Nikita [S03 : E01] |පෙම්බර පලමු මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනං පොරොන්දු වුනු විදියටම නැවතත් සුපුරුදු කතාවේ අලුත් සමයක නැවුම් ආරම්භයකින් පටන් ගන්නයි සූදානම් වෙන්නේ. නැවුම් ආරම්භයක් කිව්වේ පසුගිය සමයේ අවසානයත් එක්ක.
ඩිවිශන් වලින් පැනලා ගියපු නිකීටා ඩිවිශන් වලට එරෙහිව වැඩ කරන්න පටන්ගැනීමත් එක්ක තමයි මේ කතාව ආරම්භ වුනේ. තනියම ඩිවිශන් වලට එරෙහිව වැඩ කරපු නිකීටා පස්සේ ඇලෙක්ස් කියලා සහායිකාවක් එක්ක එකට වැඩ කරන්න පටන් ගත්තා. පස්සේ ඇයගේ ඉතිහාසය දිහා බලාගෙන ගියාට පස්සේ, ඇය නිකීටා විසින් අහම්බෙන් තෝරගත්තු ගෑණු ළමයෙක් නෙමෙයි කියලා අපිට දැනගන්න ලැබෙනවා. රුසියාවේ තියෙන බලවත්ම සමාගමේ නියම උරුමක්කාරිය තමයි මේ ඇලෙක්ස් කියන්නේ. ඒ වුනාට මෙයාගේ ඇත්ත නම ඇලෙක්සැන්ඩ්‍රා උඩිනොව්. යුදිනොව් කියලත් කතාවේ සමහර තැන් වලදී අපිට දකින්න ලැබුනා. (එහෙම කියන්නේ රුසියානු ඉංග්‍රීසි උච්චාරණය නිසා.) මේ විදියට නිකීටා එක්ක එකතුවුනු ඇලෙක්ස් ඩිවිශන් ඇතුලේ ඔත්තු බැලුවා වගේම තමයි, කතාව අවසාන බාගයේදී ඇලෙක්ස් ඇත්තටම කවුද කියලා ඩිවිශන් වලට හෙලිදරව් වුනා. ඒ වගේම තමයි, කතාවේ අවසාන බාගයේදී මයිකල් නිකීටාට උදව් කරන්න පෙලඹුනා. මේ පෙරලියත් සමග නිකීටාගේ කණ්ඩායමේ එකතුව 5 දෙනෙක් වශයෙන් වැඩි වෙනවා. මේ විදියට පලමු සමය අවසානයත් සමග අමන්දා පර්සිව පර්සිගේම රාජධානියෙන් පහකරලා, හිරකරලා, අමන්දා ඩිවිශන් වල ප්‍රධානත්වය ගන්නවා. ඒ වගේම මයිකල් ඩිවිශන් වලින් පැනගනිද්දී පර්සිගේ කලු පෙට්ටියත් අරගන්නවා. කතාව අවසාන බාගයේදී ඇලෙක්ස් දැනගන්නවා නිකීටා තමයි තමුන්ගේ තාත්තාව මැරුවේ කියලා. මේක වාසියක් කරගත්තු අමන්දා නිකීටා ලඟ තියෙන කලු පෙට්ටිය ඕවර්සයිට් වලට ලබා දෙන්න ඕනේ නිසා, තමුන්ගේ පවුලේ අයව මරන්න මුල්වුනු සෙමාක්ව මරන්න ඇලෙක්ස්ට ඩිවිශන් වල උදව් ලබාදෙනවා කියන ගණුදෙනුව පිට කලු පෙට්ටිය ලබාගන්න නිකීටා පස්සේ ඇලෙක්ස්ව යවනවා.
දෙවනි සමයේදී ගොඩක් අවුල් සිද්ධ වුනා කියලා මතක ඇති. නිකීටා මයිකල් එක්ක එකතුවෙලා කලු පෙට්ටියට අනුව ඩිවිශන් වලින් කරපු වැරදි නිවැරදි කරන්න පෙලඹෙනවා. ඒ වගේම දෙවන සමයේ පලමු කතාවෙන්ම මෙයාලගේ පරණ යාලුවෙක්, ඒ වගේම කම්පියුටර් ජිල්මාට්කාරයෙක් වුනු බර්ක්ඕෆ් සෙට් වෙනවා. ඒ අනුව නිකීටාගේ කණ්ඩායමේ සාමාජිකයින් ගනන 5 තත්වයටම පත්වෙනවා.
1.නිකීටා
2.මයිකල්
3.ඔවන්
4.රයන්
5.බර්ක්ඕෆ්
ඇලෙක්ස් මෙතන නැති හේතුව තමයි, එයා අමන්දා එක්ක ඩිවිශන් ඇතුලේ වැඩ කිරීම. මේ අතරේ මේ කතාවට අලුතෙන් ශෝන් පියර්ස් කියලා චරිතයක් එකතු වෙනවා. මෙයාත් නිකීටාගේ කණ්ඩායම දඩයම් කරන්න ඔවර්සයිට් වලින් දාපු කෙනෙක්. මේ සමය ඇතුලතදී ප්‍රධාන වශයෙන් නිකීටා, මයිකල්, බර්ක්ඕෆ් තුන්දෙනා එකතු වෙලා තමයි මෙහෙයුම් සිදු කරන්නේ. ඒ වගේම පලමු සමයේදී CIA ඇතුලේ සිදුකරපු ප්‍රහාරයත් එක්ක හිරේට ගියපු රයන් බේරාගැනීම්, කලු පෙට්ටි විනාශ කිරීම වගේ දේවල් සිදු කරනවා. ඒ වගේම කතාව මැද බාගයේදී ඇලෙක්ස් නැවතත් නිකීටා සමග එකට එකතු වෙනවා. තවදුරටත් පර්සි අමන්දාගේ ඩිවිශන් ඇතුලේ තියෙන හිරකූඩුවෙන් එලියට පැනගන්නවා. ඒ වගේම තමයි කතාව අවසාන බාගයේදී අමන්දා ආරි සම්බන්ධය හෙලිදරව් වුනා වගේම, එයාලා දෙන්නා එකතු වෙලා සෙට්රොව් වල බලය ලබාගන්න උත්සාහා කලා. ඒ උත්සාහය ව්‍යර්ථ වුනු අවසරයෙන් පර්සි නැවතත් ඩිවිශන් ඇතුලේ බලයට පත්වුනා. මේ වෙද්දී නිකීටා මරන්න පස්සෙන් ආපු ශෝන් පියර්ස් නිකීටා එක්ක එකතු වෙලා අවසානයි. ඔය විදියට ඉදිරියට ගියපු කතාවේදී රයන්ගේ සම්බන්ධයක් ඇතිව CIA ප්‍රධානියා නිකීටාගේ කණ්ඩායමේ අතිජාත මිත්‍රයෙක් බවට පත්වෙනවා. තවත් පර්සි ඩිවිශන් ඇතුලේ ඉඳගෙන පොඩි පොඩි අංචි ඇදලා ජනාධිපති තුමාව අල්ලේ නටවන්න පටන් ගන්නවා. ඔයාලට මතක ඇති මේ හැම දෙයක්ම පර්සි කරන්නේ කොහේදෝ අභිරහස් මිනිහෙකුගේ කමිටුවක් ඇතුලට රිංගන්න. ඒ වගේම නිකීටා ඩිවිශන් ඇතුලට රිංගනවා පර්සි කරන මේ සෙල්ලම නවත්වන්න. මේ අතරතුර හමුදාවෙන් ඩිවිශන් වට කරනවා ඒක විනාශ කරලා දාන්න. මේ අතරතුරරේ පර්සි ඇදපු තවත් අංචියක් නිසා නිකීටාට සිද්ධ වෙනවා පර්සිට හානියක් නොවෙන විදියට ඩිවිශන් වලින් පිටතට ගේන්න. නමුත් මතුපිටදී පර්සිට නිකීටා අතින්ම මැරුම් කන්න සිද්ධවුනා. ඒත් නිකීටා ඒකේ ඇතුලේ ඉන්න අය ගැන සැලකිලිමත් වෙන නිසාවෙන් රයන් මූලිකව උප ජනාධීපතිනිය එක්ක කතා කරලා ගණුදෙනුවකට එනවා, ඩිවිශන් වහලා දානවා කියන එකඟතාවය මත. මේ එකඟතාවය මත මෙයාලා හැම නියෝජිතයෙක්ම එකතු කරලා දැනුම්දීමකින් යුතුව සාමකාමී ජීවිත ගත කරන පොරොන්දුව පිට ඩිවිශන් ඇතුලේ ඉන්න හැමෝටම අලුත් ජීවිතයක් ලබා දෙන එක තමයි අරමුණ වෙන්නේ.
අද කතාවේ ඉඳන් ඔයාලාට ඒ සිදුවීම තමයි බලන්න තියෙන්නේ. නිකීටා ඇතුලු කණ්ඩායම තමයි ඩිවිශන් වල භාරකාරත්වය දරන්නේ. රයන් තමයි දැන් ඩිවිශන් වල ප්‍රධානියා. අපි බලමු නේද මේ “අලුත් ඩිවිශන්” එකත් එක්ක කතාව ගලාගෙන යන්නේ කොහොමද කියලා.
උපසිරැසි එක්ක කතාව හොඳින් රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්ම, මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්, මම අදට සමුගන්නවා.
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyurl.com/mnokjq8″ type=”icon” “center” newwindow=”yes”] 290 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3871 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
fatta br……………………………………………..
thx thx thx………………………………………..
ethuru tikath ikmanata deyannn………………
කට්ටියට දන් නම් උබේ අගේ තේරෙනවා ඇති මචන්……lol
තෑන්ක්ස්.
දැන් තමා මේක ඩවුන්ලෝඩ් කරන්න පටන් ගන්නේ.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…
කොල්ලා සබ් ලිස්ට් එකේ 3 නේ. අදයි එක දැක්කෙ.
නියමයි, නියමයි. 3ත් ඉක්මනින්ම පටන් ගත්ත එක එල.
බලමුකො මොකක්ද මේ ප්‍රේම කතාව කියලා.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
කියල වැඩක් නැ ආය සුපිරිම පොරක් උබනම්.
සුපිරිම සුපිරි ආ……
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……
than’k you
තෑන්ක්ස් මචං ඉක්මනටම සීසන් 3 එකෙත් සබ් දෙන්න ගත්තට පට්ට.
නූතන ෆ්ලෑෂ් කෙනෙක්නෙ ඔයා ….දිගටම මෙහෙම සබ් දෙනවට බොහොම පින්…..
niyama wadak machan agaya karanawa…
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machan.
mamath hithuwe na metharam ikmanate dai kiyala ubewanam adehanname watinawa ohoma yan ohoma yan
android download karanna bane…..
sub eka down kalata open wenne naha ne
අප්පා….
මෙන්න සබ් එක දීලා…
සීසන් 3 දෙන්න තව දවස් 2,3 ක් යාවි කියලා හිතලා තාම වීඩියෝ එක බෑවෙත් නෑ… දැන් ඉතින් ආයෙත් 3 සමය බලන්න ගනිමුකෝ…
සීසන් 1 වල රතු පැහැති තේමාව සීසන් 2 දි නිල් පාට උනා…
මං හිතුවා 3 වෙනි සමයේ තවත් පාටක් ඇති කියලා….
අවුලක් නෑ…
බොහොම ස්තූතියි උපසිරැසියට….
ජය!!!
pattai ahhhh…adama dei kyla hithun na…danma banawa…ehenm seaon 3th digatama balatha haki.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
පිස්සු පීකුදු කිව්වලු.පට්ට ස්පීඩ් එකෙන් සබ් දාලනේ.තාම සීසන් 3 බාලත් නෑ.අදම බාන්න දාන්ඩ ඕනේ.බොහෝම ස්තුතියි සහෝ.
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු……
aNE tnx kollo
Uba nam patta porak machan !!
Elaz
thanx machan
අඩේ අදම දුන්නද…..
මම හිතුවේ දවසක් දෙකක් යයි කියලා…
තැන්කු වේවා……..
කොල්ලෝ ආයේ කියන්න වචන නැහැ
Thank you bro ikmantama sub dunnata.
ahh menna ada mamai mulinma, sahena kalekata passe mulinma gaththe,