Nikita [S03 : E04] |සැකිලි යතුර [සිංහල උපසිරසි සමඟ]
පසුගිය කතාවේදී සිදුවුනු සිදුවීමත් එක්ක නිකීටා තරමක් රයන් එක්ක හිත නොහොඳින් තමයි හිටියේ. මොකද කිව්වොත් ඩිවිශන් පවතින එකේ එකම අරමුණ තමයි, ඩිවිශන් මගහැරලා ඉන්න රෝග් සාමාජිකයින්ව ඇතුලට ගෙන්නවලා, හැමෝම රටේ පුරවැසියන් විදියට ලියාපදිංචි කරලා සමාජයට නිදහස් කරලා ඩිවිශන් වහලා දාන එක. නමුත් මියාගේ සිදුවීමත් එක්ක රයන් ඒ පොරොන්දුව බිඳලා දැම්මා වගේ වුනා. මොකද කිව්වොත් මියාව ක්‍රියාත්මක මෙහෙයුමකට අනුයුක්ත කරලා තිබීම. FBI වලින් එතනට පැනලා මියාව අත්අඩංගුවට ගත්තට පස්සේ, මියාව හිරෙන් බේරගන්න ගියපු නිකීටාට වගේම ඇලෙක්ස්ට මියා වෙඩි තියලා පැනලා දිව්වා. මේකෙන් ඇලෙක්ස්ට තුවාල සිද්ධ වුනා. මේකෙන් පස්සේ නිකීටා අනිත් අයත් එක්ක එකතුවෙලා මියාව වගේම ගෘහස්ථ ත්‍රස්තවාදීයෝ නවත්තන්න ලොකු වෙහෙසක් ගත්තා කියලා මතක ඇති.
අද කතාවට ඔවන් සම්බන්ධ වෙනවා. ඒ වගේම අමන්දා තමයි අද කතාවේ ඩිවිශන් එක්ක සෙල්ලම් දාන්නේ. අද කතාවේ සිද්ධිය ගලාගෙන යන්නේ ඔවන්ව හිරෙන් එලියට ගැනීමත් එක්ක. හැබැයි එයාව එලියට ගන්නේ ඩිවිශන් වලින් නම් නෙමෙයි, අමන්දාගේ කෙනෙක්. Skeleton Key (සැකිලි යතුර) කියලා පරිගණක වල බිඳිය නොහැකි විදියේ එන්ක්‍රිප්ශන් එකක් හොයාගන්න තමයි මේ විදියට ඔවන්ව එලියට ගන්නේ. ඔයාලට මතක ඇති පර්සිගේ කලු පෙට්ටිය හදපු කෙනා. එයාගෙන් ගන්න තියෙන හැම වැඩක්ම අරගෙන පර්සි ඒවා බර්ක්ඕෆ්ට උගන්නලා එයාව මරලා දැම්මා කියලා ඔයාලට මතක ඇති. අන්න ඒ ඉංජිනේරුවා තමයි ඔය සැකිලි යතුර හදලා තියෙන්නෙත්. ඔන්න ඔය සැකිලි යතුර අතට ගත්තොත් ඕනේම කෙනෙකුට ලෝකේ ඕනේම පරිගණක පද්ධතියකට ඇතුල් වෙන්න පුළුවන්.
අද කතාවේදී නිකීටා ඔවන්ව බේරගන්න එකයි, සැකිලි යතුර ලබාගන්න එකයි තමයි සිද්ධවෙන්නේ. ඒ වගේම ඔවන් එයාගේ අතීතය ගැන අමුතු දේකුත් නිකීටාට කියනවා. කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්ම. මම අදට නවතිනවා.
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyurl.com/mnokjq8″ type=”icon” “center” newwindow=”yes”] 290 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2394 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…
බොහොම ස්තුතියි සහෝ…………..
දිගටම උපසිරැසි ගෙන ඒමට ශක්තිය ධෛර්්‍ය ලැබේවා………………..
godak thanx macho 🙂
thanks
thank;s you
niayamai…denakm thamai unne…eye dun nathi nisa loku aduwak danuna.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
ambeee. ati yanthan .. nikan kaawe na wage meka baluwe nattam 🙂
thx ayye
meka sub eka denakan balagena hitiye machan adath nathi unanam english sub eka ekawath balanawa kiyala hithagena 😉
sub ekata thanks machan
Thanks man………….eeye episode ekak dunne nathi nisa,kawe ne wage
elaz
බොහොම ස්තුතියි….කාර්යබහුල උන නිසා පහුගිය දවස් දෙකේ එපිසෝඩ් නොලැබුන හින්ද කට්ටියට තේරෙන්න ඇති ඔබේ වටිනාකම….බොහොම ස්තුතියි….
Thnx Brother Wish u all the best