No Good Deed (2014) | අනියම් සම්බන්ධය… [සිංහල උපසිරැසි සමඟ]
මාස දෙකක විතර කාලයකට පස්සේ ඔන්න ආයෙමත් සිංහල උපසිරැසියක් ලබා දෙන්න හැකියාවක් ලැබුණා.නිවාඩු කාලේ වුණත් කාර්‍යබහුල වීම නිසා තමයි මේකත් ටිකක් පරක්කු වුණේ.ඒ වගේම තමයි මේ දවස්වල කමෙන්ට් දාන එකත් ටිකක් අතපසු වුණා.ඉතින් කොහොමහරි ආයෙමත් ඔයාලට අලුත්ම අලුත් චිත්‍රපටයක් අරගෙන ආවා.
මේක නිකුත් වුණෙ සැප්තැම්බර් 12 වෙනිදා. Crime | Thriller ගණයන්ට අයිති වෙන මේ චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 84ක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට දායක වෙන්නේ Taraji P. Henson , Idris Elba යන දෙදෙනායි. Idris Elba ගැන නම් ගොඩක් අය දන්නවා ඇති. Golden Globe සම්මාන ලාභියෙක් වන ඔහු Mandela:Long Walk to Freedom, Pacific Rim වැනි චිත්‍රපටවලද රූපවාහිනී කතා මාලා විශාල ප්‍රමාණයකද රංගනයෙන් දායක වෙල තියනවා.Taraji P. Henson චිත්‍රපට විශාල සංඛ්‍යාවකටද Person of Interest වැනි රූපවාහිනී කතා මාලා කීපයකටද දායක වී ඇති අතර ඇයත් ඔස්කාර සම්මානයට පවා නිර්දේශ වූ නිළියක්. මේ චිත්‍රපටයට ලැබි ඇති IMDb අගය 5.7ක්.
චිත්‍රපටයේ කතාව ගැන කිවුවොත් කොලින් එවන්ස් කියන්නේ මිනීමැරුම් චෝදනා ලබලා සිරගතව සිටින කෙනෙක්. ඔහු කොන්දේසි සහිත සමාවක් ලබාගැනීමට අයදුම් කළත්, එය නොලැබුණු නිසා ඔහු පැන යනවා. ඔහු යන්නේ ඔහුගේ හිටපු පෙම්වතිය හොයාගෙන. ඔහු හොයාගන්නවා ඇයට තවත් පෙම් සබඳතාවක් තියන බව. ආවේගශීලී බව පාලනය කරගන්න බැරිව එවන්ස් අතින් ඇය මරණයට පත් වෙනවා.එවන්ස් ගැන කියන්න ඕන විශේෂ දෙයක් තමයි මෙයාට මානසික රෝගයක් වගේ දෙයක් තියනවා. මෙයාට තමන්ව පාලනය කරගන්න බෑ. මෙයා පොඩි දේකටත් මිනිහෙක් මරන කෙනෙක්. කොලින් රෑ වැස්ස වෙලාවක වාහන පදවමින් ඉන්නකොට අනතුරකට ලක්වෙනවා. ඔහු දුරකතනයක් ඉල්ල ගන්න ළඟම තියන ගෙදරට යනවා. මේ ගෙදර ඉන්නේ ළමයි දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් වෙන ටෙරී කියලා ගැහැනු කෙනෙක්. මෙයා එවන්ස්ට වාහනය හදන අය එනකම් ගෙදරට වෙලා ඉන්න ආරාධනා කරනවා. මේ ආරාධනය නිසා සිද්ධ වෙන්න මොනවද කියල ඔයාලාම බලාගන්න. ඇයි කොලින් ටෙරීගේ ගෙදරටම යන්නේ ? කොලින්ට තමන්ව පාලනය කරගෙන ඉන්න පුලුවන් වෙයිද? තේරුමක් නෑ වගේ මුලින් පෙනුණත් එවන්ස් කරන දේට තේරුමක් තියන බව අවසානයෙදී තේරෙයි. කුතුහලයෙන් යුතුව බලන්න පුලුවන් කතාවක් . හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා එහෙනම්. එහෙනම් හැකි විදියට පුංචි අදහසකුත් දක්වලා යන්න. තවත් උපසිරැසි නිර්මාණයක් ඉක්මනටම අරගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. දිගටම රැඳෙන්න බයිස්කෝප් සමග, සුභ දවසක් !
[button link=”http://goo.gl/QAR5oZ” type=”icon” “center” newwindow=”yes”] 550 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/8eCk” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2767 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro sub ekata
සබ් එකට බොහොම ස්තුතියි
cheers
තෑන්ක්ස් සහෝ සිංහල සබ් එකට.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
godak sthuthi sub ekata pravin.gb !!!!!!!!!!!!!
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
thanks praveen malli….
thanks
thnq 🙂
Thanks bro !!!
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේකනම් බැලීම සුවර් නැත් මචෝ ඈ
එල තව කරමු
සබට තුති
ඔබට ජය………..
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
එල එල අදිත මලේ….සුපිරි එකක් වගේ….අනිවා බලනවා ……සබට බොහොම තුති…ජය වේවා…!
සබට තුති… පට්ට මචෝ 🙂 😀
දිගටම යමු ඈ…
thankz machoooooo
Niyami Sahoo
Sadarayen Piliganawa biscope sinhalen teem 1
1 sub 1 suba pathum
Thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතියි අදිත සහෝ උපසිරසට, මෙන්න බානවා
ජය!
නියමයි මචන්….
ආව ගමන්ම දීලා තියෙන්නේ…
එල එල..
තෑන්ක්ස් සබ් එකට…!
නියමයි මචෝ.
අලුත්ම බයිස්කෝප් එකක්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
niyamai…….subata thanks ADITHA saho.digatama sub demu.jaya wewa……………….
ස්තුතියි ප්‍රවීන්
ජය වේවා!
උපසිරැසියට බොහෝම ස්තුතියි.
දෙනකං දැනන් හිටියේ නෑ මේ ෆිලුම ගැන නම්.
ඉඩක් කඩක් තියෙන වෙලාවක් බලලා බාගෙන බලන්නම්.