Naaigal Jaakirathai (2014) | සිංහයො, කොටි ඉන්න කැලේ බල්ලෙකුට බය වෙලා ඉන්නෙ? [සිංහල උපසිරසි සමඟ]
කෝමද කෝමද ඉතින් යාළුවනෙ ඔයාලට? පේන විදියටනම් ඔයාල ඔක්කොමලම ගොඩක් හොදින් වගේ. ඉතින් මම සුපුරුදු පරිදි නිකම්ම නෙමෙයි ආවෙ, මගේ 5 වෙනි උපසිරැසියත් අරගෙනමයි. මේ පාර කතාව ගොඩක් වෙනස් පැත්තකට යන ලස්සන සලරුවක්. ඇත්තටම මේ කතාව ගලාගෙන යන්නේ සුපිරි බල්ලෙක් වටා. ඇයි මම එහෙම කිව්වෙ? ඕගොල්ලන්ටම ෆිල්ම් එක බලාගෙන යද්දි තේරෙයි. බල්ල කියනකොට තමයි මට මතක් වුණේ මගේ ටයිගර්ව… ඒත් මන් ළග දැන් එයා නෑ… මොකද මහ ජරා වෑන් කාරයෙක් එයාව හප්පන් ගියා.. එයා මට හරිම කීකරුයි, හරි කරුණාවන්තයි. මන් කියන ඕනිම දෙයක් එයා කරනව. දවසක් මම බයිසිකලේ කඩේ යන්න හදනකොට ටයිගරුත් මගෙ පස්සෙන් ආව. මන් එන්න එපා කියද්දිත් වලිගෙ වන වන මාත් එක්ක මගෙ බයිසිකලේ පස්සෙන් දුවන් ආව. කරන්න දෙයක් නැතුව මාත් එයාට මගෙ පස්සෙන් එන්න දුන්න. මන් ගියේ පාරෙන් එහා පැත්තෙ තියෙන සී.ඩී කඩේට එවෙළ මන් මගෙ ටයිගර් ගැන පොඩ්ඩක්වත් හිතුවෙ නෑ. මන් පාර පැනල කඩේට එනවත් එක්කම මට ඇහුණ කෙදිරි ගාගෙන කෑ ගහන සද්දයක්. මන් පිටි පස්ස හැරිල බලනකොට මගෙ ටයිගර් පාරෙ මැද්දෙ වැටිල හිටිය. මන් එයාගෙ නම කියනකොට එයා නැගිටින්න හැදුව ඒත් බැරි වුණා. වලිගෙත් වැනුව. මන් එයා ළගට යනකොට මන් දිහා බලාගෙනම එයා මැරිල ගියා…….. එයා මට ගොඩක් හොද යාළුවෙක් වුණා, එදා මගෙ නොසැළිකිලිමත් කම නිසා මන් මගෙ හොදම යාළුවව නැති කරගත්ත.! මට ඔයාලට කියන්න දෙයක් තියෙනව, ඔයාලටත් ඒ වගේ සුරතලෙක් හිටියොත් එයාව ආදරෙන් බලා ගන්න. මොකද එයා නැති වුණාම දැනෙන දුක මම හොදටම දන්නව. ඒ දුක මෙහෙම කියල නිම කරන්නත් බෑ.. සමාවෙන්න මට මගෙ ටයිගර්ව මතක් වුණා ඉතින් ඒ ගැන කියන් නැතුව ඉන්නම බැරි වුණා, එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරමුකෝ.
මේ සලරුව අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ අලුත් අධ්‍යක්ෂකවරයෙක්. ඔහු නමින් Shakti Soundar Rajan. මේ සලරුවට IMDB අගය 6.3 ලැබිල තියෙනව. අලුත් අධ්‍යක්ෂකවරයෙක් වුණාට මේ සලරුව ඔහු නිෂ්පාදනය කරල තියෙන්නෙ පල පුරුදු සුපිරි අධ්‍යක්ෂක වරයෙකුටත් වඩා වැඩියෙන් ඉහළට ගිහින්. 😀 ඉතින් මේ සලරුවේ ප්‍රධාන චරිතය Sibiraj යන රංගන ශිල්පියා මෙන්ම මෙහෙ එන බලු චරිතය Belgian Shepherd Dog යන වර්ගයෙන් එන සුපිරි බල්ලෙකුගෙන් මෙම සලරුව නිෂ්පාදනය කර ඇත. (නොගැලපුණා නම් සමාවෙන්න, මගදි ඔක්කොම පැටලුණා.)
කතාව පටන් ගන්නකොට අපේ බලු වීරය ආමි එකේ සේවය කරන යුද සෙබෙලෙකුගෙ යටතෙ තමයි හැඩී වැඩෙන්නෙ. අපේ බලු වීරයගෙ නම ඇවිල්ල සුබ්‍රමනියම්, කතා කරන්නෙ මනී කියල. ඉතින් ඔහොම ඉන්නකොට මනීගෙ ස්වාමියාව එනම් භාරකාරයාව ත්‍රස්තවාදීන් විසින් මරා දානව. එතැන් පටන් අපේ මනී වැඩෙන්නෙ රිටයි කර්නල් කෙනෙක් ලග. කාර්තික්…. කාර්තික් කියන්නෙ පොලිසියෙ සබ් ඉන්ස්පෙක්ටර් කෙනෙක්. මෙයා මෙහෙයුමකට සම්බන්ධ වෙලා මෙයාගෙ කකුල තුවාල වෙනව (ඒක ඔයාලට ෆිල්ම් එක බලාගෙන යද්දි තේරෙයි.) එහෙම ඉන්නකොට දෙරට තට්ටු කරන සද්දෙට මෙයා දොර ගිහින් ඇරල බලනව. එදකොට එයාට කතා කරන්නෙ එයාගෙ අසල්වැසියෙක්. එයා තමයි මනීගෙ දැන් අයිති කාරය, අර රිටයි කර්නල්. එයා කර්තික්ට කියනව මම දවස් 4 ගෙදර ඉන් නෑ මගෙ බල්ලව බලා ගන්න පුළුවන්ද කියල. කාර්තික් බෑ කියල කියනව. ඒත් කොහොම හරි කාර්තික්ට මනීව එයා ළගම තියා ගන්නෙ වෙනව. ඒ මොකද? ඇයි ? කියල ෆිල්ම් එක බලාගෙන යද්දි ඔයාලටම තේරෙයි. ඉතින් දවසක් කාර්තික්ගෙ නංගි වන දිව්‍යා එයාගෙ තරගයකට එයාටයි එයාගෙ බිරිදටයි එන්න කියනව. ඊට පස්සෙ තරගෙට ගිහිල්ල ඉන්න කොට මනී පිස්සු කෙළින්න පටන් ගන්නව. බැරිම තැන බලධාරීන් මනීවයි කාර්තික්වයි එළියට යවනව. ඒත් මේක පිස්සු කෙලිනව. එදකොට තමයි තරගෙ බලන්න ආපු ආමි එකේ කෙනෙක් මනීට කතා කරල සෙබළ ඇවිත් ඉදගන්න කියල කියනව. (එහෙම නෙමෙයි කිව්වෙ මට හරියට මතක නෑ.) කාර්තික් පුදුම වෙනව. බලනකොට මනී ඉන්දියන් ආමි එකේ K-9 unit එකේ බලු සොල්දාදුවෙක්…. ලේසි නෑ නේ? ඔහොම ඉන්නකොට කාර්තික්ගෙ බිරිද වන චාරුව කවුදෝ පැහැ ගන්නව. ඉතින් දැන් ඔයාලට බලන්න තියෙන්නෙ ඇයි චාරුව පැහැර ගත්තෙ? මොකටද? මනී මේකට උදව් වෙයිද? චාරුව හොය ගන්න පුළුවන් වෙයිද? විනාඩි 126 පුරා දිවෙන මෙම සලරුව අලංකාරමත් පුදුම සගත මනීගෙ හැකියාවන්ගෙන් යුත් කදිම සලරුවකි. එසේනම් මෙයා බලා රස විදින්න..!
[button link=”http://tinyw.in/7ber” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8432 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/12/SRaj.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
වචන වැරදි sub එකෙ
Torrent file eka hoya ganna bahane
Thanks !!!!!!!!!!!!!!!!!1
thank you subtitle මරැ
thank you subtitle මරැ
මරැ ඡය වෙිවා GOOD SUPER THANK YOU………..!
GOOD SUPER SUPER RATE 100% මරැ thank you…………….!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි නියමයි.
සුපිරියි.
සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් දෙන්න ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!
සබට තුති සහෝ
sub ekata sthuthi .jaya wewa !!!!!!!!!!!!!!!
please upload linga sinhala subs..it’ll be a pleasure…
http://www.baiscopelk.com/lingaa-2014-with-sinhala-subtitles/#comment-306712
බොහොම ස්තූතියි සහෝ………
දිගටම මෙවගේ සුපිරි නිර්මාණ අරන් එන්න..
ජය වේවා!
තෑන්ක්ස් සහෝ සිංහල සබ් එකට.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….!!!
ඔබට ජය….!!!!
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..
ඉදිරියට තවත් සබ් ගේන්න..
සුබ පැතුම්…
තෑන්ක්ස් සහෝ සිංහල සබ් එකට.
Thanks…..
“Moondram Pirai” me film ekata sub dennako.Supirima film ekak
I know that feeling bro.. its not your fault.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks………..
atahtatma godak dukai saho oyage tiger gena oya wage athdakeem matath thiyanawa mona karanna hith pith nnethi kalakanni innwa saththunta adare nethi oyage tiger aith ipadila oya lagatama ewi punchi petiyek wela duk wenna epa samahara welawata satek apen wena wenakota dara ganna be oyage kathawa ahuwama mata godak duka hiythuna
oyage sub ekata thanks kollo wish you abride future
සබ් එකට තුති…
ඔන්න මමත් ගත්තා….
බබල ඉවර වෙලාම අදහසක් දෙන්නම්කො….
ජය…
Saho niyamaine aniwa balanawa, Sabata godak Thanks,
thawath Tamil akakma gemu……….. 😆 😆
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතියි උපසිරැසියට !
තවත් මේ වගේ ඒවා කරමු .
patta…tamil 1k ne..supiriyata athi.aniwa balanawa.subata thanks RAJ saho….digatama me widiyata sub demu.thawa aluth tamil tikak bassamu.obata jaya……..
එල මචෝ එල,
එක පාරක් නම් මේක බැලුවා,ටයිම් ලැබුණු ගමන් ආයෙම බලනවා සබට තුති ජය!!
කොල්ලෙක් දීපු පෙන් එකක කනාවට වගේ මේක තිබ්බ 😀
බයිස්කෝප් එකට එනකොට මෙන්න සුබ දීල ^_^
තැන්කු ….. 🙂
බොහොම ස්තුති සබට…
ela ela මෙක නම් බලලා තියෙයි මැක්සා බඩුවක් තැන්ක්ස් සබට
well done i hope u do it more filmz best of luck bro
maru…sperb job…
Thank you… 🙂
නියමයි මලයා.
ඔහොම දිගටම කරගෙන යමු වැඩේ.
පට පට ගාලා පහක්ම කළා එහෙනම්.
2014 අළුත් එව්වා ටිකකට සබ් දාමු තව.
ජය වේවා එහෙනම්.
ඔයාගේ ඊලඟ සබ් එක එනකම් බලන් ඉන්නවා ඔන්න.!!!!!
දිගටම මේ වගේ සබ් දෙන්න සහෝ. බොහොම ස්තුති මේ දුන්න සබට.
ado telugu films tikak daapanko
ස්තුතියි සහෝ උපස්රැසියට.
Thanks Friend! Good Post
බොහොම ස්තුතියි…
Patta Mchn Diagatama Sub Karanna Lebewa……….!
නියමයි සහෝ නියමයි ආයේ කියන්න කිසිම දෙයක් නැහැ. අති විශිෂ්ඨයි කොල්ලො…
දිගටම මෙවගේ සුපිරි නිර්මාණ අරන් එන්න…
ජය වේවා!
sub ekta thnq saho.. oyage tiger gan dukai… digtama me wage sub denna
good luck..
sub ekta thnq saho.. oyage tiger gan dukai… digtama me wagw sub denna
good luck..
බොහොම ස්තුතියි…
the musketeers සීසන් 2 එකට සබ් දෙන්නකෝ…
thanks………..