිරියෙන් ඉන්න, ගුණාත්මක උපසිරසි ලබා දෙන්නෙකු ලෙස
රවිදු රුක්ෂාන් කියන නම හැමෝම දන්නවා. ඒ වගේම අඩවිය වෙනුවෙන් සෑහෙන්න
වැඩ කොටසක් කරන අයෙක් කිව්වොත් නිවැරදියි. අඩවියේ ටීවී කතාමාලා අංශයට
රවිගෙන් සුවිසල් මෙහෙයක් ඉෂ්ට වෙනවා. ඉතින් ඉස්සරහටත් ඒ විදිහටම වැඩ කරගෙන
අනිත් කඩයිම් ටිකත් පසු කරන්නට හැකියාව ලැබේවායි පතනවා. උපසිරසියට තුති. ඔබට ජයෙන් ජය!
සුබපැතුම් බොක්ක ❤️✌️
Congratulations brother
සුබ පැතුම් රවිදු සහෝදරයා.. තවත් සුපිරි උපසිරසිකරුවෙක්. උපසිරසියටත් බොහොම ස්තූතියි..
සුබපැතුම් යාලු
Thanks so much & congrates bro.good luck
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
තෑන්ක්ස් මචන් සබට. ඔය චරිතෙට idris Alba වත් යෝජනා වෙලා තිබුනා.මම නම් හිතන්නෙ බොන්ඩ් වෙන්න පොර ගැලපෙනවා හෙන්‍රිට වඩා.
සුබපැතුම් කොම්ලෝ
Congrats brother
Supiri Bro….
Thanks
Weldone keep it up
සුපිරිම උපසිරසිකරුවෙක්
සුපිරිම ෆිලුමක්
ජය වේවා
350ට සුබපැතුම් සහෝ
Congratulations 350 Sub. Great Thank you very much Ravindu for the sab.
350 වෙනි උපසිරස කකඩඉමට හදවතින්ම සුභ පැතුම් සහෝ. ගොඩ කාලෙකින් තමා බයිස්කෝප් එක පැත්තේ ආවෙත්. ඩැනියෙල් ක්‍රේග් කියන්නේ ජේම්ස් බොන්ඩ් කැරැක්ටර් එක කරපු අයගෙන් මං ආසම කෙනා. විශේෂයෙන්ම Skyfall එක තමා ආසම ෆිල්ම් එකත්. කොහොම උනත් මේක බලපු අය කිව්වේ ඩැනියෙල් ක්‍රේග්ගේ ෆිල්ම්ස් 5න් හොදම එක මේක කියලා.
බොහොම ස්තූති මේ උපසිරසට.. ඒ වගේම ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.. බුදුසරණයි!
350 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම් මලේ…
සයිට් එකේ ලොකු බරක් ඇදන් යන පොරක් තමයි ඉතින්.
විසිරිලා ඉන්න කට්ටියවම එකතු කරන් ටීවි සීරීස් දෙන්න දරන වෑයම කියලා නිම කරන්න බෑ.
උපසිරැසියටත් බොහොම තුති කිවුවා…
දිගටම සබ් දෙමු ආ…
ජය!
350වන උපසිරැසියට උණුසුම් සුබ පැතුම් !!!
Tnx bro…Good luck…Stay safe…
Thanxxx & Congrtz bro………..
tnx sub ekata …..
ස්තූති සබ් එකට
Congratulations brother
350 වෙනුවෙන් උනුසුම් සුබපැතුම් සහෝ..!!
සහෝගේ ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!
ammo enakan maga balagena hitiye.. thanks a lot saho sub ekata
Thankssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!
Ikmanata sub eka dunnata thanks bro
350 weni sub ekata congratz
සුපිරි තමා. මම මේ පිලිවෙලට බලන් එන ගමන් චිත්‍රපටි සෙට් එකම… එළ එළ.
Congratzzzz
සබ් එක දුන්නට බොහොම ස්තුතියි…
මේකනම් පිස්සුවක් බන්
තෑන්ක්ස් සබ් එකට සහෝ 350වෙනි සබ් එකට සුබ පැතුම්… Midsommar එකත් අප්ඩේට් කරන්න Director’s Cut එකට
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
350 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ජය
Congratulations bro
සුබ පැතුම් …ඉදිරියටත් මෙ වගෙම අපිත් එක්ක ඉන්න ……ස්තුතියි සබ් එකට ..♥️♥️♥️♥️
Congratulations! Sub ekata thanks!
sthuthi mechchara kal wechchi mahansiyata.
තෑන්ක්ස් සහෝ සබ් එකට , ජය වේවා.
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
ඒ වගේම 350 වෙනි කඩඉමටත් සුබ පැතුම්….!
Sub akta thanks
සුභ පැතුම් සහෝ… දිගටම සබ් කරන්න ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව
අම්මෝහ් සබ් 350ක් ! අපිට අඩුතරමේ එකක්වත් හදාගන්න බැ
බොහොම ස්තුතියි කියලා විතරයි ඉතින් අපිට කියන්න තියෙන්නේ, ඒකවත් කියන්න බැරි කුහකයොත් ඉන්නෝ හැබැයි උන් ගැන කතා කරලා වැඩක් නෑ
මේකත් කියන්න ඕන අනිවා,පහුගිය ටිකේ සයිට් එකේ තිබුනු ඈලිමෑලි ගතිය නැතිවුනේ සහෝ ආපහු සබ් දෙන්න පටන් ගත්ත නිසා(ටීවී සීරීස් එහෙම)
අන්තිමට ඉතින් කියන්නෙත් බොහොම ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
ⓞⓖⓐⓤⓐⓘⓝ
350 වෙනි උපසිරැසියට සුබ පැතුම් කොල්ලා ❤️
ගමන් සුබයි ජය නියතයි කියල ඉස්සරහටම යමු ✌️
සුභපැතුම් සහෝ thank you for everything you do until now and I wish go further with this stuff and congrats brother
350 කඩයිමට සුභපැතුම්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
නියමයි, රවිදු මල්ලි. 350ස් වෙනි කඩයිමට සුභ පැතුම්. ජයවේවා!
උණුසුම් සුබ පැතුම් රවිඳු සහෝ ❤️
COngtzzzzzzz
350ට හදවතින්ම…සුබපතනවා..❤️
350 ස් වන උපසිරැසියට සුභ පැතුම් සහෝ!
ඔබේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ,
350 ට සුබපැතුම්
අනිත් ෆිල්ම් බලලා නැත්නම් මේක බැලුවට තෙරෙන්නේ නැත්ද???
ඔයා Danial ඉන්න චිත්‍රපට ටික බලන්න 2006 ඉඳල ආපු ටික.
350 වෙනි උපසිරැසි ගැන්වුමට සුබ පතනව සහෝ. ඔයාගෙ ඉදිරි වැඩ සාර්තක වේවා කියා පාර්ථනා කරනවා. ජය වේවා!
Thank you
350 වෙනුවෙන් උණුසුම් සුභපැතුම්!
දිගටම උපසිරසකරණය කරගෙන යන්න හා අනිත් වැඩත් සාර්ථකව කරගන්න අවශ්‍ය කාලය සහ හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
ජය 😀
උණුසුම් සුබ පැතුම් සහෝ..ඉදිරි කඩඉම් වලටත් ඉක්මනින්ම යන්න කාලය ශක්තිය ලැබේවා.ජය!!!
සුභ පැතුම් රවිඳු…..
නියම වැඩක්….
ජීවිතයේ තමන්ට අයිති කාලයෙන් කොයි තරම් කොටසක් ඔබ අප වෙනුවෙන් වැය කරන්න ඇත් ද….?
පින්…..
kadaimata jayawewa
බොහොම ස්තූතියි සහෝ….ජය වේවා ජීවිතේ